අගහරුගේ-ඩයිමෝස් චන්ද්‍රයා

විකිපීඩියා වෙතින්
(ඩයිමෝස් චන්ද්‍රයා (Deimos moon) වෙතින් යළි-යොමු කරන ලදි)
ඩයිමෝස්
Deimos
An enhanced-color image of Deimos taken by the Mars Reconnaissance Orbiter.
සොයාගැනීම
සොයාගත් තැනැත්තේAsaph Hall
සොයාගත් දිනය12 August 1877
නිලනාමයන්
විශේෂණයDeimosian
කක්ෂීය ලක්ෂණ[1]
අඩ-මහා අක්ෂය23,460 කිලෝමීටර (14,580 mi)
උත්කේන්ද්‍රියතාවය0.000 2
කක්ෂීය කාලාවර්තය1.262 44 d (30.30 hours)
සාමාන්‍යය කක්ෂීය වේගය1.35 km/s
ආනතිය0.93° (to Mars' equator)
1.793° (to the local Laplace plane)
27.58° (to the ecliptic)
මෙහි චන්ද්‍රිකාවකිMars
භෞතික ගුණාංග
මාන15 × 12.2 × 10.4 km[2]
මධ්‍යන්‍යය අරය6.2 කිලෝමීටර (3.9 mi) [3]
ස්කන්ධය1.48×1015 kg[4]
(0.25 nEarths)
මධ්‍යන්‍යය ඝණත්වය1.471 g/cm³[3]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.003 9 m/s² (3.9 mm/s²)
0.000 40 g (400 µg)
මිදුම් ප්‍රවේගය5.6 m/s (20 km/h)[4]
භ්‍රමණ කාලාවර්තයsynchronous
ප්‍රභානුපාතය0.068[3]
උෂ්ණත්වය≈233 K
දෘශ්‍ය විශාලත්වය12.4 [3][5]

ඩයිමෝස් යනු අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයින් දෙදෙනාගෙන් කුඩාම හා පිටතින්ම පිහිටි චන්ද්‍රයාය. (අනෙක් චන්ද්‍රයා වන්නේ ෆෝබොස් ය) ඩයිමෝස් ලෙස එයට නම තබා ඇත්තේ ග්‍රීක සාහිත්‍යයේ එන බියජනක පුද්ගලයකු සිහිපත් කරමින්ය. එහි ක්‍රමානුකූල තනතුර වන්නේ අඟහරු II (Mars II) යන නමය.

සුවිශේෂ ලක්ෂණ[සංස්කරණය]

tiny globe
ඩෙයිමෝස්, ඔක්තෝම්බර් 05, 1977

අඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්‍රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බී‍ඩෝ සහ ඝනත්ව ඇත.

ඩෙයිමෝස්ගේ ප්‍රමාණයේ වෙනත් බොහෝ වස්තු මෙන්ම ඩෙයි‍‍මෝස් ද ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් වන්නේ 15 x 12 x 10 kmය. අඟහරුගේ සමක තලයේ දී වෘත්තාකාර කක්ෂයට ආසන්න කක්ෂයක් එය සතුව පවතී.

ඩෙයිමෝස් යනු බ්‍රහස්පති ග්‍රහයාගෙන් කක්ෂයට විසිවුනු ග්‍රහකයක් වන්නට ඇති බවත් අඟහරු ග්‍රහයා විසින් එය ග්‍රහණය කර ගන්නට ඇති බවටත් මතයක් පවතී. ඩෙයිමෝස්ගේ පෘෂ්ඨයේ සිට බලන කල අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට චන්ද්‍රයා‍ගේ දිස්වන දීප්තිය මෙන් හාරසිය ගුණයක් දීප්තිමත් වන අතර දහස් ගුණයක් විශාලව පෙනේ.

අඟහරුගේ සිට බලන කල ඩෙයි‍මෝස්ට 2.5' කට අඩු කෝණාකාර විෂ්කම්භයක් ඇති අතර එබැවින් එය තරුවක් ලෙස බො‍හෝ දුරට පියවි ඇසට දිස්වේ.ඩෙයිමෝස්ගේ දීප්තිමත්ම අවස්ථාවේ දී එය පෘථි‍වියේ සිට සිකුරු තරුව දිස්වන තරම් දීප්තියකින් දිස්වුනු ඇත. දින 1.2648 ක් ගත වන ඩෙයිමෝස්ගේ අවධි, කුඩා දුරදක්නයක් මඟින් අඟහරු නිරීක්ෂණය කරන්නෙකු ට දැකගත හැකිය.

ඉතා වේගයෙන් කක්ෂගත වන ෆෝබෝස් බටහිරෙන් නැග නැගෙනහිරෙන් බැසී ගියත්, ඩෙයිමෝස් නැගෙනහිරෙන් නැග බටහිරෙන් බැසයයි. ඩෙයිමෝස්ගේ කක්ෂය අඟහරු ග්‍රහයාට සාපේක්ෂව ඉතා ආසන්න බැවින් සහ අඟහරුගේ සමකයට කුඩා ආනතියකින් පිහිටන බැවින් එය අඟහරුගේ අංශක 82.7 කට වැඩි අක්ෂාංශ වලදී දැක ගත නොහැකිය.

සටහන්[සංස්කරණය]

|- |Deimos moon

|-

|}

  1. Jacobson, R.A. and Rush, B. (2006) MAR063 (2007-06-28). "Planetary Satellite Mean Orbital Parameters". JPL/NASA. සම්ප්‍රවේශය 2008-02-13.{{cite web}}: CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)
  2. "Mars: Moons: Deimos". NASA Solar System Exploration. 2003-09-30. සම්ප්‍රවේශය 2008-08-18.
  3. 3.0 3.1 3.2 3.3 "Planetary Satellite Physical Parameters". JPL (Solar System Dynamics). 2006-07-13. සම්ප්‍රවේශය 2008-01-29.
  4. 4.0 4.1 use a spherical radius of 6.23 km; volume of a sphere * density of 1.471 g/cm³ yields a mass (m=d*v) of 1.48e15 kg and an escape velocity (sqrt((2*g*m)/r)) of 5.6 m/s (20 km/h
  5. "Classic Satellites of the Solar System". Observatorio ARVAL. සම්ප්‍රවේශය 2007-09-28.