ජුඩ් ධර්ම දූතයා

විකිපීඩියා වෙතින්
tiny globe
ජොජ්ස් ද ලා ටුවර් විසින් ශාන්ත ජුඩ් තදෙවුස් (ශතක 1615-1620)ධර්ම දූතවරයා හා ප්‍රාණපරිත්‍යාගවරයා
උපත ක්‍රි.ව පෙර හෝ ක්‍රිස්තු වර්ෂයෙන් පළමු වන සියවසේ
මරණය ක්‍රි.ව පළමුවන සියවසේ පර්සියාවේදී
ගෞරවය දැක්වීම රෝමානු කතෝලික සභාව, නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සාධාර්මික සභාව, නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග කතෝලික සභාව, ක්‍රිස්තියානු කොප්ටික්වරුන්, එංගලන්ත සභාව
ප්‍රධාන ‍සිද්ධාන්තය ශාන්ත පීටර්, රෝමය, රීම්ස්, Toulouse, ප්‍රංශය
මංගල්‍යය ඔක්තෝබර් 28 , ජුනි 29
ස්වභාවය/ උපලක්ෂණය පොරව, පිත්ත, බෝට්ටුව, හබල, පදක්කම (Armenia)ආර්මේනියාව, දරුණු අවස්ථා, රෝහල් ශාන්ත පිටස්බරග්, ෆ්ලොරිඩා
අනුග්‍රහය/ආධාරය පොලිස් දෙපාර්තමේන්තුව


ශාන්ත ජු‍ඩ් (ජුදාස්) ක්‍රිස්තියානු සාන්තුවරයෙකි. නව ගිවිසුමේ ජාකොබ්ගේ ජුඩ් හා තදෙවුස් යන නම්වලින්ද හඳුන්වයි. තවද ලෙබ්බකස්, තදෙවුස් හා ජුදාස් තදෙවුමස් යන නම් වලින් ද හඳුන්වයි. ග්‍රීක‍යේ තම ගිවිසුමේ සඳහන් වන අන්දමට ඔවුන්ගේ මුල් නම් සමාන වුවත් ජුඩ්, ජුදාස් ඉස්කැරියොට් සමඟ පටලවා නොගතයුතුයි. එනමුදු ඔවුන්ගේ නම ග්‍රීක ජුදා නමට විවිධත්වයක් වූයේ, එම නාමය යුදෙව් ජනතාව අතර පොදු නමක් බවට පත් වීම නිසාය.


ආර්මිනියානු ධර්ම දූතික දේවස්ථානය, තදෙවුස්ව, ශාන්ත බතලෙමෙවු සමගාමිත්වයෙන් ඇයගේ ආරක්ෂක මුනිවරයා ලෙස පිළිගත්තාය. රෝමානු කතෝලික සභාව මුහුණදුන් දරුණු අවස්ථාවලදී තවදුරටත් බලපෑම් කළ නොහැකි ආරක්ෂක මුනිවරයා ලෙස මොහුව පිළිගත්තේය.


ශාන්ත ජුඩ්ගේ උපලක්ෂණය වන්නේ පිත්තය. ඔහුගේ හිසෙහි ගිනිදැල්ලක ‍වැනි යමක් ද බොහෝ විට දැකගත හැකිය. මෙය පෙන්තකොස්ත සමයේ දී ශුද්ධාත්මයාණන් දානය කිරීමත් සමඟ සැබවින්ම නියෝජනය කරනු ලැ‍බේ. හිසේ ගිනිදැල්ලක් යන ස්වරූපයෙන් පෙනී සිටීමට හේතු වන්නේ ඔහු දරුණු අවස්ථාවල ආරක්ෂක මුනිවරයා ලෙස කටයුතු කිරීමත්, බලාපොරොත්තු රහිතව සිටින අයට හාස්කම් පැවැත්වීමත් නිසාය. ඔහුව මෙලෙස පෙන්වනුයේ ශාන්ත ජුඩ් හාස්කම් සිදු කරන ආකාරයෙන්ම ශුද්ධාත්මය ද ඒවා සිදු කරන බැවිනි. ඇතැම් විට ඔහු පොරව අල්ලා සිටින ආකාරයකින්ද නියෝජනය වන්නේය. (එනම් ඔහුව මරණයට පත් වුනේද මෙවැනි ආයුධයකින් බැවිනි). තවද සන්නස් පත්‍රය සමඟ හෝ පොතක් සමඟ හෝ වඩුවාගේ අධි කෝදුව සමඟ හෝ ඔහුව දැක ගත හැකිය.

සටහන්[සංස්කරණය]

Jude the Apostle
"https://si.wikipedia.org/w/index.php?title=ජුඩ්_ධර්ම_දූතයා&oldid=486349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි