ජැකී ශ්‍රෝෆ්

විකිපීඩියා වෙතින්
Jackie Shroff.jpg
උපත 1957 පෙබරවාරි 1(වයස50)
මුම්බාය,මහාරාෂ්ට්‍රය,ඉන්දියාව
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1980-වර්තමාන
භාර්යාව අයේශා ශ්රෝෆ් (1987-වර්තමාන.)

]] ජයිකිශාන් කකුබායි හෙවත් "ජැකි ශ්‍රෝෆ්" (1957 පෙබරවාරි 1 උපත ලැබූ) ඉන්දියානු සිනමා නළුවෙකි. කකුබායි ශ්රෝෆ් හා රීටා ශ්රෝෆ්ගේ පුත්‍රයා වන ඔහු මුම්බායේ උපත ලැබු අතර ඔවුන්ගේ මවු බස ගුජරාති වේ.ඔහුට වයස අවුරුදු 10 දී ඔහුගේ සහෝදරයා වන හේමනත් ශ්‍රෝෆ් මිය ගියේ දියේ ගිලීමෙනි. ඔහු තම ගමන ආරම්භ කළේ "ස්වාමි දාදා" චිත්‍රපටයෙන් වන අතර,ඔහු ජනප්‍රිය වූයේ සුභාශ් ගායිගේ "හීරෝ" චිත්‍රපටයෙනි.

පෞද්ගලික ජීවිතය

1985 ජුනී 5 වැනි දින ජැකී ශ්රෝෆ්, අයේශා දත් හා විවාහ විය. ඇය චිත්‍රපට නිෂ්පාදකවරියක් වන අතර,"ජැකී ශ්රෝෆ් එන්ටටේන්මන්ට් ලිමිටඩ් "හි අයිතිකරුවන් වේ. ඔහුට දියණියක් හා පුත්‍රයෙක් සිටින අතර, දියණිය ක්‍රිෂ්ණා වන අතර පුත්‍රයා ටයිගර් වේ.පුත්‍රයා විසින් මෑතකදි උපාධිය ලබා ගත් අතර දියණිය තවමත් මුම්බායේ "ඇමෙරිකන් ස්කූල්" හි ඉගෙනුම ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජැකී_ශ්‍රෝෆ්&oldid=472610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි