දන්නෝ බුදුන්ගේ

විකිපීඩියා වෙතින්
"දන්නෝ බුදුන්ගේ"
ගීතය
සිරිසඟබෝ නාට්‍යය ඇල්බමයෙනි
ගණයනූර්ති ගී

මුල් ගීතය ජෝන් ද සිල්වා ශූරීන් ගේ "සිරිසඟබෝ" නූර්තියේ එන්නකි. පසුව එය හර්මන් රාජපක්ෂ විසින් "ධර්ම බුදුන්ගේ" ලෙස තැටියකට ගායනා කෙරිණි.


දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ//

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ බෝ සේ//

ඇල්බමය[සංස්කරණය]

සිරිසඟබෝ නාට්‍යයේ ගීතයකි.

ගායනය[සංස්කරණය]

  • හර්මන් රාජපක්ෂ (1920 මුල් ගායනය සොප‍්‍රානෝ ඔපෙරා ශෛලියෙන් ) https://www.youtube.com/watch?v=_Ds_CMOa3J8
  • W.A. පෙරේරා
  • W.A.අප්පුසිංඤො
  • W.D.S. ජේමිස්

පසු කාලීනව විවිධ පුද්ගලයන් විසින් ගායනා කරණ ලදී.

සංගීතය[සංස්කරණය]

විශ්වනාත් ලව්ජී
ඔපෙරා ශෛලියෙන් සැදි කතෝලික ගීතිකාවක තනුව අනුකරණය කරමින් මුල් ගීතය ‘සිරි ස`ගබෝ’ නාට්‍යය සදහා නිර්මාණය විය https://www.youtube.com/watch?v=ODM_TsQ8N9U&feature=youtu.be

පද රචනය[සංස්කරණය]

‍ජෝන් ද සිල්වා ශූරීන්

මෙම ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ඩඩ්ලි සේනානායක මහතා විසින්ද 1949 වසරේ නිදහස් දින උත්සවය වෙනුවෙන් පැවැති සංගීත සන්ධ්‍යාවක හර්මන් රාජපක්ෂ ලවා සොප‍්‍රානෝ ඔපෙරා ශෛලියෙන් ගායනා කරවන ල එදි. මෙම වසරේදීම ජාතික ගීයද දමිල බසින්ද ගායනා කළ බව සදහන් වේ. එදිනම ටොරින්ටන් චතුරශ‍්‍රයේ නිදහස් අනුස්මරණ ගොඩනැගිල්ල විවෘත කල බවද සදහන්ය.

ආන්දෝලනාත්මක සිදුවීම්[සංස්කරණය]

පසුව 2016 වසරේදීද නිදහස් දිනයේදී ලංකාවෙන් මෙතෙක් බිහිවූ සුවිශේෂම ජාත්‍යන්තර මට්ටමේ ඔපෙරා ගායිකාව වන කිශානි ජයසිංහ විසින් සොප‍්‍රාණෝ ඔපෙරා ශෛලියට ගායනා කළ අතර එය ආන්දෝලනාත්මක හා විවේචනාත්මක විය. පසුය එයම නිමිත්ත කර ගනිමින් ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ සැබෑ ඉතිහාසය සොයන්නටත්, හදාරන්නටත් බොහෝ පිරිස් උනන්දු වූ අතර එ් හරහා ලංකාවේ ගායන ශෙලීන් හා ගීත ඉතිහාසය සම්බන්ධවත් විද්වත් කතිකාවක් ඇතිවිය.

"https://si.wikipedia.org/w/index.php?title=දන්නෝ_බුදුන්ගේ&oldid=544829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි