Jump to content

තිස්ස දේවේන්ද්‍ර

විකිපීඩියා වෙතින්
තිස්ස දේවේන්ද්‍ර
උපත1929 ඔක්තෝබර් 29
ගාල්ලේ කලේගාන ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු සභාපති සමාජ සේවා කොමිසම

තිස්ස දේවේන්ද්‍ර (ඉංග්‍රීසි: Tissa Devendra) යනු හිටපු සභාපති සමාජ සේවා කොමිසම.

ජීවන සටහන්

[සංස්කරණය]

තිස්ස දේවේන්ද්‍ර ලංකා විශ්ව විද්‍යාලයෙහිත්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙහිත් උගත්තේය. උපාධි ලබා ගැනීමෙන් පසු හෙතෙම ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි තිස් වසරක රාජ්‍ය සේවයක නිරත වූයේය. අනතුරුව තිස්ස දේවේන්ද්‍ර එක්සත් ජාතීන්ගේ උපදේශක සේවාවෙහි ද නිරත විය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ඉතිහාසය අළලා ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියූ ලිපි ලේඛන නිරතුරුව ඉංග්‍රීසි පුවත්පත් හා සඟරා ආදියෙහි පළවේ. ඔහු නමින් ප්‍රකාශිත තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂන් සභා වාර්තාව නිරතුරුව සඳහන් කරනු ලබන රාජ්‍ය ලේඛනයකි. කලක් ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති පදවියද හෙබවීය.

තිස්ස දේවේන්ද්‍ර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=තිස්ස_දේවේන්ද්‍ර&oldid=444023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි