තාරකාවේදය-අගහරුගේ ජල විද්‍යාව

විකිපීඩියා වෙතින්

අගහරුගේ පහත් වායුගෝලීය පීඩනය නිසා එහි පෘෂ්ඨය මත ද්‍රව ජලය තිබිය නොහැක. නමුත් එහි ධ්‍රැව ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ අයිස් වැස්ම වලින් බැවින් ඝන තත්ත්වයේ ඇති ජලයෙන් නම් කිසිම හිගයක් නැත. අගහරුගේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති අයිස් තොප්පිය දියවී ගියහොත් එහි මුළු ග්‍රහ පෘෂ්ඨයම මීටර 11 ක් ගැඹුරට ජලයෙන් යට වී යනු අති බව 2007 මාර්තු මාසයේ දී නාසා ආයතනය විසින් නිවේදනය කරන ලදි.

අගහරුගේ ඝනකම් සයිටොස්පියරයට යටතින් ජලය විශාල ප්‍රමාණයක් සිර වී ඇති බව විශ්වාස කෙරේ. ගිනි කදු පිපිරිමක් වැනි යමකින් එම ද්‍රව ජලය නිදහස් වීමට ඉඩ ඇත. අගහරුගේ ඉතිහාසයේ දී මෙලෙස ද්‍රව ජලය නිදහස් වන්නට ඇති බවට මතයක් පල වී තිබේ.

මෑතක දී අගහරු විශ්ව ගවේෂක යානාව මගින් ගනු ලැබූ ඡායාරූප වලින් අගහරු පෘෂ්ඨය මත ද්‍රව ජලයේ ඉතිහාසය පිළිබද විස්තර වඩා හොඳින් ඉදිරිපත් කරයි. විශාල ගංගා මාර්ග සහ ඒවා ආශ්‍රිත අතු බෙදුනු ශාඛා ජල මාර්ග තිබුණු බවට සාක්ෂි හමුවුවත් ඒවායේ ආරම්භය සනිටුහන් කරන කුඩා ජල මාර්ග පිළිබද සාක්ෂි තවමත් හමු වී නැත.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති කාගුණික විපර්යාස හේතුවෙන් පැරණි ගංගා නිම්න වල ලක්ෂණ යටපත් වී ගොස් ඇති බවට යෝජනා ඉදිරිපත් වී ඇත. අගහරු විශ්ව ගවේෂකයා වැනි අභ්‍යාවකාශ යානා මගින් කරන ලද අධි විභේදනය නිරීක්ෂණ වලින් ආවාට හා ආගාධ බිත්ති වල ඇති ලක්ෂණ සිය ගණනක් සනාථ කොට තිබේ.

අගහරු පෘෂ්ඨය මත කලක් ද්‍රව ජලය පැවති බවට තවත් සාක්ෂියක්වන්නේ හෙමටයිට් හා ගොයිතයිට් නමැති විශේෂිත ඛනිජ ලවණ දෙක එහි පෘථිඨියෙන් සොයා ගැනීමය. මේවා ජලය ඇති ඇතැම් අවස්ථාවලදී සෑදෙන ඛනිජ ලවණ දෙකකි.