ජීන් ඕගස්ට් ඩොමිනික් ඉන්ග්‍රස්

විකිපීඩියා වෙතින්
ජීන් ඕගස්ට් ඩොමිනික් ඉන්ග්‍රස්
විසි-සතර වියෙහිදී ස්ව-ආලේඛ්‍යය, 1804 (ප්‍රතිශෝධනය 1850 පමණ), කැන්වස් මත තෙල් සායම්, 78 x 61 සෙමී, මුසී කොන්ඩේ.
උපතේදී නමජීන් ඕගස්ට් ඩොමිනික් ඉන්ග්‍රස්
උපතඅගෝස්තු 24, 1780(1780-08-24)
මොන්ටාවුබාන්, ටාන්-එට්-ගැරොනේ, ප්‍රංශය
ක්ෂේත්‍රයසිත්තම්, ඇඳීම්
ව්‍යාපාරයනව-සම්භාව්‍යවාදය
කෘතීන්ලුවී-ෆ්‍රැන්කොයි බර්ටින්, 1832
ද ටර්කිෂ් බාත්, 1862

ජීන් ඕගස්ට් ඩොමිනික් ඉන්ග්‍රස් (1780 අගෝස්තු 29- 1867 ජනවාරි 14) ප‍්‍රංශ නව-සම්භාව්‍යවාදී සිත්තරකු විය. ඔහු තමන්ව ඵෙතිහාසික පිලිබඳ සිත්තරකු ලෙස හඳුන්වා ගත්තද ඔහු නියෝජනය කරන්නේ නිකලස් පොසින් සහ ෂාක් ලූවිස් ඬේවිඞ්ගේ සම්ප‍්‍රදායයි.

අතීතය කෙරෙහි ඉමහත් ගරුකටයුතු බවක් දැවූ ඔහු රොමාන්තිකවාදයට එරෙහි ශාස්ත‍්‍රාලීය සාම්ප‍්‍රදායිකත්වය වෙනුවෙන් පෙනීසිටි අයකු විය. වරක් “එම සියවසේ විශිෂ්ඨ මතකයන් වූ විශිෂ්ඨ ගුරුවරුන් වැජඹෙන කල්හි රෆායල් කලාවේ පරමෝත්කෘෂ්ඨ සීමාවන් නිශ්චය කරන ලදී. මම යහපත් ධර්මයේ ආරක්‍ෂකයකු මිස නව නිර්මාණකරුවකු නොවෙමි” යනුවෙන් ඔහු දක්වා ඇති අදහස් ඒ බවට දෙස් දෙයි. එකල පැවැති රෝමාන්තික සාරය මූර්තිමත් කරන්නන් ලෙස ඉන්ගස් හා ඔහුගේ සමකාලීන නව-සම්භාව්‍යවාදීහු ඉතිහාසය තුල කැපී පෙනෙන භූමිකාවන්ය. ආකෘතිය සහ අවකාශය පිලිබඳ ඔහුගේ න්‍යායයන් හේතුවෙන් ඔහු නූතන කලාවේ පුරෝගාමියකු ලෙස සැලකෙයි.