තායි ඉතිහාසය

විකිපීඩියා වෙතින්

තායිලන්ත ‍ඉතිහාසය (1768 – 1932)

ක්‍රි.ව. 1824 දී  ඉන්දු චීන දේශි සීමා

අවුරැදු හාරසියයක පාලනයකින් අනතුරැව ක්‍රි.ව. 1767 දි 'ආයුම්තයි' අධිරාජ්‍යයේ අගනුවර ගිනි බත් කරමින් බුරැම බල ඇණිය විසින් තායිලන්ත ආක්‍රමණය කර රට දෙකඩ කරන ලදි. ඉන ්අනතුරැව මක්සින් සේනාධිපතිවරයා තායි අධිරාජ්‍යය යළි එක්සේසත් කර ක්‍රි.ව. 1769 දී එහි අධිරාජ්‍යයා ලෙස තමා නම් කරන ලදි. ඉන් පසු කොන්බුරි නගරය ඔහු තම නව පාලන තන්ත්‍රය ලෙස නම් කරන ලදි. කෙසේ හෝ ‍ටක්සින් අධිරාජ්‍යයා මානසික වියවුල්තාවයකින් පෙළෙන්නෙකු ලෙස චෝදනා ලැබ ධුරයෙන් පහ කරන ලදි. අනතුරැව සිරභාරයට පත් වූ ඔහු මරණයට පමුණුවන ලදි. තායි රාජ්‍යයේ රජකමකට ආශා කළ චක්රි සේනාධිපතිවරයා තමා බලාපොරොත්තු සඵල කර ගනිමින් ක්‍රි.ව. 1782 දී පළමු රාම ලෙස රාජ්‍යත්වට පත් වුයේ චක්රි වංශයේ බලයට පත් වූ පළමු වංශිකයා ලෙස ඉතිහාසයට එක්වෙමිනි. ටක්සීන්ගේ අගනුවර වු තොන්බුරි නගරය හරහා දිවෙන චාඕ ෆ්රයා නදිය අසබඩ පිහිටි බැංකොක් නගරය ඔහු තම අගනුවර ලෙස තෝරාග්නනා ලදි. එකල සියම් දේශය නම්න් හැදින්වූ බුරැමට ආක්‍රමණය කිරිමට ඔහුට හැකිවුණි. එමගින් බුරැමය විසින් පමුණුවා තිබු ජිවන වෘත්තීන්ගෙන් නිදහස් වීමට ලන්නා බවටත් හැකි විය. එවකට නව වංශිකයෙක් වු චක්රි රජු චක්රී රාජ වංශයේ පාලකයින් අතරින් ගෞරවයකට පාත්‍ර වූ රජ කෙනෙක් ලෙස හැදින්විය හැකිය.

තමන්ගේ අසල්වැසි රටක් වු බුරැම දේශය ක්‍රිව.ව. 1826 දී යුරෝපීය ජාතිකයන්ගේ යටත්විජිතයක් බවට පත් වුවායින්පසුව රාජ රජුගේන් පැවත ආ උරැමක්කාරයන් ද ඔවුන්ගෙන් එල්ල විය හැකි ජර්ජන සදහා වැඩි සැලකිල්ලක් දක්වන ලදි. 1826 දී බටහිර රාජධානියත් සමග තායිලන්තය ප්‍රථම හවුල් ගිවිසුම ඇති කර ගන්නා ලදි. එක්සත් රාජධානිය සමග ඇති වූ එම ගිවිසුම මිත්‍රත්වය හා වාණිජ ගිවිසුම නම් විය. ඉන්පසු 1939 වන තෙක් සියමය ලෙස හැදින්වූ තායිලන්තය සමග 1833 දී එක්සත් ජනපදය රාජත්‍රාන්තික හුවමාරැ සිදු කරන ලදි. නැවතත් එම ගිවිසුම් 1945 දී හා 1949 දී ක්‍රියාත්මක වුණි. කෙසේ වෙතත් 1804 – 1868 කාලය තුල පාලනය කල මොන්කුට් රජු හා ඔහුගේ පුත් චුලා‍ලොන්කොන් රජු හා දෙපිලගේ රාජ්‍ය කාලය තුල තායිලන්තය විසින් බටහිර පාලකයින් සමග වෙළද සන්ධානයක් පිහිටුවන ලදි. එම සන්ධානගත වීම තායිලන්ත රජයට තායි අධිපත්‍යය තුල රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්‍රතිසංස්කරණය කිරිමට ඉඩ අවස්ථාව උදාවුණි. මෙමගින් යුරෝපා ජාතිකයින් තම රාජ්‍යය තුල ජනපද පිහිටු වීම වැලැක්වූ දකුණු හා අග්නිදිග ආසියාවේ එකම රට බවට පත් වීමට සියමයට හැකි වුණි. සියම් දේශයේ වර්තමාන නම තුළින් ද ඉහත සිදු වූ විශේෂ සිදුවීම කැපී පෙන්වයි. 'ප්‍රැකොට් තායි' නැතහොත් 'තායිලන්තය' නිර්මාණය වි ඇත්තේ 'ප්‍රැකොට්' නමින් හැදින්වූ ජාතිය හා 'තායි' යනුවෙන් හැදින්වූ නිදහස යන තේරැම් ආරොපණය වීමෙනි.

1909 දී සියමය හා බ්‍රිතාන්‍ය මලයාව අතර නව දේශසීමාව තිරණය කරමින් ඉංග්‍රිසීන් සියම් ගිවිසුම ඇතිවුණු. මෙම ගිවිසුම මගින් මලයා සුල්තාන්වරැන් වන 'පට්ටනි' හා 'කෙඩා' යටතේ පැවති පට්ටනි යාලා නාරතිවත් හා සටුන් යන ප්‍රදේශවල බලය තායිලන්තයට පැවරැණි. ප්‍රංශය සමග ඇති වූ අඛණ්ඩ සන්ධානගත විම හේතුවෙන් තායිලන්තයේ තුල ලාඕසය හා කාම්බෝජය අතර අති වූ වරත්මාන දේශ සීමාව තීරණය වුණි.

"https://si.wikipedia.org/w/index.php?title=තායි_ඉතිහාසය&oldid=349525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි