Jump to content

තරංග–අංශු ද්විත්වය

විකිපීඩියා වෙතින්

තරංග–අංශු ද්විත්වය යනු, සෑම මූලික අංශුවක් හෝ ක්වොන්ටමීය ස්ථිතියක් හෝ විසින් අංශූන්හී ගුණාංග පමණක් නොව, තරංග වල ගුණාංගද ප්‍රදර්ශනය කරන බව කියැවෙන පරිසිද්ධිය වෙයි. ක්වොන්ටම්-පරිමාණයෙහි වස්තූන්ගේ චර්යාව සම්පූර්ණයෙන්ම විස්තර කිරීමට, "අංශුව" හෝ “තරංගය" යන සම්භාව්‍ය සංකල්ප වෙතින් නොහැකි බව එය විසින් සංවාදයට ලක් කෙරෙයි. අයින්ස්ටයින් ලිවූ පරිදී: "සමහරවිටෙක එක් සිද්ධාන්තයක් සහ අන් සමහරවිටෙක අනෙක් සිද්ධාන්තයක් හෝ භාවිතා කල යුතු බවට අපට සිතෙතත්, විටෙක ඒ දෙකෙන් කුමන එකක් හෝ භාවිතා කිරීමට සිදු වෙයි. නවතම දුෂ්කරතාවයකට මුහුණ දීමට අපට සිදු වී ඇත. යථාරථය පිළිබිඹු කරන පරස්පර මනස් රූප දෙකක් අප වෙත ඇත; ඒවා වෙන වෙනම ගත් කල ආලෝකය යන සංසිද්ධිය එයින් කිසිවක් විසින් හෝ විස්තර නොකෙරෙන නමුදු, එක්ව භාවිතා කල විට එය විසින් සිදු කෙරෙයි". [1]

මෙය පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වී ඇත.

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සොයාගැනීමට පෙර, ලුවී ඩි බ්‍රොයිය විසින් ප්‍රථමාරම්භ කරනු ලදුව සහ, පසුව ඩි බ්‍රොයිය–බර්ම් සිද්ධාන්තය යනුවෙන් ප්‍රවර්ධනය කෙරුණු, නියමු තරංග/ විවරණය විසින්, ද්විත්වය විරෝධවාසී ලෙසින් නොසැලකෙන අතර, අංශුව සහ තරංගය සැම විටම සමකාලයෙහි පවතින බව සැලකෙයි. ශ්‍රෝඩිංගර් ප්‍රකාර, ඩි බ්‍රොයිය තරංගයෙහි වසම වන්නේ සාමාන්‍ය භෞතික අවකාශ-කාලය වෙයි.[2] මෙම විධිමත් ගුණාංගය විසින් දක්වනු ලබන්නේ, නියමු තරංග සිද්ධාන්තය ස්ථානීය-නොවන බව වන අතර, බොහෝ භෞතික විද්‍යාඥයින් විසින් මෙය සලකන්නේ කිසියම් සිද්ධාන්තයක අතිමහත් දෝෂයක් ලෙසිනි. [3]

  1. ^ හැරිසන්, ඩේවිඩ් (2002). "කම්ප්ලිමෙන්ටෑරිටි ඇන්ඩ් ද කෝපන්හේගන් ඉන්ටර්ප්‍රිටේෂන් ඔෆ් ක්වොන්ටම් මිකැනික්ස්". අප්ස්කේල්. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය, භෞතික විද්‍යා අධ්‍යයනාංශය. සම්ප්‍රවේශය 2008-06-21.
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Schr 185 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^ බ්‍රැන්ස්ඩන්, බී.එච්., ජෝවචේන්, සී.ජේ. (1989/2000). ක්වන්ටම් මිකැනික්ස්, දෙවන සංස්කරණය, පියර්සන්, ප්‍රෙන්ටිස් හෝල්, හාලෝ එරා, ISBN 978-0-582-35691-7, පි. 760.
"https://si.wikipedia.org/w/index.php?title=තරංග–අංශු_ද්විත්වය&oldid=340278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි