ඩවුන්ෆෝස්

විකිපීඩියා වෙතින්
Three different styles of front wings from three different Formula One eras, all designed to produce downforce at the front end of the respective race cars. Top to bottom: Ferrari 312T4 (1979), Lotus 79 (1978), McLaren MP4/11 (1996)

ඩවුන් ෆෝර්ස් හෙවත් යටිකුරු තෙරපුම යනු වායු ගතික විද්‍යානුකූලව නිර්මාණය කරන ලද මෝටර් රථයක පවතින ගති ලක්ෂණ අනුව එම රථයේ ඉහළ සිට පහලට ක්‍රියාත්මක වනු ලබන බලයයි. මෙම බලය මගින් සිදුවන ක්‍රියාවලිය නම්, රථයේ ටයර මත ඇති වන අමතර බලය නිසා එය පොළවට වඩා තදින් ග්‍රහණය වීමෙන් රථයයට වංගුවකදී වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි වීමයි.

මූලික සංකල්ප[සංස්කරණය]

ගුවන් යානයක් ගුවන් ගත වීමේදී එය ඉහලට එසවීමට එහි තටු මත ඉහලට ක්‍රියාත්මක වනු ලබන උඩුකුරු තෙරපුම් බලයම මෙහිදී පහළ දෙසට මෝටර් රථයක් ධාවනයේදී ධාවන පථයට තෙරපා තැබීමට භාවිතා කරයි. මෙම ක්‍රියාවලිය "වායුගතික ග්‍රහණය" ලෙස හදුන්වනු ලබන අතර එය රථයේ ස්කන්ධ සංතුලනය, ටයර් සහ suspension හී ශ්‍රීතයක් වන "යාන්ත්‍රික ග්‍රහණයෙන් " වෙනස්වේ. යටිකුරු තෙරපුම් බලය ලබා ගැනීමේදී සැම විටම අදාළ උපාංග මත ඇතිවන වායුගතික ප්‍රතිරෝධයද ඊට අනුරූපව වැඩි වේ. එම නිසා ප්‍රශස්ත තත්වය යටිකුරු තෙරපුම් බලය හා වායුගතික ප්‍රතිරෝධය සන්තුලනයෙන් ලබා ගනී.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඩවුන්ෆෝස්&oldid=592133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි