ද්වාරය:Chemistry/Categories

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

අධිශෝෂණය[සංස්කරණය]

අධිශෝෂණය යනු රසායනික සංයෝග මිශ්‍රනයක සංඝටක වෙන් කර ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදයයි. " වර්ණ ලිවීම " යන අර්ථය යටතේ මෙය "chromatography" යනුවෙන් ඉංග්‍රීසි බසින් හැදින් වේ. මෙහි මුල් පරීක්ෂණ, හරිතප්‍රද ආශ්‍රයෙන් සිදු විය.

ජෛව රසායනය[සංස්කරණය]

ප්‍රභාසංස්ලේෂණය[සංස්කරණය]

ප්‍රභාසංස්ලේෂණය යනු ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියකි. හරිතප්‍රද ඇති ශාක විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියේදී වාතයෙන් ලබා ගන්නා කාබන් ඩයෝක්සයිඩ් සහ ජල වාෂ්ප, ග්ලුකෝස් සහ ඔක්සිජන් බවට පරිවර්තනය කෙරේ.

විෂ ද්‍රව්‍ය සහ විෂ වීම[සංස්කරණය]

රසායනික ක්‍රියාවලියක නිරත වීම මගින් ජීව ක්‍රියා පද්ධති අවහිර කල හැකි සංයෝග, පොදුවේ විෂ ද්‍රව්‍ය ලෙස හැදින්වේ. මෙය ශ්වසනයෙන්, ජීර්ණයෙන් හෝ ස්පර්ශයෙන් වූව ද සිදුවිය හැකිය. ආහාර විෂ වීම මේ සදහා සුලබ නිදර්ශනයකි.

මූලද්‍රව්‍ය සහ සංයෝග[සංස්කරණය]

අම්ල සහ භෂ්ම[සංස්කරණය]

එකිනෙක ප්‍රතික්‍රියා කර ජලය සහ ලවනයක් ඵල වශයෙන් ලබා දිය හැකි සංඝටක අම්ල හා භෂ්ම ලෙස හැදින්වේ. ආහිනියස් වාදය, ලව්රි බ්‍රොන්ස්ටඩ් වාදය හා ලුවිස් වාදය වැනි අර්ථ දැක්වීම් කිහිපයක් අම්ල හා භෂ්ම සදහා පවතියි.

පරමාණුක ව්‍යුහය[සංස්කරණය]

පරමාණුවක් තුල ඇති උප පරමාණුක අංශු පිලිබදව හැදෑරීම මෙම කොටසට ඇතුලත් වේ.

රසායනික බන්ධන[සංස්කරණය]

පරමාණු හෝ අයන අතර ඇති වන බන්ධන පොදුවේ රසායනික බන්ධන ලෙස හැදින්වේ.

හයිඩ්‍රෝකාබන සංයෝග[සංස්කරණය]

කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු ප්‍රභේද හයිඩ්‍රෝකාබන ලෙස හැදින්වේ.

ලෝහ සහ මිශ්‍ර ලෝහ[සංස්කරණය]

විද්‍යුත් සන්නයනය, තාප සන්නයනය, ආහාන්‍ය බව සහ තන්‍යබව යනු ලෝහ සතු පොදු ගුණාංග කිහිපයකි. ලෝහ කීපයක් හෝ ලෝහ හා අලෝහ මිශ්‍ර කිරීම මගින් මිශ්‍ර ලෝහ නිර්මාණය කෙරේ.

අකාබනික රසායනය[සංස්කරණය]

ආවර්තිතා වගුවෙහි ඇති මුලද්‍රව්‍යයන් s-ගොනුව, p-ගොනුව, d-ගොනුව හා f-ගොනුව ලෙස වර්ගීකරණය කර ක්‍රමවත්ව හැදෑරීම අකාබනික රසායනය හි අරමුණයි.

කාබනික රසායනය[සංස්කරණය]

සංයෝග ප්‍රභේද[සංස්කරණය]

ඇල්කෙන, ඇල්කීන, ඇල්කයින, බෙන්සීන්, පීනොල්, ඇල්කිල් හෙලයිඩ, ඇල්කොහොල, ඇල්ඩිහයිඩ, කීටෝන, කාබොක්සිලික් අම්ල සහ අම්ල හෙලයිඩ, ඇමීන, ඇමයිඩ, ඩයසොනියම් ලවණ හා ග්‍රීනාඩ් ප්‍රතිකාරක ලෙස කාබනික සංයෝග ප්‍රභේද රාශියකි.

කාබනික රසායනය ආශ්‍රිත ප්‍රතික්‍රියා යාන්ත්‍රණ[සංස්කරණය]

කාබනික රසායනය ආශ්‍රිත ප්‍රතික්‍රියා වල මුලධර්ම මෙහිදී අධ්‍යනය කෙරේ.

භෞතික රසායනය[සංස්කරණය]

පදාර්ථයේ අවස්ථා[සංස්කරණය]

ඝන, ද්‍රව, වායු හා ප්ලාස්මා ලෙස පදාර්ථය බෙදා වෙන්කොට හැදෑරීම පදාර්ථයේ අවස්ථා අධ්‍යනයයි.

තාපගති විද්‍යාව[සංස්කරණය]

ශුන්‍යාදී නියමය, පළමු නියමය, දෙවන නියමය හා තෙවන නියමය ලෙස තාපගති විද්‍යාවේ නියම හතරකි.

ද්‍රාවන[සංස්කරණය]

ද්‍රාව්‍යයක් ද්‍රාවකයක ද්‍රවණය වීමේ රසායනික ඵලය ද්‍රාවනයකි.

ආශ්‍රැතිය[සංස්කරණය]

තුනී සිවියකින් වෙන්ව පවතින ද්‍රව දෙකක් එම සිවිය හරහා එකිනෙකට මිශ්‍ර වීමේ ක්‍රියාවලිය ආශ්‍රැතිය ලෙස හැදින්වේ.

රසායනික සමතුලිතතාව[සංස්කරණය]

රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක හා ඵල අතර අනුපාතය විවිධ සාධක මත වෙනස් වන ආකාරය හැදෑරීම රසායනික සමතුලිතතාව අධ්‍යනයයි.

චාලක රසායනය[සංස්කරණය]

පදාර්ථයේ මුලික හැසිරීම් පිලිබදව හැදෑරීම චාලක රසායනය යි.

උත්ප්‍රේරක[සංස්කරණය]

රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරන, එහෙත් ප්‍රතික්‍රියාව අවසානයේ එලෙසම පවතින සංයෝග උත්ප්‍රේරක වේ.

විද්‍යුත් විච්චේදනය[සංස්කරණය]

විද්‍යුත් විච්චේදනය යනු, ස්වයංසිද්ධව සිදු නොවන ප්‍රතික්‍රියාවක් ශක්තිය වැය කර සිදු කර ගත හැකි එක ක්‍රමයකි.

අයනික සමතුලිතතාවය[සංස්කරණය]

යම් කිසි අවක්ෂේපයක් ජලයේ දිය වන ප්‍රමාණය විවිධ සාධක මත වෙනස් වන ආකාරය හැදෑරීම රසායනික සමතුලිතතාව අධ්‍යනයයි.

ප්‍රකාශ රසායනය[සංස්කරණය]

පෘෂ්ඨය මතට වැටෙන ආලෝකයේ ස්වභාවය අනුව සංයෝග වල හැසිරීම හැදෑරීම ප්‍රකාශ රසායනය යි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Chemistry/Categories&oldid=217660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි