ටෝයි ස්ටෝරි 2 (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්

Toy Story 2
ගොනුව:Movie poster toy story 2.jpg
Theatrical release poster
අධ්‍යක්ෂණයJohn Lasseter
Lee Unkrich (co-director)
Ash Brannon (co-director)
නිෂ්පාදනයHelene Plotkin
Karen Robert Jackson
තිර රචනයAndrew Stanton
Rita Hsiao
Doug Chamberlain
Chris Webb
කතාවස්තුවJohn Lasseter
Pete Docter
Ash Brannon
Andrew Stanton
රංගන ශිල්පීන්Tom Hanks
Tim Allen
සංගීතයRandy Newman
සිනෙමාරූපණයSharon Calahan
සංස්කරණයEdie Bleiman
David Ian Salter
Lee Unkrich
චිත්‍රාගාරයPixar
බෙදා හරින ලද්දේWalt Disney Pictures
නිකුත්වූ දිනය(න්)නොවැම්බර් 24, 1999 (1999-11-24)
ජුනි 2010 (2010-06) 3D
දිවෙන කාලය92 minutes
රටUnited States
භාෂාවEnglish
පිරිවැය$90 million[1]
ආදායම$485,015,179[1]

ටෝයි ස්ටෝරි 2 චිත්‍රපටිය ඇකඩමි සම්මාන සඳහා යොජනා වූ, CGI සජීවිකරණය කළ ටෝයි ස්ටෝරි පළමු චිත්‍රපටයට අනුබද්ධිත, ඩිස්නි/පීක්සර් සමාගමේ තෙවෙනි චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටය මිනිසුන් නොදකින්නට, ජීවය ලබා හැසිරෙන සෙල්ලම් බඩු සමූහයක් පිළිබඳ කියවෙන වෘතාන්තයයකි. මුල් චිත්‍රපටය මෙන්ම ටෝයි ස්ටෝරි 2 ද, ෂික්සර් ඇනිමේෂන් ස්ටුඩියෝස් නිෂ්පාදනය කළ, ජොන් ලස්සෙස්ටර් විසින් අධ්‍යක්ෂණය කළ, වෝල්ට් ඩිස්නි සමාගම හා බුයනාවිස්ටා විසින් නිකුත් කරනු ලැබූ චිත්‍රපටියක් විය. මුල්වරට ඇමරිකාවේ දී, 1999 නොවැම්බර් 26 වනදා මෙය නිකුත් විය. ඕස්ට්‍රෙලියාවේ දී දෙසැම්බර් 2 දින ද, එංගලන්තයේ 2000 පෙබරවාරි 11 දිනද, නිකුත් විය. නැවතත් ත්‍රිමාණකරණය කළ මෙම චිත්‍රපටිය 2010 පෙබරවාරි 10 දින නිකුත් වුණි. තවද මෙහි තෙවන චිත්‍රපටය 2010 ජුනි 18 දින නිකුත් කර ඇත.

මුල් චිත්‍රපටයේ තිබු චරිත එපරිද්දෙන්ම දෙවන චිත්‍රපටියේද දක්නට ලැබේ.හඬ කවන ශිල්පීන් වන ටොම් හැන්ක්ස්, ටිම් ඇලන්,‍දොන් රික්ල්ස් , ජිම් වාර්නි, වොලස් ෂෝන් හා ජෝන් රැට්සන්බර්ගර්ට අමතරව අලුතින් එක්වු චරිතවලට ජෝඈන් කුසැන්, කෙල්සි ග්රැමර්, වේන් නයිට්, එස්ටෙල් හැරිස් ද තම කටහඬින් දායකත්වය සපයයි.

සටහන්[සංස්කරණය]

Toy Story 2
  1. 1.0 1.1 "Toy Story 2 (1999) – Box Office Mojo". Box Office Mojo. Internet Movie Database. සම්ප්‍රවේශය අප්‍රේල් 22, 2010.