ජාතික නිවාස ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ. .

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.


ජාතික නිවාස ප්‍රතිපත්ති ලේකම් කාර්යයාලය
ප්‍රතිපත්ති සම්පාදනය overview
Minister responsible
  • ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පෙදු පහසුකම් අමාත්‍යාංශය

පෙරවදන[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නිවාසකරණය ඉතිහාසයේ විවිධ වකවානුවලදී පැවති රජයන් විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ මත පරිනාමයට ලක්වී ඇත. එකී ප්‍රතිපත්ති එම කාල වකවානුවලදී එළි දැක්වුනු ප්‍රතිපත්තිමය ලේඛණ,අණපනත්, ස්ථාපිත කරනු ලැබූ ආයතන හා විවිධ නිවාස වැඩසටහන් මගින් පිලිබිඹු වේ.

ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද තමන් මුහුණදෙන සමාජ, ආර්ථික,සංස්කෘතික, පාරිසරික හා තාක්ෂණික අභියෝගවලට සාපේක්ෂව නිවාස සංවර්ධන ක්ෂේත්‍රය දෙස නැවත ආපසු හැරි බැලීමට බලකෙරී ඇත. ඒ තුළ සමාජ අරමුණු මෙන්ම ඒවා සාක්ෂාත් කරගත හැකි උපාය මාර්ගික ප්‍රවේශයන් පිළිබ‍ඳව නැවත සලකා බැලීමට සිදුවේ. විශේෂයෙන් මහින්ද චින්තන ඉදිරි දැක්ම පදනම් කොටගත් සැලැස්ම තුළ මෙතෙක් පැවති උපාය මාර්ග නැවත ස්ථානගත කිරීම අවශ්‍යවේ. ශ්‍රී ලංකාවේ ජාතික නිවාස ප්‍රතිපත්තිය එළි දැක්වෙන්නේ එකී ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසය.

නිවාස හිමි සමාජයක්[සංස්කරණය]

නිදහස් ශ්‍රී ලංකාවේ පසුගිය වසර 65 ක ඉතිහාසය තුල නිවාස ක්ෂේත්‍රයේ විවිධ ප්‍රතිපත්ති, වැඩසටහන් මෙන්ම ව්‍යාපෘතින් එක් එක් යුගයන්ට විශේෂිතව ක්‍රියාත්මක කොට ඇත. යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමත් සමඟම වු එකී පාලනයන් යටතේ වු නියාමන කාර්ය භාර්ය පවත්වාගෙන යමින් නාගරික මධ්‍යම පංතිය හා වැඩකරන ජනතාවගේ නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් වැඩි අවධානය යොමුකොට ඇත. 1952 වසරේ පත්කිරීමට යෙදුණු පළමු නිවාස අනුකාරක සභාවේ නිර්දේශ මත නිවාස විෂය වෙනුවෙන්ම 1953 වසරේ වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීමත් 1954 අංක 34 දරණ ජාතික නිවාස පනතින් ජාතික නිවාස දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීමත් ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයේ විශේෂ සංධිස්ථාන ලෙස හඳුනාගත හැක. 1961 වසරේ රජය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික නිවාස අවශ්‍යතාව සොයාබලා වාර්තා කිරිමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ,එම දශකයේ දී ජාතික නිවාස දෙපාර්තමේන්තුව මගින් සහ ඉන්පසුව නිවාස ක්ෂේත්‍රයේ හඳුන්වා දෙනු ලැබු විවිධ අණ පනත් හා ආයතන මගින් ක්‍රියාත්මකවූ වැඩසටහන්වල මුලික පදනම බවට පත්විය.1970 න් ඇරඹි යුගයේ රාජ්‍ය අණ පනත් තුලින් නිවාස හිමිකම, අයිතිය හා සැපයුම තහවුරු කිරිමට ප්‍රයත්නයක් ගෙන ඇත. එම අවධියේ රටේ නිවාස තොගයේ වැඩි දියුණුව මෙන්ම වඩ වඩාත් නිවාස ඉදිකිරිම මගින් නිවාස ඉල්ලුම සපුරාලීම රජයේ වගකීම හැටියට සලකා ඇති අතර, ඉහත දශක කිහිපයම නිවාස හිමි සමාජයක් උදෙසා රජයේ සෘජු මැදිහත්විම පිළිබිඹු කරයි.

සහභාගිත්ව නිවාසකරණය[සංස්කරණය]

නිවාසකරණය සඳහා වු රාජ්‍ය අරමුදල් සම්පාදනයේ සීමා බාධක මතුවිමේ හේතු මත නිවාස සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට යොමුවීම,හැත්තෑව දශකයෙන් පසුව සිදුවු විශේෂිත තත්ත්වයකි. ඒ සඳහා බාධාකාරි වු නිවාස අණපනත් සංශෝධනය කරමින් හා බදු සහන ලබාදෙමින් නිවාස හා නාගරික සංවර්ධනය මෙන්ම පර්යේෂණ හා පුහුණු ක්ෂේත්‍රයන්හි නව ආයතන ද බිහිකරමින්, දේශීය මෙන්ම විදේශීය පෞද්ගලික ඉදිකිරීම් අංශ වඩ වඩාත් නිවාස සංවර්ධනය සඳහා යොමුකරවීම මෙමගින් සිදුවිය.

අසූව දශකය වන විට නිවාස සඳහා පැවැති ඉහළ ඉල්ලුමත්, 1976 වසරේ කැනඩාවේ වැන්කුවර් නුවර පැවති එක්සත් ජාතින්ගේ පළමු ලෝක නිවාස සමුළු තීරණ සඳහා දැක්වූ අනුකූලතාවය මෙන්ම, නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයේ මතුවෙමින් පැවැති නව ප්‍රවනතාවන්ද සැලකිල්ලට ගනිමින්,සහභාගිත්ව නිවාසකරණය තුලින් රජය මඟ පෙන්වන්නෙකුගේ කාර්ය භාරය දක්වා පරිවර්ථනයවිම දැකිය හැකි වේ. පසුව මෙම සහායක ක්‍රියාවලිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය තුලින් නිවාස සංවර්ධන කාර්ය භාරය ඉටු කිරිම දක්වා වර්ධනය වීම සිදුවිය.

1996 වසරේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති එක්සත් ජාතින්ගේ මානව ජනාවාස කොමිසමේ දෙවන ලෝක නිවාස සමුළු ප්‍රකාශනයේ, තිරසාර නාගරික හා ජනාවාස සංවර්ධනයක් තුල සැමට ප්‍රමාණවත් නිවාස සැපයීමේ සංකල්පයත්,1998 නිවාස හා නාගරික සංවර්ධන සඳහා වු ජනාධිපති කාර්ය සාධන බලකා වාර්තාවේ නිර්දේශ හා 2001 වසරේ එක්සත් ජාතීන් විසින් ප්‍රකාශිත සහශ්‍ර සංවර්ධන ඉලක්ක ද, සැලකිල්ලට ගනිමින් ශ්‍රි ලංකා රජය තිරසාර නිවාස හා මානව ජනාවාස සංවර්ධනයක් තුල නිවාස ගැටළුවෙන් වඩාත් පීඩාවට පත් ජන කණ්ඩායම් වෙනුවෙන් වු නිවාස වැඩසටහන්වලට මුල් තැනක් ලබාදෙන ලදී. එහිදී නාගරික පැල්පත්වාසින්, වතු ප්‍රජාව, ධීවර ප්‍රජාව, යුධ ගැටුම් වලින් අවතැන්වු ජන කණ්ඩායම් ඉලක්ක කරගත් විශේෂ නිවාස වැඩසටහන් හා ව්‍යාපෘති විවිධ රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ප්‍රජා මුල සංවිධානවල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීම සිදුවිය.

වර්තමානරජයේ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” ජාතික ප්‍රතිපත්තිය තුල කොළඹ නාගරික ප්‍රදේශය කේන්ද්‍රකරගත් බස්නාහිර පළාතට සමගාමිව දිවයින පුරා ආර්ථික වශයෙන් වැදගත් සහ පාරිසරික වශයෙන් තිරසාර ප්‍රාදේශිය නාගරික කලාප කිහිපයක් සමග එකිනෙකට බැඳුනු නගර පද්ධතියක් තුළ තිරසාර මානව ජනාවාසකරණයක් අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවේ සෑම පවුලකම නිවාස අවශ්‍යතාව සපුරාලිමදඒ තුළ විශේෂයෙන් අවධාරණය කරනු ලැබේ.

තිරසාර මානව ජනාවාස සංවර්ධනයක්[සංස්කරණය]

මෙරට නිවාස අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්‍රතිපත්තිමය වශයෙන් වගකීම හා කාර්ය භාරය පැවරී ඇත්තේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයටයි. නව නිවාස ඉල්ලුම හා අර්ධ ස්ථීර හා තාවකාලික නිවැසියන් සඳහා ස්ථීර නිවාස පහසුකම් හා සේවා පහසුකම් ලබාදීම තුලින් තිරසාර මානව ජනාවාස සංවර්ධනයක් ඉලක්ක කර වර්තමානයේ ක්‍රියාත්මක “ජනසෙවණ නිවාස දශ ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම” මෙම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ. නිවාස ක්ෂේත්‍රයේ සියල්ලන්ට මඟ පෙන්වීම හා පහසුකම් සැපයීමේ යාන්ත්‍රනයක් සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය විසින් සැකසුන මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය , “ මහින්ද චින්තන ඉදිරි දැක්ම” ජාතික ප්‍රතිපත්තියෙහි දක්වා ඇති පරිදි රටේ නිවාස අවශ්‍යතාවය ඇති සියල්ලන්ට සහාය විම හා දිළිදුභාවය හේතුකොටගෙන සමස්ථ සමාජ ප්‍රවාහයෙන් කොන් වු ප්‍රජාවන්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලිම සඳහා,රජය සෘජුව දායකවිය යුතුය යන පුළුල් ප්‍රතිපත්තිමය ස්ථාවරය මත පිහිටා සැකසී ඇත. එහි මනා ක්‍රියාකාරිත්වය උදෙසා වු නව උපාය මාර්ගික ප්‍රවේශයක අවශ්‍යතාවයද තේරුම් ගනිමින් නිවාස ඉදිකිරිම් ක්ෂේත්‍රයට ප්‍රමාණවත් අයුරින් මූල්‍ය ආයෝජන යෙදවීමට ද සැලැස්වීම තුළින් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරීත්වයට සුවිශේෂී උද්දීපනයක් ලැබිය යුතු වේ. ඒ අනුව නිවාස සංවර්ධනය යනු පොදු ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේම අත්‍යවශ්‍ය උපාංගයක් ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පිළිගන්නා අතර නිවාස මුල්‍ය සැපයුම ප්‍රතිඵලදායක මට්ටමට ගෙන ඒම සඳහා රජය සෘජුව මැදිහත්විය යුතුය යන්න හා නිවාස වෙළඳ පොල බලගැන්විම ද මුලික උපාය මාර්ගික ප්‍රවේශයන් ලෙස අවධාරණය කෙරේ.

නිවාස ක්ෂේත්‍රයේ වත්මන් ගැටළු හා අභියෝග[සංස්කරණය]

නිවාස ක්ෂේත්‍රයේ පවත්නා ගැටළු හා අභියෝග රාශියකි. ඒ අතරින් විශේෂයෙන් අවධානය යොමුකළ යුතු වු මුලික ගැටළු හා අභියෝග පහත දැක්වේ.

  • පැහැදිළි හා නිශ්චිත උපාය මාර්ගික ප්‍රවේශයක් මත පදනම් වු නිවාස ප්‍රතිපත්තියක් නොමැතිකම.
  • නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය උත්තේජනය කරන්නක් හැටියට ඉලක්ක නොවීම.
  • යුධ ගැටුම් වැනි හේතුන් මත අවතැන් වුවන් සඳහා ඉදිකෙරෙන නිවාස හා ස්වාභාවික විපත් වලට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම මෙන්ම අවධානම් ලිහිල් කෙරෙන වෙළඳ පොල පදනම් කරගත් මෙවලම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම.
  • ආර්ථික හා සාමාජීය සංවර්ධනයේ මුලික සාධකයක් වු නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම.
  • මූල්‍ය ආයතන වල නිවාස සඳහා අරමුදල් සීමාවීම, සම්ප්‍රදායික ඇප සුරැකුම් හා ඉහළ පොලී අනුපාත මෙන්ම නිවාස මූල්‍ය පහසුකම් ඉහළ මධ්‍යම පාංතිකයන් ඉලක්ක කිරීම.
  • නිවාස ණය සැපයුම ප්‍රමාණාත්මකව රාජ්‍ය හා පෞද්ගලික මුල්‍ය ආයතනවල ප්‍රථිඵලදායකත්වය මැනීමේ නිර්නායකයක් ලෙස භාවිතා නොවීම.
  • දේපළ වෙළඳපල තුල පවත්නා ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා.
  • ඉඩම් මිල, සැපයුම, පරිහරණය හා අයිතිය තහවුරු කිරීමේ නීතිමය, පරිපාලනමය හා සංස්කෘතිකමය ගැටළු.
  • ජාතික භෞතික ප්‍රතිපත්තියක් නොමැතිකම මෙන්ම සැලසුම්සහගත භූමි පරිභෝජනය සහ කළමනාකරණය මත පදනම් වු දිර්ඝ කාලීනව පවත්වාගත හැකි ජනාවාසකරණයක අවශ්‍යතාව සමාජය තුල අවධාරණය නොවීම.
  • සමාජ හා භෞතික යටිතල පහසුකම් ආශ්‍රිත ගැටළු.
  • පුහුණු ශිල්පීන්ගේ හිඟය හා ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ අඩු පාඩුකම්.
  • අඩු වියදම් තාක්ෂණය, ශිල්පීය ක්‍රම,පුහුණුව, තත්ව පාලනය මෙන්ම පර්යේෂණ කෙරෙහි පවතින අඩු අවධානය හා ජාතික ඉදිකිරීම් ප්‍රතිපත්තියක අවශ්‍යතාවය.
  • නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ආයෝජකයන් හා දේපළ සංවර්ධකයන්ට ඉදිකිරිම් කාර්යන්හිදී බලපාන මුල්‍ය සහ පාලන නීති ආශ්‍රිත ගැටළු.
  • සහාධිපත්‍ය දේපළ සැලසුම්කරණය,කළමනාකරණය හා නඩත්තු ගැටළු.
  • දැරිය හැකි මිලකට ලබාගත හැකි කුලි නිවාස සැපයුම ප්‍රමාණවත් නොවීම.
  • රාජ්‍ය සේවකයින් ඇතුළු වැඩකරන ජනතාව මුහුණපාන නිවාස හා නේවාසික ගැටළු පිළිබඳ අවධානය අඩුවීම.
  • නිවාස සැලසුම් හා සංවර්ධන ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන අතර සහ රාජ්‍ය පෞද්ගලික ආයතන අතර ඒකාබද්ධ ප්‍රවේශයක අඩු නැඹුරුව.
  • අඩු ආදායම්ලාභීන් සඳහා වූ නිවාස සංවර්ධනයේදී ප්‍රජා සහභාගීත්ව ක්‍රමවේද, කුසලතා වර්ධනය, බලගැන්වීම වැනි ප්‍රවේශයන් පිළිබඳව පවතින අඩු අවධානය.
  • ප්‍රජාව, ප්‍රජා සංවිධාන, හා විවිධ වූ සහයකයින්ගේ සහභාගීත්වය වැඩිදියුණුවන විධිමත් ක්‍රමවේදවල අවශ්‍යතාව අවධාරණය නොවීම.
  • නිවාසකරණයේ දී ප්‍රජා මුලික, ජනාවාස හිතවාදී, පරෝපකාරිත්වය හා වෙළඳ පොල බලගැන්වීම වැනි ආකල්ප පිළිබඳ අවශ්‍යතාව අවධාරණය නොවීම.
  • ස්වේච්ඡා
  • වෙන් තොර අවතැන් වන පවුල් නැවත පදිංචිකරවිමේ කටයුතු වලදි මුහුණ දෙන දුෂ්කරතා හා අභියෝග.

නිවාස ප්‍රතිපත්තියක ජාතික අවශ්‍යතාව[සංස්කරණය]

රටක ආර්ථිකයේ ශක්තිය හා ජනතාවගේ සුභ සාධනය පිළිබිඹු කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ මනාව සංවර්ධනයවු නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පැවතීමයි. එහි ඇති වැදගත්කම සලකා ශ්‍රී ලංකාවද තම සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුල නිවාස සංවර්ධන ක්ෂේත්‍රයට ඉහල ප්‍රමුඛත්වයක් ලබාදීය යුතුවේ. රටේ ජනගහන වර්ධනයත් සමඟ වාර්ෂිකව එකතුවන පවුල් ඒකකවල ඉල්ලුමත් අර්ධ ස්ථිර හා තාවකාලික නිවැසියන් සදහා ස්ථිර නිවාස සපයාදීමේ මුලික අවශ්‍යතාවයත් සැලකිල්ලට ගනිමින් රජය රටේ සමස්ථ නිවාස අවශ්‍යතාව මත ඉලක්කයන් හා උපාය මාර්ග සැලසුම් කරමින් සෑම පවුලකටම ප්‍රමිතිගත නිවසක් ලබාදීම උදෙසා නිවාස වෙළඳ පොල බලගැන්විමක් අපේක්ෂා කරයි. එහිදී වැඩි අවධානයක් යොමුවිය යුතු සමාජ ස්ථර සඳහා විශේෂවු ප්‍රවේශයන්ද අනුගමනය කෙරෙනු ඇත.


අසරණ වූ ප්‍රජාවට වැඩි අවධානය[සංස්කරණය]

ග්‍රාමීය හා වතුකරයේ නිවාස අවශ්‍යතාවන් ක්‍රමිකව වැඩි දියුණු වන තත්වයක පවතීයද එකී නිවාස බොහොමයක් ගුණාත්මක හා ප්‍රමාණාත්මක සනීපාරක්ෂක පහසුකම් වලින් තොර වේ. වතුකරයේ ජනාවාසවල තත්වය වඩාත් බැරෑරුම් වන අතර නව පරපුර වතු ලයින් කාමර ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරයි.

නාගරික ජනගහනයෙන් සැලකියයුතු කොටසක් ජීවත් වන්නේ අවම ප්‍රමිතිගත තත්වයක් යටතේ පවත්නා අඩුපහසුකම් සහිත ජීවන පරිසරයකය. ග්‍රාමිය ජනතාවට සාපේක්ෂව නාගරික අඩු ආදායම් හා මධ්‍යම පන්තික ජනතාවට නිවාස ආයෝජනය සඳහා කිසියම් ගෙවීමේ හැකියාවක් පැවතියද ප්‍රමාණවත් නිවාස සැපයුමක් නොමැති කමින් නිවාස වෙළඳ‍පොලෙන් ඔවුන් ඈත්කර ඇත. එහිදී කුලී නිවාස හිඟය ප්‍රධාන ගැටළුවක් ලෙස හඳුනාගත හැක.

නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි අපරව්‍යුහ හා සේවා ජාලයන්හි ධාරිතාවන් මෙන්ම පාරිසරික තත්වයන් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් නොදක්වමින් සහ අධික ලාභාංශ අරමුණ කරගනිමින් ඉහළ මධ්‍යම පාන්තික ජනතාව සඳහා පෞද්ගලික අයෝජකයන් මගින් අවිධිමත් නිවාස සංවර්ධන ක්‍රියාවලීයක් දියත්විමද ගැටළුවක් බවට පත්වී ඇත.

සහායවීමේ ආදර්ශය[සංස්කරණය]

මානව ‍අයිතිවාසිකමක් ලෙස සලකන නිවසක අයිතිය උපයා ගැනීම උදෙසා මහජනයාගේ සැබෑ උවමනාව මෙන්ම කැපවීමේ අවශ්‍යතාව ලෝකය පුරා අවධාරණය කෙරෙන අතර,ඒ අනුව යමින් දේශීය රාජ්‍ය නිවාස ප්‍රතිපත්තින්හි දිශානතීන් මේ වනවිට යම් පමණකින් වෙනස්වී ඇත. ඒ තුළ සෘජුව රජ‍යේ මැදිහත්වීමෙන් නිවාස ඉදිකරදීමේ ක්‍රමවේදයෙන් බැහැර වෙමින් විමධ්‍යගත ක්‍රමවේදයක් තුල සහභාගිත්වය හා හවුල්කාරිත්වය මුල්කොටගත් නිවාස සංවර්ධන ක්‍රියාවලීන් දියත් කිරිම හා පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කිරිම දක්වා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවි ඇත.

මෙම ක්‍රමවේද කෙරෙහි රජයන් වඩාත් නැඹුරුවීමට හේතු වී ඇත්තේ නිවාස හා ජනාවාස සංවර්ධනයේ තීන්දු තීරණ ගැනීම, ක්‍රියාකාරීත්වය මෙන්ම කළමනාකරණයේ දී ජාතික සම්පත් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව යෙදවීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙනයි.එහිදී පෞද්ගලික අංශය, ප්‍රජාවන් මෙන්ම නිවාස ඉදිකරන දරුපවුල් මෙම ක්‍රියාවලියට අනුගතවීමේදී ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම මෙන්ම නිෂ්පාදනය ඉලක්ක කරගත් සහනයන් ලබාදීම රජයේ වගකීම වේ. ඒ අනුව මෙම සහාය ප්‍රතිපත්ති රජය නිවාස සංවර්ධන ක්‍රියාවලියෙන් බැහැරවීමක් ලෙස විග්‍රහ නොවේ. රජය එහිදී වඩාත් සැලකිලිමත් වියයුතු වනුයේ අදාල ක්‍රියාකාරීත්වයන් දිරිගැන්විම සදහා මැදිහත්වීම හා සම්බන්ධීකරණය වඩාත් ප්‍රතිඵලදායක කිරිම සඳහායි. මෙහිදී නිවාස වෙළඳපළ මුල්‍ය සැපයුම කාර්යක්ෂම කිරීම හා වෙළදපොල බලගැන්වීම සඳහා රජයේ සුවිශේෂි මැදිහත්වීම සැමවිටම අවශ්‍ය වේ.

මූලික උපාය මාර්ගික ප්‍රවේශය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ඉදිවෙන නිවාස සංඛ්‍යාවෙන් අති බහුතරය ඉදිකරන්නේ නිවාස හිමියා විසින්මය. ඉතිරි නිවාස ප්‍රමාණය ඉදිවනුයේ රාජ්‍ය අංශයේ විවිධ අමාත්‍යාංශ හා පෞද්ගලික අංශයේ ආයතනවල මැදිහත්වීමෙනි. නිවාසකරණයේ මුලික සාධකයන් වු ප්‍රග්ධනය, ඉඩම්, ශ්‍රමය හා අමුද්‍රව්‍යන් ආශ්‍රිත කාර්යය භාරයන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ව්‍යුහයන් යටතේ පාලනය වන අතර ඒවා විවිධ සම්ප්‍රධානයන් හා වටිනාකම් අනුව ක්‍රියාත්මක වේ. මෙහිදි නිවාස ක්ෂේත්‍රයේ එකී විවිධ මට්ටම් වල ආයතන, සංවිධාන, ප්‍රජාවන් හා පුද්ගලයන් සඳහා පැහැදිලි මඟ පෙන්විමක් හා පහසුකම් සැපයිමේ යාන්ත්‍රනයක් සදහා වු නිශ්චිත නිවාස ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇති අතර එහි මනා ක්‍රියාකාරිත්වය සඳහා වු නව උපාය මාර්ගික ප්‍රවේශයක අවශ්‍යතාවයද මතුව ඇත.

ඒ අනුව මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය තුල නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලි රාජ්‍ය, පෞද්ගලික, ව්‍යාපාර අංශය හා පුද්ගලයින් සම්බන්ධීකරණය කිරීමත්, නිවාස වෙළද පොල බලගන්වමින් නිවාස අවශ්‍යතාවය ඇති සියල්ලන්ට සහායවීම සහ මඟ පෙන්විම මෙන්ම විශේෂයෙන් නිවාස මුල්‍ය සැපයුම වර්ධනය සඳහා රජයේ මැදිහත්වීම මූලික වගකීමක් බවද පිළිගැනේ. එමෙන්ම අවධානයම් සහිත හා දිළිදුභාවය හේතුවෙන් නිවාස වෙළඳපොලෙන් බැහැර වී ඇති පවුල් හි නිවාස අවශ්‍යතාව වෙනුවෙන් රජය සෘජුවම මැදිහත්විය යුතු බවට ද පිළිගෙන ඇත.

මෙම මූලික උපාය මාර්ගික ප්‍රවේශය ජාතික නිවාස ප්‍රතිපත්තිය තුළ අවධාරණය කිරීම තුලින් රටේ නිවාස සම්පාදනය වැඩිකිරිම හා රටේ නිවාස තොගය අවශ්‍ය මට්ටමට ගෙන ඒම උදෙසා පහසුකම් සැලසීමට රජයට හැකිවනු ඇත.එමගින් අවසාන වශයෙන් රටේ සමස්ථ ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සපුරාලීමේ සමාජ වගකීම තහවුරු කිරිම සඳහාද සහතික විය හැකි වනු ඇති අතරම නිවාස සංවර්ධනය සඳහා වන මුල්‍ය සැපයුම වැඩි කිරීම හා වෙළදපොල බලගැන්වීම මගින් රටේ ආර්ථිකයේ උද්දීපනයක් ඇති කිරිමට ද දායකත්වය ලැබෙනු ඇත. ඒ අනුව 21 වන සියවසේ අභියෝගයන්ට මුහුණ දිමට හැකිවන සේ රටේ සංවර්ධන ව්‍යායාමයට සමගාමීව නිවාස ක්ෂේත්‍රයේ පරිවර්තනයත් මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුලින් අපේක්ෂිතයි.

ජාතික නිවාස ප්‍රතිපත්තිය[සංස්කරණය]

අභිමතාර්ථ[සංස්කරණය]

නිවාස අවශ්‍යතාවය ඇති සියල්ලන්ට සහාය හා මඟ පෙන්වීම මෙන්ම අවධානම් සහිත සමාජ ස්ථර සඳහා රජය සෘජුව දායකත්වය ලබාදිම හා නිවාස වෙළඳ පොල බලගැන්විම යන මුලික ප‍්‍රවේශය මත සැකසෙන මෙම ජාතික නිවාස ප්‍රතිපත්තියේ මුලික අභිමතාර්ථය වනුයේ,

“ජනතාවට කාලීන අවශතාව මත උසස් ජීවන තත්වයක් ඇතිකරලිම උදෙසා ප්‍රමාණවත්, ස්ථායි, පහසුකම් සහිත,ගුණාත්මක,දැරිය හැකි හා තිරසර පරිසර හිතකාමි සුරක්ෂිත නිවසක 

ජිවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි”.

අරමුණු[සංස්කරණය]

ජාතික නිවාස ප්‍රතිපත්තියේ අභිමතාර්ථය හා බැඳුණු මුලික අරමුණු පහත සඳහන් වේ.


  1. ජාතික නිවාස තොගය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ඉහළ නැංවීම මෙන්ම දැනට පවතින නිවාස හිඟය හා වාර්ෂිකව වැඩිවන නිවාස ඉල්ලුම සපුරාලීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයොමු කිරිම.
  2. නිවසක ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරිම.
  3. නිවාස සංවර්ධන ක්‍රියාවලිය තුලින් ජනතාවගේ වත්කම් පදනම ශක්තිමත් කිරිම හා දිළිදුභාවය පිටු දැකීම.
  4. නිවස පුද්ගල අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා නමුත් එය තමන් විසින් උපයාගත යුතු දෙයක් ලෙස සමාජය තුළ අවධාරණය කිරීම.
  5. ජනතාව කේන්ද්‍රකරගත් සහ හවුල්කාරීත්වය දිරිගැන්වෙන නිවාස සංවර්ධන ප්‍රවේශයන් ප්‍රචලිත කිරීම.
  6. ප්‍රජා මුලික සහභාගිත්ව ක්‍රමවේදයන් නිවාස සංවර්ධනයේදි උපරිම මට්ටමින් භාවිතා කිරීම.
  7. නිවාස සංවර්ධනයට දායකවන විමධ්‍යගත ආයතන පද්ධති ශක්තිමත් කිරීම, සහ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් සඳහා සම්බන්ධී‍කරණ යාන්ත්‍රනයක් හඳුන්වාදීම.
  8. සංවර්ධන කාර්යයන් සදහා සිය පදිංචි භූමිය තුළින් විතැන්වන නිවාසලාභීන්ට විකල්ප නිවාස පහසුකම් සැපයීමේදී අනුමත රාජ්‍ය ප්‍රතිපත්තින්ට අනුකූල වියයුතු විම.
  9. නිවාස මුල්‍ය සැපයුම ප්‍රමාණාත්මකව ඉහල දැමීම හරහා බිම් මට්ටමේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරිමට සහ විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථා පුළුල් කිරිමට දායකවිම.
  10. රාජ්‍ය හා පුද්ගලික මුල්‍ය ආයතන මගින් කාර්යක්ෂම නිවාස මුල්‍යකරණ උපාංග හඳුන්වාදිම හා නිවාස මුල්‍ය සැපයුම ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීම.
  11. දේශිය මෙන්ම විදේශීය ආයෝජන නිවාසකරණය සදහා යොමු කරලිම ධෛර්යමත් කරවන ආකර්ෂණීය ක්‍රමවේදයන් හදුන්වාදීම හා රාජ්‍ය පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරිම.
  12. නිවාස ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී සියල්ලන්ට සමානව සහ සාධාරණව පහසුකම් සැලසීම හා විශේෂයෙන් පුද්ගලික අංශය ධෛර්යමත් කරවීම.
  13. නිවාස හා ජනාවාස සඳහා හඳුනාගනු ලබන භූමී ප්‍රදේශ දේගුණික හා ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දෙන ආකාරයට හා ජාතික මට්ටමින් ප්‍රශස්ථ අයුරින් ප්‍රයෝජනයට ගැනීම.
  14. නේවාසික භාවිතය සදහා වු ඉඩම් වෙළද පොළ තුල පවතින සීමාවන් හා නෛතික බාධක අවම කිරීම.
  15. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පොදු පහසුකම් වලින් සමන්විත සිරස් නිවාස සංවර්ධනයක් සඳහා අනුබලදීම.
  16. සැලසුම්සහගත ලෙස සාහාධිපත්‍ය දේපළ සංවර්ධන වෙළද පොල පුලුල් කිරීම හා ඒ ආශ්‍රිත ප්‍රජා සහභාගිත්ව කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය.
  17. කුලී නිවාස වෙළඳපොල තුළ සැපයුම වර්ධනය කිරීම.
  18. නිවාස සැලසුම්,ගොඩනැගිලි රෙගුලාසි, සම්මතයන් හා ප්‍රමීතීන් වර්තමාන හා අනාගත නිවාස අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙසත් බලශක්ති සුරැකීම මෙන්ම අන්තරායන්ට ඔරෝත්තු දෙන ලෙසට නැවත සකස් කිරීම.
  19. පරිසර හිතකාමී ස්වාභික විපත් වලට ඔරොත්තු දෙන හා බලශක්ති සංරක්ෂිත උචිත නිවාස තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරීම හා දිරිගැන්වීම.
  20. ප්‍රමාණවත් සහ දැරිය හැකි මට්ටමට සහ තිරසාර ලෙස නිවාසකරණය ආශ්‍රිත යටිතල පහසුකම් ප්‍රවර්ධනය.
  21. දැරිය හැකි මිලකට ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයිම සඳහා නව නීති හා බදු ක්‍රම හදුන්වාදීම හා අන්තරායකර ගොඩනැගිලි ද්‍රව්‍ය හා තාක්ෂණික ක්‍රමවේද භාවිතය අධෛර්යමත් කිරීම.
  22. නිවාස ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සියළුම ශිල්පින්ගේ හැකියාවන් හා දැනුම අඛණ්ඩව වර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශ දිරිමත් කිරීම.
  23. නිවාස ක්ෂේත්‍රයේ සියළුම පර්යේෂණ හා පුහුණු කටයුතු ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය දායකත්වය සැපයීම.