තායිලන්ත ඉතිහාසය - සුකොතයි හා ලන්නා

විකිපීඩියා වෙතින්


තායි නගර ජනපද ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ ක්මේර් රාජ්‍යයෙන් නිදහස ලැබීය. ක්‍රි.ව. 1238 දී ෆෝ කුන් සී ඉන්ද්‍රක්‍රීට් විසින් සුකෝතායි නම් රාජ්‍යය පිහිටිවන ලදි. මෙම රාජ්‍යයේ පියා විසින් දරුවන් පාලනය කරන්නා වූ ආකාරයට රජතුමා රට පාලනය කිරීම ප්‍රධානතම දේශපාලන ලක්ෂණය විය. ‍එහිදි රට වැසියන්ගේ ප්‍රශ්ණ සෘජුවම රජතුමා ඉදිරියට ගෙනවිත් ඉදිරිපත් කිරීමේ හැකියාව රට වැසියන්ට තිබුණි. මෙහි පහසුව තකා රජමාලිගාව ඉදිරිපිට සීනුවක් ඉදිකර තිබුණි. රම්කම්ගෙන්ගේ රජතුමා යටතේ මෙම නගරය පැවති අවධියේ දී එම නගරය, ප්‍රදේශය ද මෙම නගරය යටතේ පාලනය වුනි. තායි අක්ෂර මාලාව හඳුන්වා දීමට ද මුලික වුයේ මෙම රජතුමාය. 1365 දී මෙම රජතුමාගේ සිදුවු අභාවය සමඟ නගරය ක්‍රමක්‍රමයෙන් විනාශ වීමට පටන් ගත්තේය. ඉන්පසුව නැඟී ආ අයුත්තාය රජයට මෙය රුකුලක් විය. මෙය සිදුවුයේ පහළ චාවෝ ෆොරයා ප්‍රදේශයේය.


ලන්නා නම් ජනපදය සුකෝතායි රාජ්‍යයට සමගාමීව වියැන්ග් මෛයි ප්‍රදේශයේ කේන්ද්‍ර ගතවූ උතුරු රාජ්‍යයකි. එහි නිර්මාතෘවරයා වුයේ ෆියා බන්රායි රජතුමාය. මෙම නගර ජනපදය සුකෝතායි ජනපදයට සමගාමීව දියුණු විය. සුකෝතායි රාජ්‍යය සමඟ ලන්නා රාජ්‍යය ඒකාබද්ධව කටයුතු කළේය. නමුත් අවුත්තාය රාජ්‍යයේ වර්ධනයත් සමඟ එය චාවෝ ෆරයා විය. අයුත්තාය හා ලන්නා රාජ්‍යය අතර පැවති දරුණු ගැටුම් වලින් පසුව චියැන්ග් මෛයි අයුත්තාය රාජ්‍යය යටතට පත්විය.


ලන්නා රාජ්‍යයේ නිදහස් ඉතිහාසය ක්‍රි.ව. 1558 දී බුරුමයට යටත් වීමත් සමඟ අවසන් විය. ඉන් පසුව එහි පාලනය 18 වන ශතවර්ෂය තෙක් බුරුමය සතු විය. ඉන්පසුව මෙම රාජ්‍යය තුල ප්‍රාදේශිය නායකයන්ගේ නායකත්වයෙන් නිදහස් අරගල ඇතිවිය. එයට සහයෝගය දැක්වුයේ නෝන්බුරි රාජ්‍යයේ තක්සින් රජතුමාය. ඉන්පසුව උතුරු ජනපදයටත් සියල්ලමද, නොන්බුරි හා බැංකොක් රාජ්‍යය යටතට පත්විය. 20 වන ශතවර්ෂයේ මුල්භාගයේ දී මෙම ප්‍රදේශ නැවතත් කොටස් වී වර්තමාන තායිලන්ත රාජ්‍යය බවට පත්විය.