තිරසාර සංවර්ධනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය.

ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල කාර්මිකරණය‍‍ තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.

ස්ටොක්හෝම් ප්‍රකාශනයේ වැදගත්කම.[සංස්කරණය]

1972 දී ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති එක්සත් ජාතින්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුවේදි පරිසරය ආරක්ෂා කර ගැනිම ගැන මුලු ලෝකයේම අවධානය යොමු විය.එම සමුළුවෙන් එළි දැක්වු [[ස්ටොක්හෝම් ප්‍රකා hueles a culo de monoන්ති 26 කින් සමන්විත විය. මෙහි 1 වන වගන්තිය මගින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීම පිළිබඳව අදහස් දක්වා තිබේ.නමුත් මෙහිදි ධරණීය සංවර්ධනය පිළිබඳ ඍඡුවම දක්වා නොමැති අතර මානව පරිසරය පිළිබඳ අවධානය යොමු කොට ති‍බේ.

රියෝ ප්‍රකාශනයේ අදාලත්වය.[සංස්කරණය]

ධරණීය සංවර්ධනය යන සංකල්පය ක්‍රමානුකූලව ලොව තුල ප්‍රතිස්ථාපිත වුයේ 1992 වර්ෂයේදී එක්සත් ජාතින්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව තුලිනි. මෙය රියෝ ද ජැනයිරෝ නගරය්දි ජුනී මස 3 සිට 14 දක්වා පවත් වමින් තිරසාර සංවර්ධනය සඳහා රාජ්‍යමය ආකල්ප යම් තරමකට වෙනස් කිරිමට උත්සාහ දරණ ලදි. මෙය මිහිතල සමුළුව ලෙසද නම් කරන අතර ආර්ථිකය ජිවිතයේ සෑම අංශයකම ප්‍රතිපත්ති සෑදීම හා ක්‍රියාත්මක කිරිමට මුල්වන ප්‍රධාන කරුණ බවට තහවුරු කරන ලදි.සෑම මිනිසකුටම ස්ථාවර අනාගතයකට මුහුණ දිය හැකිවන සේ පෘථිවි පරිසරය රැක ගැනීමේ අවශ්‍යතාවයත්, පරිසරය හා ආර්ථික කටයුතු අතර ගැලපීමක් ඇති කිරිමටත් අවශ්‍ය ස්ථාර පියවර පිළිබඳ තීරණ සෙවීමට මෙය පදනම විය.මානව සංහතියේ අනාගතය අළුත් මඟකට යෙමු කිරිම සඳහා මිනිසුන් ඒකරාශි කිරිමේ මෙතෙක් නොවූ විරෑ ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකි මෙම සමුළුවට රාජ්‍යන්ට අමතරව ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලික අංශද සහභාගී විය.මෙහිදි පරිසරයට හානි නෙකරමින් ඉදිරියට ගමන් කරමින් තමන්ද රැකෙමින් පරිසරයද රැකගතයුතු අදහස ලොවට හෙලි කලේය.රියෝ ප්‍රකාශනයේ පුරිචිකාවෙන්ම දක්වා තිබෙන්නේ ගෝලිය පාරිසරික හා සංවර්ධන පද්ධතියේ අඛණ්ඩතාව අරක්ෂා කරන්නාවූ ජාත්‍යන්තර ගිවිසුම් සදහා ක්‍රියා කරන රාජ්‍යන්ද, සමාජ වල සහ ජනතාවගේ ප්‍රධාන අංශ අතර නව මට්ටමේ සහයෝගීතාවයන් ඇති කිරිම තුලින් අලුත් සහ සාධාරණ ලෝක හවුලක් පිහිටුවීමේ පරමාර්ථ‍යෙන් යුතුව ඒ මත විශ්වාසය තැබිම අපේක්ෂා කරමින්ද, අපගේ වාස භුමීය වන පෘථිවියේ අකණ්ඩ සහ අ‍න්‍යෝන්‍ය වශයෙන් රැදි පවත්නා ස්වභාවය පිළි ගැනිම තුලින් ධරණීය සංවර්ධනය පිළිබඳ අඳහස දක්වා තිබේ.මෙම සමුලුවේදි පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතින්ගේ කොමිසමේ වාර්තා වු "අපේ පොදු අනාගතය" තහවුරු කිරිම සඳහා මිනිස් වර්ගයාගේ හා ඒ ඒ රටවල ආර්ථික මෙන්ම පාරිසරික රටාව පාලනය විය යුතු ආකාරය පිළිබඳ මුලික කරුණු අඩංගු පෘථිවි තලය පිළිබඳ නීති පද්ධතියක් ඇති කර ගැනීම අරමුණු විය.


21 වන න්‍යාය පත්‍රය[සංස්කරණය]

පරිසරය හා ආර්ථිකය අතර සම්බන්ධතාවයට හානි කරන සියළුම ප්‍රධාන අංශයන් පිළිබඳව ක්‍රියා කිරිමට සැලැස්මක් ගොඩනංවන අතර එය 21 වන සියවස සඳහා න්‍යාය පත්‍රය ලෙස හදුන්වන ලැබේ.තවද ලෝක පරිසරය සුරැකීම සඳහා සාමූහිකව කටයුතු කිරිමට හා තම රටවල සංවර්ධිත ප්‍රතිපත්ති සැකසිමේදිත්, ක්‍රියාත්මක කිරිමේදීත්, ඒ සඳහා මූල්‍යමය හා තාක්ෂණික අධාර සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ලබා දීමේදීත්, කාලගුණ විපර්යාස, ජීව විද්‍යාත්මක වෙනස්වීම් හා වන සංරක්ෂණය පිළිබඳ ගිවිසුම් බිහිකිරිම අරමුණු ලෙස හදුනාගත හැකිය.තිරසාර සංවර්ධනය ඉටුකර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන අරමුණක් නම් සංවර්ධනයේ ඵල සර්ව ‍‍භෞම හා සර්වකාලීන බවට පත් කරලීමයි.සංවර්ධන හා සංවර්ධනය වන රටවල් වශවෙන් ලෝකය බෙදී ඇති අතර එම දෙවර්ගයටම අයත් රටවල් අතර සංවර්ධන අරමුණු හා එවා මූණ පාන ගැටළු එකිනෙකට වෙනස් වේ.සංවර්ධිත ලෝකයට ඇත්තේ දැනටමත් ලබාගෙන ඇති සංවර්ධන තත්වයන් පාරිසරික වශයෙන් තිරසාර කරගැනීම වන අතර සංවර්ධනය වන රටවලට ඇත්තේ තවමත් ලබා නොගෙත් සංවර්ධනය ලබා ගන්නා අතරම එය පාරිසරික වශයෙන් තිරසාර කරගැනීමටද ඇති එකිනෙකට වෙනස් වූ අභියෝගයන්ය. මේ අනුව මිනිසා මිහිතලය මත ජීවත් වීමට අපහසු තරමටම පාරිසරික හානි සිදු කරන අතර පාරිසරික වශයෙන් විශාල ගුණාත්මක පරිහානියක් සිදු වන විට එය වැලැක් වීම සඳහා පාරිසරික වශයෙන් සවිඥාණික සමාජයක් තුලින් සම්පත් සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය තුලනාත්මක ලෙස පවත්වා ගෙන යා යුතු බව වැදගත් වේ.ධරණීය සංවර්ධණයේ අවසාන ඉලක්කය එය වේ.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

අශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • පරිසර සම්පත් කළමනාකරණය හා තිරසාර සංවර්ධනය භූගෝල විද්‍යා ප්‍රවේශය- ඒ.එච් ධනපාල,
  • ශ්‍රි ලංකාවේ පරිසරය හා සංරක්ෂණ විධි - උපාලි වීරක්කොඩි,
  • ගෝලීය පරිසර අර්බුදය -අමරසේන සඳපාල,
  • සිංහරජ සංරක්ෂණය - හර්ෂ ප්‍රනාන්දු,
"http://si.wikipedia.org/w/index.php?title=තිරසාර_සංවර්ධනය&oldid=249357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි