ඩෙන්සල් වොෂිංටන

විකිපීඩියා වෙතින්
ගොනුව:Denzel.jpg
ඩෙන්සල් හේයිස් වොෂිංටන්
උපත දෙසැම්බර් 28, 1954 (වයස 55)
වර්නන් කඳුකරය, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය
රැකියාව නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1977– වර්තමානය දක්වා
භාර්යාව පෝලෙට්ටා පියර්සන් (1983– වර්තමානය දක්වා)

ඩෙන්සල් වොෂිංටන් (උපත දෙසැම්බර් 28, 1954 )ඇමෙරිකානු ජාතික නළුවෙකි. අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි ඔහු වඩාත්ම ප්‍රසිද්ධියට පත්වුයේ 1990 සිටය. Steve Biko, Malcolm X, Rubin Carter, Melvin B. Tolson, Frank Lucas, හා Herman Boone යන චරිතවල රඟ පෑමෙන් පසු ඔහු ඉතා ජනප්‍රිය හා ඇඟයීමට ලක්විය. තුන්වරක් ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානයෙන් හා දෙවරක් ඇකඩමි සම්මානයෙන් පුද ලද වොෂිංග්ටන් හොඳම නළුවා සඳහා වු ඇකඩමි සම්මානයෙන් පුද ලද අප්‍රිකානු සම්භවයක් ඇති දෙවෙනි පුද්ගලයා වන්නේය. ඒ “Training Day” චිත්‍රපටියේ රඟපෑම් වලටය.

ඩෙන්සල් වොෂිංග්ටන් උපන්නේ නිව්යොර්ක්හි වර්නන් කඳුකරය ආසන්නයේය, ඒ 1954 දීය. ඔහුගේ මව ලෙන්නිස් වු අතර ඇය රූපලාවන්‍ය මධ්‍යස්ථානයක හිමිකාරියක් වූවාය.ඔහුගේ පියා ඩෙන්සල් වොෂිංග්ටන් පූජකවරයකු විය. 1968 දී වොෂිංග්ටන් Pennington-Grimes Elementary පාසලට ඇතුලත් විය. පසුව ඔහුව Oakland Military Academy සහ Mainland High School පාසැල් වලට ඇතුලත් කෙරිණි.1977 දී ඔහු නාට්‍ය සහ ජනමාධ්‍ය සඳහා උපාධියක් ලබාගත්තේය. ඔහු කලක් කවුන්සල්වරයකු ලෙස සේවය කළේය, එහිදී කළ රඟපෑමක් හේතුවෙන් මිතුරන් ඔහුව රංඟනයට යොමු කළේය. ඉන්පසුව ෆෝර්ඩ් හැම් වෙත පැමිණ Lincoln Center විශ්වවිද්‍යාලයට ඇතුලත් වී ඔතෙලෝ නාට්‍යයේ රඟපෑමෙන් ඔහුට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළ අතර ඉන් ඔහු American Conservatory Theatre පාසැලට ඇතුලත් වී වැඩිදුර හැදෑරුවේය.

සටහන[සංස්කරණය]

| Denzel_Washington |-

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙන්සල්_වොෂිංටන&oldid=236762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි