ජලරෝපිත වගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ‍්‍රමය මූලිකවූ සම්ප‍්‍රදායික කෘෂිකර්මයෙන් බැහැර වන තරුණ පරපුරට කෘෂිකර්මාන්තය අභිමානයෙන් කලහැකි වෘත්තියක් බවට හරවා ඔවුන් කෘෂිකාර්මික නිෂ්පාදනයට පොලඹවා ගතහැකි ක‍්‍රමයක් ලෙස ජලරෝපිත වගාව වැදගත් වේ.

ඉතිහාසය[සංස්කරණය]

මෙය ශත වර්ෂ ගණනාවකට ඉහත ඇමේසන්, බැබිලෝනියාව, ඊජිප්තුව, චීනය හා ඉන්දියාව වැනි පැරණි ශිෂ්ඨාචාර වල මිනිසුන් වැලි සහිත ගංගා ද්‍රෝණිවල හරිතාගාර තුළ වගාව සඳහා උනන්දුව ඇති වීමත් සමඟය. හරිතාගාර තුළ වගාවේදී ඇතිවූ විවිධ ගැටලූ හේතුවෙන් ඒවා තුළ පිහිටි පස වරින්වර ඉවත් කිරීමට සිදුවීම ගැටළු සහගත විය. මේ හේතුවෙන් පස් වෙනුවට භාවිතා කළ හැකි විකල්ප මාධ්‍ය හා ඒ සඳහා යොදාගත හැකි පොහොර පිළිබඳ පර්යේෂකයන්ගේ අවධානය යොමු විය.

1929 දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය විලියම් එෆ්. ග‍්‍රිකේ විසින් තක්කාලි ශාකයක් ජලීය පෝෂක මාධ්‍යයක සාර්ථක ලෙස වගා කළ අතර තක්කාලි ශාකය මීටර් 7.5 ක් පමණ උසට වර්ධනය විය. ඔහු එම ක‍්‍රමය ජල රෝපිත වගාව (Hydroponics) ලෙස නම් කළේය. ග‍්‍රීක භාෂාවෙන් හයිඩ්‍රො (Hydro) යනු ජලය සහ පෝනොස් යනු (Ponos) කි‍්‍රයාකාරී යන වචන එක් වී ක‍්‍රියාකාරී ජලය යන අර්ථ ලබා දෙන හයිඩ්‍රොපෝනික්ස් යන වචනය සෑදී ඇත.

මූලාරම්භයේදී පෝෂක ද්‍රාවණ තුළ වගාව පමණක් හයිඩ්‍රොපෝනික්ස් ලෙස හැඳින්වීය. පසු කාලිනව පෝෂක ද්‍රාවණ තුළ මෙන්ම පාංශු නොවන වෙනත් මාධ්‍ය තුළ වගාව ද හයිඩ්‍රොපෝනික්ස් වගා ලෙස නම් විය. වර්මානයේ පස් රහිතව, වෙනත් මාධ්‍ය සහිතව හෝ රහිතව පෝෂක ද්‍රාවණ උපකාරයෙන් කරනු ලබන සියලූ වගාවන් ජලරෝපිත/නිර්පාංශුක වගාවන් ලෙස හදුන්වයි. 1960 හා 70 දශක දෙක තුළ වාණිජ මට්ටමේ ජල රෝපිත වගාවන් අබුඩාබි, ඇමරිකාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ජර්මනිය, ඕලන්දය, ඉරානය, ඉතාලිය, ජපානය හා රුසියානු සමූහ ආණ්ඩුව ආදී රටවල දියුණුවට පත් විය.

1980 දශකය තුළධී සීඝ‍්‍රයෙන් දියුණුවූ ජලරෝපිත වගාවන් පර්යේෂණ ගණක ආශ‍්‍රයෙන් ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන විශාල ප‍්‍රමාණයේ හයිඩ්‍රොපෝනික්ස් ගොවිපොලවල් දක්වා වර්ධනය විය. 1990 දශකයේ ගෘහාශ‍්‍රිත මට්ටමේ කුඩා පරිමාණ ජල රෝපිත වගාවන් ප‍්‍රචලිත වීම ආරම්භ විය. අනූව දශකයේ දී ආරම්භවූ ශී‍්‍ර ලංකාවේ ජලරෝපිත වගාවන් ක‍්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ජලීය මාධ්‍ය භාවිතය මෙන්ම කොහුබත් වැනි ඝන මාධ්‍ය භාවිතා කර ආරක්ෂිත ගෘහ තුළමෙන්ම විවෘත ක්ෂේත‍්‍ර තුළද සිදුකරන වගාවන් ශී‍්‍ර ලංකාවේ දැනට ප‍්‍රචලිතය.

ජලරෝපිත හෙවත් පස් රහිත වගාව[සංස්කරණය]

සම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයේදී, බෝග වර්ධනය සඳහා අවශ්‍ය වන පෝෂක, ජලය සහ වාතය ලබාදෙන පස නොයෙක් අවස්ථාවන්හිදී වගාව සඳහා සීමාකාරී සාධකයක් බවට පත්වේ. සීඝ‍්‍රයෙන් වැඩිවන ජනගහනය, නාගරීකරණය, නිරන්තරව වගා කිරීමෙන් හා පාංශු සෝදාපාළුව හේතුවෙන් වගා බිම් නිසරු වීම, පාංශු රෝගකාරක ක්‍ෂුද්‍රජීවීන් සහ වටපනුවන් වැඩිවීම සහ ආම්ලිකතාවය හා ලවනතාවය අහිතකර ලෙස වරඣධනය වීම නිසා වගාව සඳහා සුදුසු බිම් ප‍්‍රමාණය අඩුවීම මෙන්ම සම්ප‍්‍රදායානුකූල බෝග වගාවේ අස්වනු ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව අඩු මට්ටමක පැවතීම එසේ වීමට හේතුකාරක වේ.

පසෙහි වගා කිරීමේදී මතුවන විවිධ සීමාකාරී සාධක මඟහැරවීම සදහා භාවිතා කල හැකි විකල්ප ක‍්‍රම පිළිබදව කරන ලද පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ජලරෝපිත හෙවත් පස් රහිත වගාව (Hydroponics/Soilless culture) දියුණු වී ඇත. ලොව පුරා ප‍්‍රචලිත වෙමින් පවතින කාර්යක්ම බවින් වැඩි ඉහල අස්වනු ලබාදෙන මෙම වගා ක‍්‍රම පිළිබඳ මූලික අවබෝධයක් ලබා තිබීම මෙම ප‍්‍රකාශනයේ අරමුණ වේ.

ජලරෝපිත හෙවත් පස් රහිත වගාවක් යනුවෙන් හඳුන්වනුයේ ශාක-පෝෂක අඩංගු ජලීය මාධ්‍යයක් මගින් ශාක පෝෂණය සිදුකර ලබා ගන්නා වගාවකි. නිර්පාංශුක බෝග වගාව යනුවෙන් ද හදුන්වන මෙම වගා ක‍්‍රමය දීහයිඩ්‍රොපෝනික්ස් යන ඉංග‍්‍රිසි නාමයෙන් වඩාත් ප‍්‍රචලිතය. පෝෂක ලබාදීම පස් භාවිතා නොකර වෙනත් කාබනික හෝ අකාබනික මාධ්‍යය තුළින් හෝ කිසියම් ඝන මාධ්‍යයක් රහිතව සිදුකල හැකිය.

සාම්ප‍්‍රයික කෘෂිකර්මය හා සසඳන විට ජලරෝපිත වගාවෙන් බොහෝ වාසි ලබා ගත හැක. ‍බෝග වර්ධනය සදහා සීමාකාරී ලෙස බලපාන සාධක අවම කර ප‍්‍රශස්ත තත්වයන් ලබාදීමේ හැකියාව ඇති බැවින් ඉහල අස්වනු ලබා ගැනීමේ විභවය ජලරෝපිත/පස් රහිත වගාවන් වලින් උපරිම වේ. පාංශුජනක ව්‍යාධිකාරකයන් නිසා මතුවන රෝග හා කෘමි හානි මගහැරවීමටත් මෙම ක‍්‍රම භාවිතය ඉවහල් වේ. පාංශු වානුහරණය, පාංශු තත්වය වැඩි දියුණු කිරීම, වැනි කාලය හා ශ‍්‍රමය අධික ලෙස වැය වන වියදම් ක‍්‍රම මගහරවා ගැනීමටද මේ මගින් හැකිවේ. දේශගුණික බලපෑමෙන් තොරව වසර පුරා වෙළෙඳ පොල ඉලක්ක කර ගත් නිෂ්පාදන කි‍්‍රයාවලියන් වුවද මෙමගින් සැළසුම් කිරීමේ හැකියාව ඇත. තවද කෘෂි රසායන භාවිතය අවම කර, රෝගකාරක වලින් තොර, පස් රහිත ඉතා පිර්සිදු අස්වැන්නක් පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාව ද ලැබේ.


පිපිඤ්ඤා කොමඩු සහ වෙනත් එළව වගාවන් සඳහා දියර කාබනික පොහොර භාවිතා කළ යුගය දක්වා විහිදී යයි. බැබිලෝනියාවේ එල්ලෙන උයන, ඇස්ටෙක් හි පාවෙන ගොවිපොල යනාදියසත්‍ය ලෙසම ජලරෝපිත වගාවන් හි මූලාදර්ශ (Prototype) ලෙස හැඳින්විය හැකිය. පසු කාලීනව පැළෑටි භෞතවේදීන් පර්යේෂණ සඳහා විශේෂිත පෝෂක භාවිතා කර පැළෑටි වර්ධනය අධ්‍යයනය කළ අතර එය පෝෂක වගාව (Nutriculture) ලෙස හැඳින්විය. මෙම පෝෂක වගාව කෙරෙහි ප‍්‍රායෝගික ලෙස අවධානය යොමු වූයේ 1925 පමණ කාල සීමාවේ දීය.

මූලික අවශ්‍යතාවයන්[සංස්කරණය]

පසේ වගා කිරීමේදී ශාකයේ මූල පද්ධතියේ වර්ධනය සඳහා බලපාන වාතනය සහ උෂ්ණත්වය පස මගින් ස්වභාවිකව පාලනයට ලක්වේ. පාංශු තත්ව දුර්වල අවස්ථාවන්හිදී වාතනය සහ උෂ්ණත්වය ප‍්‍රමාණවත් ලෙස යාමනය නොවීමෙන් බෝග වර්ධනය අඩාල වේ. දිය සීරාව වැඩි, ජල වහනය දුර්වල පසක බෝග වගා කිරීම අපහසු වන්නේ ද එම හේතුවෙනි. පාංශු ස්වාරක්‍ෂක භාවය ද මාධ්‍යය තුළින්ම බෝග වගාවට හිතකර පරිදි පාලනය වේ. පසෙහි ස්වභාවිකව ජනනය වන පෝෂක වර්ග ශාක වලට අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් ඇත. ජලයේ, මාධ්‍යයේ හෝ ද්‍රාවණයේ ආම්ලිකතාව හා ක්‍ෂාරීයතාව (පීඑච් අගය) සහ විද්‍යූත් සන්නායකතාව ශාක මූල මණ්ඩලයට හිතකර පරාසයක නොවෙනස්ව පැවතීම ස්වාරක්‍ෂකතාව ලෙස හදුන්වයි. ජලරෝපිත වගාවේදී මෙම තත්ත්වයන් කෘත‍්‍රීම ආකාරයට පාලනය කළ යුතුවේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ජලරෝපිත_වගාව&oldid=359580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි