ජලය පවිත්‍ර කිරීම

විකිපීඩියා වෙතින්

අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම යනු පාවිච්චි කර බැහැර කරන ජලයේ (එනම් ගේදොර කටයුතුවලදී හා කර්මාන්ත ශාලා ආදියෙන්) ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. ඒ සඳහා භෞතික, රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි උපයෝගි කර ගැනේ.එමඟින් ජලයේ ඇති භෞතික, රසායනික හා ජෛව අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙහි මුලික අරමුණ නම් ගලායන ජලයේ ඇති ඝනමය අපද්‍රව්‍ය ඉවත් කර එය නැවත පාවිච්චියට ගැනිම හෝ පරිසරයට මුදා හැරීමයි. පාවිච්චි කරන ලද ජලය නිතරම විෂ කාබනික හා අකාබනික සංයෝග වලින් අපවිත්‍රවී ඇත.

tiny globe
ජෛව පෙරහන් හෝ වායුමය ප්‍රතිකාර ක්‍රියාවලි

මෙම අපවිත්‍ර ද්‍රව්‍ය නිපදවන ස්ථාන අතර නිවෙස්, ආයතන, ආරෝග්‍යශාලා, වාණිජ හා කාර්මික ආයතන මුල් තැන්ලා සිටී. ඒ ඒ තැන්හිදී නිපදවෙන අපවිත්‍ර ජලය ඒවා නිපදවන ස්ථාන වලදී (වැසිකිලි ටැංකි, ජෛව පෙරහන් හෝ වායුමය ප්‍රතිකාර ක්‍රියාවලි) හෝ ජලනල පද්ධතියක් ඔස්සේ වෙනත් ස්ථාන කරා ප්‍රවාහනය කර හෝ පසුව ජල ප්‍රතිකාර කරන ස්ථාන වලදී පිරිසිදු කිරිම කළ යුතුයි. මෙලෙස ජලයේ ඇති අපවිත්‍ර දෑ ඉවත් කිරිම හා ප්‍රතිකාර කිරිම, දේශිය හෝ ප්‍රාන්ත හෝ වශයෙන් එක්සත් වු රීති හා සම්මුති අනුව සිදුකළ යුතුයි.

අපවිත්‍ර ජලය පවිත්‍ර කිරිම ප්‍රාථමික, ද්විතීයික හා තෘතියික වශයෙන් ප්‍රධාන අදියර 3 කින් සමන්විතය. අනතුරුව ජලයේ දියවූ ජෛව අපද්‍රව්‍ය ජලකාමී ක්ෂුද්‍ර ජීවින් විසින් ඝනද්‍රව්‍ය බවට පත් කෙරේ. අනතුරුව එම ජෛවමය ඝන අපද්‍රව්‍ය අක්‍රිය කර ඉවත දැමීම හෝ නැවත ප්‍රයෝජනයට ගැනීම සිදුකරයි. පසුව කලපු හා ක්ෂුද්‍ර පෙරහන් භාවිත කර රසායනික හා භෞතික වශයෙන් ප්‍රතිකාර කළ ජලය ප්‍රයෝජනයට ගනී. එලෙස ප්‍රතිකාර කල ජලය කෙලින්ම දියපාරවල්, ගංගා, කලපු හෝ වගුරු බිම් වලට මුදා හැරේ. එමෙන්ම මෙම පවිත්‍ර කළ ජලය නැවත වාරිමාර්‍ග කටයුතු සඳහා හෝ උද්‍යාන හා ක්‍රීඩා පිටි වල හරිත බවන වැඩසටහන් සඳහා හෝ යොදා ගනී. එලෙස ප්‍රමාණවත් පරිදි ජලය පවිත්‍ර වුයේ නම් එම ජලය භූගත ජලය ලෙස නැවත ස්ථාපනය කිරිම ද සිදුවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජලය_පවිත්‍ර_කිරීම&oldid=472318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි