තල්දූවේ සෝමාරාම

විකිපීඩියා වෙතින්
(තල්දූවේ සෝමාරාම තෙරණුවෝ වෙතින් යළි-යොමු කරන ලදි)

තල්දූවේ සෝමාරාම හිමි නමින් භික්ෂුවක්ව සිටි ක්‍රි.ව.1959 දී එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනයකල බවට අධිකරණය මගින් තීන්දුකර එල්ලා මරාදමනු ලැබූයේ පසුව තල්දූවේ සෝමාරාම ලෙසින් ප්‍රකට වුනු තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ වේ. (1915–1962) විසිනි. [1][2][3]

මුල් ජීවිතය[සංස්කරණය]

ඉසෝ හාමි සහ රතුගම රාලලාගේ ඩයිරිස් අප්පුහාමි යන අයට දාව, 1915 අගෝස්තු 27 දිනදී තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ උපන්හ.[තහවුරු කර නොමැත] 14 වියැති වත්ම, 1929 ජනවාරි 20 දිනදී සාමනේර බව ලද ඔහු, අධ්‍යාපනය ලද්දේ තල්දූව ඉහළ පාසැල වෙතිනි.[තහවුරු කර නොමැත] තෙරණුවක් ලෙසින් 1936 ජූනි 25 දිනදී මහනුවරදී ඔහු උපසම්පදාව ලද බව කියැවේ.[තහවුරු කර නොමැත]

ඝාතනය[සංස්කරණය]

කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති ලෙසින් වැඩ විසූ, මාපිටිගම බුද්ධරක්ඛිත තෙරණුවන් විසින් කුමන්ත්‍රණය වෙත අමාරුවෙන් නම්මා ගත් බවට පැවසෙන, [4] සෝමාරාම කෙරණුවෝ, අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට අකමැත්තෙන් කැමැත්ත පළ කළේ, "රට, ජාතිය හා ආගමට හොඳක් සිදු කිරීමටය ".[තහවුරු කර නොමැත]

නිදොස් බවට මතය[සංස්කරණය]

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය මොහු විසින් සිදු නොකල බවත් එය සිදු කලේ ඔසී කොරයා බවටත් විකල්ප මතයක් ඇත.[5]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අධෝ සටහන්[සංස්කරණය]

  1. "එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක,ඕ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් ශ්‍රී ලංකා)". බ්‍රිටැනිකා ඔන්ලයින්.
  2. "බණ්ඩාරනායක, සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස්". History.Com.
  3. "සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක". Encarta.MSN.
  4. "පරාභව සූත්‍ර වර්සස් මාපිටිගම බුද්ධරක්ඛිත". ලංකාවෙබ්. 2010. සම්ප්‍රවේශය 2011-02-05.
  5. සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/55-4690-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-14 
"https://si.wikipedia.org/w/index.php?title=තල්දූවේ_සෝමාරාම&oldid=592176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි