ජෙංඝිස් ඛාන්: ටු ද එන්ඩ්ස් ඔෆ් ද අර්ත් ඇන්ඩ් සී

විකිපීඩියා වෙතින්
ජෙංඝිස් ඛාන්: ටු ද එන්ඩ්ස් ඔෆ් ද අර්ත් ඇන්ඩ් සී
ජපන් පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයෂිනිචිරෝ සවායි
රචනයටකෙහිරෝ නකජිමා
ෂෝයිචි මරුයමා
නිශ්පාදනයමිනොරු එබිහරා
හරුකි කඩොවකා
කට්සුහිතෝ මත්සූරා
යුටාකා ඔකාඩා
අකිහිකෝ ඕසුගි
යොෂියාකි ටොකුටොමේ
රංගන ශිල්පීන්ටකාෂි සොරිමාචි
රෙයි කිකුකවා
මයුමි වකමුරා
සිනෙමාරූපණයයොනෙසෝ මේඩා
සංස්කරණයඅකිමසා කවෂිමා
සංගීතයටරෝ ඉවෂිරෝ
Production
companies
බෙදාහැරීමෂොචිකු (ජපානය)
ෆනිමේෂන් (එ.ජ.)[1]
නිකුත්වූ දින
මාර්තු 3, 2007 (ජපානය)
පෙබරවාරි 21, 2008 (එ.ජ. සීමාසහිත)[1]
තිර කාලය
මිනිත්තු 136
රටජපානය/මොංගෝලියාව
භාෂාවජපන්
පිරිවැයඇ. ඩො. මිලියන 30

ජෙංඝිස් ඛාන්: ටු ද එන්ඩ්ස් ඔෆ් අර්ත් ඇන්ඩ් සී (蒼き狼 地果て海尽きるまで; අඔකි ඕකාමි: චි හටේ උමි ට්සුකිරු මඩේ; සාහිත්‍යමය: "නිල් වෘකයා: පොළොවේ සහ සයුරේ අන්තය දක්වා") යනුවෙන් හැඳින්වෙන්නේ 2007දී ප්‍රදර්ශනය ඇරඹි ජපන් - මොංගෝලියානු ඓතිහාසික නාට්‍යමය චිත්‍රපටයකි. මෙමගින් ජෙංඝිස් ඛාන්ගේ දිවිය නිරූපණය වේ.

කථා පුවත[සංස්කරණය]

තෙමුජින් (සොරිමචි ටකාෂි) උපත ලබන්නේ මොංගෝලියානු ‍ගෝත්‍රයක නායකයකුගේ පුත්‍රයකු ලෙසයි. ක්‍රමයෙන් වැඩෙන ඔහු “නිල් වෘකයා”ගේ රුධිරය දරන තැනැත්තා යන නාමයෙන් ප්‍රකට වේ. තුරුණු වියට එළඹෙන ඔහු බොර්තේ (කිකුකවා රෙයි) නැමැත්තිය සරණ පාවා ගනියි. නමුත් එක් රැයක වෙනත් ගෝත්‍රිකයින් පිරිසක් විසින් ඇයව පැහැරගෙන යනු ලබයි. තෙමුජින් ඇයව බේරාගන්නා විට ඇය ගැබ්ගෙන සිටියි. ඉන් නොබෝ කලකට පසුව ඇයට පුතකු උපදියි. මේ දරුවා වෙනත් ආගන්ත්‍රකයකුගේ දරුවකු විය හැකි බැවින් තෙමුජින් දරුවාට ජොචි (මට්සුයාමා කෙනිචි) යන නම තබයි. එහි අරුත පිටස්තරයා යන්නයි. ඔහු එම දරුවා තම දරුවකු ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. කාලයක් ගත වන අතර, තෙමුජින් මොංගෝලියාවේ රජු ලෙස සිහසුනට පත් වේ. ඔහු සිය නාමය ජෙංඝිස් ඛාන් ලෙස වෙනස් කරගනියි. ඔහු දිගු කාලීන සිය සතුරන් වන ජින් රාජවංශයෙන් පළිගැනීමට අදහස් කරයි. අවසානයේ ජෝචි සිය පුත්‍රයා ලෙස පිළිගන්නා ජෙංඝිස් ඛාන් ඔහු සමග එක්ව සටන් බිමේ සටනෙහි යෙදෙයි. නමුත් සතුරන් අතින් ජෝචි මියයයි. තනිවම සටනේ යෙදෙන ජෙංඝිස් අවසානයකින් තොරව දිගටම සටන දියත් කරයි. මෙම ඓතිහාසික චිත්‍රපටය මෙංගෝලියානු අධිරාජ්‍යය එක්සත් කොට ‍දැන සිටි ලෝකයෙන් අඩක් ආක්‍රමණය කළ ජෙංඝිස් ඛාන් නැමැති වීරයාගේ ජීවිතය පිළිබඳ නිර්මාණය වූවකි.[2]


චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

ටකෙහිරෝ නකජිමා සහ ෂෝචි මරුයමා විසින් මෙම තිර රචනය සඳහා පාදක කරගත්තේ සෙයිචි මොරිමුරා විසින් රචනා කරන ලද ඓතිහාසික ප්‍රබන්ධ නවකථා වන චි හටේ උමි ට්සුකිරු මඩේ: ෂෝසෙට්සු චින්ගිසු හාන් (උඒ) සහ චි හටේ උමි ට්සුකිරු මඩේ: ෂෝසෙට්සු චින්ගිසු හාන් (ෂිටා) යන නවකථායි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක් වැය වූ අතර, 2006දී මාස හතරක් පුරාවට මොංගෝලියාවේ මෙය රූගත කිරීම් සිදු විය. එහිදී අතිරේක පිරිස් 27,000කට වැඩි සංඛයාවකුත්, මොංගෝලියානු සෙබලුන් 5,000කුත් යොදවා ගැනිණි.[3]

මුදාහැරීම[සංස්කරණය]

ජෙංඝිස් ඛාන්: ටු ද එන්ඩ්ස් ඔෆ් අර්ත් ඇන්ඩ් සී චිත්‍රපටය 3007 මාර්තු 3වන දින ජපානය තුළ මුදා හැරිණි. එසේම හොං කොං තුළ 2007 අප්‍රේල් 26 දිනත් මුදාහැරිණි. එසේම මෙම චිත්‍රපටය කෑන්ස් චිත්‍රපට උළෙල, මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සහ 2007 ඇන්ටල්යා ගෝල්ඩන් ඔරේන්ජ් චිත්‍රපට උළෙල යන සිනමා උළෙලවල්හිදී ප්‍රදර්ශනය කෙරිණි. 5වන බැංකොක් ලෝක චිත්‍රපට උළෙල සහ සැන් ෆ්‍රැන්සිස්කෝ ආසියානු චිත්‍රපට උළෙලේ පළමුව ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපටය ද මෙයයි.

ජෙංඝිස් ඛාන් චිත්‍රපටය ද බිගර් පික්චර් ආයතනය විසින් 2008 පෙබරවාරි 21 සිට එක්සත් ජනපද සිනමා ශාලා 40ක පමණක් ප්‍රදර්ශනය කෙරිණි. පෙබරවාරි 25වන විට එය ඇ. ඩො. 3,892 ක් එහිදී උපයා ගන්නට සමත් විය‍. ජපානයේ සහ මොංගෝලියාවේ ප්‍රදර්ශනයතුළින් එය ආසන්න වශයෙන් ඇ.ඩො. මිලියන 11ක් උපයා ගැනීමට සමත් විය.[1]

ජෙංඝිස් ඛාන් චිත්‍රපටයේ DVD සංස්කරණය එක්සත් ජනපදය තුළ 2008දී මුදාහැරිණි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 ජෙංඝිස් ඛාන්: ටු ද එන්ඩ්ස් ඔෆ් ද අර්ත් ඇන්ඩ් සී සඳහා බොක්ස් ඔෆීස් මොජෝහි ඇති ගිණුම. සම්ප්‍රවේෂණය පෙබරවාරි 25, 2008.
  2. "ද බ්ලූ වුල්ෆ් (後のチンギス・ハーン)". සම්ප්‍රවේශය 29 ජනවාරි 2014.
  3. ඉංග්ලිෂ් සබ්ටයිට්ල්ඩ් තියට්‍රියල් ට්‍රේලර් ෆෝ ෂිනිචිරෝ සවායි'ස් ජෙංඝිස් ඛාන්: ටු ද එන්ඩ්ස් ඔෆ් ද අර්ත්, Twitchfilm.net; සම්ප්‍රවේෂණය 2007-11-12

බාහිර සබැඳි[සංස්කරණය]