Jump to content

ඩාවින් දිනය

විකිපීඩියා වෙතින්
ඩාවින් දිනය
ඩාවින් 59 වියෙහිදී
සමරනු ලබන්නේවිවිධ කණ්ඩායම් සහ පුද්ගලයන්
වැදගත්කමඩාවින්ගේ දිවිය හා කාතීන් මෙම දිනයේදී සැමරෙයි
සැමරුම්විවිධ
දිනය12 පෙබරවාරි
Frequencyවාර්ෂික

ඩාවින් දිනය යනු, 1809 පෙබරවාරි 12 දිනදී සිදුවූ චාල්ස් ඩාවින්ගේ උපත සිහිකෙරෙන සැමරුමකි. සාමාන්‍ය වශයෙන් විද්‍යාවෙහි ප්‍රවර්ධනයට ඩාවින්ගේ දායකත්වයද විද්‍යාව සඳහා ඩාවින්ගේ දායකත්වයද මෙම දිනයේදී ඉස්මතු කර දැක්වෙයි.

ඉතිහාසය

[සංස්කරණය]

අවුරුදු 73 ක් දිවි ගෙවා, 1882 අප්‍රේල් 19 දින ඔහුගේ මරණය සිදුවීමෙහි සිට, ඩාවින්ගේ කෘති පිළිබඳ සැමරුම හා ඔහුගේ දිවිය ගැන ගුණකථනය කෙරුම විටින් විට සිදු වී ඇත. ඩාවින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්, 1842 සිට ඒමා ඩාවින්ගේ මරණය 1896දී සිදුවීම දක්වා දිවි ගෙවූ, ලන්ඩනයේ දකුණු යාබද පෙදෙසෙහි සිහිටි ඩවුන් හී ඩවුන් හවුස් තුලදී මෙම සැමරුම් සිදුවී ඇත.

ඩාවින්ගේ දායකත්වයන්ට ගරු බුහුමන් දැක්වීමටද සහ පිළිගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ මෑතකාලීන සොයාගැනීම් සහ සබැඳි සිද්ධාන්තයන් පිළිබඳ සාකච්ඡා කෙරුමටද, විවිධ රටවල් 167 ක් වෙතින් විද්‍යාඥයින් සහ උසස් පදවිධාරින් 400 කට වැඩි ගණනක්, 1909දී කේම්බ්‍රිජ් වෙතට එක් වූහ. පොදු ජන අවධානය යොමු කරගනිමින් පුළුල් ප්‍රචාරයක් ලබා ගැනුමට මෙම සිදුවීම සමත් විය.[1]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ වොන් වයිහි, ජෝන් (මාර්තු 2011). "1909: ද ෆර්ස්ට් ඩාවින් සෙන්ටිනරි". ද කම්ප්ලීට් වර්ක්ස් ඔෆ් චාල්ද් ඩාවින් ඔන්ලයින්. සම්ප්‍රවේශය 7 ජූනි 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ඩාවින්_දිනය&oldid=433654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි