ජේතවනාරාමය, අනුරාධපුර

විකිපීඩියා වෙතින්
(ජේතවනාරාමය (අනුරාධපුර) වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රතිසංස්කරණය නිම වූ ජේතවනාරාමයේ දාගැබ

ජේතවනාරාමය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුරාණ නගරයේ පිහිටා තිබූ විහාර සංකීර්ණයකි.

ජේතවනාරාම දාගැබ[සංස්කරණය]

ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ.(නමුත් වර්තමානයේ දී රුවන්වැලි මහා සෑය විශාලම ස්ථූපය ලෙස සලකයි.ජේතවනාරාමයේ කොතෙන් කොටසක් කඩා වැටී තිබුණත් එය ප්‍රතිසංස්කරණ නොකරන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ තැන්පත් කර ඇති බැවිනි.) ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය (සාගලික නිකායට) අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.

ජේතවනාරාමය - අනුරාධපුර ශ්‍රී ලංකාව

==ජේතවනාරාමය පිළිබදව කෙටි සටහනක් ==

ජේතවනාරාම බෝධීඝරය[සංස්කරණය]

ඛණ්ඩාංක: 8°21′06″N 80°24′13″E / 8.35167°N 80.40361°E / 8.35167; 80.40361

Ratnayake, Hema (1993) Jetavana. In The Cultural Triangle of Sri Lanka. Paris: Unesco Publishing/CCF.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජේතවනාරාමය,_අනුරාධපුර&oldid=628978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි