Jump to content

ජෝර්ජ් ඕවෙල්

විකිපීඩියා වෙතින්
ජෝර්ජ් ඕවෙල්
කළු කෙස් සහ සිහින් උඩු රැවුලක් සහිත මැදි වියැති පිරිමියෙකුගේ උඩු කය ඡායාරූපයක්
ජෝර්ජ් ඕවෙල්ගේ මාධ්‍යවේදී අවසරපත්‍රයෙහි ඇති ඡායාරූපය, 1943
උපත
එරික් ආතර් බ්ලෙයාර්

25 ජුනි 1903(1903-06-25)
මෝතිහාරි, බෙංගාල පාලන ප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
මියගිය දිනය21 January 1950(1950-01-21) (වයස 46)
ලන්ඩන්, එංගලන්තය
සතපවන ලද තැනඕල් සෙන්ට්ස් පල්ලිය, සටන් කෝට්නි, ඔක්ස්ෆර්ඩ්ෂයර්, එංගලන්තය
අධ්‍යාපනයඊටන් කොලේජ්
රැකියාව
දේශපාලන පක්ෂයස්වාධීන කම්කරු පක්ෂය (1938 සිට)
කලත්‍රයා(යන්)
දරුවන්රිචඩ් බ්ලෙයාර්
ජෝර්ජ් ඕවෙල්
ලේඛන අන්වර්ත නාමයජෝර්ජ් ඕවෙල්
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදය
අත්සන
Eric Blair ("George Orwell")

එරික් ආතර් බ්ලෙයාර් (1903 ජුනි 25 – 1950 ජනවාරි 21) යනු බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරුවෙක්, කවියෙක්, රචනාකරුවෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ විචාරකයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ජෝර්ජ් ඕවෙල් යන අන්වර්ථ නාමයෙනි.[1] සමාජය පිළිබඳ විවේචනයන් සහ සියලුම ආකාරයේ ඒකාධිපතිවාදයන් කෙරෙහි විරෝධය ඔහුගේ ලියවිලි වල ප්‍රධාන තේමාවන් විය. ඔහු වාමාංශික අධිකාරවාදී කොමියුනිස්ට්වාදයට සහ දක්ෂිණාංශික ෆැසිස්ට්වාදය යන දෙකටම විරුද්ධ වූ අතර, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයට සහාය පළ කළේය.[2]

ඕවෙල් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ 1945 දී ඔහු ලියූ ඇනිමල් ෆාම් (සත්ව ගොවිපොළ) නමැති උපහාසාත්මක, උපමාන්විත කෙටි නවකතාව සහ 1949 දී ලියූ නයින්ටීන් එයිටි-ෆෝ (එක්දහස් නවසිය අසූ හතර) නමැති ඩිස්ටෝපියානු නවකතාව සඳහායි. එහෙත්, ඔහුගේ ලේඛනයන් සාහිත්‍යමය විචාර, කාව්‍යය, ප්‍රබන්ධ සහ විවාදාත්මක මාධ්‍යවේදය යනාදී පුළුල් පරාසයක් පුරා විහිදෙයි. ඕවෙල්ගේ ප්‍රබන්ධ-නොවන ග්‍රන්ථ අතුරින්, කාර්මීකරණයට ලක්වෙමින් පැවති උතුරු එංගලන්තයේ කම්කරු පන්තියේ පුරවැසියෙක් ලෙස ඔහු ලත් අත්දැකීම් ඇතුලත් කර 1937 දී ලියූ ද රෝඩ් ටු විගන් පියර් සහ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ සටන් කිරීමෙන් ලත් අත්දැකීම් ගොනු කරමින් 1938 දී ඔහු ලියූ හොමේජ් ටු කැටලෝනියා මෙන්ම ඔහුගේ දේශපාලනය, සාහිත්‍ය, භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ රචනාවන් ද මහත් විචාරක ඇගයීමට ලක්ව තිබේ.

ඕවෙල්ගේ ලියවිලි ජනප්‍රිය සංස්කෘතිය සහ දේශපාලන සංස්කෘතිය තුල තවදුරටත් ඉහල වැදගත්කමක් දරයි. ඒකාධිපාතිවාදී සහ අධිකාරවාදී අදහස් සහ ක්‍රියාවන් හැඳින්වීමට ඉංග්‍රීසි භාෂාවෙහි "ඕවීලියානු" (ඉංග්‍රීසි:  Orwellian) යන විශේෂණ පදය භාවිත වෙයි. එමෙන්ම ඕවෙල්ගෙ කෘතිවල එන, ඔහු විසින් නිර්මාණය කළ යෙදුම් වන "බිග් බ්‍රදර්" (ලොකු සහෝදරයා), "Thought police" (චින්තන පොලීසිය), "Room 101" (101 කාමරය), "Newspeak" (නවභාෂාව), "memory hole" (මතක ගුල), "doublethink" (දිවිත්ව චින්තනය) සහ "thoughtcrime" (චිත්තාපරාධය) වැනි යෙදුම් ද වර්තමානය වන විට ඉංග්‍රීසි වාග්මාලාවට එකතු වී ඇත.[3][4] 2008 දී, ද ටයිම්ස් පුවත්පත විසින් 1945 න් පසු බ්‍රිතාන්‍යයේ දෙවැනි විශිෂ්ටතම ලේඛකයා ලෙස ඕවෙල් නම් කරන ලදී.[5]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "George Orwell". The British Library. 16 January 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 October 2019.
  2. ^ Gale, Steven H. (1996). Encyclopedia of British Humorists: Geoffrey Chaucer to John Cleese, Volume 1. Taylor & Francis. p. 823.
  3. ^ Robert McCrum, The Observer, 10 May 2009
  4. ^ "Quotations: G. Orwell". Oxford English Dictionary. සම්ප්‍රවේශය 2 September 2017.
  5. ^ "The 50 greatest British writers since 1945". The Times. 5 January 2008. සම්ප්‍රවේශය 7 January 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජ්_ඕවෙල්&oldid=704955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි