ඩිජිටල් ඡායාරූපකරණය

විකිපීඩියා වෙතින්

ඩිජිටල් යන්නෙහි සිංහල අරුත වන්නේ "සංඛ්‍යාත තාක්ෂණය" යන්නයි.මෙහි සංඛ්‍යාත වන්නේ '0' සහ '1' වේ. '0' යන්නෙන් නැත (No) යන්නත්,'1' න් ඔව් (Yes) යන,අරුතත් ගෙන දේ. ඒ අනුව මෙම සංඛ්‍යා දෙක පාදක කර නිර්මාණය කොට ඇති තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය වේ.ඩිජිටල් ඡායාරූපකරණය යනු මුද්‍රණ උපක්‍රම වලින් ඔබ්බට විහිදෙන්නකි.එහි ඇරඹුම ඩිජිටල් කැමරාවෙනි.පැරණි පටල කැමරාවේදී මෙන්ම ආලෝක සංවේදී ද්‍රව්‍යයක් පාලනයකින් යුතු ආලෝක ධාරාවකට නිරාවරණය කිරීම මෙහිදීද සිදුවෙයි.එබැවින් එයට උපයෝගී වන කාච පද්ධති හා ඒවායේ ගුණාංග කාච විවරය , ද්වාර වේගය , ISO වේගය වැනි සංකල්ප කැමරා දෙවර්ගයටම පොදුයි.නමුත් ඩිජිටල් කැමරා සඳහා නව ගුණාංග සහිත කාච පද්ධති භාවිතා කිරීම සිදුවෙයි.නමුත් මෙම ක්‍රියාදාම ද්විත්වය අතර වෙනස්කම් හට ගැනෙන්නේ කැමරාවල ශක්‍යතාව , ඒවායේ ප්‍රතිදාන හා ඡායාරූපවල නිමැයුම් අවස්ථාවේදීය.මෙහිදී ආලෝකයට නිරාවරණය වු පටල විකාශනය කර මුද්‍රණය කිරීම වෙනුවට නව ක්‍රියාදාමයක් ආදේශ වී තිබේ.මෙම නිශ්පාදිත භාණඩය ඩිජිටල් කැමරාව වේ.

ඩිජිටල් තාක්ෂණයේ මූලාරම්භය හා ක්‍රමික විකාශනය[සංස්කරණය]

        අතීතයේ භාවිතා කල විශාල ප්‍රමාණයේ ශ්‍රමායික කැමරා,පටල පටි ආදී පැරණි ඡායාරූප තාක්ෂණය බැහැරලිය නොහැකි වන්නේ එම තාක්ෂණය ක්‍රමයෙන් වැඩි දියුණු කරමින් ඩිජිටල් තාක්ෂණය දක්වා පරිණාමය වී ඇත්තේ ඉහත මූලධර්මය බැවිනි.

ප්‍රධාන වශයෙන් ඩිජිටල් කැමරා මාදිලි දෙකක් යටතේ නිපදවා ඇත.

  1. SLR කාණ්ඩය (Single Replex)
  2. ක්‍ෂණිකව ඡායාරූප ගත හැකි සංගෘහිත (Point and Shoot Compact)


මෙම මාදිලි දෙක අතරින් SLR කාණ්ඩය යටතේ වෙළඳපොළට පැමිණ ඇති ඩිජිටල් කැමරා මාදිලි සංඛ්‍යාව සීමිතය. Nikon , Canon , Fuji වැනි නාමයන් යටතේ මෙම කැමරා නිපදවා ඇති අතර Point and Shoot හෙවත් ක්‍ෂණික ඡායාරූප ගත හැකි Compact කැමරා වර්ග මාදිලි සංඛ්‍යාව සීමිතය. Nikon , Canon , Fuji වැනි නාමයන් යටතේ මෙම කැමරා නිපදවා ඇති අතර Point and Shoot හෙවත් ක්‍ෂණික ඡායාරූප ගත හැකි Compact කැමරා වර්ග විශාල ප්‍රමාණයේ එනම් සමස්ත වෙළඳපොළෙන් 90% හිමිකරගෙන ඇත.මෙම කැමරා වර්ග නිකොන් , කැනොන් , ෆූජි , කොඩෑක් , කොනිකා , මිගෝල්ටා , සෝනි , පැනසොනික් , සැම්සුන් , ඔලිම්පස් , පෙන්ටැක්ස් ආදී සමාගම් රාශියක් යටතේ නිෂ්පාදනය කර ඇත.මෙම සංගෘහිත (Compact) කැමරාවල උසස් ප්‍රතිඵල සඳහා Mega Fixal 8 පමණ දක්වා තත්ත්වයෙන් දියුණු කර ඇත.දර්ශන ග්‍රහකය(View Finder) වෙනුවට ගුණාත්මක අතින් ඉහල තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට දර්ශනය ඍජුව නැරඹිය හැකි LCD තිරයක් නිපදවා ඇත.ශ්‍රමායික කැමරාවල භාවිතා කරන පටල පටි වෙනුවට ඩිජිටල් තාක්ෂණයේදී ආලෝක සංවේදී පුවරුවක් භාවිතාවේ.

මෙ‍ම සංවේදකයන්හි විශාලත්වය මි.මී.16*24 සිට 24*36 දක්වා විවිධ පරාස වල දක්නට ලැබෙන අතර Compact කැමරාවල එය මි.මී. 6,8 ප්‍රමාණයක් ගනී.ඩිජිටල් කැමරාවල ප්‍රමාණයෙන් විශාල සංවේදක (Mega Pixel 8,10,12,16)භාවිතා කිරීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ලැබෙන අතර Mega Fixal 3,4,6 ආදී සංවේදක භාවිතා කරන Compact Camera වල ඡායාරූපවල ගුණාත්මක භාවය තරමක් අඩුය. සංවේදක වල දත්ත ගබඩා කරන ආකෘතිය (Format) මත ඡායාරූපවල ගුණාත්මක භාවය අඩු වැඩි වේ.

උසස් ඩිජිටල් පිළිබිඹුවක තත්ත්වය කෙ‍රෙහි බලපාන විභේදන දෙකකි.

  1. CCD පුවරුවෙහි සත්‍ය ක්ෂුද්‍ර සංවේදක සංඛ්‍යාව
  2. අවසන් පිළිබිඹුවේ විභේදන


        ඩිජිටල් කැමරාවක විවිධ කාර්යන් පාලනය සඳහා ඇති වහරු (Switch) සංඛ්‍යාව ඉතා විශාලය.එයට හේතුව එහි අනාවරණ විභවය (exposure lititude) පටල පටි වලට වඩා අඩු බැවිනි.උසස් ගණයේ ඡායාරූපයක් ලබා ගැනීමට පටල පටි වල මෙන් නොව නියම අනාවරණය ලබාදිය යුත්තේ අධි හෝ මන්ද අනාවරණ වලදී නියම ඡායාරූපයක් ලබාදීමට අසමත්වන හෙයිනි.සාම්ප්‍රධායික ඡායාරූප පටලයක රිදීකණිකා අනාවරණය තුලින් ඡායාරූප ලබා ගන්නා අතර ඩිජිටල් ප්‍රතිබිම්බයක් පික්සල් (Pixel) වලින් සාදයි. රිදීකණිකාවක් මයිකෝන 1-3 අතර වන අතර මයික්‍රෝන සාමාන්‍ය පික්සලයක් මයික්‍රෝන 4-12 මයික්‍රෝන වේ.(මයික්‍රෝන් 1=මි.මී.1/1000)


        කණිකාමය ගතිය ISO නමින් හඳුන්වන අතර ඩිජිටල් තුලදී මෙය නොයිස් (Noise/ඝෝෂාව) නමින් හඳුන්වන අතර ප්‍රමාණාත්මකව මෙම අගය වැඩිවන විට ඡායාරූප විශාලනය කිරිමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. නමුත් උසස් තාක්ෂණික ක්‍රම වේදයන් භාවිතය තුලින් මෙය වලක්වා ගත හැකිය. නිකෝන් , D70 , D100 , කැනන්,Eos 30 D ,40D ,400D ,Fujy fine fixed S3-Pro ආදී තාක්ෂණය අතින් ඉතා වැඩි දියුණු කල කැමරාවල මෙම තත්ත්වය මඟහරවා ඇත. ඩිජිටල් කැමරාවල ආලෝක සංවේදකය විශාලත්වයෙන් අඩු බැවින් ක්ෂේත්‍ර ගැඹුර ( Depih of field) අගය අධික බැවින් රූප රාමු අනන්තය දක්වා තීව්‍ර වේ.


        ඩිජිටල් කැමරාවල සමස්ත රූපයේ වර්ණ අසමානතාව (Contrat) පදනම් කරගෙන ප්‍රතිබිම්භ තැනෙන බැවින් ඉතා දීප්තිමත් කොටස් අධි අනාවරණය වී තොරතුරු වාර්තාවීම අඩාල වීමට බලපායි. සුදු පැහැයේ විවිධ අන්තර සුදු පැහැයෙන් දැක්වෙන අතර අදුරු පෙදෙස්වල සවිස්තරාත්මක දත්ත මඳ ස්වභාවයක් ඇතිකරයි. විකාශනයෙන් පසු කරන ඇතැම් මුද්‍රණ ප්‍රයෝග හැර පටල පටියෙන් ලබාගත් පිළිඹිඹුවට කළ හැකි නිවරදි කිරීම් සීමිතය. නමුත් ඩිජිටල් කැමරාවක සංවේදක ලබා දෙන්නේ පළමු පරම්පරාෙව් ඡායාරූප. එබැවින් විශාල පරාසයක සැකසීම් වලට එය භාජනය කළ හැක. අදුරු හා දීප්තිමත් ‍පෙදෙස් සැකසීම , අනාවරණ මට්ටම්, ඝනත්වය , වර්ණ තීව්‍රතාව සහ ගුණය , රූපයේ තීක්ෂණ බව වැනි අංග ඩිජිටල් අදුරු කුටි‍ය තුල ප්‍රශස්ත අයුරින් පහසුවෙන් සහ ගුණාත්මක බවින් යුතුව අඩු පිරිවැයක් දරමින් සකසාගත හැක. මේ සඳහා පරිගණක හා මෘදුකාංග පරිහරණය මගින්ද විශාල මෙහෙයක් හා සාර්ථකත්යවයක් ලබා ගත හැක.

වඩාත් උචිත කැමරාවක් තෝරා ගැනීම[සංස්කරණය]

        නවීන තාක්ෂණයත් සමඟ ඉතා සීඝ්‍රයෙන් දියුණුවන ඩිජිටල් තාක්ෂණය එදාමෙදා තුර ඉතා සීග්‍ර දියුණුවක් ලබා ඇත. ඒ අනුව මුල් කාලයේ නිෂ්පාදිත කැමරා හා ඊට අදාල තාක්ෂණයෙන් වඩාත් ප්‍රතිඵලදායි හා ඉතා උසස් අයුරින් වැඩි දියුණු කොට ඕනෑම අවශ්‍යතාවයක් සඳහා වන පරිදි හැම තරාතිරමේ පුද්ගලයන් සඳහා වන පරිදි එහි මිල හා එක් එක් කාර්යන් සඳහා වඩාත් ගැලපෙන ලෙස සමාගම් කීපයක් මගින් කැමරා මාදිලි විශාල ප්‍රමාණයක් වර්තමානය වනවිට නිපදවා ඇත. මෙම වෙළඳපළ නාම අතරින් නිකෝන් (Nikon) සමාගම ඉදිරියෙන්ම සිටී . මෙහි නිෂ්පාදිත කැමරා වර්ග වල කැමරා ගර්භය ඉතාමක් දෘඩ නිමැයුමකින් යුක්ත වන අතර අතිරේක උපාංග ගණනාවකින් සමන්විතය. මිලෙන් ඉතා ඉහල වන අතර පැවැත්ම සඳහා ඉතාමත් යෝග්‍යය.මේ සඳහා භාවිතා කළ කාච හා වෙනත් උපාංග පහසුවෙන් ලබා ගත හැකි වන අතර ඉතා උසස් තත්ත්වයේ ක්ෂණික ආලෝක උපාංග හා ඊට අදාල කොටස් වෙළඳපොළේ සුලබව ඇත.උදා.

  • Nikon Compact කැමරා
    • Nikon Cool pix 7600
    • Nikon Cool pix SI
  • Nikon SLR
    • D70
    • D 2 X
    • D40 X
    • D200

ඉන් සමහරකි.

        වෙළඳපොළේ ඇති කැමරා වර්ග අතරින් කැනොන් සමාගමේ නිෂ්පාදන ඉතා උසස් තත්ත්වයේ පවතී.ක්ෂණික ක්‍රියාකාරීත්වයෙන් යුක්ත අතර ස්වයංක්‍රිය නාභි ගත කිරීමේ තාක්ෂණයෙන් පිරිපුන්ය.ඉක්මන් ස්වයංක්‍රිය ක්‍රියාකාරීත්වයෙන් ශ්‍රමායික ක්‍රියාකාරීත්වයට මාරුකිරීමේ පහසුකම ඇත.කාච හා වෙනත් උපාංග සාපේක්ෂ වශයෙන් මිලයෙන් වැඩිය.බරෙන් අඩුය.ප්ලාස්ටික් කොටස් සහිතව බොහෝවිට නිර්මාණය කර ඇත. කැනන් සංගෘහිත කැමරා (Canon Compact Camara)

  • Power Shot A 620
  • Power Shot A 450

Canon SLR

  • Eos 350 D
  • Eos 5 D
  • Eos 20 D
  • Eos 400 D
  • Eos - 1 DS Mark 11

        මීට අමතරව සෝනි (Sony) ඔලිම්පස් (Oiymps) පෙන්ටෙක්ස් (Pentax) ෆූජි (Fujy) කොඩැක් (Codak) ආදී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදිත කැමරා තත්ත්වයෙන් ඉතා උසස් වන අතර මෑත කාලයේ ඉතා උසස් තාක්ෂණයෙන් පිරිපුන් SLR වර්ගයේ කැමරාද වෙළඳපොළට ඉදිරිපත් කර ඇත.

නවීන අංගෝපාංගයන්ගෙන් යුත් නිකෝන් සමාගමේ නිශ්පාදිත Nikon D 200 කැමරාව[සංස්කරණය]

  • <font="14">මාදිලිය  :ඒක කාච පරිවර්තක සංඛ්‍යාංක
  • <font="14">ක්‍රියාකාරී පිස්කල  :මිලියන 10.2
  • <font="14"> ප්‍රතිබිම්බ සෙන්සරය  :RGBCCD මි.මී.23.6*15.8
  • <font="14">ප්‍රතිබිම්බ ප්‍රමාණය  :3872*2592(ලොකු)/ 2896*1944(මධ්‍යම)/ 1936*1296(කුඩා)
  • <font="14">ISO සංවේදීතාව  :100-1600
  • <font="14">ගබඩා කිරීමේ මාධ්‍ය  :කම්පැක්ට් ප්ලෑෂ් (Compact Plach)tm ;Microdrivetm
  • <font="14">ගබඩා කිරීමේ ක්‍රමය  :MEF(RAW) සහ JPEG
  • <font="14">ශ්වේත තුලනය  :ස්වයංක්‍රිය , සයවිධි ශ්‍රමායික
  • <font="14">LCD දර්ශකය  :අඟල් 2.5, තිත් 23000 TFT
  • <font="14"> ප්‍රතිබිම්බ නැවත පෙළ ලැස්ම :
  1. සම්පූර්ණ රාමුව
  2. එකවර හතරක් හෝ නවයක් ලෙස
  3. යුම්/යුමුහු කිරීමෙන්
  4. විනිවිදක ප්‍රක්ෂේපණයක් ලෙස
  5. RGB Histogram ප්‍රස්තාර
  6. අනාවරණ දත්ත
  7. අධි අනාවරණ ස්ථාන පෙන්වීම සහ ස්වයංක්‍රියව ඡායාරූප කැරකවීම


  • <font="14">ද්වාරය :

සිරස්ව ක්‍රියාකරන ඉලෙක්ට්‍රොනික තත්පර 30 සිට 1/8000 Sec ක්ෂණිකාලෝක සමකාලීකතරණය :1/250 Sec

  • <font="14">ස්වයංකාල ගණනය :

තත්පර 2 සිට 20 දක්වා ඉලෙක්ට්‍රොනික Li-ion බැටරිය හෝ අමතර MB-D200 බැටරියක්

  • <font="14">බර :

ග්‍රෑම් 830 (උපාංග රහිතව ,බඳ පමණක්)



ඩිජිටල් කැමරාවක අංගෝපාංග නාමකරණය[සංස්කරණය]

වර්තමානයේ භාවිතා වන නවීන ඩිජිටල් කැමරාවක දක්නට ඇති ප්‍රධාන ලක්ෂණ Canon EOS D30 කැමරාව ආශ්‍රයෙන්[සංස්කරණය]

කැනොන් D30 SLR

කැනොන් D30 SLR කැමරාව(Single Lenses Reflex)තුල විශේෂ ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරයි.

C-MOS සංවේදකය:[සංස්කරණය]

CCD(Charge Caupled Device)සංවේදකයට හාත්පසින්ම වෙනස් වූ C-MOS සංවේදකය භාවිතා කර ඇත. C-MOS සංවේදක තාක්ෂණික වශයෙන් උසස් ප්‍රතිඵල ලබා දෙන අතර මෙය පරිගණක වල භාවිතා වන RAM(Random Access Memory) තාක්ෂණානුකූලව නිපදවා ඇත.මෙහිදී ඩිජිටල් සූම් සිදුකෙරෙන ආකාරයට සංවේදී ලක්ෂයන්(Pixel)ක්‍රියාත්මකව ඉතා වේගවත්ව දර්ශනය ග්‍රහණය කර ගනී.

මතක(Memory):[සංස්කරණය]

ද්විත්ව විශ්ලේෂණයන්ගෙන් යුක්ත වේ.මෙහිදී (Two Resolution)12 BIT හා 16 BIT චැනල් දෙකකින් සමන්විත වන අතර කැමරාව දත්ත සටහන් කරගනු ලබන්නේ Compact Flash Card මතය

කැමරා බඳ:[සංස්කරණය]

පරාවර්තක දර්පණයක් (Mirror Lense)සහිතව Diotric Correction කළ හැකි පරිදි නිමවා ඇත.මූලික පාලන යතුරු කැමරාව මත පිහිටුවා ඇත.එහි ඇති ගියරයක් මගින් (mode)දර්ශන සටහන් කරගත හැක.Auto , A/V,T/V manual , DEP, Porttrait, Land Scapes,Macro,Sport,Night යන අංග සිතැගි පරිදි භාවිතා කළ හැකිය.

ස්වයං නාභිකරණය(Auto Focusing):[සංස්කරණය]

AF සංවේදකයන් තුනක් ඇති අතර මීටර්38ක් දුරට විහිදුව්ය හැකි Auxilial ආලෝක උත්පාදකයක්ද ඊට සවිකර ඇති අතර අවස්ථානුකූලව තනි හා අඛණ්ඩ ලෙස දෙයාකාරයම උපයෝගී කරගත හැක.

අනාවරණය(Atosure):[සංස්කරණය]

Programme,Manual,A/V,TV,Depth Programme,Portrait,Sport,Macro ,Night වැනි අනාවරණ යොදාගත හැකි අතර programme අනාවරණ තත්ත්ව භාවිතෙය්දී කාච විවර හා දාර වේග යුග්ම අඩු වැඩි කරමින් සිතැඟි පරිදි භාවිතා කළ හැක. අනාවරණ මානය(Exposre Meter): දර්ශනය තලය කොටස් 35කට බෙදා ඒ ඒ කොටස මත පතනය වන ආලෝක තත්ත්වයන් විමසා බලා උචිත අනාවරණය ලබා දෙයි.

ද්වාර(Shutter):[සංස්කරණය]

තත්පරයට රූපරාමු තුනක් ග්‍රහනය කර ගත හැකි අතර උපරිම ද්වාර වේග පරාසයකින් යුක්තය.

ක්ෂණික ආලෝකය:[සංස්කරණය]

ක්ෂණික ආලෝකය වර්තමාන ඩිජිටල් කැමරාවන් සතුව ඇත.ඒවා මිලිමීටර 18ක කාචයන් භාවිතයේදී පවා උපගෝගී කරගත හැක.

දර්ශන තිරය:[සංස්කරණය]

LCD 1.8(11400 Pixel)මොනිටරයක් 30 කැමරාව තුල පිහිටා ඇති අතර එක් එක් කැමරා වර්ග වලට අනුව විවිධ මට්ටම් වල ඉතා උසස් ගණයේ දර්ශන තිර ලබා ගත හැකිය.



ඩිජිටල් කැමරා වල භාවිතා වන දත්ත ගොනු(File)[සංස්කරණය]

        නා නා විධ අවශ්‍යතා වල‍ට ගැලපෙන සේ සකස් කළ පරිගණක දෘඩාංග (ඩිජිටල් කැමරා චිපයක් තුළ)ගොනුකර තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ.දත්ත ගොනු කිරීමේ කාර්ය ‍බෙහෙවින් තීරණාත්මක අධියරකි.විවිධ තාක්ෂණික අවශ්‍යතා මත විශේෂයෙන්ම ඩිජිටල් කැමරා වල මතක චිපයන්හි වැඩි පිළිබිඹු ප්‍රමාණයක් රැස්කර තැබීම සඳහාත් , ඇතැම් මුද්‍රණයන්ත්‍ර වල කටයුතු පහසු කිරීම සඳහාත් හැකිලුම් ක්‍රියාමාර්ග ගැනෙන අවස්ථා සුලබය.(හැකිලුම් යනුවෙන් අදහස් කරන්නේ Pixel වල වර්ණ පරාසය ලුහුඩු වන සේ සෑහෙන BIT ප්‍රමාණයක් ඉවත් කිරීමය)ඡායාරූපකරණයේදී භාවිතා File වන වර්ග කිහිපයකි.එනම්,

  • JPEG
  • TIFF
  • BMP
  • RAW

ඩිජිටල් ඡායාරූපකරණයේදී දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදය[සංස්කරණය]

        කාචයක් හරහා එන නාභිගත වූ ආලෝකය එහි තීව්‍රතාව අනුව අඩු හෝ වැඩි වශයෙන් විද්‍යුත් තත්ත්වයක් වශයෙන් දත්ත ගබඩා කිරීම ඩිජිටල් ඡායාරූප ශිල්පය ලෙස හඳුන්වා දීමට පුළුවන. ඩිජිටල් කැමරා වල ආලෝකය ග්‍රහණය කර ගැනීම CCDයකින් සිදුවන බව පැහැදිලිය.මෙයට ලැබෙන ආලෝකයේ ඡායාරූප වැඩි නම් වැඩි විද්‍යුත් ශක්තියක් ලෙසටද අඩු ආලෝකයේ තීව්‍රතාවක් අඩු විද්‍යුත් ශක්තියක් ලෙසටද ඇති කරගන්නා වූ විද්‍යුත් ශක්තිය ABC නම් (Analog to Digital Convertor)මඟින් ඉලෙක්ට්‍රෝන උපාංගයකින් විද්‍යුතය ඇරිය හැකි භාෂාවක් ලෙස එනම් 1 හා 0 ලෙස සංකේතවත් වන භාෂාවකට පෙරළා ගනී.ඩිජිටල් කැමරාවකදී වැඩි ආලෝක ප්‍රමාණයක් ආලෝක ඉක්මනින් එම දත්ත ගබඩා කිරීමව අවශ්‍ය වේ.බොහෝ ඩිජිටල් කැමරා වල ආලෝකය ග්‍රහණය කරගන්නේ CCD(Charge Couple Device)හා C-MOS(Complementtory Metel Oxcied Semiconductor)මඟින්ය.මෙම චිපයන් සෑදී ඇත්තේ Pixel නම් කුඩා ඒකකයක් මඟිනි.ඩිජිටල් කැමරාවක ගුණාත්මක බව වැඩි වීම කෙරෙහි එහි ඇති CCD ය තුල ඇති Pixel මිලියන ගණන වැඩි වීම මත බලපානු ලබයි.ඩිජිටල් කැමරා වල තිබූ ප්‍රබල ප්‍රශ්නයක් වූයේ ආලෝකය වැඩි තැන සිට ආලෝකය අඩු තැන දක්වා වෙනස් වීම (Dynamic Range) මනාසේ ග්‍රහණය නොවීමයි.ඊට විසදුමක් වශයෙන් C-MOS වැනි සංවේදක සඳහා ඉතා උසස් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් එම දුර්වල තාවන් අඩු කර ගැනීමට උත්සාහ කර ඇත.


        නවතම CCD තුල ප්‍රමාණය හා හැඩය වෙනස් කරමින් ඒ වින්දනාත්මක හා R ලෙස නම් කර ඒ එකතුව මඟින් රූපයේ ගුණාත්මක වැඩි කරගැනීම හතරවන පරම්පරාවේ CCD වල ඇති ප්‍රදාන ගුණාංගයයි.ඉහත රූපයට අනුව මෙහි R කොටස අඩු ආලෝක තත්ත්වයන්ට වින්දනාත්මක වන අතර S කොටස high sensitive හෙවත් වැඩි ආලෝක තත්ත්වයන්ට වින්දනාත්මක වේ.S කොටස වැඩි ආලෝක ප්‍රමාණයක් ගැනීම නිසා එය ඡායාරූපයක තීව්‍රතාව(Resuletion)වැඩි කිරීමට ඉවහල් වේ.R කොටස ඡායාරූපයක විස්තර සහිත බව (Detaiels)මතුකර දැක්වීමට උදව් වේ.මේ අනුව හතරවන පරම්පරාවේ සුපිරි CCD මඟින් ඡායාරූපයකට ප්‍රකෘති වර්ණ ලබා දීම (Original Colours)හා ග්‍රහණතා තත්ත්ව හුවමාරුව (Data Transfer)වඩා හොඳින් සිදුකරයි.

සබැදි පිටු[සංස්කරණය]

පින්තූර ගැලරිය[සංස්කරණය]

නවීන පන්නයේ ඩිජිටල් කැමරා සමහරක්[සංස්කරණය]

විවිධ මාදිලියේ සංගෘහිත(Compact) කැමරා[සංස්කරණය]

කැමරා බඳ[සංස්කරණය]

CCD චිපයක් නිර්මාණයේදී මූලික තාක්ෂණවේදය[සංස්කරණය]

Memory Chip[සංස්කරණය]

වර්තමානයේ භාවිතා වන ස්වයංක්‍රිය ක්ෂණික ආලෝක සමහරක්[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]

අන්තර් ජාලය[සංස්කරණය]

www.metropolitan.lk

ග්‍රන්ථ[සංස්කරණය]

ලාල් හෑගොඩ;1998;ඡායාරූප ශිල්පය හා කලාව.

සඟරා[සංස්කරණය]

  1. ලංකා කැමරා;2002;සුදත් තෙන්නකෝන්;ඩිජිටල් ලෝකයේ පුංචිම දැවැන්තයා;ගිම්මාන හා වස්සාන කලාපය
  2. ලංකා කැමරා;2004;අතුල රණරාජා;CCDතාක්ෂණයේ නවතම පෙරළිය;වස්සාන කලාපය
  3. ලංකා කැමරා;2006;අමරතුංග නාරද;කැමරා වෙළඳපොළ;හේමන්ත කලාපය

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

www.metropolitan.lk

"https://si.wikipedia.org/w/index.php?title=ඩිජිටල්_ඡායාරූපකරණය&oldid=468940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි