ජෛවීය භෞතික විද්‍යාව
ජෛවීය පද්ධති ගවේෂණය කිරීම සඳහා භෞතීය විද්‍යාත්මක වාදයන් හා ක්‍රමවේදයන් සංවර්ධනය කෙරෙන හා යොදා ගැනෙන අන්තර් විනයානුකූල විද්‍යාවක් ලෙස භෞතීය ජීව විද්‍යාව හැඳින්විය හැක. ජෛවීය භෞතික විද්‍යාවේ සෙවන යටතේ සිදු කෙරෙන අධ්‍යයනයන් අණු මට්ටමේ සිට ජීවී හා පරිසර පද්ධති මට්ටම් දක්වා සියළු කේෂ්ත්‍රවල පැතිර පවතී. ජෛවීය භෞතික විද්‍යාත්මක ගවේෂණයෙන් ජීව රසායන විද්‍යාව නැනෝ තාක්ෂණය , ජීව ඉංජිනේරු විද්‍යාව , පද්ධති ජීව විද්‍යාව යන විෂයන් සමඟ පැහැදිලි අතිච්ඡාදනයන් දක්වයි.
අණුක ජෛවීය භෞතික භෞතික විද්‍යාව සාමාන්‍යයෙන් ජීව රසායන විද්‍යාවේ හෝ අණුක ජීව විද්‍යාවේ අසන ප්‍රශ්න අසනු ලැබුව ද ඒවා විශාල ප්‍රමාණයෙන් අසනු ලැබේ. DNA, RNA හා ප්‍රෝටීන සංස්ලේෂණය අතර අන්තර්ක්‍රියා වැනි විවිධ සෛලීය පද්ධති අතර අන්තර්ක්‍රියා පිළිබඳව හා ඒවා සංවිධනය වී ඇති ආකාරය පිළිබඳව මෙම කේෂ්ත්‍රයේ විද්‍යාඥයින් පර්යේෂණ පවත්වයි. තාක්ෂණයේ විශාල විවිධත්වයක් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී යොදා ලැබේ.
ජෛව විද්‍යාත්මක වැදගත්කමක් ඇති ව්‍යුහ දැක ගැනීම සඳහා ප්‍රතිදීප්ත ප්‍රතිබිම්බ තාත්වික ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ , X - කිරණ ස්ඵටික රූපණය , පරමාණුබල අන්වීක්ෂ සුලභව යොදා ගැනේ. ප්‍රකාශ අඬු හෝ පරමාණුක බල අන්වීක්ෂ යොදා ගෙන සියළු බල හා දුරවල් නැනෝ පරිමාණයෙන් සිදුවන ජීව විද්‍යාත්මක සංසිද්ධි අධ්‍යයනට අණු සෘජුව හැසිරවීම සිදු කෙරේ. අණුක ජීව භෞතීය විද්‍යාඥයන් බොහෝ සංකීර්ණ ජීව විද්‍යාත්මක සංසිද්ධි සංඛ්‍යාන යාන්ත්‍ර විද්‍යාව, තාප ගති විද්‍යාවේ හා රසායනික චාලනය යන විෂයන් සමඟ අන්තර්ක්‍රියා කරන බැවින් ඒවා තුළින් හඳුනාගතහැකි පද්ධති ඒකක ලෙස සලකයි. අණු හෝ අණු සංකීර්ණවල ව්‍යුහයන් හා අන්තර්ක්‍රියා දැක බලා ගැනීමට, ආකෘති ගොඩනැංවීමට හෝ ඒවා හැසිරවීමට ජෛවීය භෞතික විද්‍යාඥයින් බොහෝ විට සමත් වන්නේ බහු විනයානුකූලව පරීක්ෂණාත්මක තාක්ෂණ හා දැනුම එක්රැස් කිරීමෙනි.
ව්‍යුහීය ජීව විද්‍යාව හෝ එන්සයිම චාලනය ආදී සාම්ප්‍රදායික ජෛවීය භෞතික විද්‍යාත්මක මාතෘකාවලට අමතරව අසාමාන්‍ය පුළුල් පරීක්ෂණ පරාසයක් වැටලීමට නූතන ජෛවීය භෞතික විද්‍යාව සමත්ව සිටී. භෞතික විද්‍යාවෙන් , සංඛ්‍යානයෙන් , ගණිතයෙන් උකහා ගන්නා පරීක්ෂණාත්මක තාක්ෂණික ක්‍රම හා ආකෘති පටක, අවයව, ගහණ, පරිසර පද්ධති වැනි විශාල පද්ධති සඳහා යොදා ගැනීම ජෛවීය භෞතික විද්‍යාඥයින් සඳහා වඩාත් පොදු දෙයක් බවට පත්ව තිබේ.