තක්ෂක

විකිපීඩියා වෙතින්

නාගයන්ගේ රජ ලෙසින් හැදින්වෙන තක්ෂක තක්සලාවේ වාසය කලහ. කාන්දවප්‍රස්ථ නගරය සෑදීමට පාණ්ඩවයන් තක්සලාව නාගයන්ගෙන් මුදවා ගත්හ. මොහු දෙවියන්ගේ රජු වන ඉන්ද්‍රගේ යාලුවෙක් ලෙස හැදින්වේ. තක්ෂක හා හේ පුත් අස්වසේන ඉක්ෂුමතී ගග අසබඩ ජීවත් වූහ. ශුතසේන තක්ෂකගේ මල්ලී මහදයුමන නම් තැන සර්පයන්ගේ ප්‍රධානියා ලෙස සිට ඇත. ශීමත් බගවතම්ට අනුව තක්ෂක ඉෂ්වකු රාජ වංශයට අයත්ය. ඔහු රාමගෙන් පැවත එන්නෙකි. තක්ෂකගේ පුත් බ්‍රිහද්බල, අර්ජුනගේ පුත් අබිමන්‍යු අතින් මැරුන් කයි.

කාන්දවයේ නාගයන් සමග පිසාචයන්, රකුසන්, දාඨිය හා දනවාස යන අසුරයන්ද සිට ඇත. අර්ජුන හා ක්‍රිෂ්ණා කාන්දව ප්‍රස්තය ගිනි තබන විට තක්ෂක සිට ඇත්තේ කුරු කේෂත්‍රයේය. නමුත් අස්වසේන සිට ඇත. එහිදී අර්ජුන සිය මව මැරූ පලිය ගැනීමට පසුව කුරුකේෂේත්‍ර යුද්ධයේදී අස්වසේන අර්ජුනට එරෙහිව කර්ණ සමග යුද වදී. අස්වසේන ඓරාවන හසුරුවන්නෙක් ලෙස හැදින් වේ. කාන්දව කැලය ගිනි ගනිද්දී මායාසුර තක්ෂකගෙන් වෙන්වූ බව කියැවේ.

පරික්ෂිතගේ පුත් ශ්‍රින්ගි විසින් තක්ෂකව තව පියා මරා රජකම ගැනීමට යොදා ගනී. තක්ෂක විසින් අර්ජුනගේ මුනුපුරෙකු වූ පරික්ෂිත්ගේ කෑමට වස දමා ඔහුව මරා දමයි. පසුව පරික්ෂිතගේ පුත් ජනමේජය තක්ෂලාව යුද කර අල්ල ගෙන තක්ෂකව පලවා හරී. පසුව තක්ෂක මංකෝල්ලකාරයෙක් ලෙස තම සීමාවට එන සියල්ල පැහැරගනී. තක්ෂලාව අසල වූ පවුශ්‍ය රජුගේ රාජධානිය මොහුගේ ඊලග ජනපදය වේ. උතන්ක තක්ෂකගේ ප්‍රදේශයෙන් යන විට තක්ෂකගේ ඊලග ගොදුර විය. ජනමේජය පැමිනීමෙන් පසු උතන්ක කුරු රජගේ උදවු ඉල්ලයි. ජනමේජය ගේ ප්‍රහාර හමුවේ තක්ෂක නාග බවනෙන් පැන ඉන්ද්‍රගේ උදව් ලබා ගැනීමට දේව බවනට යන අතරතුර ජනමේජය විසිල් අල්ලා ගෙන සිරකරුවෙකු ලෙස තබා ගනී. නමුත් මේ අවස්ථාවේ උගත් ඍෂිවරයෙකු වූ අස්තික මෙයට බාධා කරයි. ඔහුගේ මව නාග වන අතර පියා බ්‍රහ්මනයෙකු වේ. අස්ථිකගේ වචන වලින් ජනමේජය තක්ෂක අතැර දමයි. තක්ෂකද තරහ මරහ අමතක කර දමා නාගයන් හා කෞරවයන් එකට ජීවත් වේ.

තවද තක්ෂක විසින් යාචකයෙක් ලෙස වෙස් වලාගෙන ගොස් පෞශ්‍ය රජුගේ රැජිනියගේ උතන්ක විසින් දුන් කරාබුවක් හොරකම් කරයි. මෙය ලබා ගැනීමට උතන්ක ජනමේජයගෙන් උදව් ලබා ගන්නා බව සදහන් වේ. මෙය සෞධාස රජුගේ රැජිණ මාධයන්තිගේ කරාබුවක් බවද සදහන් වේ. රික්ෂ නම් පුරු රජු තක්ෂකගේ ගොතෙහි නාග දියනියක් පාවා ගත් බව සදහන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=තක්ෂක&oldid=469321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි