Jump to content

ටමු කුළු කන්ද

විකිපීඩියා වෙතින්
ටමු කුළු කන්ද
ශිඛර ගැඹුර6,500 අඩි (2,000 මී)[1]
උස4 සැතපුම ([convert: unknown unit])[1]
පිහිටුම
පිහිටුමවයඹදිග ශාන්තිකර සාගරය
ඛණ්ඩාංක33°N 158°E / 33°N 158°E / 33; 158
භූ විද්‍යාව
වර්ගයපලිස් යමහල
පාෂාණයන්හී වයස144.6 ± 0.8 Ma[2]
අවසන් ක්‍රියාකාරිත්වය144.6 ± 0.8 Ma[2]
ඉතිහාසය
සොයාගත් දිනය5 සැප්තැම්බර් 2013

ටමු කුළු කන්ද යනු, වයඹදිග ශාන්තිකර සාගරයේ පිහිටි අක්‍රීය අධඃසාමුද්‍ර පලිස් යමහලකි. [3] එහි සොයාගැනුම ප්‍රකාශයට පත්කෙරුනේ2013 සැප්තැම්බර් 5 දිනදීය. ටමු කුළු කන්ද, පෘථිවියෙහි විශාලතම යමහල වන අතර, සෞර ග්‍රහ මණ්ඩලයෙහි විශාලතමයන් අතුරින් එකක් වෙයි. [1] එය පිහිටා ඇත්තේ, ජපානයට 1,600 කිමී[convert: unknown unit] පමණ නැගෙනහිරට වන්නට, ෂට්ස්කි නැඟුමෙහිය. එහි මුදුන, සාගර පෘෂ්ඨයෙන් 6,500 අඩි ([convert: unknown unit]) පමණ පහළින් පිහිටා ඇති අතර, එහි පාදම, 4 සැත ([convert: unknown unit]) පමණ ගැඹුරට විහිදෙයි.[1]

* ටමු
  කුළු කන්ද
ෂට්ස්කි නැඟුම
එම්පරර් සීමවුන්ට්ස් දාමය
හවායියානු වැටිය
ජපානය
කම්චට්කා
ඇලස්කාව
* ටමු
  කුළු කන්ද
ෂට්ස්කි නැඟුම
එම්පරර් සීමවුන්ට්ස් දාමය
හවායියානු වැටිය
ජපානය
කම්චට්කා
ඇලස්කාව
ටමු කුළු කන්දේ පිහිටුම [4][5]

භු විද්‍යාව

[සංස්කරණය]

ටමු කුළු කන්ද තැනී ඇත්තේ වසර මිලියන 145 පමණ ඉහතදීය. ෂට්ස්කි නැඟුම තුල තනි යමහලක් ලෙසින් එහි සොයාගැනුම [6] නිසාවෙන්, මවුනා ලෝවා අබිබවා යන එය, පෘථිවියෙහි විශාලතම යමහල වෙයි. සම්පූර්ණයෙන් 260,000 වර්ග කිලෝ මීටර (2.8×1012 sq ft) අබිබවන, 450 by 650 කිමී[convert: unknown unit] පෙදෙසක් පුරාවට පැතිරෙන හා එහි වටකුරු ශිඛරය, 5,000 වර්ග කිලෝ මීටර (5.4×1010 sq ft) වර්ගප්‍රමාණයක් සහිත මවුනා ලෝවාට වඩා බොහෝ වාරයක් විශාල වන අතර, අඟහරු මත පිහිටි යෝධ යමහල ඔලිම්පස් මොන්ස් හට වඩා කුඩා වන්නේ 20% කින් පමණි. බැසෝල්ට් නම් කළුවන් ආග්නේය පාෂාණ වලින් සමස්ත යමහල සමන්විත වී ඇත. එහි බෑවුම් ඉතාමත් ක්‍රමානුකූල වන අතර, එහි ශිඛරය සමීපයෙහිදී අංශකයකින් අඩක සිට අංශකයක් දක්වා අගයයක් සහිත වෙයි. යමහලෙහි ප්‍රමාණය, නිව් මෙක්සිකෝ[1] හෝ බ්‍රිතාන්‍ය දිවයින් හා සමග තුල්‍ය කල හැකි වෙයි.[4]

චුම්බක රේඛීයකරණ ආශ්‍රිතයෙන්, අගාධමිතික උච්චයන් තුනක්ද පහත් වැටියක්ද ඇති බව සොයා ගෙන ඇති අතර, එයින් ව්‍යංගනය වන්නේ වෙනස් යමහල් තුනක් වුවද, දුම්ගොබ ශීර්ෂ ආකෘතිය අනුව එය තනි ඉමහත් යමහලක් බව පෙන්නුම් කෙරුණි. [6][7]

ටමු යන්න, ටෙක්සාස් ඒඇන්ඩ්එම් විශ්වවිද්‍යාලයය යන්නට ඉංග්‍රීසියෙන් යෙදෙන “Texas A&M University” යන පදයෙහි කෙටි යෙදුමක් [8] වන අතර, යමහල අධයයනය කරන ප්‍රධාන පෙලේ විද්‍යාඥයින් අතර එක් අයෙකු වන හූස්ටන් විශ්වවිද්‍යාලයෙහි භූ විද්‍යා මහාචාර්ය විලියම් සැගර් පෙරදී උගැන්වූ විශ්වවිද්‍යාලය මෙය වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 3 4 5 හොවාඩ්, බ්‍රයන් ක්ලාක් (2013-09-05). "නිව් ජයන්ට් වෝලකැනෝ බිලෝ සී ඊස් ලාජස්ට් ඉන් ද වර්ල්ඩ්". නැෂනල් ජියෝග්‍රාෆික්. http://news.nationalgeographic.com/news/2013/09/130905-tamu-massif-shatsky-rise-largest-volcano-oceanography-science/.
  2. 1 2
    මෙම උපහරණය ස්වයංක්‍රීය ලෙසින් මීළඟ විනාඩි කිහිපය තුලදී සම්පූර්ණ කෙරෙනවා ඇතඔබ හට පෙළ මගහැරීම හෝ හස්තීය ලෙසින් විහිදුවාලීම කළ හැක
  3. ↑ විට්ස්, ඇලෙක්සැන්ඩ්‍රා (2013-09-05). "අන්ඩර්වෝටර් වොල්කැනෝ ඊස් අර්ත්ස් බිගස්ට්". නේචර් නිවුස් ඇන්ඩ් කොමෙන්ට්. doi:10.1038/nature.2013.13680.
  4. 1 2 Myslewski, Rik (2013-09-05) The Solar System's second-largest volcano found hiding on Earth. theregister.co.uk
  5. ↑ "බොටම්ෆිෂ් ෆිෂරීස් බයි ජැපෑන්, රෂියා, ඇන්ඩ් රිපබ්ලික් ඔෆ් කොරියා ඔකර් ඔන් වේරියස් සීමවුන්ට්ස් ඉන් ද නෝර්ත්වෙස්ට් පැසිෆික් විතින් ඉන්ටර්නැෂනල් වෝටර්ස්". .pifsc.noaa.gov. හොනලුලු, HI: පෑසිෆික් අයිලන්ඩ්ස් ෆිෂරීස් සයන්ස් සෙන්ටර්, NOAA. සම්ප්‍රවේශය 2013-09-06.
  6. 1 2 විලියම් ඩබ්. සැගර්, ජිංචං ෂාං, කුන් කොරිනාගා, ටකෂි සානෝ, ඇන්ටනී ඒ. පී. කොපර්ස්, මයික් විඩෝසන්, සහ ජෝන් ජේ. මහෝනි (2013-09-06). "ඇන් ඉම්මෙන්ස් ශීල්ඩ් වොල්කැනෝ විතින් ද ෂට්ස්කි රයිස් ඕෂනික් ප්ලැටෝ, නෝර්ත්වෙස්ට් පැසිෆික් ඕෂන්". ‍නේචර් ජියෝසයන්ස්. http://www.nature.com/ngeo/journal/vaop/ncurrent/full/ngeo1934.html.
  7. ↑ සැගර්, විලියම්. "ටෙක්ටොනික් ඉවලූෂන් ඔෆ් ෂට්ස්කි රයිස්: අ ප්ලැටෝ ෆෝර්ම්ඩ් බයි අ ප්ලූම් හෙඩ් ඕ නොට්?". MantlePlumes.org.
  8. ↑ "වර්ල්ඩ් ලාජස්ට් වොල්කැනෝ නවු නේම්ඩ් ටමු". ටමු ටයිම්ස්, ටෙක්සාස් ඒඇන්ඩ්එම් යුනිවර්සිටි. 2013-09-05. http://tamutimes.tamu.edu/2013/09/05/worlds-largest-volcano-now-named-tamu/.
"https://si.wikipedia.org/w/index.php?title=ටමු_කුළු_කන්ද&oldid=281389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි