ඩී පර්සි සිල්වා

විකිපීඩියා වෙතින්
D Parcy Silva
[ඩී පර්සි සිල්වා] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Sjparcy.JPG
උපත10 ඔක්තෝබර් 1945(1945-10-10)
Ragama, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Parcy Silva
අධ්‍යාපනයකදාන මැසිනොද් විද්‍යාලය,රාගම විද්‍යාලය
රැකියාවSri Lanka Volunteer Forces Sri Lanka
සක්‍රීය වසරප්‍රවීන මළළ ක්‍රීඩකයෙකි,
දේශපාලන පක්ෂයනැත
කලත්‍රයා(යන්)සිල්වා
සම්මානරාගම බැසිලිකා එල්ලේ කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයෙකි,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka ElleSri Lanka Volunteer Forces
ආගමරෝමාණු කතෝලිත

හැදින්වීම[සංස්කරණය]

1945 ඹක්තෝම්බර් මස 10 වන දින එවකට එල්ලේ ක්‍රිඩාවට තෝතැන්නක් වූ රාගමදී උපත ලද ඩී පර්සි සිල්වා රාගම කතෝලික විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරන ලදී.කුඩා අවදියේ එනම් වයස අවුරැදු 07 ත් 08 ත් අතර කාලයේදී පටන් එල්ලේ ක්‍රිඩාවට යොමුවිමෙන් අනතුරැව පාසැල් එල්ලේ කණ්ඩායමට ක්‍රීඩාකිරිමට වරම් ලබාගන්නා ලදී.

     පාසැල් මට්ටමින් අන්තර් පාසැල් තරගමාලාවන් නියෝජනය කරමින් දක්ෂතා පෙන්නුම් කිරිමට සමත් විම මත එනම් වයස අවුරැදු 15 දී  1960 ප්‍රභල එල්ලේ කණ්ඩායමක් වු හාලික්වින්ග්ස් කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීමට තරම් වාසනාවන්ත වුයේ ඹහුගේ එම දක්ෂතා නිසාය. එවකට එම කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ක්‍රිඩාකයෙකු වශයෙන් ස්ථානයක් ලබා ගැනිමත් මහත් දුෂ්කර කටයුත්තක් වුවද මොහුගේ දක්ෂතා මත එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සෑම තරගයකදීම දක්ෂ්කම් දක්වන ලදී.

උපන් දිනය[සංස්කරණය]

1945 ඹක්තෝම්බර් මස 10 වන දින

ඉගෙන ගන්නා ලද පාසැල[සංස්කරණය]

ප්‍රථමයෙන් ක්‍රීඩා කරන ලද එල්ලේ කණඩායම්[සංස්කරණය]

හාලික්වින්ග්ස් කණ්ඩායම

තරග කරන ලද කණ්ඩායම්[සංස්කරණය]

රාගම බැසිලිකා ක්‍රීඩා කරන ස්ථානය:-තුන් ඉරියව්වේ ක්‍රීඩක එල්ලේ ක්‍රීඩා පිටියේ සෑම ස්ථානයක්ම,පන්දු යැවීමේ විශේෂ දක්ෂතාවයකි.

රැකියාව[සංස්කරණය]

ක්‍රීඩා කරනලද තරගමාලාවන්

ප්‍රධාන තරගයන්[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ප්‍රථම එල්ලේ තරග මාලාවටද සහභාගි වී ඇති මෙම ක්‍රීඩකයා එම තරගයේදිද දක්ෂ ක්‍රීඩකයෙකු වශයෙන් තම දක්ෂ්කම් එල්ලේ නරඹන්නන් හට පෙල්වන ලද අතර එම තරගය සංවිධානය කර ඇත්තේ රෙජී රොද්රිගෝ මහතා විසිනි.තරගය පවත්වා ඇත්තේ කදාන මැසිනෝද් විදුහල් ක්‍රිඩා පිටියේ වන අතර එම තරගයේදී ලකුණු 12 ක් තම කණ්ඩායමට ලබා දෙමින් වාර්ථාවක් තැබීමට හැකියාවක් ලැබි ඇත්තේ මෙම ක්‍රීඩකයාගේ දක්ෂතා මතය. එසේම ප්‍රථම ගම්බද හා නගරබද තරගය නියෝජනය කරමින් ද ,බස්නාහිර පලාත් කණ්ඩායමද ,ලින්ටන් ඒකාබද්ද ක්‍රිඩා සමාජයටද ජා - ඇල ඒකාබද්ද ක්‍රිඩා සමාජයටද ,එල්ලෙ සම්මේලනය මගින් ප්‍රථම වරට පවත්වන ලද ජාතික ශුරතා තරග මාලාවේ අවසන් මහා තරගයට රාගම බැසිලිකා පිල නියෝජනය කරමින් ක්‍රිඩා කිරිමටත්.සුදුසුකම් ලබාගත් අතර එවකට එල්ලේ ක්‍රිඩාවට ඉතාමත් ජනප්‍රියතාවයක් ලැබි තිබු වකවානුවක් බැවින් මොවුන්ගේ අගයද ඉතා ඉහල මට්ටමක විය. 1965 - 1970 දක්වා ශ්‍රි ලංකා යුධ හමුදාවට බැදි ස්වේඡ්චා ඒකකයට බැදී සේවය කලද පසුව ඉන් ඉවත් වි නැවතත් එල්ලේ ක්‍රිඩාවට යොමු වි ඇත.මෙම ක්‍රීඩකයා එල්ලේ නරඹන්නන් අතර රාගම පර්සි වශයෙන් ජනප්‍රියතාවයට පත්වී සිටි අතර කුඩා එල්ලේ ක්‍රිඩකයින්ද මොහු අනුගමනය කරමින් රාගම පර්සි යනුවෙන් හදුන්වමින් එල්ලේ ක්‍රිඩාවේ යෙදි ඇත.

වෙනත්[සංස්කරණය]

1965 - 1970 දක්වා ශ්‍රි ලංකා යුධ හමුදාවට බැදි ස්වේඡ්චා ඒකකයට බැදී සේවය කලද පසුව ඉන් ඉවත් වි නැවතත් එල්ලේ ක්‍රිඩාවට යොමු වි ඇත.මෙම ක්‍රීඩකයා එල්ලේ නරඹන්නන් අතර රාගම පර්සි වශයෙන් ජනප්‍රියතාවයට පත්වී සිටි අතර කුඩා එල්ලේ ක්‍රිඩකයින්ද මොහු අනුගමනය කරමින් රාගම පර්සි යනුවෙන් හදුන්වමින් එල්ලේ ක්‍රිඩාවේ යෙදි ඇත.

දක්ෂතා[සංස්කරණය]

මොහු පන්දුවට පහර එල්ල කරම්න් ලකුණු 16 ක් එක ඉනිමකදී ලබා ගැනිම ඔහුගේ වැඩිම ලකුණු ලබා ගැනිම වන අතර ලකුණු 12ක් එක් ඉනිමකදි ලබාගත් වාරයන් එකක්ද තම එල්ලේ තරග කාල සිමාවේදි සටහන් කිරිමට තරම් දක්ෂයෙකු වි ඇත.පන්දුවට පහර එල්ල කිරිම මෙන්ම ධාවනයෙන්ද ,පන්දු රැකිමෙන්ද දක්ෂතා පෙන්නුම් කර ඇති තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වශයෙන්ද නම් දරා ඇත.


මුලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

|website = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle අන්තර්ජාල පිටුව = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle website අන්තර්ජාල පිටුව = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle

"https://si.wikipedia.org/w/index.php?title=ඩී_පර්සි_සිල්වා&oldid=385842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි