තාර්කික ද්වාර

විකිපීඩියා වෙතින්

තාර්කික ද්වාරයක් යනු බූලියන් ශ්‍රිතයක් ක්‍රියාවට නංවන්නාවූ එනම්, එකක් හෝ කිහිපයක් තාර්කික ප්‍රදානයන් මත තාර්කික මෙහෙයුමක් සිදුකොට එක් තාර්කික ප්‍රතිදානයක් ලබාදෙන්නාවූ පරාමාදර්ශිත හෝ භෞතික උපකරණයකි. එය ට්‍රාන්සිස්ටර භාවිතාකොට නිපදවා ඇති ඉලෙක්ට්‍රොනික උපාංගයකි. ද්වාර කපාට නමින්ද මෙය හඳුන්වයි.ඉලෙක්ට්‍රොනික භාවිතයේදී ලොජික් ගේට් යනුවෙන් හඳුන්වයි.ඉලෙක්ට්‍රොනික උපාංගවලට භාවිතා වන නම් සිංහලට පරිවර්තනයේදී සුළු අඩුපාඩුකම් ඇතිවීමට පුළුවන. කෙසේවෙතත් කාර්මිකයින් ගේට් යන තනි වචනයෙන් මෙය හඳුන්වයි. තාර්කිකව ක්‍රියා කරනු ලබන ඕනෑම ඉලෙක්ට්‍රොනික පරිපථයක එක ගේටයක් හෝ අන්තර්ගතයි.පරිගණකයද ඇතුළුව මේ සියලු තර්ක පරිපථ තර්ක මට්ටම් දෙකක් භාවිතා කරයි. එනම් බින්දුව සහ එක(0සහ1) වේ. විටක බින්දුව සෘණ තත්වය ලෙසද, එක ධණ තත්වය ලෙසද, විටක බින්දුව (OFF) තත්වය ලෙසද, එක (ON)තත්වය ලෙස භාවිතා වේ.එබැවින් සෘණ හෝ( OFF) යනුවෙන් හැදින්වෙන්නේ බින්දුව බවත්, ධණ හෝ( ON) යනුවෙන් හැඳින්වෙන්නේ එක බවත්, දත යුතුයි.පරිපථ සැලසුම් කරනයේදී මූලිකව ගේට වර්ග 3ක් භාවිතා කරයි.

  1. ඇන්ඩ් ගේට්
  2. ඔර් ගේට්
  3. නොට් ගේට්

යනු එම ගේට වර්ග 3යි. පරිපථයන් ඇදීමේදී ඇන්ඩ්, නොට්, ඔර්,යන ගේට යොදා ගත්තද පරිපථ සෑදීමේදී බොහෝ විට නැන්ඩ් ගේට් යොදාගනු ලබයි. එයට හේතුව නම් නැන්ඩ් ගේටය යොදා ගනිමින් අනිකුත් ගේට 3 ම තනා ගත හැකි වීමයි.මෙම හේතුව නිසා නැන්ඩ් ගේටය සර්ව ගේටය ලෙස හඳුන්වයි.මේ සෑම ගේටයකම තොරතුරු (ඩේටා) අතුළු කරන අග්‍ර සහ පිටකරන අග්‍ර පිහිටා ඇත.තොරතුරු (ඩේටා) අතුළු කරන අග්‍රය ප්‍රදානය (input) ලෙසද,තොරතුරු පිටකරන අග්‍රය ප්‍රතිදානය (output) ලෙසද, හදුන්වනුලබයි.

ඇන්ඩ් ද්වාරය[සංස්කරණය]

ප්‍රදානයන් 2 සහිත ඇන්ඩ් ගේටයක් භාවිතයේදී පහසුව තකා එහි ප්‍රදානයන් A-B වශයෙන් නම් කරනු ලැබේ.ප්‍රතිදානය Y යනුවෙන් ගත හැක.මෙය ප්‍රායෝගිකව භාවිතයේදී ඉතාමත් සුමට සරල ධාරාවක් ලබා දිය යුතුය.ප්‍රදානයට තර්ක 0 අගය ලභාදීමට විදුලි සැපයුමේ ඍණ අග්‍රයද. තර්ක 1 අගය ලභාදීමට විදුලි සැපයුමේ ධන අග්‍රයද සම්බන්ද කරනුලැබේ.මේ අනුව A-B යන ප්‍රදානයන් දෙකටම ඍණ ලබා දුන් විට ප්‍රතිදානයෙන් පිට වන්නේ ඍණ මය. A ප්‍රදානයට තර්ක 0 අගය හා B ප්‍රදානයට තර්ක 1 අගය ලබා දුන් විටත් පිට වන්නේ ඍණ මය. නමුත් ප්‍රදානයන් දෙකටම ධන ලබා දුන් විට ප්‍රතිදානය ධන පිටකරයි.A-B ප්‍රදානයන් හට සපයනු ලබන විභව අග්‍ර අනුව Y ප්‍රතිදානය කුමන තර්ක අගයක් ගනීදැයි සත්‍ය සටහන මගින් දැනගත හැක.

ඇන්ඞ් ගේටයක සංකේතයක්
සරල පරිපථය

බූලියන් ප්‍රකාශනය A.B=Y
ඇන්ඩ් ගේට් තර්ක සටහන

A ප්‍රදානය B ප්‍රදානය Y ප්‍රතිදානය
0 0 0
1 0 0
0 1 0
1 1 1

මෙහි දැක්වෙන්නේ ඇන්ඞ් ගේටයක සංකේතයක් සහ එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට යොදා ගතහැකි සරල පරිපථයකි.






ඔර් ගේටය[සංස්කරණය]

ඔර් ගේටයද ප්‍රායෝගික භාවිතයේදී ඇන්ඞ් ගේටයට සමානවේ.නමුත් (A-B) ප්‍රදානයන් වෙත යොදනු ලබන තර්ක අගයන් හට (Y) නම් ප්‍රතිදානය වෙනස් තර්ක අගයන් පෙන්වයි.

ඔර් ගේටයක සංකේතයක්
සරල පරිපථය

බූලියන් ප්‍රකාශනය A+B=Y
ඔර් ගේට් තර්ක සටහන

A ප්‍රදානය B ප්‍රදානය Y ප්‍රතිදානය
0 0 0
1 0 1
0 1 1
1 1 1

මෙහි දැක්වෙන්නේ ඔර් ගේටයක සංකේතයක් සහ එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට යොදා ගතහැකි සරල පරිපථයකි.








නොට් ගේටය[සංස්කරණය]

මෙය අපවර්තකය යනුවෙන්ද හදුන්වයි. ක්‍රියාකාරිත්වය ඉතාමත් සරලයි. මතක තබාගැනීමට පහසුයි. ප්‍රදානය (0) අගය ගත්විට ප්‍රතිදානය (1) වේ. ප්‍රදානය (1) අගය ගත්විට ප්‍රතිදානය (0) වේ.

නොට් ගේටයක සංකේතයක්
සරල පරිපථය

බූලියන් ප්‍රකාශනය Ā=Y
නොට් ගේට් තර්ක සටහන

A ප්‍රදානය Y ප්‍රතිදානය
0 1
1 0

මෙහි දැක්වෙන්නේ නොට් ගේටයක සංකේතයක් සහ එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට යොදා ගතහැකි සරල පරිපථයකි.








"https://si.wikipedia.org/w/index.php?title=තාර්කික_ද්වාර&oldid=487447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි