ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වී ඇති ලිංගික අනාචාර චෝදනා

විකිපීඩියා වෙතින්
ඩොනල්ඩ් ට්‍රම්ප්
ඩොනල්ඩ් ට්‍රම්ප්

එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා ලෙසින් තෝරා ගන්නා ලද , ඇමරිකානු ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත, 1980 ගණන් වල සිට අඩුම වශයෙන් කාන්තාවන් පසළොස් දෙනෙකු වෙතින් හෝ, ලිංගික හිරිහැර කිරීම සහ ලිංගික අඩන්තේට්ටම් කිරීම චෝදනා එල්ලවී ඇත. මාධ්‍ය නැඹුරුව, කුමන්ත්‍රණ, සහ දේශපාලනමය මඩ ගැසීමේ මෙහෙයුමක ගොදුරු බවට ඔහු පත්වී ඇති බව පවසමින් ට්‍රම්ප් විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කෙරිණි.[1][2][3] තමන් විසින් ඔවුන් ලිංගික හිරිහැර කිරීම් වලට හෝ ලිංගික අඩන්තේට්ටම් කිරීම වලට හෝ ලක් කල බවට ඉදිරිපත්වී චෝදනා ඉදිරිපත් කරන සියළු කාන්තාවන්ට එරෙහි අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවට ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර ඇත.[4][5]

මෙම චෝදනා වලින් කිහිපයක්, ට්‍රම්ප්ගේ ජනාධිපතිධූරාපේක්ෂිකත්වයට පූර්වගමනය ලෙසින් සිදු විය; බොහෝමයක් මැතිවරණ මෙහෙයුම තුලදී ඉස්මතු වූ අතර, විශේෂයෙන්ම 2016 ඔක්තොම්බර් 9 දිනදී ඩිමොක්‍රටික් පක්ෂයෙහි අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා සමගින් පැවති ඔහුගේ දෙවන විවාදයෙන් පසුව ඉස්මතු විය. "යෝනිමුඛය වෙතින්" බලහත්කාරයෙන් ඇල්ලීම ඇතුළු කාන්තාවන් සිපගැනීම සහ ලිංගික ලෙසින් අතපතගෑම පිළිබඳව ට්‍රම්ප් විසින් පුරසාරම් දොඩන ලද 2005 පටිගතකිරීම පිටතට කාන්දුවීමෙන් පසුව එම විවාදය දින දෙකක් පුරා පැවැතියේය; ඔහු විසින් පවසා තිබුණේ ඔහු කීර්තිමත් පුද්ගලයෙක් බැවින්, "ඔවුන් විසින් එවැනි දේ සිදුකිරීමට ඉඩ සලසන බව" සහ "මම එයට මෙහොතක් හෝ පැකිලෙන්නේ නොමැති බවයි". විවාදය අතරතුරදී, ඔහුගේ පටිගතකෙරුණු ප්‍රකාශ විසින් ලිංගික අඩන්තේට්ටම් විස්තර කෙරුණු බව ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කල අතර කිසිකලෙක කාන්තාවක් අනිසි ලෙස ස්පර්ශ කර ඇති බව ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ චෝදකයන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කර සිටියේ, ඔවුන්ගේ චෝදනා ප්‍රසිද්ධ කිරීමට ඔවුන් පෙළඹවූයේ මෙම ප්‍රතික්ෂේප කිරීම් විසින් බවයි.

කාන්තාවන් තිදෙනෙක් විසින් අධිකරණයෙහි නඩු ගොනු කර තිබුණේ ඔවුන්ව ට්‍රම්ප් විසින් ලිංගික අඩන්තේට්ටම් වලට ගොදුරු කල බවට චෝදනා කරමිනි. මෙම අධිකරණ නඩු තුනට අමතරව, අඩුම වශයෙන් කාන්තාවන් දොළොස්දෙනෙකු විසින් හෝ ට්‍රම්ප් වෙත ප්‍රසිද්ධයේ චෝදනා කර සිටිනුයේ අනුමැතිය-රහිත සිපගැනීම් හෝ, අනුමැතිය-රහිත ලෙසින් තන, තට්ටම් සහ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සිදු කල බවයි.

ප්‍රාථමික වශයෙන් 2016 ඔක්තොම්බර් මස සිට ඇරඹුනු බහුවිධ චෝදනා විසින් කියා සිටිනුයේ, ඔවුන් විවිධ මට්ටම් වලින් ඇඳුම් ඉවත් කරගෙන සිටි අතරතුර රූප සුන්දරී තරග තරගකාරියන්ගේ පැරහුම් කාමර තුලට 1997, 2000, 2001, සහ 2006 වසර තුලදී ට්‍රම්ප් ඇතුළු වූ බව වන අතර, මෙම හුරුකම තමා වෙත වූ බව ද හවර්ඩ් ස්ටර්න් ෂෝ හී 2005 වසරෙහි සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් විසින් මෙය පිළිගෙන ඇත. මෙම ව්‍යවහාරය මිස් ටීන් යූඑස්ඒ හිදීද සිදුවී ඇති බව ප්‍රෝක්ත වෙයි; එහි තරගකරුවන්වූ බොහෝ දෙනෙක් කියා සිටින්නේ වයස 15 තරම් ලාබාල ගැහැණු ලමුන්ගේ පැරහුම් කාමර තුලට පවා ට්‍රම්ප් ඇතුළු වූ බවයි.

අධිකරණමය උසාවි කටයුතු[සංස්කරණය]

ඉවානා ට්‍රම්ප් (1989)[සංස්කරණය]

Ivana Trump
2007 වසරෙහිදී ඉවානා ට්‍රම්ප්

ඉවානා ට්‍රම්ප් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ වූයේ 1977 වසරෙහිදීය.[6] 1989 වසරෙහිදී දිවුරුම් සාක්ෂියකදී ඉවානා කියා සිටියේ, ඔවුන්ගේ දික්කසාද කටයුතු සිදුවෙමින් තිබියදී ඩොනල්ඩ් විසින් ඇයගේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා හමුවූ බවත් ඉන්පසු ඔහුගේ කේන්තිය පලකොට ඇයගේ හිසෙහි සමෙන් කෙස් ගලවා ඇති බවත්ය.[7] ඩොනල්ඩ් පවසා සිටියේ චෝදනාව "නිසැකයෙන් අසත්‍ය" බවයි.[6]හැරී හර්ට් III විසින් රචිත, ලොස්ට් ටයිකූන්: ද මෙනි ලයිව්ස් ඔෆ් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් 1993 ග්‍රන්ථයෙහි මෙම ප්‍රොක්ත ප්‍රහාරය විස්තර කෙරෙන්නේ "ප්‍රචණ්ඩ අඩන්තේට්ටම්කිරීමක්" ලෙසින් වන අතර ඩොනල්ඩ් විසින් මෙහිදී ඉවානා වෙත ලිංගික ලෙසින් පහරදුන් බව දක්වා ඇත.[6] පොතෙහි දැක්වෙන පරිදී, ඉවානා විසින් ඇයගේ මිතුරු මිතුරියන් වෙත පසුව රහස්‍ය ලෙසින් පවසා ඇත්තේ ඩොනල්ඩ් විසින් ඇය දූෂණය කල බවයි.[6]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. බම්ප්, පිලිප් (ඔක්තොම්බර් 16, 2016). "ට්‍රම්ප් බ්මේස් මීඩියා කන්ස්පිරසි ෆො විමෙන් ඔපෝසිං හිම්. හී ෂුඩ් බ්ලේම් හිම්සෙල්ෆ්.". වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/news/the-fix/wp/2016/10/16/trump-blames-a-media-conspiracy-for-women-opposing-him-he-should-blame-himself/. සම්ප්‍රවේශය කෙරුණු දිනය ඔක්තොම්ර් 17, 2016. 
  2. එක්ස්ටයින්, රීඩ් ජේ. (ඔක්තොම්බර් 14, 2016). "ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙන්ඩ්ස් ඕෆ් නිව් සෙක්ෂුවල් මිස්කන්ඩක්ට් ක්ලේම්ස්, කෝලිං ඇලිගේෂන්ස් අ කන්ස්පිරසි". වෝල් ස්ට්‍රීට් ජර්නල්. http://www.wsj.com/articles/donald-trump-denies-new-sexual-misconduct-claims-calling-allegations-a-conspiracy-1476478799. සම්ප්‍රවේශය කෙරුණු දිනය ඔක්තොම්බර් 18, 2016. 
  3. ඩයමන්ඩ්, ජෙරමි; ඩයස්, ඩැනීලා (ඔක්තොම්බර් 15, 2016). "ට්‍රම්ප් ඔන් සෙක්ස් ඇසෝල්ට් ඇලිගේෂන්ස්: 'අයි ඈම් අ වික්ටිම්'". සීඑන්එන්. http://www.cnn.com/2016/10/14/politics/donald-trump-sexual-assault-allegations/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය ඔක්තොම්බර් 18, 2016. 
  4. ඩයමන්ඩ්, ජෙරමි; ස්කොට්, ඉයුජින් (ඔක්තොම්බර් 22, 2016). "ට්‍රම්ප් සේස් හීල් සූ සෙක්ෂුවල් මිස්කන්ඩක්ට් ඇකියුසර්ස්". http://www.cnn.com/2016/10/22/politics/trump-says-hell-sue-sexual-misconduct-accusers/. සම්ප්‍රවේශය කෙරුණු දිනය ඔක්තොම්බර් 23, 2016. 
  5. ජැක්සන්, ඩේවිඩ් (ඔක්තොම්බර් 23, 2016). "ඕල් ඔෆ් දීස් ලයර්ස් විල් බී සූඩ්: ට්‍රම්ප් ඔන් ක්ලේම්ස් ඔෆ් සෙක්ෂුවල් මිස්කන්ඩක්ට්". http://www.usatoday.com/story/news/politics/elections/2016/2016/10/22/donald-trump-hillary-clinton-gettysburg-speech-closing-arguments/92579858/. සම්ප්‍රවේශය කෙරුණු දිනය ඔක්තොම්බර් 23, 2016. 
  6. 6.0 6.1 6.2 6.3 Kurtzleben, Danielle (October 13, 2016). "A List Of The Accusations About Trump's Alleged Inappropriate Sexual Conduct". NPR. සම්ප්‍රවේශය October 13, 2016.
  7. Carmon, Irin (October 13, 2016). "The Allegations Women Have Made Against Donald Trump". NBC News. සම්ප්‍රවේශය October 15, 2016.

ආශ්‍රිත[සංස්කරණය]