ටියුරින්හි ශ්‍රී සළුව
ටියුරින්හි ශ්‍රී සළුව | |
---|---|
මාධ්‍යය | හණ රෙදි |
ප්‍රමාණය | 4.4 m × 1.1 m (14 ft 5 in × 3 ft 7 in) |
වර්තමාන පිහිටුම | ඉතාලියේ ටියුරින්හි ශ්‍රී සළුවේ දේව්මැදුර |
කාලසීමාව | 13 හා 14වන සියවස |
ටියුරින්හි ශ්‍රී සළුව (ඉතාලි: සින්ඩෝනෙ ඩි ටොරීනෝ), නැතහොත් ශ්‍රී සළු ධාතුව (ඉතාලි: සාක්‍රා සින්ඩෝනේ), යනු ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ රුව කාවැදුනු හණ සළුවකි. ජේසුස් වහන්සේගේ උකුත්වීමේන් පසුව ශ්‍රී දේහය එතීමට යොදාගත්, ශ්‍රී රුව කාවැදුනු මෙම සළුව කතෝලික සභාව තුල පූජනීය ස්ථානයක් දරයි. ශ්‍රී මුහුණේ භැතියේදී භාවිතා වන රූපයද මෙයින් ලබා ගත් චායා රූපයකි.
මෙහි ලේඛනගත ඉතිහාසය එය උතුරු-මැද ප්‍රංශයේ ග්‍රාමයක් වන ලිරේ හි නව කොලෙජියට් දෙව්මැදුරේ ප්‍රදර්ශනය තබා තිබූ කාලය වන 1354 වර්ශය දක්වා දිව යයි. එය 1453 දී "සැවෝයි හවුස්" විසින් අත්පත් කර ගන්නා ලද අතර පසුව චැම්බරි හි දේවස්ථානයක තැන්පත් කරන ලදී. 1578 දී, සැවෝයිවරු ටියුරින් හි ඔවුන්ගේ නව අගනුවරට ශ්‍රී සළුව ගෙන ගිය අතර, වර්තමානයේ පවා එය එහි තැම්පත් කර ඇත්. ශ්‍රී සළුවේ භාරකාරත්වය එකම ශුද්ධවූ කතෝලික සභාවට පවතී.