Jump to content

ද්වාරය:ඉතිහාසය/ඔබ දැන සිටියාද

විකිපීඩියා වෙතින්

සිහගිරිපව්ව හෙවත් සීගිරිය

[සංස්කරණය]

සීගිරිය යනු පුරාණයේ භාවිත වූ බලකොටුවකි.සීගිරිය අවට ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බවට බොහෝ සාධක හමුවී ඇත.ඒ අතර සීගිරිය අලිගල ප්‍රධාන වේ.සීගිරිය ආසන්නව ඇති ඉබ්බන්කටුව මහාශිලා සුසානය හා සීගිරිය අළකොල වැව යකඩ නිස්සාරණ ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගයේ ලක්දිව මානව ශිෂ්ඨාචාරය විදහා පායි.

සීගිරිය ප්‍රථමයෙන්ම බෞද්ධ භික්ෂූන් භාවනානුයෝගීව කල්ගත කිරීම සදහා භාවිතා කළ ආරාම පද්ධතියක් වූ බවට සාධක තිබේ.මහාවංශාදී මූලාශ්‍ර ගත තොරතුරු මත කාශ්‍යප කුමරුන් රජවීමට ප්‍රථම මාපාගල පාලනය කරන සමයේ සීගිරිය බලකොටුවක් ලෙස නිර්මාණය කිරීම පිළිබඳව අදහස් නිර්මාණය වන්නට ඇත.කාශ්‍යප කුමරු පසුව රජු වූ පසු සීගිරිය තම රාජධානි ආරක්ෂක බලකොටුව ලෙස නිර්මාණය කරන අතර එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිදුරංගල විහාරය කරවූ බව වාර්තා වේ.සීගිරිය ජල උද්‍යානය,වන උද්‍යානය වලින් සමලංකෘතව දිය අඟල්,මඩ අඟල් ආදීයෙන් පරිපූර්ණ ආර්කෂාවක් සපයා නිර්මාණය කර තිබේ.ලෝකයේ 8 වන පුදුමය ලෙස හදුන්වන මෙය 1982 දී යුනෙස්කෝ ජගත් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.