ටීනා දත්තා

විකිපීඩියා වෙතින්
(ටිනා දත්තා වෙතින් යළි-යොමු කරන ලදි)
ටීනා දත්තා
ටීනා දත්තා
උපත27 නොවැම්බර් 1986 (1986-11-27) (වයස 37)[1]
ජාතිකත්වයඉන්දියානු
අධ්‍යාපනයශාන්ත. පාවුළු නේවාසික සහ දිවා පාසල (ඛිඩර්පොරියා).[2]
රැකියාව
  • නිළියක
  • නිරූපිකාවක
සක්‍රීය වසර2005 - වර්තමානය
උපන් නගරයකොල්කතා
රූපවාහිනිය

ටීනා දත්තා ලෙස හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ සුප්‍රකට දිනපතා හින්දි සෝප් ඔපෙරාවක් වූ උත්තරන් කතාමාලාවේ ඉච්ඡා වීර් සිං බුන්දේලාගේ චරිතය නිරූපණය කළා ය. මෙම කතාමාලාව වර්ෂ 6කට අධික කාලයක් (2008-2015) විකාශය විය. 2010 වර්ෂයේ ඉච්ඡා වීර් සිං බුන්දේලා චරිතය නිරූපණය වෙනුවෙන් ටීනා දත්තා මාලා නාට්‍යයක හොඳම නිළිය සඳහා ප්‍රොඩියුසර්ස් ගිල්ඩ් චිත්‍රපට සම්මානය ද හිමි කරගත්තා ය.

වෘත්තිය[සංස්කරණය]

සිය පස් හැවිරිදි වියේ දී දත්තා සිස්ටර් නිවේදිතා[3] නැමැති රූපවාහිනී කතාමාලාවට රංගනයෙන් දායක වූවා ය. මෙය 1992 වර්ෂයේ විකාශය විය. අනතුරුව චිත්‍රපටවල චරිත නිරූපණය ඇරඹි ඇය පිතා මාතාර් මන්තාන් චිත්‍රපටයේ වීරවරියගේ දියණියගේ චරිතය නිරූපණය කළා ය. එසේම දස් නම්බර් බාරි, සාගර්කන්‍යා ඇතුළු චිත්‍රපට ගණනාවක් සඳහා ඇය දායක වූවා ය. මීට අමතරව ඇය ඛේලා නැමැති බෙංගාලි රූපවාහිනී ‍සෝප් ඔපෙරාවේ ද චරිත නිරූපණය කළා යත මෙහි ඇය විසින් නිරූපණය කරන ලද්දේ දාමරික කාන්තාවකගේ චරිතයක් වන අතර, දීපංකර් දේ විසින් ඇයව සිය ලේලියන් වන සුදීප්තා සහ දුර්ගා පිළිබඳ ඔත්තු බැලීමට යොදවනු ලැබෙයි.[4]

දත්තා රිතුපර්නෝ ඝෝෂ්ගේ 2003 චිත්‍රපටයක් වූ චෝඛේර් බාලිහි රංගනයේ යෙදන විට ඇගේ වයස අවුරුදු 16කි. මෙහි ඇය රංගනයේ යෙදුණේ ඓශ්වර්යා රායි සමග ය. පසුව ඇය 2005 හින්දි චිත්‍රපටයක් වූ පරිනීතා තුළ ලාබාල ලලිතාගේ චරිතය නිරූපණය කළා ය.[5] 2008 වර්ෂයේ දී ඇය චිරෝදිනි තුමි ජේ අමර් නැමැති බෙංගාලි චිත්‍රපටය සඳහා ද සිය රංගන දායකත්වය සැපයූවා ය.

කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ කොයි ආනේ කෝ හේ නැමැති රූපවාහිනී කතාමාලාවේ එක් කථාංගයක කළු මායාවන්ගේ ගහණයට නතු වන තරුණියකගේ චරිතය නිරූපණය කළා ය. පසුව දත්තා කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ අතිශය ජනප්‍රිය කතාමාලාවක් වන උත්තරන්හි ප්‍රධාන චරිතය වූ ඉච්ඡා වීර් සිං බුන්දේලාගේ චරිතය මෙන්ම ඇගේ දියණියගේ චරිතය ද නිරූපණය කළා ය.[6]

මීට අමතරව ඇය 2009දී කොමඩි සර්කස්, 2013දී කොමඩි නයිට්ස් විත් කපිල් සහ 2014දී ජලක් දිඛ්ලා ජා 7 වැනි රූපවාහිනී වැඩසටහන් සඳවා විශේෂ නිරූපණයන් සිදුකළා ය. 2014දී ඇය බොක්ස් ක්‍රිකට් ලීගය වෙනුවෙන් අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායම සඳහා තරගවැදුණා ය. එසේම 2016දී ඇය පෙස්බකර්ස්, සුපර් ෆැමිලි 100 සහ ඉච්ඡා දන් තපස්‍යා යන ඉන්දුනීසියානු රූපවාහිනී වැඩසටහන් සමග ද සම්බන්ධ වූවා ය.

චිත්‍රපට දායකත්වය[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය සටහන්
2003 චෝඛේර් බාලි බෙංගාලි
2005 පරිනීතා නව යොවුන් ලලිතා හින්දි
2008 චිරෝදිනි තුමි ජේ අමර් බෙංගාලි

රූපවාහිනී වැඩසටහන්[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය/දායකත්වය සටහන්
2007 ඛේලා හියා, සයිරා සහ මිලි බෙංගාලි
2008-2015 උත්තරන් ඉච්ඡා වීර් සිං බුන්දේලා / මීති අකාශ් චැටර්ජි නන්දිශ් සන්ධු සමග
2009 කොයි ආනේ කෝ හේ ප‍රෝමිතා
2009 කොමඩි සර්කස් ඇය ලෙසම විශේෂ නිරූපණය
2013 කොමඩි නයිට්ස් විත් කපිල් ඇය ලෙසම විශේෂ නිරූපණය
2014 ජලක් දිඛ්ලා ජා 7 ඇය ලෙසම විශේෂ නිරූපණය
2014 බොක්ස් ක්‍රිකට් ලීගය ඇය ලෙසම අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායම
2015 Comedy Classes ඇය ලෙසම
2016 ෆියර් ෆැක්ටර්: ඛාත්‍රොන් කේ ඛිලාඩි (වාරය 7) තරගකාරිණිය හින්දි
2016 බොක්ස් ක්‍රිකට් ලීගය 2 ඇය ලෙසම අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායම
2016 කොමඩි නයිට්ස් බචාඕ ඇය ලෙසම
2016 පෙස්බකර්ස් ඇය ලෙසම ඉන්දුනීසියානු (විශේෂ නිරූපණය)
2016 Super Family 100 ඇය ලෙසම ඉන්දුනීසියානු
2016 ඉච්ඡා දන් තපස්‍යා ඉච්ඡා රාගේන්ද්‍ර භාරතී ඉන්දුනීසියානු

සම්මාන[සංස්කරණය]

වර්ෂය සම්මාන ප්‍රවර්ගය ප්‍රතිඵලය
2009 ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නිළිය නිර්දේශිත
2010 ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නිළිය නිර්දේශිත
2010 ප්‍රොඩියුසර්ස් ගිල්ඩ් චිත්‍රපට සම්මාන මාලා නාට්‍යයක හොඳම නිළිය දිනාගති
2010 කලාකාර් සම්මාන හොඳම නවක මුහුණ (කාන්තා) දිනාගති
2010 16වන ලයන්ස් ස්වර්ණ සම්මාන හොඳම නිළිය දිනාගති
2011 All India Achiever's Award රංගන විශිෂ්ටත්වය දිනාගති
2012 රන් පත් සම්මාන වඩාත් ලෝකප්‍රිය මුහුණ (කාන්තා) නිර්දේශිත
2013 රන්පත් සම්මාන වඩාත් ජන්බාස් පෞරුෂත්වය දිනාගති
2013 ප්‍රියතම ‍ජෝඩි නිර්දේශිත
2013 වඩාත් ලෝකප්‍රිය මුහුණ (කාන්තා) නිර්දේශිත

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Tina Dutta's birthday celebrations". India Times. Age is just a number for me and I am proud to say that I am just 23...
  2. "TV stars from Calcutta". Telegraph India.
  3. Bhattacharya, Debameeta (21 February 2014). "'I've dreamt of going on a date with SRK'". The Statesman. සම්ප්‍රවේශය Sep 28, 2014.
  4. "The Telegraph - Calcutta (Kolkata) - Entertainment - GENERATIONEXT". සම්ප්‍රවේශය 9 October 2016.
  5. Agarwal, Stuti (14 April 2013). "Producers owe me 25 lakh: Tina Dutta". Times of India. සම්ප්‍රවේශය Sep 28, 2014.
  6. "I have never been insecure: Tina Dutta". Daily News and Analysis. Mumbai. 7 November 2012. සම්ප්‍රවේශය Sep 28, 2014.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටීනා_දත්තා&oldid=540863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි