ත්‍රිමාණ ඇඹිම - පසුතල සැකසීම

විකිපීඩියා වෙතින්
ත්‍රිමාණ සජීවිකරණය

පසුතල සැකසීම යනු (Virtual Objects) කැමරාව, ආලෝකකරණය වැනි විවිධ උපාංග යොදා ගෙන පසුතලයන් සැකසීමයි. ඉන්පසුව ඡායාරූපගත කිරීමට හෝ සජීවිකරණයට එම පසුතලය භාවිතා කළ හැකිය.

ආලෝකකරණය යනු පසුතල සැකසීමේ ඉතා වැදගත් අංගයකි. සාමාන්‍ය ලෝකයේ ‍මෙන්ම සජීවිකරණයේ ද ආලෝකකරණය දර්ශන මට්ටමේ තත්ත්වය සඳහා විශාල ලෙස බලපායි. එමෙන්ම එය ප්‍රවීණ මට්ටමට ගැනීමට අසීරූ කලාවකි. ආලෝකකරණය මඟින් දර්ශනයේ හැඟීම් පෙන්වීමට වඩාත් හොඳින් යොදාගත හැකිය. මෙය ඡායාරූප ශිල්පින් හා දර්ශනතල සකසන්නන් හොඳින් දන්නා දෙයකි.

සමාන්‍යයෙන් චරිතයේ මතුපිට වර්ණ ගැන්වීම ප්‍රථමයෙන් සිදුකරනු කෙරේ. බොහෝ ත්‍රිමාණ ආදර්ශ මෘදුකාංග හසුරවන්නාට සජීවිකරණ චරිතයේ (Vertices) වර්ණ ගැන්වීමට ඉඩ ලබා දේ. පසුව එම වර්ණ චරිතයේ මතුපිටි පුරාම අළුතෙන් එක් කිරීමක් සිදු කරයි. බොහෝ විට චරිතයේ වර්ණ ගැන්වීමට වඩාත්ම භාවිතා කරන ක්‍රමය වන්නේ 2D (texture) ඡයාරූපයක් චරිතයේ මතුපිටට (texture mapping) ක්‍රමය ඔස්සේ යොමු කිරීමයි. (Digital image ) බොහෝ විට සාමාන්‍ය ඡායාරූප වලට සමාන වේ. නමුත් (texture mapping) ක්‍රියාවලියේදී විශේෂ දත්ත හා තොරතුරු (texture coordinator or UV coordinates) ඇතුලත් කිරීම නිසා කවරයක (texture) ත්‍රිමාණචරිතයේ මතුපිට කිනම් ආකාරයේ යොමු කිරීමක් කරනවා දැයි දැක්වීමත් කළ හැකිය. (texture) මඟින් ත්‍රිමාණ චරිත වලට අතිරේක තොරතුරු අඩංගු කර වඩාත් ජීවමාන ලෙස දැක්වීමට අවස්ථාව ලබා දේ.

ආලෝකකරණයට අමතරව වෙනත් සැරසිලි එනම් (texturing) කිරීම තුළින් ත්‍රිමාණ චරිතය තවත් ජීවමනා කළ හැකිය. උදාහරණයක් ලෙස මතුපිට සියුම් සකස් කිරීම තුළින් ඒවා ආලෝකමත් වී ඇති ආකරය බොහෝ විට ප්‍රායෝගිකව භාවිතා කළ හැකිය.

ත්‍රිමාණ ආදර්ශය බොහෝ විට සජීවිකරණය කරන්නේ භාවිතා කරන්නන් කිහිපදෙනෙකු සඳහාය. ඒවායින් සමහර විට ත්‍රිමාණ ආදර්ශ වැඩසටහන් නිපදවිය හැකි අතර නැතහොත් වෙනත් සටහනකින් අපනයන (exported) කිරීමටද හැකියාව ඇත. සජීවිකරණයේදී මේ සඳහා යොදා ගන්නේ (Key forming) නැමැති ක්‍රියාවලියයි. මෙය සංකීර්ණ චලන නිර්මාණයට සහය වේ.

මෙම වැඩසටහනේ සහය ඇතිව භාවිතා කරන්නෙකුට අවශ්‍ය අංශය නැවැත්වීමට තමන් කරන දිශාව ‍වෙනස් කිරීම, භ්‍රමණය කිරීම වැනි දෑ සෑම රාමුවක් අතර තුර දී (interpolated) කළ හැකිය . (Key frames)ලෙස හැදින්වේ. බොහෝ විට සජිවිකරණය පහසු කිරීමට අමතරව තොරතුරු ඇතුලත් කිරීම සිදු කරයි. උදාහරණයක් ලෙස බොහෝ ත්‍රිමාණ මිනිස් හා සත්ව ආදර්ශ වල ඇති සැකිලි පද්ධතිය නිසා එම ආදර්ශ සජීවිකරණයේදි ජීවමාන ස්වරූපයක් ගනී. මෙම ක්‍රියාවලිය (Skeletal animation) ලෙස හැදින්වේ.

සටහන්[සංස්කරණය]

3D_modeling#Scene_setup