ජපානයෙහි විවාපත්වීම

විකිපීඩියා වෙතින්

ජපානයෙහි විවාපත්වීම යනු ගෘහස්ථය කේන්ද්‍රගතව පැවැත්වෙන නෛතික සහ සමාජීය සංස්ථානයකි. පවුල් ලියාපදිංචි ලියැවිලි තුල ඔවුන්ගේ තත්ත්වය වෙනස් කිරීමෙන් අනතුරුව, යුවලක් නෛතික වශයෙන් විවාපත් බවට සැලකෙන අතර උත්සවයක අවශ්‍යතාවයක් පැන නොනගියි. බොහෝ විවාහයන් සිදු කෙරෙනුයේ එක්කෝ ෂින්තෝ සම්ප්‍රදායයන්ට අනුව හෝ නැතිනම් ක්‍රිස්තියානි-ශෛලියෙහි දේවස්ථාන විවාහ ලෙසින් හෝ වශයෙනි.

සහකරුවා/සහකාරිය සොයාගන්නා ක්‍රමය පරිදී, සාම්ප්‍රදායික වශයෙන් විවාහයන් මාදිළි දෙකකට වර්ගීකරණය කෙරුනු මුත්—ඔමියායි, යන්නෙන් අදහස් වූයේ යෝජනා කල හෝ යෝජනාත්මක හඳුන්වා දීමක් ඇසුරෙන් හටගත් යන්න වූ අතර, රෙන්නායි වෙතින් අදහස් වූයේ සැමියා හා බිරිය හමුවී ඔවුනතරෙහි විවාහ වීමට තීරණය කිරීම යන්න විය—පශ්චාත්-යුද්ධ දශකයන්හීදී මෙම විලක්ෂණය වඩාත් අල්පතර ලෙසින් අරුත්බර වූයේ, ආදරය පිළිබඳ බටහිර අදහස් විසින් විවාහය පිළිබඳ ජපාන අනුබෝධය වෙනස්කිරීමකට ලක් කල බැවිනි. [1]

ඉතිහාසය[සංස්කරණය]

ජපානයෙහි විවාපත්වීමෙහි සංස්ථානය, අවසන් සහස්‍රය තුලදී අත්‍යන්ත වෙනසකට ලක් විය. පළමුව මධ්‍යතන යුගයෙහිදී චීන කොන්ෆියුසියස් වාදය වෙත දේශජ ව්‍යවහාරයන් අනුවර්තනය වූ අතර, ඉක්බිතිව නූතන යුගයෙහිදී ස්වාර්ථවාදය වෙත මෙන්ම, ස්ත්‍රී-පුරුෂ සමානත්වය, ප්‍රේමාන්විත ආදරය සහ, න්‍යෂ්ටික පවුල යන බටහිර සංකල්ප වෙතද අනුවර්තනය වනු දක්නට ලැබුණි. වරෙක කුඩා රදළ පෙළැන්තියකට පමණක් සීමිතවූ චාරිත්‍ර, මහත් බහුජන සම්මතවාදයකට ලක්වූයේ ජනගහණය වඩාත් වැඩි සීඝ්‍රතාවයකින් නාගරීකරණයට ලක් වීම නිසාවෙනි.

හෙයියන් සමය (794–1185)[සංස්කරණය]

ගෙන්ජිගේ පුතු යුංගිරී (夕霧? "සන්ධ්‍යා මීදුම") ලිපියක් කියවයි. ගෙන්ජි මොනොගාටරි එමාකී, 12වන සියවස අත්ලේඛ්‍යපත්‍රය, ගොතෝ කෞතුකාගාරය.

ජපාන ඉතිහාසයෙහි හෙයියන් සමය සනිටුහන් කලේ එහි සම්භාව්‍ය යුගයෙහි මස්තකප්‍රාප්තිය වන අතර, ඒ වන විට අපරිමාණ අධිරාජ්‍ය රාජසභාව විසින් එය සහ එහි සංස්කෘතිය හෙයියන්-කියෝ (නූතන කියොතෝ) තුල සංස්ථාපනය කොට තිබුණි. විස්තාරිත පංති ක්‍රමයක් යටතේ හෙයියන් සමාජය සංවිධානය වී තිබුණු අතර, විවාපත්වීමෙහි අරමුණ වූයේ හැකි විශිෂ්ටතම තත්ත්වයෙහි පවතින පෙළැන්තියෙන් උසස්තම පංතිය උරුම කොට ගන්නා දරුවන් බිහි කිරීමයි. එය උත්සවාකාර හෝ අනිවාර්යයෙන් ස්ථීර හෝ නොවීය. [2] අඳුරු වැටුනු පසු හමුවීම සඳහා පිළියෙල කිරීමට පෙර වංශවත්හූ මාස හෝ අවුරුදු ගණනක කාලසීමාවක් තුල ලියුම් සහ කාව්‍යයන් හුවමාරු කර ගත්හ. කිසියම් පුරුෂයෙක් එකම ස්ත්‍රීය රාත්‍රි තුනක කාල සීමාවක හමු වුනි නම් ඔවුන් විවාහ වූයේ යැයි සැලකෙන අතර බිරියගේ මවුපියෝ යුවල සඳහා භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. පහළ-පෙළැන්තියේ බොහෝ අයවළුන්, එක් සහකරුවකු සමගින් ස්ථීර විවාහයක පත්වූ අතර, සැමියන් විසින් අඹුවන් තම ගෘහයන් වෙත කැඳවාගෙන යෑමට කටයුතු පිළියෙල කලේ, ඔවුන්ගේ සුතනයන් හට සුජාතකත්වය හිමි වන බවට සහතික වනු සඳහාය. උසස්-පෙළැන්තියෙහි වංශවතුන් සමහරවිට බහු භාර්යාවන් හෝ උපභාර්යාවන් හෝ තබා ගත්හ. වංශවතුන්ගේ බිරියන් ඔවුන්ගේ පියවරුන්ගේ ගෘහයන්හී රැඳී සිටි අතර, සැමිවන් විසින් පීතෘත්වය පිළිගත්තේ චාරිතානුකූල ත්‍යාග පිරිනැමීමක් තුලිනි. [3]

හෙයියන් විවාහය ඉල්ලා සිටීමේ ආකාර මෙන්ම, ප්‍රේමාතූර කූටෝපායයන්ගේ උගුල්ද, එම යුගයෙහි සාහිත්‍යය තුල, විශේෂයෙන් ද ටේල් ඔෆ් ද බැම්බු කටර්, සැරෂිනා දිනපොත, ද පිලෝ බුක්, සහ ද ටේල් ඔෆ් ගෙන්ජි තුල පැහැදිලිව දැක්වෙයි.

එඩෝ සමය (1600-1868)[සංස්කරණය]

"වෙඩිං." ජැපෑන් ඇන්ඩ් ජැපනීස් (1902) පොත වෙතින්, පි. 62.
"ජැපනීස් ඇට් හෝම්." ජැපෑන් ඇන්ඩ් ජැපනීස් (1902) පොත වෙතින්, පි. 71.
  1. එඩ්වඩ්ස්, මොඩර්න් ජැපෑන් තෲ ඉට්ස් වෙඩිංස්.
  2. "සොසයිටි: මැරේජ් ඉන් ජැපෑන්". ජැපෑන් රෙෆරන්ස්. 4 මාර්තු 2013. සම්ප්‍රවේශය 21 ජනවාරි 2016.
  3. කුරිහරා, හිරොමු (1999). හෙයියන්-ජිඩයි නෝ රිකොන් නෝ කෙන්ක්‍යූ. ටෝකියෝ: කොබුන්ඩො.
"https://si.wikipedia.org/w/index.php?title=ජපානයෙහි_විවාපත්වීම&oldid=398523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි