තොරතුරු තාක්ෂණ විගණනය

විකිපීඩියා වෙතින්

තොරතුරු තාක්ෂණ විගණනය නැතහොත් තොරතුරු පද්ධති විගණනයක් යනු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පාලනය පිලිබඳ විභාග කිරීමකි.තොරතුරු තාක්ෂණ විගණනය යනු සංවිධානයේ තොරතුරු පද්ධති පරිචයන්සහ ක්‍රියා පටිපාටි පිලිබඳ සාක්ෂි එකතුකිරීම හා ගවේශනය පිලිබඳ ක්‍රියාදාමයයි. ලබාගත් සාක්ෂි ගවේශනය කිරීම, තීරණය කරනු ලබන්නේ, ආයතනික අරමුණු සහ පරමාර්ථ ලඟාකරගැනීමට තොරතුරු පද්ධතියේ ආරක්ෂිත වත්කම්, දත්තයන්හි සත්‍ය භාවය සහ කාර්යක්ෂමතවය මතයි. එනම් පුනරීක්ෂණ විගණනය, අභ්‍යන්තර විගණනය, නැතහොත් කුමන හෝ ආකාරයක සහතික වීමක් ලඟා කරගැනීමයි.

තොරතුරු තාක්ෂණ විගණනයක් ස්වයංක්‍රීය සැකසීම විගණනය සහ පරිගණක විගණනය ලෙසද හඳුන්වනු ලබයි. වර්තමානයේදී ඉලෙක්ට්‍රොනික දත්ත සැකසු විගණනය ලෙසද හඳුන්වයි.

අරමුණ[සංස්කරණය]

තොරතුරු තාක්ෂණ විගණනයක් යනු මූල්‍ය ප්‍රකාශ විස්තරය සමඟ අර්බුධ ඇතිකරගත නොයුතු බවයි. ඒවා අතර සම්බන්ධතවයක් තිබුනත් මූල්‍ය ප්‍රකාශ විගණනයක මූලික අරමුණ ඒව ආයතනික පරිගණක පද්ධති පරිචයේ ප්‍රමිතීන්ට අනුකූල දැයි ගවේශණය කිරීමයි. නමුත් තොරතුරු තාක්ෂණ විගණනයක මූලිකම ක්‍රියාව වනුයේ පද්ධතියේ කාර්යක්ෂමතවය , තොරතුරු පරිචයන්, විශේෂිතතා ආයතනික තොරතුරු, වත්කම්, සහ යහපාලනයන් බලයලත් පාර්ශවයන් සමඟ නිසිආකාරව බෙදාහැරීම පිලිබඳ ආයතනික හැකියාව ගවේශණය කිරීමයි.තොරතුරු තාක්ෂණ න්‍යාය පත්‍රය පහත ප්‍රශ්න අනුගමනය කරමින් සාරාංශ කල හැක.

  • අවශ්‍ය ඕනෑම විටක සංවිධනයේ පරිගණක පද්ධතිය ලාඟා කරගත හැකිද?[ලඟාකරගතහැකි බව]
  • බලධාරී පුද්ගලයන්ට පමණක් තොරතුරු අනාවරනය කරන්නේද?[රහසිගත බව]
  • පද්ධතිය මගින් සපයන තොරතුරු නිරන්තරයෙන්ම නිවැරදිද, අවබොධ කරගත හැකිද, කාලානුරූපීද? [සම්පූර්ණත්වය]

තොරතුරු තාක්ෂණ විගණන වර්ග[සංස්කරණය]

විවිධ බලධාරීන් විවිධ වර්ග කිරීම් විවිධ වර්ගයේ විගණන සඳහා නිර්මානය කර ඇත. ගූඩ් මෑන් සහ ලෝලෙස් තත්වයේදී විශේෂිත ක්‍රමානුකූල ප්‍රවේශයන් 3ක් තොරතුරු තාක්ෂණ විගණනය කරගෙන යාමට යොදා ගතහැක.

  • තාක්ෂණික නවෝත්පාදන ක්‍රියාපටිපාටි විගණනය.

මෙම විගණනයේ අරමුණ වනුයේ පවතින සහ නව ව්‍යාපෘති වලට අවදානම් සාරාංශයක් සැකසීමයි.මෙම විගණනය ආයතනයේ අත්දැකීම මත තාක්ෂණය තෝරාගැනීම සහ අදාල වෙළඳපළට එහි ඉදිරිපත් කිරීම්,ආයතනයේ සෑම ව්‍යාපෘතියක්ම සහ කර්මාන්තයෙන් අදල ව්‍යාපෘතිය හෝ නිෂ්පාදිතය හෝ, සංවිධානමය හෝ කර්මාන්තමය ආකෘතිය සමඟ ගණුදෙණු කිරීමට අදල ආයතනයට හිමි වී ඇති කොටස පිළිබඳ අධ්‍යයනයයි.

  • නවෝත්පාදන සංසන්දනාත්මක විගණනය.

නමින් හඳුන්වනවා සේම මෙම විගණනය, ආයතනය කරනුලබන විගණනයේ නවෝත්පාදන හැකියාව පිලිබඳ එහි තරඟකරුවන්ට සංසන්ධනාත්මකව විශ්ලේෂනයන් මෙහෙයවීමයි. මෙය ආයතනයේ නව සොයාගැනීම් පිලිබඳව හා සංවර්ධන පහසුකම් පිලිබඳව මෙන්ම එහි නව නිෂ්පාදිතයක් ඉදිරිපත් කිරීම පිලිබඳව වු ක්‍රියාමාර්ග ලඟා කරගැනීමයි.

  • තාක්ෂණික තත්ව විගණනය.

මෙම විගණනය ව්‍යාපාරය සතුව තිබෙන සහ එකතුකර ගැනීමට අවශ්‍ය වන්න වූ තාක්ෂණයන් පුනරීක්ෂණය කිරීමයි. තාක්ෂණයන් "පදනම, මූලිකත්වය, අවකාශය, හෙලිදරව්වීම්" ලෙස වර්ග කරනු ලබයි.

තොරතුරු තාක්ෂණ විගණන වර්ගකිරීම්[විගණනයේ වර්ගකිරීම් 5ක් සමඟ][සංස්කරණය]

  • පද්ධති සහ යෙදුම්.

පද්ධති සහ යෙදුම් මෘදුකාංග සුදුසුබව, කාර්යක්ෂමබව, අදාලබව, වලංගුබව, අවබෝධකරගතහැකිබව, කාලෝචිතබව සහ යෙදවුම්, සැකසුම් සහ නිමැවුම් මට්ටම් වල ආරක්ෂිතබව, පද්ධතිවල ක්‍රියාකාරීත්වය ප්‍රත්‍යක්ෂ කරගැනීමට යොදගන්නා විගණනයකි.

  • තොරතුරු සැකසුම් පහසුකම්.

සැකසුම් පහසුකම් කාලෝචිත බව, නිවැරදිබව, සාමාන්‍ය සහ පවතින අර්බුධකාරී තත්වයන් යටතේ යෙදුම් මෘදුකාංගවල කාර්යක්ෂම සැකැස්ම පිලිබඳව සහතිකවීම සඳහා වන විගණනයකි.

  • පද්ධති සංවර්ධනය.

පද්ධති සංවර්ධනය සඳහා වන ප්‍රමිතිවලට අනුකූලව පද්ධති සංවර්ධනය කරඇතිබව, සංවර්ධනය වෙමින් පවතින පද්ධතීන් මගින් ආයතනික අරමුණු ලඟා කරගතහැකිබව නිශ්චය කරගැන්වම සඳහා වන විගණනයකි.

  • තොරතුරු තාක්ෂණ කළමණාකරණ සහ ව්‍යාපෘති සැලසුම්කරණය.

ආයතනයේ තොරතුරු තාක්ෂණ කළමණාකරණ සහ ව්‍යාපෘති සැකසුම සඳහා කාර්යක්ෂමතා පාලනය කරනලද පරිසරයක් ඇතිබව ප්‍රත්‍යක්ෂ කරගැනීමට ආයතනික ක්‍රියාදමයන් සහ සැකිල්ල සංවධනය කර තිබේද යන්න නිශ්චය කරගැනීම සඳහා වන විගණනයකි.

  • සේවාදායක සහ මෙහෙයුම් පද්ධති/ ජන සංනිවේදනය, අභ්‍යන්තර ජාල, බාහිර ජාල . පාලනයන් සේවාදායක මත ස්ථානගතවී ඇතිබව, සේවාදායක සහ මෙහෙයුම් පද්ධතිය සමඟ ජාල සම්බන්ධතවය නිශ්චය කරගැනීම සඳහා වන විගණනයකි.

සෑම තොරතුරු තාක්ෂණ විගණනයක්ම කොටස් 2කට වර්ග කලහැක. : "'පොදු පාලන ඇගයීම"හෝ ".යෙදුම් පාලන ඇගයීම" .

තොරතුරු සහතිකවීම පිලිබඳව තොරතුරු තාක්ෂණ විගණන වෘත්තිකයන් ගණනවක්ම විගණනයේ ක්‍රියාකාරීත්වය නොසලකා එහි පාලනයන් මූලික වර්ග 3ක් ඇතිබව හා විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ පරිචයේදී බොහෝ රාමු හා ප්‍රමිති "රහස්‍යභාවය පිලිබඳ පාලනයන්", "ඇතුලුවීම පිලිබඳ පාලනයන්" මෙම ක්ෂේත්‍රයේ වර්ගීකරණයන් විග්‍රහ කිරීමට ගත් උත්සාහයකි. වඩාත් මූලිකම මට්ටමකදි මෙම පාලනයන් මූලික වර්ග 3ක් ලෙස දක්වනු ලබයි. ඒවා නම් 1. වැලකුම් /ආරක්ෂිත පාලනය 2. අනාවරණ පාලනය 3. නිවැරදිකිරීම් පාලනය

  • 1. වැලකුම් /ආරක්ශිත පාලනය.

ක්‍රියාශීලීව විග්‍රහ කිරීමට සහ පිලිගතහැකි හැසිරීම් වැඩිදියුණු කිරීම සඳහා භාවිත කරනු ලබයි. උදාහරනයක් ලෙස පොදු ගිනිම්කරණ නීති පද්ධතියක් ඕනෑම පොදු වෙලඳ ව්‍යාපාරයක් අනුගමණය කලයුතු බව විග්‍රහ කරනු ලබනවා. ඕනෑම ව්‍යාපාරයකට එහි වර්තමාන මූල්‍ය තත්වය සහ ලාභදායීත්වය නීති රීති වලට අනුකූලව සඳහන් කල යුතුයි. මෙම ගිණුම්කරණ නීති අවශ්‍යතාවයන් වැලකුම් පාලනයන් ලෙස හඳුන්වනු ලබයි.

  • 2. අනාවරණ පාලනය.

බොහෝ විට මෙම පාලනයන් තර කිරීමට අපට අවශ්‍යාවන්නේ නැත. මෙහෙයුම් ක්‍රියාවක් කරනුලබන ඕනෑම පාලනයක් අනාවරන පාලනයක් ලෙස විග්‍රහ කලහැක. ගිණුම්කරණ නීති උදහරණය ගතහොත් එක්කෝ සැලසුම් කරනලද හෝ, සැලසුම් නොකරනලද අත්වැරදීම් වීමට හැකියි. එමනිසා අමතර ආරක්ශිත පාලනයන් වනුයේ, මෙම සමාගම්හි මූල්‍ය ප්‍රකාශණ විගණනය කරනුලැබ තිබිය යුතු වන්නේ නිදහස් සහතිකලාභී පොදු ගණකාධිකාරිවරයෙකු මගිනි. මෙම ගණකධිකරීවරයාගේ කාර්ය වනුයේ විගණකවරයෙකු ලෙස ක්‍රියා කිරීමයි. ඇත්ත වශවෙන්ම ආයතනය ප්‍රශ්නයක සිටිනවිට, නීති රීති නිසිආකාරව අනුගමණය කර නැතිවිට, ඕනෑම විගණකවරයෙකු අනාවරණ පාලනයක් ලෙස ක්‍රියාකරයි. මෙහිදී, දක්ශ විගණකවරයෙකුට සමහර තැන් බිඳ වැටීමට හේතු වූ කරුනු අකාර්යක්ෂමතා හඳුනාගෙන ඒව පාලනය කිරීමට හැකිවිය යුතුයි.

  • 3. නිවැරදිකිරීම් පාලනය.

මෙය අනාවරණ පාලනයට ප්‍රතිචරයක් ලෙස ක්‍රියා කරනු ලැබෙයි. සූදානම් වීමක් හෝ වෙනයම් පිළිගත නොහැකි තත්වයන් නිවැරදි කිරීමක් සිදුකරයි. ගිණුම්කරණ නීති උදාහරණය භාවිත කර අභ්‍යන්තර විගණන කොමිසම හා බාහිර විගණකගේ වාර්ත මත පදනම්ව නිවැරදි කිරීමේ ක්‍රියමාර්ග ගත හැකිය. මෙම ක්‍රමය මගින් ඔවුන් නිවැරදි කිරීම්/ප්‍රතිචාර දැක්වීම් පාලනයක් සිදුකරනු ලබයි.

තොරතුරු තාක්ෂණ විගණන ක්‍රියා පටිපාටි[සංස්කරණය]

තොරතුරු තාක්ෂණ විගණන ක්‍රියා පටිපාටි පහත මූලුක අදියර මගීන් පෙන්නුම් කලහැක. 1. සැලසුම් කිරීම 2. අධ්‍යයන සහ ගවේෂණ කිරීම් පාලනය 3. විශ්ලේෂනය හා ගවේෂණ පාලනය 4. වාර්තගත කිරීම 5. අනුගමණය කිරීම

  • 3.1 ආරක්ෂිත බව.

විගණන තොරතුරු ආරක්ෂිත බව තොරතුරු තාක්ෂණ විගණනයේ මූලික කොටසකි. බොහෝ විට එය තොරතුරු තාක්ෂණ විගණනයේ මූලික අරමුණකි. විගණනතොරතුරු ආරක්ෂිත බව නැමැති විෂය පථයේ දත්ත මධ්‍යස්ථන නැමැති මාර්තුක තුල අන්තර්ගත වෙයි. තොරතුරු තාක්ෂණ විගණකවරුන් වෙනස් නොවන ලෙස දැනුම, පද්ධතිය, පරිචය සහ ක්‍රියාකාරීත්වයන් පවත්වගත යුතුය. තොරතුරු තාක්ෂණ විගණනයේ අතීතය තොරතුරු තාක්ෂණ විගණනය නැමැති සංකලපය 1960 දශකයේ මැද භාගයේ නිර්මාන්ය කරනු ලැබ ඇත. තොරතුරු තාක්ෂණ විගණන බොහෝ වෙනස්කම් වලට ලක් වී ඇත. තාක්ෂණයේ මහා පරිමාණ උසස්වීම් ව්‍යාපාර තුලට තාක්ෂණය ස්ථාපනය කිරීමට හේතුවී ඇත.

තොරතුරු තාක්ෂණ විගණනයේ අතීතය[සංස්කරණය]

තොරතුරු තාක්ෂණ විගණනය නැමැති සංකලපය 1960 දශකයේ මැද භාගයේ නිර්මාන්ය කරනු ලැබ ඇත. තොරතුරු තාක්ෂණ විගණන බොහෝ වෙනස්කම් වලට ලක් වී ඇත. තාක්ෂණයේ මහා පරිමාණ උසස්වීම් ව්යාපාර තුලට තාක්ෂණය ස්ථාපනය කිරීමට හේතුවී ඇත.


තොරතුරු තක්ෂණ විගණනය සම්බන්ධ නීතිය[සංස්කරණය]

තොරතුරු තක්ෂණ විගණනය සම්බන්ධ නීතිය1977 සිට එක්සත් රාජධානිය තොරතුරො තක්ෂණවිගණනය සම්බන්ධ නීති සහ රෙගුලාසි කීපයක් හඳුන්වා ඩී ඇත. මේවා අතර ග්‍රෙම් ලීච් බ්ලී පනත, ස(ර්)බන්ස් ඔක්ස්ලී පනත, සෞඛ්‍ය, රක්ෂණ, සහ වගකීම් පනත ලන්ඩන් කොටස් හුවමාරු ඛාන්ඩගත පද්ධතිය සහ විදේශ පරිචයන් සම්බන්ධ පනත වැදගත් වේ.

සේවකයන් සම්බන්ධ විගණනය[සංස්කරණය]

  • 6.1 සුදුසුකම්.

මෙම ක්ශේත්‍රය අලුත් නිසා තොරතුරු තාක්ෂණ සේවාදායක විගණනය ගවේශනය කරනවිට කලින් විග්‍රහකරනලද කුසලතා සමූහයක් යොදාගෙන සංවර්ධනය කර ඇත. විගණකවරුන් පවතින පාලනයන් පිලිබඳව වගකිවයුතුනිසා වාර්ත කිරීම, වත්කන් ආරක්ෂාකිරීම තොරතුරු තාක්ෂණ සේවාදායකයෙකුට තොරතුරු පද්ධතිය සම්බන්ධව සාමාන්‍යයෙන් එක්සත් රාජධනියේ තොරතුරු තාක්ෂණ විගණකවරයෙකු වීමට සහතිකලත් පද්ධති සහ ජාල විගණකවරයෙකු, සහතිකලත් තොරතුරු පද්ධති ආරක්ෂක වෘත්තිකයෙකු ඉන්දීය වරලත් ගණකාධිකාරී ආයතනයේ තොරතුරු පද්ධති ඩිප්ලෝමාවක් අවශ්‍ය කරනවා.

  • ' 6.2 වෘත්තියමය සහතික.
  • සහතිකලත් තොරතුරු පද්ධති විගණක
  • සහතිකලත් අභ්‍යන්තර විගණක
  • සහතිකලත් කාර්ය පිලිගැනුම් සහ සහතිකවීම් වෘත්තික
  • සහතිකලත් පරිගණක වෘත්තික
  • සහතිකලත් පරිගණක තොරතුරු
  • සහතිකලත් තොරතුරු පද්ධති ආරක්ෂක වෘත්තික
  • සහතිකලත් තොරතුරු ආරක්ෂක කළමනාකරු
  • සහතිකලත් පොදු ගණකාධිකරී
  • වරලත් සහතිකලත් ගණකාධිකාරී
"https://si.wikipedia.org/w/index.php?title=තොරතුරු_තාක්ෂණ_විගණනය&oldid=469370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි