ටයිම්ලයින් (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්


කාල රේඛාව යනු රිචඩ් ඩොනර් විසින් අධ්‍යක්ෂණය කරන ලද (2003) විද්‍යා ප්‍රබන්ධ/විජ්ජා චිත්‍ර පටියකි. එහි තරු වන්නේ පෝල් වෝකර්, ෆ්‍රෑන්සිස් ඔ'කෝනර්, බිලි කොන්නොලි, ඩේවිඩ් තෙව්ලිස්, ජෙරාඩ් බට්ලර් සහ ඇනා ෆ්‍රරයිල්. එය එම නමින්ම මයිකල් ක්‍රිච්ටන් විසින් රචිත නවකතාව පාදක කරගත්තකි. මුලින්ම වාසි ස්වර ලිපි දෙන්නට හිටියේ ජෙරි ගොල්ඩ්ස්මිත්, එසේ වුවානම් 2004 ගොල්ඩ්ස්මිත්ගේ මරණයට පෙර ඔහුගෙ අවසාන ස්වර ලිපියවේ, ඒත් ඩෝනර්ගෙ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බ්‍රයන් ටඉලර් ඒ සඳහා ආදේශ වුනි.

ගොනුව:200px-Timeline movie.jpg

කථා වස්තුව[සංස්කරණය]

වර්ථමාන ප්‍රංශයේදී, පුරාවිද්‍යාඥ/ආචාර්යය එඩ්වඩ් ජොන්සන් (බිලි කොන්නොලි) සහ ඔහුගේ සිසුන්, කාස්ල්ගාඩ් අසල පෞරාණික භූමියක් කණිමින් සිටියි. 1357දී වසර සියයක යුද්ධය හේතුවෙන් ලා රොක් බලකොටුව අසල ඇතිවූ විශාල යුද්ධයෙන් ගම ගිනිබත් විය. ඉංග්‍රීසින් බලවත් වුනත් ප්‍රංශයට ඔවුන්ව පැරදවිය හැකිවිය. ප්‍රංශයින් සියල්ල ඉදිරිපිට ඉංග්‍රීසින් විසින් ආර්නොට් ඩි සර්වොල්ගේ සොයුරිය වන ක්ලෙයාර් ආර්යාව (ඇනා ෆ්‍රරයිල්) එල්ලා මරණ ලදී. ප්‍රංශයින් ක්‍රෝධයෙන් උසිගැන්වු එම සිද්ධිය ඉංග්‍රීසින්ට එරෙහිව ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු විය.

ජොන්ස්ටන් සහ ඔහුගේ සිසුන් වන කේට් එරික්සන් (ෆ්‍රෑන්සිස් ඔ'කෝනර්) සහ ඇන්ඩ්‍රි මරික් (ජෙරාඩ් බට්ලර්) , පුරාවිද්‍යාව මත ජීවත් විය. ජොන්ස්ටන්ගේ පුතා වන ක්‍රිස් (පෝල් වෝකර්) එම ජීවන රටාවේ නොවන නමුත් විටින් විට පියා මුණ ගැසීමට පැමිණියේය. ඔහු කැණීම් වලදී වැඩිකාලයක් ගත කලේ ඔහු බලවත් ස්නේහයක් දක්වන කේට් සමඟය. මිනිසෙකු සහ ගැහැණියෙකු තම අත් අල්ලාගෙන ගල් මිනීපෙට්ටියක සිටින අවස්ථාවක් පෙන්වද්දී, අපගේ අනාගතය අතීතය මත පවතින්නක් බව ක්‍රිස්ට අවබෝධ කරන්න මෙරික් උත්සහ කරනවා. ගල් මිනීපෙට්ටිය තුල තිබෙන මිනිස් කැටයමේ දකුණු කණ නොමැතිබවත්, එය ඒ අයුරින් නිර්මාණය කර ඇතිබවත් ඔවුන් හදුනා ගන්නවා.

ජොන්ස්ටන්, ඔහුගේ අනුග්‍රාහකයින් වන ITC සමාගම මගින් ඔහුට කැණීම් භූමියේ කැණීම් සදහා ලබාදුන් තොරතුරු ගැන සැකහිතී එම තොරතුරුවල මූලාශ්‍ර සොයාගැනීමේ අදහසින් නැවත ඇමරිකා එක්සත් ජනපදය බලා ගමන් කරයි. මහාචාර්‍ය්තුමා ඉවතගිය එම කාලය අතර තුර, මෙරික් සහ කේට් පැරණි පාච්මන්ට් කඩදාසියක් සහ නූතන ද්විනාභීය කාචයක් සොයාගැනීමට සමත් වෙනවා. විමර්ශනයෙන් පෙන්වන පරිදි ලියවිල්ල තුල තිබෙන පණිවුඩය මහාචාර්‍ය්තුමා විසින් උදව්වක් ඉල්ලා කරනලද ආයාචනයක් වනමුත් එහි දිනය 1357 අප්‍රේල් 4 ලෙස වේ. ව්‍යාකූල වූ ක්‍රිස් සිය පියා ඇමතීමට උත්සහ දරනමුත් ඔහුට පවසනුයේ පියා තවදුරටත් එහි නොමැති බවයි. කෙසේවෙතත් ITCය ක්‍රිස්ට සහ සිසුන්ට ඔවුන්ගේ මූලස්ථානය වන නව මෙක්සිකෝවට පැමිණෙන මෙන් ආරාධනාකර සිටිනවා.

එහිදී ඔවුන් කාලතරණය සිදුවිය හැක්කක් බව ඉගෙනගන්නා අතර ජොන්ස්ටන් දැන් 1357 කාස්ල්ගාඩ් වල, හරියටම කැණීම් කල ස්ථානයේ හිරවී ඇති බවත් සොයාගනී. ITCය ප්‍රධාන වශයෙන්ම උත්සහ කරනවා වස්තූන් දූර තීර්ථනයේ යෙදවීමට සහ ඔවුන් කාමරයක් තුල එය ඉටුකිරීමට සාර්ථකවී තිබෙනවා. රට හරහා එය සිදුකිරීමට ගත් උත්සාහයකදී, ඔවුන් අතින් ඒ වනවිට නොදැන සිටි කාල තරණ කුහරයක් මතුවීමෙන් 1357 වසර තෙක් මාර්ගය විවෘතවේ. ස්ථානය සහ අදාල කාල පරිච්ඡේදය පිළිබද ආසන්නම විශේෂඥයින් සිසුන් වන බැවින්, ඔවුන්ට ගොස් ජොන්ස්ටන්ව බේරාගෙන එන ලෙස පවසන ලදී. කණ්ඩායමේ භෞතික විද්‍යාඥයා වන ඩේවිඩ් ස්ටර්න්ගේ (ඊතන් එම්බ්‍රි) විරුද්ධත්වය තිබියදීම ඔවුන් කැමතිවී ආරක්ෂක පුද්ගලයා වන ෆ්‍රෑන්ක් ගෝර්ඩ්න් (නීල් මැක්ඩොනොග්) සහ අතිරේක භට පිරිස වන ජිමී ගෝමස් සහ බිල් බාරෙට්ටෝ සමඟ එක්වෙති. ඔවුන්ට, බොත්තමක් තද කල විට නැවත එම ස්ථානයට පැමිණිය හැකි සළකුණු කාරකයන් කිහිපයක් දෙන අතර පැය හයක් ඇතුලත ඔවුන් නැවත නොපැමිණියහොත් ඔවුන්ට කවමදාවත් ආපසු ඒමට නොහැකි වන බවද පවසනු ලැබේ.

ඔවුන් පැමිණෙන්නේ වේගයෙන් ගලායන ඟගක් වෙතය. ඔවුන් ගොඩබිමට පැමිණි විගස දැනගන්නවා ඉංග්‍රීසින් හා ප්‍රංශයින් අතර සටනකට මැදිව ඔවුන් සිටින බව. ගෝමස්ව ඉතා ඉක්මනින් මරා දමන අතර, බාරෙට්ටෝ, ග්රෙනේඩයක් එල්ල කිරීමට හදන මොහොතේම ඊතලයක් විත් ඔහුගේ වදින අතර ඔහු වර්ථමානය සඳහා පැමිණීමට තම සලකුණුකාරකය යොදාගන්නවා. මරෙක් සටනකට මැදිව සිටින අතර ක්ලෙයාර් ආර්යාවට (ඇනා ෆ්රරයිල්) පහරදෙන නයිට්වරයෙකු මරා දමා ඇයව බේරා ගනී. ඇය මරෙක් සහ අනෙක් අය කාස්ල්ගාඩ් ගම්මානයට රැගෙන එනමුත් ඉංග්‍රීසින් ඇයව අල්ලාගන්නවා, ඉංග්‍රීසි ඔත්තුකාරයෙකුට, ඇය ඇයගේ සහෝදරයා වන ආමෝට් සමඟ කථා කලබව අහම්බෙන් ඇහෙනනිසා.

ඔවුන්ව ඔත්තුකාරයින් ලෙස දකින අතර, ඔවුන්ව, ඉංග්‍රීසි පාලකයා වන සහ ප්‍රංශ ජාතික සිසුවා වන ෆ්රැන්කොඉස් ඩොන්ටෙලේව (රොසිෆ් සුතර්ලන්ඩ්) මරා දමන, ඔලිවර් ද වැනෙස් (මයිකල් ශීන්) ඉදිරියට ගෙනයනු ලැබේ.

සිරමැදිරිය තුලදී ජොන්ස්ටන් සමඟ කණ්ඩායම නැවත එකමුතු වන අතර එදින ක්‍රියාකාරකම් පිළිබඳ ඔවුන්ගේ දැනුම උපයෝගී කරගෙන පැනයාම සඳහා උපායක් යොදනවා. අවාසනාවකට, ඔවුන්ගේ එහි පෙනීසිටීම දැනටමත් කාල රේඛාව වෙනස්කර ඇතිබව ඔවුන්ට මඟහැරෙනවා.

ඒ අතරවාරයේදී බාරෙට්ටෝ නැවත පැමිණ පරීක්ෂණාගාරය තුල මියයන අතර ඔහුගේ අතේ තිබුණු ග්රෙනේඩය පිපිරීමෙන් යන්ත්‍රවලට තදබල හානි සිදුවේ. දැඩි හිතක් ඇති ITC සභාපති වන රොබර්ට් ඩොනිගර් සහ උප සභාපතිවන ස්ටීවන් ක්රැමර්, එම යන්ත්‍ර සකස් කිරීම සඳහා ඔවුන්ට පුළුවන් උපරිමයෙන් වැඩකරන මුත් තරමක් ආචාරශීලී නොවන ඩොනිගර්, සිසුන් "නැතිවු" බවට වාර්ථාවක් සකස් කිරීමට සූදානම් වෙනවා.


කාල ගවේශකයන්ට බලෙන්ම යුද්ධයට සම්බන්ධව සිටීමට සිදුවන අතරම ක්ලෙයාර් ආර්යාවගේ ජීවිතය බේරා ගැනීමෙන් අතීතය වෙනස් කිරීමටද හැකිවේ. ඒ අතරම ඔවුන් දැනගන්නවා ITCයේ හිටපු සේවකයකු වන විලියම් ඩෙකර්ගේ (මාර්ටන් ක්සෝකස්) පැමිණීම සහ අතීතයේ ජීවත්වීම (දැන් විලියම් ඩෙකර් මහතා ලෙස හඳුන්වයි ) මක්නිසාදයත් ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිවී ඇති බැවින් තව එක තරණයකදී ඔහු මියයාමට ඉඩ ඇතිබව පෙන්වන නිසා. කාලය හරහා ගමනේදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවීමේ වැරැද්ද ඩොනිගර් විසින් ඔවුන්ට හැඟවීමෙන් වැළකී සිටිනවා. ඔවුන්ගේ චාරිකාවල පළමු අවස්ථාවේදීම ඩෙකර්ව අතරමංකර තමාගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳව ගෝර්ඩන් වගකිවයුතු වෙනවා. කලින් අවස්ථාවක ගෝර්ඩ්න් ඔවුන්ව අතරමංකර නැවත වර්ථමානයට යාමට ගන්නා විට ක්‍රිස් ඔහුව අල්ලා ගැනීමෙන් මෙය තහවුරු වෙනවා.


එක සළකුණුකාරකයක් හැරෙන්නට අනෙක් සියල්ල සොරකම් කරගනිමින් ඩෙකර්, ගෝඩ්න්ව මරා දමන අතර ක්‍රිස් හා කේට් ඔහුට සහ ඔලිවර්ගේ ඉංග්‍රීසි හමුදාවට විරුද්ධව සටන්කරන අතරවාරයේ මහාචාර්ය තුමා සහ මරෙක්ව ප්‍රංශයින්ට විරුද්ධව සටන් කිරීමට පොළඹවයි. එම දෙපල, ලා රොක් බලකොටුව අසල ඇති පල්ලියේ ලා රොක් වෙත දිවෙන උමගක් සොයාගෙන ප්‍රංශ අණදෙන නිලධාරියාවන ආර්නෝට් (ලැම්බර්ට් විල්සන්) අධිපතියා වෙත උමඟ පිළිබඳ සැල කරනු ලබයි. ආර්නෝට් සහ ක්‍රිස් ඉංග්‍රීසි හමුදාවට එරෙහිව සටන් කරමින් ඉදිරියට යයි. ඔලිවර් අධිපතියා විසින් ක්‍රිස්ව අල්ලා ගන්නාමුත් ආර්නෝට් ඔහුව මුදවාගෙන කේට් සමඟ එකතුවීමට වේගයෙන් දුවයි. ක්‍රිස්ට, ජොන්ස්ටන්ට සහ කේට් හට නැවත ගෙදර බලා ඒමට හැකිවේ. තම දෛවය සහ ප්‍රධාන වශයෙන්ම කාල තරණ කුහරයක් තිබීමේ හේතුව අවබෝධ කරගන්නා මරෙක්, අවසාන සළකුණුකාරකය ක්‍රිස්ට දී අළුතෙන් මුණගැසුනු තම ආදරය වන ක්ලෙයාර් ආර්යාව සමඟ රැදී සිටියී. ඔවුන්ගේ නැවත පැමිණීම ඩොනිගර් විසින් ව්‍යර්ථ කිරීමට උත්සහ ගන්නාමුත් ඔහුව නැවැත්වීමට ස්ටර්න් ඉක්මන්වීමෙන් ඩොනිගර් යන්ත්‍රය තුල සිරගතවේ. මහාචාර්යතුමා සහ සිසුන් නැවත පැමිණෙන අතරම ඩොනිගර්ව අතීතය වෙත යැවෙන අතර එතනට එළඹුනු නයිට්වරයකු අතින් මරුමුවට පත්වේ.

වර්ථමාන ප්‍රංශයේදී නැවතත් පැරණි ලා රොක් බලකොටුවේ ඇති ගල් මිනීපෙට්ටියේ කැණීම් කේට් අවසන් කරයි. ඇය සහ ක්‍රිස් දැන් දිනැයුමුත් යොදාගන්නවා. ගල් මිනීපෙට්ටිය මතින් හමුවූ ශිලා ලිපිය, මරෙක් සහ ක්ලෙයාර් ආර්යාවගේ බවත් ඔවුන්ට ක්‍රිස්ටෝෆ, කැත්‍රින් සහ ෆ්‍රැන්කොඉස් නමින් දරුවන් තිදෙනෙකු සිටී බවත් අනාවරණය කරනවා. මරෙක්, ඔහුගේ නොමැරී දිවි ගලවාගත් යහළුවන්ට, ඔහු අපූර්ව ජීවිතයක් තෝරාගත් බව පවසා තිබෙනවා.

නළු නිළි පෙළ[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

මධ්‍යකාලීන කථා ව්‍යවහාරයේ හිඟකම, ක්‍රිස්ව සිසුවකු ලෙස නිර්මාණය කරනු වෙනුවට මහාචාර්යතුමාගේ පුතා ලෙස ගැනීම ආදී වෙනස්කම් කිහිපයක් පොතෙන් ගනිද්දී සිදුකර ඇත.

මධ්‍යකාලීනය නැවත පනගන්වන්නන් යුධ අනුක්‍රමය වෙත යොදාගන්නා ලදී. චිත්‍රපටය සඳහා CGI භාවිතය ඩොනර් හැකිතාක් සීමා කර ඇත.

බලකොටුව සහ නගරය තාත්විකව ඉදිරිපත් කිරීමේ අරමුණින් චිත්‍රපට කණ්ඩායම, එම කාලයට අදාල ( 1300 අවසාන භාගයේ ) නොයෙක් යුරෝපීය බලකොටු නැරඹීම පිණිස ගොස් ඇත.

අවසාන දර්ශනයේ වෙනස් කිරීම් හේතුවෙන්, බ්‍රයන් ටයිලර්, රචක ජෙරි ගොල්ඩ්ස්මිත්ගේ ස්වර ලිපිය ප්‍රතිස්ථාපනය කරගන්නා ලදී. කෙසේවෙතත්, ගෝල්ඩ්ස්මිත් සහ ටයිලර් දෙදෙනාගේම ස්වර ලිපි චිත්‍රපටයේ පසකින් ප්‍රයෝජනය සඳහා ඇත.

රොබර්ට් ඩොනිගර් චරිතය නම් කෙරුණේ, ක්‍රිච්ටන්ගේ දියණියගේ ගුරුවරයකු වන හැරියට් ජාකොබ්ස් ඩොනිගර් නිසාවෙනි.

බොක්ස් ඔෆිස්[සංස්කරණය]

චිත්‍රපටය බොහෝ විචාරකයන්ගෙන් විවේචනයවී බොක්ස් ඔෆිස් වාර්ථාවල දුර්වල තත්වයේ පැවතුනු අතර $ 80,000,000 අය වැයකින් $ 43,935,763 කින් පමණක් පාඩුව පිරිමසා ගැනීමට සිදුවිය.

නවකථාව සහ චිත්‍රපටය අතර ඇති වෙනස්කම්[සංස්කරණය]

  • චිත්‍රපටයට අනුව අනවධාන ලෙස කදම්බයකින් අවසාන යුද්ධයේ මැදට ගොස් මියයනවා වෙනුවට, ඩොනිගර්ව තම උප සභාපතිවරයා විසින් කළු මරණය සිදුවූ 1348 තෙක් පිටමං කරනු ලැබේ.
  • චිත්‍රපටයට අනුව කිසිදෙයක් අතීතයට යැවිය නොහැකිබව සමාගම් මූල ලේඛයේ සඳහන් වෙනවා. නවකථාවේ එය වර්ණවත් කිරීමට ප්‍රධානියා විසින් අයිතම කිහිපයක් සඳහා එයට අවසර දෙනවා. බාරෙට්ටෝ ගෙනෙන ආයුධ දැනටත් අවසර නොලත් එවා ලෙස සැලකෙන අතර යන්ත්‍රයේ විනාශයටද හේතුවක් වෙනවා.
  • ගොර්ඩන් යනු කණ්ඩායම නැවත යැවීම වෙනුවට නැවත ගෙන්වා ගැනීමට ස්ටර්න් සමඟ වැඩකරන උප සභාපතිවරයා වේ. ඔහු ඩොනිගර් වෙතින් සමාගමේ පරිපාලනය අතටගනී. ක්‍රාමර් යනු ගැහැණු චරිතයක් වන අතර ඇය ඩොනිගර්ගේ හිටපු පෙම්වතිය සහ සමාගමේ නීතිවේදියාද වේ.
  • නව කථාවේ ක්‍රිස් ජොන්සන් යනු මහාචාර්යවරයාට සබඳකමක් නැති ක්‍රිස් හග්ස් නම්වන ඉතිහාසඥයෙකි.
  • ඩොන්ටෙලේගේ චරිතය චිත්‍රපටය සඳහා නිර්මාණයවූවකි. නවකථාවේ, කණ්ඩායම් සාමාජිකයින් සඳහා පරිවර්ථකගේ මෙහෙවර සිදුකරන සවන් කඩවල් ලබාදි තිබූ මුත් මරෙක්ට සහ ජොන්ස්ටන්ට ඉතා හොඳින් අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව තිබුණි. චිත්‍රපටයේ මධ්‍යකාලීන චරිත, පැහැදිලි නූතන ඉංග්‍රීසි භාශාව කථා කරන අතර, නව කථාවේ එන ඔවුන්ගේ ප්‍රතිපූරණයින් එම කාලයේදී මධ්‍ය ප්‍රංශ, මධ්‍ය ඉංග්‍රීසි, ඔසිටන් හෝ ලතින් භාෂාවල් කථා කරයි. ද කරේටද වෙනත් සවන්කඩකින් ඔවුන්ගේ කථා බහට සවන් දීමට හැකිය.
  • නවකථාවේ ක්ලෙයාර් සහ ආනෝට් චරිත නිරූපණය කර තිබුණේ සාම්ප්‍රදායික කාරුණික ආකාරයටය. ක්ලෙයාර් යනු කපටි සහ පුද්ගලයෙක් තමන්ගේ වාසියට හසුරවා ගැනීමේ ලක්ෂණ ඇති තමාගේ අරමුණු උදෙසා සරාගිත්වය උපයෝගීකොට නොගන්නා අයකු ලෙස පෙන්වන ලදී. ඇය බොහෝ ගර්විත නූතන ආකාරයේ කාන්තාවක් වීම, මරෙක් ඇය කෙරෙහි ආකර්ශනය වීමට හේතුවක් විය.
  • ක්‍රිස් සහ කේට්, ආනෝට්ගේ යුධ භටයින් හොරෙන් සැඟව ලා රොක් බලකොටුව තුලට ගෙන ඒම ජයග්‍රහණය නොවන අතර, යුද්ධය අතරවාරයේදී ක්ලෙයාර් මරණීය තර්ජනයකටද ලක් නොවේ.
  • පොතට අනුව " කළු අශ්වයා " නමින් හඳුන්වන සර් ගයි ද මලෙගන්ට් පිළිගත් සතුරා වනමුත් චිත්‍රපටය සඳහා එම චරිතය සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇත.