ත්‍රිලක්‍ෂණ

විකිපීඩියා වෙතින්

ත්‍රිලක්ෂණය යනු බුදු දහමෙහි ඉතා ම වැදගත් ස්ථානයක් උසුලන්නා වූ ගැඹුරු දහම් කොටසකි. එනම්, අනිච්ච, දුක්ඛ, අනත්ත, ලෙස පෙළ දහමෙහි පාලි භාෂාවෙන් පැමිණෙන්නාහ. අද එයට අලුත් නිරුක්ති සපයමින් සමහරුන් විකෘති සිංහල අර්ථයන් දෙන්නට වීම බරපතල සාසනික ගැටලුවකි. එහි සිංහල අර්ථය විමසා බැලිය යුතු ය. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස සිංහලයට පරිවර්තනය විය යුතු ය.

අනිච්ච ( ඛයට්ඨෙන අනිච්චං ) නිරන්තර ක්ෂය වන්නා වූ අර්ථයෙන් "අනිත්‍ය" නම් වේ.

දුක්ඛං ( භයට්ඨෙන දුක්ඛං ) ඒ වෙනස් වන ස්භාවය නිසා බිය ඇති වේ. එය දුකකි.

අනත්ත ( අසාරකට්ඨෙන අනත්තා / අවසවත්ථනට්ඨෙන අනත්තා ) යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්භාවයෙන් යුක්ත නම් එය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි ලෙස අසාර වශයෙන්, තම වසඟයේ පැවැත්විය නො හැකි බව දැන ගැනීම අනාත්ම ය යි.

මෙම තිලකුණ වැඩීම කළ යුත්තේ අන් කිසිවක නොව ස්කන්ධ - ආයතන - ධාතු පිළිබඳව ම යි.

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිලක්‍ෂණ&oldid=469337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි