තුඩුගල ශ්‍රි බුද්ධරක්ඛිතාරාම වටදාගෙය මහා විහාරය

විකිපීඩියා වෙතින්

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුඩුගල ග්‍රාමයේ, කළුතර - තුඩුගල, වෙල්ලත පා‍රේ ශ්‍රී බුද්ධරක්ඛිතාරාම වටදාගෙය මහා විහාරය පිහිටා තිබේ. වැලිවිට අස‍රණස‍රණ ස‍රණංක‍ර සංඝ‍රාජ මහනාහිමි‍යන්ගේ තුන්වන ශිෂ්‍ය ගිනිගත්පිටි‍යේ මහනාහිමි‍යන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය ප‍රපු‍රට අ‍යත් මෙම විහා‍රස්ථාන‍ය පැපිලි‍යාන සූනේත්‍රා මහාදේවි ‍රජ මහා විහා‍ර‍ය, ගංගොඩවිල සුභද්‍රාරාම මහා විහා‍ර‍ය ඇතුළු විහා‍ර ප‍රපු‍රට අ‍යත්වන විහා‍ර‍යකි.

ඉතිහාසය[සංස්කරණය]

ප‍යාගල සමනක්‍ඛන්‍ද (ගෝම‍රකන්‍ද) විහා‍රස්ථාන‍යේ සිට වැඩි ඉනක්ගොඩ බුද්ධරක්ඛිත නම් හිමි නමක් මෙම විහා‍රස්ථාන‍ය ආ‍රම්භකොට ඇත. ඒ නිසා උන්වහන්සේගේ නම මුල් කොට ගෙන මෙම විහා‍රස්ථාන‍ය “තුඩුගල ශ්‍රි බුද්ධරක්‍ඛිතා‍රාම විහා‍ර‍ය” ලෙස හැඳින්වි‍ය. උන්වහන්සේගෙන් පසු පයාගල සාරානන්ද හිමියන් (1865 - 1956/11/11) ද උන්වහන්සේට පසු උඩතලවින්නේ ශ්‍රී සෝභිත හිමියන් (1909/06/10 - 1972/02/27) ද විහා‍රාධිපතීන් ලෙස වැඩසිට තිබේ. 1959 දී උඩතලවින්නේ නායක හිමියන්ගේ මෙහෙය වීමෙන් ප්‍රදේශයේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබන්නට ශ්‍රී සාරානන්‍ද දහම් පාසල ‍යනුවෙන් සිය ගුරු දේවයන් නමින් දහම් පාසලක් ද ආරම්භ කලහ. 1972 උඩතලවින්නේ නායක හිමියන් අපවත් වී වදාළේය. ඉන් අනතුරුව විහාරාධිපති හිමියන් ලෙසට ශාස්ත්‍ර විශාරද සමාජවේදී ප්‍රවචන කීර්ති ශ්‍රී සෝභිත, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක - තුඩුගල විමලසාර නාහිමියන් පත්විය. 1996 ජුනි 9 වන දින මුල් ගල තැබූ වටදාගෙය සහිත දාගැබ 2006 ජූලි 13 වන දින කොත් පලඳවා නි‍රාව‍රණ‍ය කොට වැඩ නිම වූහ. මෙතෙක් මෙම විහාරස්ථානය තුඩුගල ශ්‍රී බුද්ධරක්ඛිතාරාම විහාරය ලෙස නම් වූ අතර දාගැබේ හා වටදාගේ කොත් පැලඳීම හා නි‍රාව‍රණ‍යෙන් පසු කළුතර - තුඩුගල ශ්‍රී බුද්ධරක්ඛිතාරාම වටදාගෙය මහා විහාරය ලෙසට නම් කෙරිණි.2013 ඔක්තෝබර් මස 10 වන දින නව තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක්ද විහාරස්ථානයට එක්විය.එසේම විෂ්ණු, කතරගම , ගම්බාර සුද්ධ සූනියම් දෙවිවරුන් සඳහා දේවල ත්‍රිත්වයක් ඉදිකිරීමද මේ කාලසීමාවේදී ම සිදුවිය. 2014 ඡූලි මස 3 වන දින තුඩුගල විමලසාර නායක හිමිපාණෝ අපවත්වී වදාළහ. ඉන් අනතුරුව ශාසන කීර්ති ශ්‍රී විනයාලංකාර පූඡ්‍ය පැපිලියානේ ශාන්තානන්ද නායක ස්වාමීන් වහන්සේ වත්මන් විහාරාධිපති ධූරයට පත්විය.විහාරස්ථානයේ අටවිසි බෝධි ප්‍රාකාරය ද නව වළාකුළු බැමි ද උන්වහන්සේගේ මූලිකත්වයෙන් සසුනට දායාද විය.