ද්වාරය:නවීන විද්‍යාව/තෝරාගත් ලිපිය2
මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ වැදගත් අවයවයක් වන අතර ඉතා සංකීර්ණතාවකින් යුතු අවයවයකි. මිනිස් මොළය මධ්‍ය ස්නායු පද්ධතිය (කපාල හා සුෂුම්නාව අඩංගු) පර්යන්ත ස්නායු පද්ධතිය ස්නායු පද්ධතිය පාලනය කරන අතර සෑම ක්‍රියාකරීත්වයක්ම පාලනය කෙරේ. අනිච්ඡානුග හෝ අඩු මට්ටමේ ක්‍රියාවන් (හෘද ස්පන්දන වේගය, ශ්වසනය, ආහාර ජීර්ණය, ඉච්ඡානුග පාලනයකින් තොරව මොළයෙන් සිදුවේ. විශේෂයෙන්ම ස්වයං සාධක ස්නායු පද්ධතිය මඟිනි. සංකීර්ණ හා උසස් මානසික ක්‍රියා (සිතීම, හේතු දැක්වීම, තේරුම් ගැනීම ආදී ඉච්ඡානුගව පාලනය වේ. කාය විවච්ඡේද විද්‍යාව අනුව කොටස් 3ක පෙර මොළය, මැද මොළය, පසු මොළය. පෙර මොළයෙහි නම් වූ මස්තිෂ්ක චලිතයෙහි ඛණ්ඩිකා කිහිපයක් ඇති අතර උසස් කෘත්‍යයන් පාලනය කරයි. මැද හා පසු මොළය අනිච්ඡානුග කෘත්‍යයන් සිදු කරයි.
කපාලකරණයේ දී අනෙක් විශේෂවලට වඩා මිනිස් මොළය ශරීරයට සාපේක්ෂව ඉහළයි. පූර්ව මස්තිශ්කයේදී මෙම සිද්ධිය ප්‍රකටව දැක්වේ. පූර්ව මස්තිශ්කය භාෂාව හා සිහිය පිළිබඳ සොයා බැලේ. මෙය මානව මොළයෙන් 76% පමණ කොටසකින් යුතුයි. අනෙක් සත්වයන්ට වඩා විශාල වූ නියෝකොටෙක් නිසා මානවයන්ටම විශේෂිත වූ මානසික හැකියාවන් (ආදී විශේෂවලට සමාන වූ ස්නායු වාස්තු විද්‍යාවක් තිබුණ ද) සෑදීමට හැකියාව ඇත.
උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට මානවයන්ගේ ඇති පද්ධති, පාරිසරික සංවේදන, සමස්ථිතිය පවත්වාගැනීම අනෙක් මූලික පෘෂ්ඨවංශියන්ට සමානයි. මිනිස් එළඹි සිහිය නව නියෝකොටෙක්සයේ ඇති ඉහල හැකියාව නිසා ලද්දක් අතර සුෂුම්නා ශීර්ෂකයේ ඇති අතිශය ලෙස වර්ධනය වූ ව්‍යුහ නිසා සිදු වේ.