නාසි ජර්මනිය
තෙවන ජර්මන් රාජ්‍යය ලෙසින්ද හැඳින්වුනු, නාසි ජර්මනිය යනු, ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය (NSDAP) විසින් පාලන කෙරුණු ඒකාධිපති රාජ්‍යයක්ව ජර්මනිය පැවැති කල එය හැඳින්වූ නමයි. 1933 ජනවාරි 30 දිනදී හිට්ලර් ජර්මනියේ චාන්සලර්වරයා වූ අතර, විගසින් සමස්ත විපක්ෂය මුලිනුපුටා දමා අසහාය නායකයා බවට පත් විය. රාජ්‍යය විසින් හිට්ලර් ගෞරව බුහුමානයෙන් ඇමතුවේ එහි ෆියුරර් ("නායකයා") ලෙසින් වන අතර, සමස්ත බලය ඔහු වෙත කේන්ද්‍රගත කෙරිණි.විශාල ප්‍රේක්ෂක ගණයක් කෙරෙහි ඔහුගේ වාග්ලංකාරයෙහි සහ, කුඩා කණ්ඩායම් කෙරෙහි ඔහුගේ දෑස් වල වශීකාරක බලපෑම පිළිබඳව ඉතිහාසඥයෝ අවධාරණය කර සිටිති. කෙස්ල් ලියා දක්වන පරිදී, "ඉතා ප්‍රබල ලෙසින්...ජර්මානුවන් ව්‍යාකූල ලෙසින් දොඩනුයේ හිට්ලර්ගේ 'වශීකාරක' ආකර්ෂණය පිළිබඳවයි..."[1] "නායක ප්‍රතිපත්තිය" අනුව, ෆියුරර්ගේ තීරණ අනෙකුත් සියළු නීති වලට වඩා ඉහළ විය. උසස් නිලධාරින් හිට්ලර් වෙත වාර්තා කල අතර ඔහුගේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකලමුත් ඔවුන්ට සැලකිය යුතු තරම් ස්වාධිපත්‍යයක් තිබුණි. රජය, සම්බන්ධීකරණයෙන් හා සහයෝගීතාවයෙන් ක්‍රියාකල ව්‍යුහයක් නොවූ අතර, බලය ගොනු කර ගැනීමට සහ ෆියුරර්ගේ ප්‍රසාදය දිනාගැනීමට යත්න දැරූ පිල් වල එකතුවක් විය. [2] මහා අවපාතය මධ්‍යයෙහිදී, අතිවිශාල හමුදාමය වියදම් සහ නිදහස්-වෙළෙඳපොළ සහ මධ්‍ය -සැලසුම් කරණ ක්‍රමවේදයන්ගේ මිශ්‍ර ආර්ථිකයක් භාවිතා කල නාසි රජය බහුජන සේවා වියුක්තිය අවසන් කොට සෞභාග්‍යය යළි පිහිටුවීය.[3] ප්‍රධාන රථ මාර්ග ගොඩනැගීම ඇතුළු පුළුල් මහජන වැඩ සිදුකෙරිනි. සෞභාග්‍යය යළි පිහිටුවීම නිසා රැජැයුමට අතිමහත් ජනප්‍රසාදයක් හා කීර්තියක් හිමි විය; සමස්ත විපක්ෂය මැඬලීම මගින් හිට්ලර්ගේ පාලනය අභියෝගයට ලක්වීම බොහෝලෙසින් වැලකිනි.
ජාතිවාදය, විශේෂයෙන්ම යුදෙව් විරෝධවාදය, නාසි ජර්මානු සමාජයෙහි ප්‍රධාන ශික්ෂාවක් විය. හයින්රිච් හිම්ලර් යටතේ වූ ගෙස්තාපෝ (රහස් රාජ්‍ය පොලීසිය) සහ SS විසින් නිදහස් මතධාරී, සමාජවාදී, සහ කොමියුනිස්ට් විපක්ෂය විනාශ කල අතර, යුදෙව්වන් සහ අනෙකුත් "අනුචිතයන්" වෙත වධ පමුණුවා ඝාතනය කරනු ලැබූහ. ජර්මැනික ජනයා—මොවුහූ නෝර්ඩික් ජාතිය ලෙසින් හැඳින්වුනහ— ආර්ය ජාතියෙහි ශුද්ධතම නියෝජනය ලෙස විශ්වාස කෙරුනු අතර එම නිසා, අධිපති ජාතිය ලෙසින් සැලකුණහ.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ නීල් ජේ. ක්‍රෙස්ල් (2002). මාස් හේට්: ද ග්ලෝබ්ල් රයිස් ඍෆ් ජෙනසයිඩ් ඇන්ඩ් ටෙරර්. බේසික් බුක්ස්. p. 121.
- ^ ඇන්ටනී මැකෙලිගොට්; ටිම් කර්ක්; ඉයන් කර්ෂෝ (2003). වර්කිං ටුවර්ඩ්ස් ද ෆියුරර්: එසේස් ඉන් හොනර් ඔෆ් සර් ජෝන් කර්ෂෝ. මැන්චෙස්ටර් වි.මු. p. 6.
- ^ රොබට් ඕ. පැක්ස්ටන්; ජූලි හෙස්ලර් (2011). යුරප් ඉන් ද ට්වෙන්ටියත් සෙන්චරි. සෙන්ගේජ්. p. 286.