ජේන් ඕස්ටන්

විකිපීඩියා වෙතින්

ජේන් ඕස්ටන්


ජේන් ඕස්ටන්ගේ දිය සායම් හා පැන්සල් චිත්‍රය සලකනු ලබන්නේ ඇගේ සොයුරිය වූ කැසෙන්ඩ්‍රා විසින් ඇගේ ජීවිතයෙන් ගෙන ඇඳි චිත්‍රයක් ලෙසිනි.

1775 දෙසැම්බර් මස 16 වන දින උපත ලැබූ ජේන් ඕස්මන් ඉංග්‍රීසි නවකතා කතුවරියක වූවාය. යථාර්තවාදීව තියුණු ලෙස සමාජ විවරණයක යෙදුණු ඇය අති දක්ෂ ලෙස වක්‍රෝත්තිය, පරිභාසය හා ව්‍යංගය උපයෝගී කොට ගෙන බ්‍රිතාන්‍ය සාහිත්‍යය තුළ පුළුල් ලෙස ජනාදරයට පාත්‍ර විය.

ඕස්ටන් මුළු ජීවිත කාලයම සිය පවුල සමඟ සමීපව ගත කරන ලදී. ඇය තම ප්‍රාථමික අධ්‍යාපනය තම පියාගෙන් හා වැඩිමල් සහෝදරයන්ගෙන් ද, ස්වකීය කියවිම තුළින් ද වැඩි දියුණු කරගත් අතර ඇය තම පවුල තුළින් ලද ස්ථිරසාර සහයෝගය වෘත්තිමය ලේඛිකාවක් වශයෙන් දියුණුවට පත්වීමට මහඟු පිටුවහලක් විය. ඕස්ටන්ගේ කලා හැකියාවේ ආධුනිකත්වය ඇයගේ තාරුණ්‍යයේ සිට තිස්පස් විය දක්වාම නොනැසී පැවතුණි. මේ කාලය තුළ ඇය විසින් ප්‍රධාන වශයෙන් කෘතීන් තුනක් රචනා කළ අතර සිවුවන කෘතිය ද රචනා කිරීමට අරඹන ලදී. 1811 සිට 1815 දක්වා වූ වකවානුව තුළ “සංවේදනය හා සංවේදීතාව (1811), මානය හා අගතිය (1813), මැන්ස්ෆීල්ඩ් පාර්ක් (1814) හා ඒවා (1815)” යනාදී නවකතා එළි දැක්වූ අතර ඉනව් ඇය ප්‍රසිද්ධ ලේඛිකාවක වශයෙන් සාර්ථකත්වයට ළඟා වුණි. ඇය විසින් තවත් අමතර කෘති 2ක් රචනා කරනු ලැබූ අතර ඒවා, නොතෙන්ජර් ඇබේ” (1798 හා 1799 දී රචනා කොට පසුව සංශෝධනය කරන ලදී) හා “පෙළඹවීම” නම් විය. මෙකී නවකථා දෙකම එළි දුටුවේ 1817 දී ඇගේ මරණයෙන් පසුව වේ. එමෙන්ම ඇය විසින් තෙවන කෘතිය ද රචනා කිරීමට ආරම්භ කළ නමුදු (එය සැන්ඩිෂන් ලෙස නම් කරන ලදී) එය සම්පූර්ණ කිරීමට පෙර ඇය මෙලොවින් සමුගත්තාය.


ඇගේ ජීවිත කාලය තුළ ඇය විසින් ඉටු කරන ලද සේවයට කුඩා කීර්තියක් හා ධනාත්මක විවේචන කිහිපයක් පමණක් කුඩා කීර්තියක් හා ධනාත්මක විවේචන කිහිපයක් පමණක් ගෙන දුන් අතර 19 වන සියවසේ මැද භාගය වන විට සාහිත්‍යයේ පරිපූර්ණත්වය පැමිණි අය පමණක් අගේ නවකථා අගය කොට සලකන ලදී. කෙසේ වුවත් ඕස්ටන්ගේ බෑණා විසින් 1870 දී පළ කරන ලද “ජේන් ඕස්ටන්ගේ ජීවිත කථා නිබන්ධනය” නම් වූ කෘතිය මඟින් ඇගේ ජීවිතය හා ඇය විසින් කරනු ලැබූ සේවය පොදු මහත් ජනතාවටම හඳුන්වා දෙන ලදී. 1940 වන විට ඇය විශිෂ්ට ඉංග්‍රීසි ලේඛිකාවක් ලෙස නම් දැරීය. එමෙන්ම 20 වන ශත වර්ෂයේ දෙවන භාගයේ දී ඇය කෙරෙන් දිස්වූ විශේෂ ප්‍රාගුණ්‍යය ඇයගේ කෘතීන් හරහා විවිධාකාරයෙන් පිළිඹිබු විය. කලාත්මක, මතවාදීය හා ඓතිහාසිකමය වශයෙන් ඇගේ නවකථාවල වූ විවිධ පැතිකඩයන් ගවේෂණයට භාජනය කරන ලදී. වර්තමානයේ දී ඕස්ටන් විසින් රචිත කාතීන් ශාස්ත්‍රීය සාහිත්‍ය විවරණය තුළ බහුල වශයෙන් අධ්‍යනයට හා විවාදයට භාජනය වේ. ජනප්‍රිය සංස්කෘතිය තුළ ඕස්ටන්ගේ ජීවිතය හා ඇගේ සේවය පාදක කොට ගෙන මෙන්ම ඒවා අනුවාද කොට ගෙන විවිධාකාරයේ චිත්‍රපට හා රූපවාහිනී රචනා බිහි විය.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Jane_Austen

"https://si.wikipedia.org/w/index.php?title=ජේන්_ඕස්ටන්&oldid=465109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි