Jump to content

ඩයිසන් ගෝලය

විකිපීඩියා වෙතින්

ඩයිසන් ගෝලයක් යනු, තාරකාවක් සම්පූර්ණයෙන් වටකරමින් සහ එබැවින් එහි ජව ප්‍රතිදානයෙහි සමස්තයම පාහේ ග්‍රහණය කරන්නාවූ මනඃකල්පිත මහා ව්‍යුහයකි. ස්ටාර් මේකර් නම් ඔහුගේ විද්‍යා ප්‍රබන්ධ නවකතාවෙහිදී ඕලෆ් ස්ටේප්ල්ඩ්න් විසින් මෙය පළමුවෙන් විස්තර කෙරිණි. ෆ්‍රීමන් ඩයිසන් විසින් පසුව මෙම සංකල්පය ප්‍රචලිත ලෙසින් භාවිතා කෙරිණි. ඩයිසන් විසින් අනුමාන කලේ, තාක්ෂණික ශිෂ්ටාචාරයක දිගු කාලීන ස්ථිතිය සහ ක්‍රමයෙන් වැඩි වන ශක්ති අවශ්‍යතාවයන් සැලකිල්ලට ගත් විට එවැන්නක් තර්කානුකුල ප්‍රතිවිපාකයක් බවත්, එවැනි ව්‍යුහයන් පැවතීම පිළිබඳ සොයාබැලීම තුලින්, දියුණු බුද්ධිමත් පාරභෞම ජීවය අනාවරණය කර ගැනුම වෙත පෙරටුව ගෙන යෑ හැකි බවයි. කාර්ඩෂැව් පරිමාණය වෙත ඇති තොරතුරු සහ, විවිධ ආකාරයෙහි ඩයිසන් ගෝලයන් පැවතීම අතර සහසම්බන්ධයක් පවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=ඩයිසන්_ගෝලය&oldid=346907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි