Jump to content

ජන සන්නිවේදනය

විකිපීඩියා වෙතින්

ලොව පවතින සමාජ ශාස්ත්‍ර අතරට පසුගිය සියවස තුල එක්වූ ප්‍රමුඛතම විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම කාලීන අගයෙන් යුත් විෂයක් ලෙස මෙහි ආරම්භය ඇමරිකාව තුල සිදු වන අතර ඒ සදහා විවිධ විෂය ක්ෂේත්‍රයන් පිලිබදව ප්‍රවීනත්වයට පත් විද්වතුන් මේ සදහා ස්වකීය දායකත්වය සපයන ලදි. ඒ අතර හැරල්ඩ් ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්ඩ්, කාල් හවුලන්ඩ්,විල්බර් ශ්‍රාම් ආදී පුරෝගාමී විද්වතුන්ද ගේබ්‍රියෙල් ටාඩේ, ජෝර්ජ් සිමෙල් ආදී යුරෝපීය විද්වතුන්ද ජෝන් ඩේවි, චාල්ස් හෝර්ට්න් කුලී, රොබර්ට් ඊ පාක්, මීඩ් ආදී ඇමරිකානු විද්වතුන්ද ක්ලෝඩ් ඊ ෂැනන් සහ නෝබර්ට් වීන්ර් ආදී ඉංජිනේරු සන්නිවේදකයෝද මේ සදහා ස්වකීය දායකත්වය සපයන ලදි. මොවුන් විසින් මෙම නව විෂය අරභයා කරන ලද පර්යේෂණ ආදිය මගින් එය සමාජ ශාස්ත්‍රයක් ලෙස වර්ධනයට අවශ්‍ය පදනම සකස් කරනු ලැබීය. මොවුන් විසින් විවිධ අයුරින් දක්වන ලද දායකත්වය නිසා මෙම නව විෂය අද වන විට න්‍යායාත්මකව වර්ධනය වී ලොව පුරා විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදු කරන විෂයක් ලෙස සංවර්ධනය වී පවතී. දිනේෂ් ප්‍රියන්කර කොළඹ විශ්ව විද්‍යාලය 0715672699

සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා වර්ධනය

[සංස්කරණය]

වර්තමානයේදී ජනමාධ්‍ය මුල් කොට ගනිමින් ලෝකයේ පවතින සන්නිවේදන ක්‍රියාදාමය පිලිබද විමර්ශනයේදී අනාවරනය වන්නේ එය දීර්ඝ කාලීන විකාශනයක ප්‍රථිඵලයක් බවය. මානව සන්නිවේදනය ආරම්බ වී බොහෝ කාලයක් ගත වුවද සන්නිවේදනය විෂයක් ලෙස අධ්‍යනය කිරීම ආරම්බ වී ගතව ඇත්තේ ඉතා කෙටි කාලයකි.

සන්නිවේදනය යන සංකල්පයෙන් විග්‍රහ වනුයේ එක් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට හෝ කන්ඩායමකට අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමය. එය සන්නිවේදනය යන්නෙහි මූලිකම අදහසයි. නමුත් වර්තමනයේදී සන්නිවේදනය යන්නෙන් ඉහත මූලික අදහසට වඩා විස්තීරන බවක් පෙන්නුම් කරයි.එනම් අද වන විට සන්නිවෙදනය යන්නෙන් හුදෙක්ම එක් පර්ශවයකින් තවත් පාර්ශවයක් වෙත කෙරෙන තොරතුරු හුවමරුව ඉක්මවා ගිය ගෝලීයකරණය වූ සන්නිවෙදන ක්‍රියාදාමයක් සිදුවන බවය. එසේම ජනමාධ්‍ය හා තාක්ෂණිකමය වශයෙන් වර්ධනය වූ නවීන සන්නිවේදනය බහුවිධ මානව හා භෞතික සම්පත් උපයොජනයකින් සමන්විත වන සංකීර්ණ ක්‍රියාදාමයකි. මෙම කරුණු පදනම් කර ගනිමින් අද වන විට සන්නිවේදනය සමාජීයව වැදගත්වන සංසිද්ධියක් බවට පත්ව තිබේ. 20 වන සියවසේ ආරම්බයත් සමගම සන්නිවේදන විෂය ශාස්ත්‍රීය පදනමක් සහිතව අධ්‍යනය කරන විෂයක් ලෙස නූතන සමාජ ශාස්ත්‍ර විෂය ධාරාවට පිවිස තිබේ.එසේම අද වන විට සන්නිවේදනය ඉතා ජනප්‍රිය සේම ලොව පුරා විශ්ව විද්‍යාලවල අධ්‍යනයන්ට ලක්වන පුළුල් පරාසයක් කරා විසිරී ඇති විෂයක් බවට පත්ව තිබේ.

සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය පිලිබදව විමසීමේදී 1900 මුල් දශකයෙන් පසුව එහි ආරම්භය සනි‍ටුහන් කිරීමට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කල මනෝ විශ්ලේෂණ වාදයත් කාල් මාක්ස් ඉදිරිපත් කල මාක්ස්වාදයත් යන මේ දාර්ශනික වූ න්‍යායික බුද්ධිමය පදනම මේ සදහා වක්‍රාකාර බලපෑමක් වූ බව සදහන් කල හැකිය.

1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ආරම්භ කල නාසි පාලනයත් සමග යුරෝපීය විද්වතුන් විශාල පිරිසක් ඇමරිකාවට සංක්‍රමනය විය. ජර්මනියේ ජාතික විශ්ව විද්‍යාල වලින් පිටමන් කල විද්වතුන් විශාල පිරිසක් මේ අතර වූහ. ඒ අතරට ඇල්බට් අයින්ස්ටයින්, එරික් එරික්සන්, ජෝන් වෝග් නියුමාන්, කර්ට් ලෙවින් ආදී විශිෂ්ට ගනයේ විද්වතුන්ද ඇතුලත් විය. එපමනක්ද නොව 'ෆැන්ක්ෆර්ට්' ගුරුකුලයද ඒ අතර විය. මෙම නිසා ඇමරිකාව තුළ විශ්ව විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති වන්නට අවශ්‍යය පදනම සකස් විය. සන්නිවේදන අධ්‍යන ඇමරිකාව තුළ ඇති වන්නට අවශ්‍යය පසුබිම සැකසෙන්නේද මේ පසුබිම තුළය. නමුත් ඇමරිකාව තුළ සන්නිවේදන අධ්‍යනයන්ට පුරෝගාමී වූ කර්ට්න් ලෙවින් මෙන්ම ගර්බ්නර් ද සිය ආචාර්ය උපාධි ලබාගෙන තිබුනේ ජර්මනියෙන් සහ හංගේරියාවෙන්ය මෙම නිසා සන්නිවේදන අධ්‍යයන ඇමරිකාවේ ආරම්භ වුවද එහි මූලාරම්භය යුරෝපයේ ඇති වූ බව සදහන් කල හැකිය.

මෙසේ ආරම්භ වන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනයෙහිලා විශාල බලපෑමක් කල ගුරුකුලයක් ලෙස 'චිකාගෝ ගුරුකුලය' හදුනාගත හැකිය. 1892 චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි ශාස්ත්‍ර සම්ප්‍රදායට අයත් වූ බුද්ධිමතුන් පිරිස මෙනමින් හැදින්වේ. සන්නිවේදන න්‍යාය හා පර්යේෂන සදහා මෙම ගුරු කුලය බෙහෙවින් වැදගත් විය. ඇමරිකානු සමජ ශාස්ත්‍ර අධ්‍යයන ක්ෂේත්‍රයෙහි නව වෙනසක් කිරීමට මෙම ගුරු කුලයට හැකි විය. සන්නිවේදනයෙහි මානවීය හා සමාජීය වටිනාකම ප්‍රත්‍යක්ෂ කල චිකාගෝ විද්වත්හු අනාගත සන්නිවේදන පර්යේෂණ සදහා පදනම සැකසූහ. චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි සමාජ විද්‍යාව හා සමාජ මනෝ විද්‍යාව මුල් කරගත් ශාස්ත්‍ර ප්‍රබෝධය හෝට්න් කුලී, ජෝර්ජ් හර්බර්ඩ් මීඩ්, රොබට් ඊ පාක් සහ ජෝන් ඩේව් යන විද්වතුන් විසින් දක්වන ලද අප්‍රතිහත දායකත්වය නිසා ඇති වූවක් බව දැක්විය හැකිය. මෙම සිව්දෙනාම ඔවුනොවුන්ට වෙනස් වූ ශාස්ත්‍රීය පර්යේෂණවල නියුක්තව එවායින් සුපොසිත දැනුම් සම්බාරය මතින් ස්වකීය දායකත්වය දක්වන ලදි. සන්නිවෙදන අධ්‍යයන ක්ෂේත්‍රය සදහා ඔවුන් දක්වන ලද දායකත්වය සුවිශේෂී වේ. ඔවුන් මනව සන්නිවේද්නයේ පුද්ගල නි ශිත ලක්ෂණ අවද්ධාරනය කලහ.සංදේශයක අර්ථ නිරූපනය එය ප්‍රතිග්‍රහනය කරන ග්‍රාහකයාගේ ස්වභාවය අනුව තීරණය වන බව ඔවුන්ගේ පිලිගැනීම විය. මොවුන්ගේ මෙම සමාජ ශාස්ත්‍රවල ගවේශනාත්මක ප්‍රථිඵල ප්‍රථිපල සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි පෝෂණය සදහා හේතු විය.

විවිද හේතූන් මුල් කර ගනිමින් චිකාගෝ ගුරුකුලය 1935 පමණ වන විට විශාල ලෙස පරිහානියකට ලක් වෙමින් පැවතිණි. චිකාගෝ ගුරුකුලය බිද වැටීමට සමගාමීව පෝල් ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලය මුල් කරගත් අධ්‍යයන හා පර්යේෂණ ක්‍රියාදාමයක් බිහි විය. නිව්යෝක් නගරය එවක ඇමරිකාවේ නගී ආ සන්නිවේදන හා ප්‍රචාරක කර්මාන්තවල මධ්‍යස්ථානය විය. ලැසාස්ෆෙල්ඩ් හා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි විද්වත් එකමුතුව විසින් ජනසන්නිවේදනයේ බලපෑම ආදී ජාතික මට්ටමේ පර්යේෂණ ගැටලු අධ්‍යයනය කිරීමට පටන් ගත්හ. සන්නිවේදන අධ්‍යයන ඉතිහාසය පිලිබද විමර්ශනයේදී 1920-40 අතර කාලයේ එය ආරම්භ වන්නේ විචිධ විෂයන් පිලිබදව විශ්‍රාරදයින්ගේ දැනුම් සම්භාරය මතින් බව පැහැදිලිය. එහිදී ප්‍රචාරණය පිලිබද ලැසාස්වෙල්ගේ ආනුභවික අධ්‍යනයත්,ග්‍රාහක සමූහ වෙත ගුවන් විදුලියේ බලපෑම පිලිබද ලැසාස්ෆෙල්ඩ්ගේ අධ්‍යයනයත් සුවිශේෂී වේ. සන්නිවේදන අධ්‍යයනයන් සදහා හැරල්ඩ් ලැස්වේල් , පෝල් ලැසාස්ෆෙල්ඩ් , කර්ට් ලෙවෙන් සහ කාල් හවුලන්ඩ් අතින් මුලික පදනම සකස් වූ බව සදහන් කල හැකිය. නමුත් එවරට් එම්. පාක් ප්‍රමුඛ චිකාගෝ ගුරුකුලය විසින් ඉදිරිපත් කරන ලද මතවාදයයි. වෝල්ටර් ලිප්මන් මානව සම්බන්ධතාවන්හි සාරය සන්නිවේදනය ලෙස සලකන ලදි. මෙසේ සමජය විෂයෙහි සන්නිවේදන විෂයට හිමි ස්ථානය හා එහි වැදගත්කම පිළිබදව ඉතා වැදගත් සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමට චිකාගෝ ගුරුකුලයට හැකි විය. කෙසේ නමුත් රොජර්ස් වැඩි දුරටත් සදහන් කරන්නේ චිකාගෝ ගුරුකුලයට වඩා විධිමත් ලෙස සන්නිවේදන අධ්‍යයන ආරම්භයක් සදහා ලැසාස්වෙල්, රොජර් මේ පිලිබදව අදහස් දක්වමින් කියා සිටියේ සන්නිවේදන අධ්‍යයනයන් පිලිබද මුලයන් චිකාගෝ ගුරුකුල විද්වතුන් හා වෝල්ටර් ලිප්මන්ගේද අධ්‍යයයන කරාද විහිදී යන බවය. සන්නිවේදනය යනු හුදෙක් වි පන ප්‍රකාශනය හා ප්‍රචාරණය පමණක් නොවන බවත් එය සමාජය නිර්මාණය කරන සහ සමාජය විසින්ම පවත්වාගෙන යන්නක් බවත් රොබර්ට් ලැසාස්ෆෙල්ඩ්, හවුලන්ඩ්, ලෙවින් යන විද්වතුන්ගෙන් වඩාත් සංවිධිත දායකත්වයක් ලැබුණු බවය.

මහාචාර්ය රොජර්ස් පවසන අන්දමට ප්‍රංශයේ ගේබ්‍රියල් ටාඩේ සහ ජර්මනියේ ජෝර්ජ් සිමෙල් ඇමරිකාවේ ස්න්නිවේදන අධ්‍යයන සදහා විශාල දායකත්වයක් සපයා තිබේ. ගේබ්‍රියල් ටාඩේ ප්‍රංශ ජාතික විනිශ්චය කරුවෙකි ඔහු උසාවියේදී තමා හමුවට පැමිණි පැමිණිලිකරුවන් හා විත්ති කරුවන් සාක්කි කරුවන් හා වෙනත් නීතිවේදීන් ඇතුලු පුද්ගලයින්ගේ චර්යාව පිලිබද සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කරන ලදි. ඔහු මෙම අධ්‍යනයන් පදනම් කර ගනිමින් අනුකරණ සිද්ධාන්තය ඉදිරිපත් කරන ලදි. දිනපතා තමන්ට ඇසුරු කරන්නට හෝ ගැටීමට සිදුවන පුද්ගලයන්ගේ චර්යාව මගින් පුද්ගල චර්යාවට දැඩි බලපෑමක් එල්ල වන බවත් ඔහු නිරීක්ෂණ මගින් පෙන්වා දෙන ලදි.

ජෝර්ජ් සිමෙල් විසින් කන්ඩායම් චර්යාව පුද්ගල චර්යාව කෙරෙහි බලපාන අන්දම පෙන්වා දෙන ලදි. ඔහු පළමු වරට The web of Group Affiliations නැමැති කෘතියෙන් ජාල පිලිබද සිද්ධාන්තය ඉදිරිපත් කර පෙන්වා දෙන ලදි. සිමෙල්ට මානව චර්යාව තේරුම් ගැනීම සදහා බෙහෙවින් වැදගත් වූ ප්‍රශ්නය වූයේ සන්නිවේදන සබදතා මගින් කුමන පුද්ගලයා කුමන පුද්ගලයින්ට සම්බන්ධද යන්නයි.

මෙසේ සිමෙල් හා ටාඩේ මුලින්ම යුරෝපයේ සන්නිවේදනය පිලිබද මූලික අදහස ඇති කල නමුත් ඔවුන් දෙදෙනාගේම අදහස් ආනුභවික පර්යේෂණයට බදුන් කිරීමට හැකිවූයේ ඇමරිකාවේය. මානව සන්නිවේදනය නැමැති සමාජ ශාස්ත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ජෝන් ඩේවි, චාල්ස් හෝර්ට්න් කුලී, රොබට් ඊ පාක් හා ජෝර්ජ් හර්බට් මීඩ් යන විද්වතුන් සිව් දෙනාගෙන් විශාල දායකත්වයක් ලැබිණි. මානව චර්යාව පිලිබදව හැදෑරීමට සන්නිවේදනය ගුරු කොට ගත හැකි බව පෙන්වා දුන්නේ මොවුන් විසිනි. කුලී ස්වීයත්වය හා සමාජානුයෝජනය පිලිබද සමාජ විද්‍යා යෙක් වන අතර ඩේව් දාර්ශනිකයෙක් මෙන්ම මනෝ විද්‍ය යෙක් ද වේ. මොවුන් සන්නිවේදන අධ්‍යයන නැමැති නව විෂය සමාරම්බයට මෙන්ම එහි වර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කල විද්වතුන් අයත්ව සිටි චිකාගෝ ගුරු කුලයට අයත් වූවෝ වෙති. පනිවිඩයක් සංජානනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම පුද්ගල නි ශිත භාවයෙන් යුත් මානව ක්‍රියාවක් බව අවධාරණය කල මෙම සිවු දෙනා මානව සන්නිවෙදනය පිලිබද විද්‍යාත්මක මුහුනුවරක් ප්‍රකට කලහ. මොවුන් පෙන්වා දුන්නේ ස්න්නිවේදන ක්‍රියාවලියේදී පුද්ගලයා අතිශයින්ම වදගත් වන බවත් පණිවිඩයක් තේරුම් ගැනීම මෙන්ම එම පණිවිඩය අර්ථ නිරූපනය කිරීම පිලිබද කටයුත්ත සම්පූර්ණයෙන්ම පුද්ගලයගේ මනෝ භාවයන් මත ‍රැදී තිබෙන බවය.

චාල්ස් කුලී ප්‍රධාන ලෙසම පර්යේෂණ කටයුතු සිදු කරන ලද්දේ පුද්ගල සමාජානුයෝජනය පිලිබදවයි. ඩේව්ගේ මග පෙන්වීම අනුව ස්පෙන්සර්ගේ අදහස් හා මති මතාන්තර පිලිබදව උනන්දුවක් දක්වන්නට පටන් ගත් කුලී සමාජ විද්‍යාව කෙරෙහි ඇදී ගියේය. මුල් කාලයෙදී කුලී ස්පෙන්සර්ගෙන් බලපෑමක් ලැබූ අතර නමුත් කුලී පසු කාලයේ කියා සිටියේ ආරය හා පෞද්ගලිකත්වය පුද්ගලයකුගේ ස්වීයත්වය තීරණය කිරීම සදහා බල නොපාන බවය. දෙමාපියන්ගෙන් හා තම ආශ්‍රය කරන පුද්ගලයන් සමග කරන පුද්ගලාන්තර සන්නිවේදනය කෙනෙකුගේ සමාජානුයෝජනය කෙරෙහි සේම ස්වීයත්වය කෙරෙහිද බලපාන බව ඔහු පෙන්වා දෙන ලදි. කුලී ජන සන්නිවේදනය පිලිබද යම් ප්‍රගතිශීලී උනන්දුවක් දැක්වුවද වඩා වැඩි උනන්දුවක් දක්වන ලද්දේ පුද්ගලාන්තර සන්නිවේදනය පිළිබදවය. සමාජ ප්‍රගතිය පිලිබද දැඩි උනන්දුවක් දැක්වූ ඔහු එකල පුවත් පත් වාණිජ අරමුණු සදහා යොමුව සිටි බැවින් පුවත්පත් පිලිබද අද්‍යයනයන් සිදු කිරීමට අවධානයක් යොමු නොකරන ලදි. හැරල්ඩ් ලැස්වෙල් සෘජු ලෙස සන්නිවේදනය පිලිබද විද්වතෙක් නොවුනද සන්නිවෙදන අධ්‍යයනයෙහි නව පැතිකඩ සොයා ගැනීම විෂයෙහි ඔහු සුවිශේෂී දායකත්වයක් සපයනු ලබීය.ප්‍රචාරනය, ජනමතය සකස් වීම ජනමාධ්‍ය පිලිබද අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය සන්නිවේදන අධ්‍යයන විෂයෙහි අතිශයින් වැදගත් විය.

ඉහත ආකාරයට සන්නිවේදන අධ්‍යයන ආරම්භවීම හා එහි ක්‍රමික වර්ධනය විමර්ශනය කල හැකිය. එහිදී පැහැදිලි වන්නේ ජර්මන් නාසි වාදයත් සමග ඇමරිකාවට සංක්‍රමණය වන ලොව විශිෂ්ටතම සමාජ ශාස්ත්‍ර පිලිබද දාර්ශනිකයින් විසින් සමාජ සංසිද්ධීන් අරභයා සිදු කරන ලද සමීක්ෂණ, පරීක්ෂණ හා විශ්ලේෂණ මත පදනම්ව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික මතවාද ඔස්සේ සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය සිදු වූ බවය. එහිදී චිකාගෝ ගුරුකුලය සේම චිකාගෝ ගුරුකුලයෙහි ක්‍රමවේදාත්මක ප්‍රවේශය තුලින් සමකාලීන සමකාලීන සන්නිවේදන අධ්‍යයන සිදු කල විද්වතුන්ගෙන් සැදුම්ලත් ව්‍යාඛ්‍යායික ගුරුකුලය මගින් එය ක්‍රමිකව අභිවර්ධනය විය. මෙහිදී සදහන් කල යුතු සුවිශේෂී කරුණ වන්නේ සෑම විෂයක්ම ආරම්භ වී ඇත්තේ එම විෂය පිළිබදවම මුලික ධාරණාව රදවා ගනිමින් විෂය සදහාම කැපවූ විද්වතුන් විසින් කරන ලද විවිද පරීක්ෂණ, නිරීක්ෂණ, සම්පරීක්ෂණ පදනම් කොට එලබෙන සිද්ධාන්තයන් මගිනි. නමුත් සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය පිලිබද ඇත්තේ එවැනි පසුබිමක් නොවේ. එය ආරම්භ වී ඇත්තේ විවිද විෂය ක්ෂේත්‍රයන් පිලිබද ප්‍රවීණත්වයට පත් විද්වතුන්ගේ හා දාර්ශනිකයින්ගේ දායකත්වයෙනි. එසේ සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය සිදු වූ අතර ඒ සදහා ඇත්තේද කෙටි ඉතිහාසයකි නමුත් අද වන විට මෙම විෂය ලොව පුරා විශ්ව විද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයනය කරන කාලීන සමාජීය තත්වයට සමගාමීව ගමන් කරන්නාවූ ඉතා ජනප්‍රිය අධ්‍යයන ක්ෂේත්‍රයක් බවටද පත්ව ඇති බව සදහන් කල හැකිය.

සන්නිවේදනය සමාජ ශාස්ත්‍රයක් ලෙස ආයතනගතවීම

[සංස්කරණය]

සන්නිවේදන අධ්‍යයනය ආරම්භ වී ඇත්තේ විවිද විෂය ක්ෂේත්‍රයන් පිලිබද ප්‍රවීණත්වයට පත් විද්වතුන්ගේ හා දාර්ශනිකයින්ගේ දායකත්වයෙනි. එසේ සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය සිදු වූ අතර ඒ සදහා ඇත්තේද කෙටි ඉතිහාසයකි නමුත් අද වන විට මෙම විෂය ලොව පුරා විශ්ව විද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයනය කරන කාලීන සමාජීය තත්වයට සමගාමීව ගමන් කරන්නාවූ ඉතා ජනප්‍රිය අධ්‍යයන ක්ෂේත්‍රයක් බවටද පත්ව ඇති බව සදහන් කල හැකිය. මෙසේ ඉතා කෙටි කාලයක් තුල මෙම විෂය විශ්ව විද්‍යාල තුල අධ්‍යයන කටයුතු සිදු කල හැකි විෂයක් ලෙස වර්ධනය කිරීමෙහිලා පුරෝගාමී වූ විද්වතුන් සමූහයකි. ඒ අතර සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත කිරීම විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.

සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කල ශ්‍රාම් පර්යේෂකයකු ලෙසද න්‍යායවාදියකු ලෙසද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සදහන් කල හැකිය. ශ්‍රාම් විසින්ද සන්නිවේදන අධ්‍යයන අභිවර්ධනයෙහිලා දායක වූ සිව් දෙනෙක් ගැන සදහන් කර තිබේ. එනම් හැරල්ඩ් ලැස්වෙල්, පෝල් ලැසාස්ෆෙල්ඩ්, කර්ට් ලෙවින් හා කාල් හවුලන්ඩ් යන සිවු දෙනාය. මොවුන් විවිධ විෂය ක්ෂේත්‍රයන් නියොජනය කරමින් අන්තර් විෂයක එලඹුමක් මත සන්නිවේදන විෂය උගන්වන්නට හා සන්නිවේදනය පිලිබද පර්යේෂණ පවත්වන්නට උත්සාහ ගන්නා ලදි. ඩැනියල් ලර්නර් ප්‍රකාශ කරන අන්දමට සන්නිවෙදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි කොතෙකුත් විශ්‍රාරදයින් සිටියද එහි පුරෝගාමීන් වන්නේ හැරල්ඩ් ලැස්වෙල්, පෝල් ලැසාස්ෆෙල්ඩ් හා විල්බර් ශ්‍රාම් යන තිදෙනාය.

විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවෙදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහි‍ටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂක වරයාද විය. 1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිලිබද මහාචාර්ය වරයකු ලෙසද ඔහු කටයුතු කල අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහි‍ටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කල අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිලිබද මහාචාර්ය වරයා ලෙසද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සංනිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවරදී “Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කල අතර ඒ නමින් පොතක්ද නිකුත් කරන ලදි. එහිදී ශ්‍රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.

  • තුන්වන ලොකයේ රටවල පාසල්වල ජන සන්නිවේදනය පිලිබද අවබෝදය වර්ධනය කිරීම තුලින් ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කල හැකිය යන්න.
  • අධ්‍යාපන ක්ෂේත්‍රයට හා අනෙකුත් සංවර්ධනය සදහා උරදෙන ආයතන වලට ජන සන්නිවේදනය පිලිබද අවබෝදය වර්ධනය කිරීම තුලින් වඩා හොද ඵලදායිතාවක් ලබා ගත හැකි බව.
  • ජන සන්නිවේදනය තුලින් ලබා දෙන දැනුම් සම්භාරයක් තුලින් පාසල් ළමුන් සේම සාමාන්‍ය ජනයාද සංවර්ධනය සදහා දිරි ගැන්විය හැකි බව.
  • ජාතික සංවර්ධනය උදෙසා ජන සන්නිවේදනය විශාල පි‍ටුබලයක් වන බව.

වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම ග්‍රන්ථය සංවර්ධනය වන රටවල සන්නිවෙදන පසුබිම හැදෑරීමට උසස්ම ගනයේ කෘතියක් ලෙස ලොව පුරාම භාවිත වන්නට විය. වසර 10කට පසු මුල් සම්මන්ත්‍රණයේ දැක්වූ අදහස් ගොනුකොට " සන්නිවේදනය හා විපරිනාමය: පසුගිය දස වසර සහ ඉදිරි දස වසර" නම් ග්‍රන්ථය පළ කෙරිණි. ලොව පුරා සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත වීමට අවශ්‍ය පදනම මෙමගින් සකස් කරනු ලැබූ බව සදහන් කල හැකිය.

1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්ව විද්‍යාල තුල අධ්‍යයනය කිරීම මුලු ලොව පුරා විසිරී යන ලදි. 1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්ව විද්‍යාල ලබා දෙන ලදි. යුරෝපය තුල පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය සදහා හැදෑරූ සංඛ්‍යාව 11000කි. 1990 දශකයේ මුල් කාර්තුවේදී ජනසන්නිවේදන අධ්‍යයනය හැදෑරූ පිරිස 50000ක් ලෙස ලොකයෙන් වාර්ථා විය.

1970 දී වසරකට මෙම විෂයෙන් ප්‍රධානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වූ අතර අද වන විට එය 4000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුල පමණක් ඇති විශ්ව විද්‍යාල මගින් එනම් කොලොම්බියා, හාවඩ් ආදී ලොව ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාල මගින් වසරකට ආචාර්ය උපාධි 250 ක් පමණ අද වන විට පිරිනමණු ලබයි. එසේම ඇමරිකාව තුල ප්‍රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති ව්ද්‍යායතන හා දෙපාර්ථමේන්තු ගනන අද වන විට 2000කට අධිකය.

තවද අද වන විට වෙස්ටර් , සිටි, වේල්ස්, වෙස්ට් මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විශ්ව විද්‍යාල රාශියකම මෙම විෂය සදහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. සුප්‍රකට වෙස්ටර් විශ්ව විද්‍යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවිය මගින් යුරෝපය තුල එම විෂය සදහා පවතින ගෞරවනීයම උපාධියද පිරිනමනු ලබයි.

යුරෝපය තුල ජනසන්නිවේදන අධ්‍යයනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු, හා කලිබියානු ආදී රටවලද විශ්ව විද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදු කරන හා උපාධි ප්‍රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින්ද සදහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුලින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්‍රබෝදය ඒ සදහා සෘජුව බලපාන්නට ඇත.

ආසියාකරයේ රටවල් අතුරින් මුලින්ම ජන සන්නිවේදන අධ්‍යයන විෂයක් ලෙස හදුන්වා දුන් රට වන්නේ පිලිපීනයයි. ඉන් අනතුරුව ජපානය,චීනය, කොරියාව, හොංකොං, තායිලන්තය,මැලේසියාව ආදී ආසියාතික රටවල් කරාද එය ව්‍යාප්ත විය. ඉන්දියාව තුල විශ්ව විද්‍යාල රාශියක ප්‍රථම හා පශ්චාත් උපාධි මට්ටමින් මෙම විෂය හැදෑරීමට අද වන විට හැකියාව පවතී. ශ්‍රී ලංකාව තුල 1960 දශකයේ අග භාගයේදී කණිෂ්ඨ විශ්ව විද්‍යාලවල මෙම නව විෂය සදහා පාඨමාලා සකස් වූ අතර 1973 දී කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන විෂය සදහා පාඨමාලා සකස් වූ අතර අද වන විට එහි ප්‍රථම හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. එසේම කොළඹ විශ්ව විද්‍යාලය මගින්ද මේ සදහා අද දවසේ ප්‍රථම උපාධි පිරිනැමීම සිදු වෙයි.

මේ ආකාරයට මෙම නව විෂය ඇමරිකාව තුල ආරම්භ වී සියවසක් පමන ඉතා කෙටි කාල පරාසයක් තුල එය විවිධ විද්වතුන්ගේ මැදිහත්වීම් සමගින් ලොව පුරා ජනප්‍රිය විෂයක් ලෙස විශ්ව විද්‍යාල තුල අධ්‍යයන කටයුතු කල හැකි පදනමක් සකස් වීම මගින් එම විෂයෙහි ඇති කාලීන වටිනාකමද මැනවින් විශද කරනු ලබයි.

සන්නිවේදන අධ්‍යයනයෙහි පුරෝගාමී චරිත

[සංස්කරණය]

සන්නිවේදන අධ්‍යයන වල නියැලුණු විද්වතුන් බොහෝ ප්‍රමාණයක් සිටියද සන්නිවේදන අධ්‍යයනයෙහි පුරෝගාමීව කටයුතු කල විද්වතුන් සය දෙනෙක් පමණ හදුනා ගත හැකිය. එනම් විල්බර් ශ්‍රාම්, හැරල්ඩ් ලැස්වෙල්, වෝල්ටර් ලිප්මන්, පෝල් ලැසාස්ෆෙල්ඩ්, කර්ට් ලෙවින්, කාල් හවුලන්ඩ් යන විද්වතුන්ය. මෙයින් විල්බර් ශ්‍රාම් සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතනගතව විෂයක් ලෙස අධ්‍යයනය සදහා අවශ්‍ය පරිසරයද සන්නිවේදන අධ්‍යයන සදහා විධිමත් පදනමද සකස් කරණු ලැබූ පුද්ගලයා වේ. ඔහු පිලිබදව මීට ඉහත මාතෘකාවේදී සාකච්ඡාවට ලක් කල බැවින් මෙහිදී අනෙකුත් විද්වතුන් පස් දෙනා ගැන විමර්ශනය සිදු කරනු ලබයි.ඔවුන් පිළිබදව පහත ආකාරයට විමසීමට ලක් කල හැකිය.

හැරල්ඩ් ලැස්වෙල්

[සංස්කරණය]

දේශපාලන විද්‍යා ශ්‍රාස්ත්‍ර යකු ලෙස සිටිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කල විද්වතකු ලෙස ලැස්වෙල් හදුන්වා දිය හැකිය. ප්‍රෙස්බ්ටේරියන් පූජකවරයකුගේ පුත්‍රයකු ලෙස 1902 පෙබරවාරි 13 වන දින මෙලොව උපත ලද් ලැස්වෙල් කුඩා කල සිටම සෑම දෙයක් පිලිබදවම විමසිල්ලක් දැක්වූවා සේම විවිධ විෂයන් පිලිබද ලියවුණු පොත පතද කියවන්නට පුරුදු වී සිටියේය. වයස අවුරුදු 16 දී ඉතිහාසය හා ඉංග්‍රීසි විෂයන්ගෙන් ශිෂ්‍යත්වයක් දිනා ගත් ඔහු 1918 දී චිකාගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. එහිදී ඔහු සිවු වසරක් ශ්‍රාස්ත්‍ර හදාරා ප්‍රථම උපාධිය දේශපලන විද්‍යාවෙන් ලබා ගත් අතර 1926 දී ආචාර්යය උපාධියත් එම විශ්ව විද්‍යාලයෙන්ම ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධනය වූයේ "propaganda techniques in the world war "යන්නය. එනම් "ලෝක සංග්‍රාම සමයේ භාවිතා කල ප්‍රචාරක විධි" යන්නය. මෙම ග්‍රන්ථය සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ලැස්වෙල් ප්‍රථම උපාධිය සේම ආචාර්ය උපාධියද දේශපාලන විද්‍යාව සදහා ලබා ගත්තද ඔහු කිසිදු විටෙක එම විෂය ක්ෂේත්‍රයට පමණක් සීමා වී කටයුතු කලේ නැත. ඔහු මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හා සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයන් පිලිබදවද අධ්‍යයනයන් සිදු කිරීමට උත්සාහ කරන ලදි. ඔහු සෘජු ලෙසම සන්නිවේදන ශ්‍රාස්ත්‍ර යකු ලෙස කටයුතු නොකලද ඔහුගේ ශ්‍රාස්ත්‍රීය එලබුම තුල වර්තමානයෙහි සන්නිවෙදනය ලෙස පිලිගැනෙන සමාජ ශ්‍රාස්ත්‍රය අභිවර්ධනයට අතිශයින් ඉවහල් වන්නාවූ ශ්‍රාස්ත්‍රීය එලබුමක් ඒ තුල පවතී.ලැස්වෙල් අධ්‍යයනය කල විෂය ක්ෂේත්‍ර ලෙස ප්‍රචාරණය, ජනමතය සකස් වීම, දේශ්පාලන භූමිකා හා ජනමාධ්‍ය පිලිබද අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය පෙන්වා දිය හැකිය.

එසෙම මොහු ලන්ඩන්, ජිනීවා, පැරිස් සහ බර්ලින් හිදීද පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල නිරත විය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ හා කාල් මාක්ස්ගේ ලියවිලි හැදෑරූ මොහු ඒ ගැන පර්යේෂණ කටයුතුද සිදු කරන ලදි. මනො විග්‍රහය පිලිබද පුලුල් ලෙස පර්යේෂණද පැවැත්වීය.ලැස්වෙල් බොහෝ විට පවතින දේ හදාරන්නෙකුට වඩා නව දේ සොයා යන්නෙකු ලෙස කටයුතු කරන ලදි. අධි ශිෂ්‍යත්වයක් මත ඔහු බොස්ටන්, වියේනා හා බ්ර්ලින් සංචාරය කොට ආපසු චිකාගෝ විශ්ව විද්‍යාලයට පැමිනි පසු චර්යාවාදය සමග මනෝ විශ්ලේෂණ න්‍යාය සම්බන්ධ කිරීමට උත්සාහ ගත් අතර නමුත් ඒ සදහා ඔහුට අවස්ථාවක් නොලැබිනි. හේතුව වූයේ සාම්ප්‍රදායික මනෝ විද්‍යා යින් එයට දැඩි ලෙස විරුද්ධ වීමය. එසේම දෙශපාලන විද්‍යා යින්ගෙන්ද ඔහුට ලැබුණු ප්‍රතිචාරය යහපත් එකක් නොවේ. ඒ බව මනෝ විශ්ලෙෂණ න්‍යාය පදනම් කොට ගනිමින් දේශපාලන නායකත්වය අලළා ඔහු විසින් රචිත "world politics and personal insecurity " නැමැති ග්‍රන්ථය පිලිබදව "American political science review " හි ඒ පිලිබදව දැඩි විවේචන එල්ල වී තිබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මෙසේ මනො විශ්ලේෂණ න්‍යාය බදු විප්ලවීය න්‍යායික පර්යාලෝක දේශ්පාලන විද්‍යාවට හදුන්වා දීමට ලැස්වේල් උත්සාහ ගන්නා ලදි. මෙම නිසා මොහුගේ අධ්‍යයන තත්කාලීන දේශ්පාලන විද්‍යාව තුල බෙහෙවින් විප්ලවකාරී ඒවා ලෙස සැලකිණ.

සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ලැස්වෙල් විසින් දක්වන ලද දායකත්වයන් අතර මූලිකත්වයක් ගන්නේ ප්‍රචාරණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිලිබද සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ද වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පලමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්ය උපාධිය සදහා පර්යේෂණ සිදු කල කාලවකවානුවේදීය. එහිදී ඔහු පලමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිලිබදව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිලිබදව සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිලිබද සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේදී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේශන මාර්ගයයි.

ලැස්වෙල් චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන කාලයේදී එහි ප්‍රචාරණය හා මහජන මතය පිලිබද පාඨමාලා ඇතුලුව පාඨමාලා ‍රැසක් ආරම්බ කරන ලදි.ඒවා ඔහු දේශපාලන විද්‍යාවට සම්බන්ධ කොට ආරම්භ කරනු ලැබුවද සැබවින්ම එම පාඨමාලා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළ ඒවා විය. නමුත් එම කාල වකවානුවෙහි එනම් 1920-30 අතර කාලයේ "සන්නිවේදනය" යන නම භාවිතා නොකරන ලදි. චිකාගෝ සරසවියෙහි වසර 17ක සේවයෙන් පසුව ඔහු ඉන් ඉවත්වී අර්ධකාලීන කථිකාචාර්ය වරයකු ලෙස යේල් විශ්ව විද්‍යාලයට එක් විය. දෙවන ලෝක යුද්ධය ඇති වීමත් සමග ලැස්වෙල් ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙහි අධ්‍යයන කටයුතු සදහා වන පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි. එය ඔහුගේ පර්යේෂණ කටයුතු පුලුල් කිරීමට හේතු විය. ප්‍රචාරණය පිලිබදව පුලුල් පර්යේෂණ ආරම්භ කරන ලද්දේද මෙම කාලයේදීය. ඒ සදහා ඔහුට මූල්‍ය ප්‍රතිපාදන "රොකෆෙලර් පදනම" මගින් සපයන ලදි. 1939 සැප්තැම්බර් සිට 1940 ජුනි දක්වා මාසයක් පාසා පැවැත්වුණු මෙම සන්නිවේදන සම්මන්ත්‍රණ තුල ලැස්වෙල් ඉතා ප්‍රබල කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදි. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වූයේ යුධ පසුබිම තුල රජයට සන්නිවේදනය කල හැකි ආකාරය පෙන්වා දීමය. එහිදී සන්නිවේදන බලපෑම පිලිබද ක්ෂේත්‍රය වෙත මෙම සම්මන්ත්‍රණ සාකච්ඡා වාර යොමු කරවීමට ලැස්වෙල්ට අවස්ථාව ලබිණි.මෙම සම්මන්ත්‍රණය සන්නිවේදන අධ්‍යයන සදහා සුවිශේෂී වන්නේ ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය තවදුරටත් සංවර්ධනය වන්නේ මෙහිදී වීම නිසාය.

  • කවුරුන් විසින්?
  • කා හට?
  • කවර නාලිකාවකින්?
  • කවර බලපෑමක් සදහා කියන්නෙද? යනු එම ආකෘතියයි

තවද මෙම සම්මන්ත්‍රණය තුලින් සන්නිවේදනය පිලිබද උනන්දුවක් ඇති විද්වතුන් ඒකරාශී කරන ලදි. එසේම මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරන ලද කරුණු සන්නිවේදනය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස තාර්කිකව විශද කල කෘතියක් විය. සන්නිවේදන විෂය ක්ෂේත්‍රය ආරම්භ කිරීමෙහිලා "රොකෆෙලර් පදනම"හා ජෝන් මාර්ෂල් අතින් විශාල කාර්ය භාරයක් සිදු වූ බව සදහන් කල යුතුය. ජෝන් මාර්ෂල් යනු රොකෆෙලර් සම්මන්ත්‍රණය සංවිධානය කල පුද්ගලයාය. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පෙර සන්නිවේදන පර්යේෂණ යන වචන පවා භාවිතයේ නොතිබුණු අතර 1939 දී එම සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වතුන් වෙත මාර්ෂල් විසින් ආරාධනා කොට යවන ලද ලිපිවල පළමු වරට " " යන වචනය භාවිත කර තිබූ අතර ඉන් පසුව මෙම නව විෂය සදහා එම නම භාවිතයට ගන්නා ලදි.රොකෆෙලර් සම්මන්ත්‍රණය තුල ලැස්වෙල්ගේ ශ්‍රාස්ත්‍රීය දායකත්වය තවත් ආකාරයකට ප්‍රකට විය. ඒ සන්නිවේදනයේ කාර්යය සම්බන්ධයෙනි. ලැස්වෙල්ට අනුව සන්නිවේදන කාර්යය පහත ආකාර වේ.

  • පරිසර ආවේක්ෂණය [සෝදිසියට, විමසිල්ලට ලක් කිරීම]
  • පරිසරයට ප්‍රතිචාර දැක්වීම සදහා සමාජයේ කොටස් එකිනෙකට සම්බන්ධ කිරීම
  • එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සමාජ උරුමය ගෙන යාම

දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙහි ලැස්වේල් සහ කැසේ යුද්ද වි පන කාර්යාලයෙහි උපදේශක වරුන් ලෙස කටයුතු කරන ලදි. ‍රැල්ෆ් කැසේ ලැස්වෙල්ගේ ප්‍රචාරණය පිලිබද අධ්‍යයන පෘථූල කිරීමෙහිලා කැපවී ක්‍රියා කල අයෙකි. එම නිසාම ඔවුන් දෙදෙනාටම මෙසේ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම නිසා ප්‍රචාරණ විශ්ලේශනය ප්‍රවර්ධනය විය.එම ප්‍රවර්ධනය සන්නිවේදන අධ්‍යයනය පිලිබද විල්බර් ශ්‍රාම්ගේ දෘෂ්ටිය සංවර්ධනයටද හේතු විය.

ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි යුද්ධය, විප්ලවය හා සාමය පිලිබද පුවර් ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක්ද මෙහෙයවූ අතර එම ව්‍යාපෘතියට ආණ්ඩු සහ දේශපාලන නායකයන් පිලිබද අධ්‍යයන, ආයතනික අධ්‍යයන හා පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය ආදිය අන්තර්ගත විය. මෙහිදී පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය සෘජු ලෙසම සන්නිවේදනය කේන්ද්‍රගතව සිදු කරන ලද්දකි. සන්නිවේදන අධ්‍යයනයෙහි පීතෘවරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන විල්බර් ශ්‍රාම්ද ලැස්වෙල් හා සමකාලීනයෙකි. ලැස්වෙල් හා ශ්‍රාම් 1954-55 අතර කාලයේ පළමු වරට දෙදෙනා මුන ගැසුණු අතර එම අවස්ථාව රොජර්ස් මෙසේ දක්වා ඇත

" ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි චර්යාවේද අධ්‍යයනය පිළිබද මධ්‍යස්ථානයෙහි ශ්‍රාස්ත්‍රධාරියකුව සිටි වකවානුවෙහි එක්තරා දිනයකදී ශ්‍රාම් ලැස්වෙල් හමුවීමට පැමිණියේය. ඒ ශ්‍රාම් සන්නිවේදනය පිලිබද මහාචාර්ය වරයා ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට පත්වී ආ අලුතය ශ්‍රාම් ලැස්වේල් සොයා ආවේ ලැස්වේල් සමග දත්ත විශ්ලේෂණ ගැටලුවක් සාකච්ඡා කිරීමේ අරමුනෙනි. පස්වරු 02.00 කට පමණ ලැස්වෙල්ගේ අධ්‍යයනාගාරයට පැමිණි ශ්‍රාම්ට ඔහුගේ දත්ත මෙහෙයවාලිය හැකි වෙසෙසින් සංවර්ධිත විශ්ලේෂණ මාර්ගයක් ලැස්වේල් පෙන්වා දුන්නේය. අදාළ දත්ත අර්ථ නිරූපනය කිරීමට අදාළව ඔවුන් දෙදෙනා අතර ඇරබුනු සාකච්ඡාව නිමවන විට වේලාව රාත්‍රී 08.00 ලෙස සටහන්ව ශාස්ත්‍රීය ගැටලු හා පොර බැදීමේදී ලැස්වෙල්ගේ මනස ක්‍රියා කල ආකාරයද එයින් හෙලි වෙයි." ලෝක යුධ සමයේදී ලැස්වෙල් විසින් කරන ලද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍යය අඩිතාලමක් සේ සැලකිය හැකිය.අද වන විට ප්‍රචාරණය යන න්‍යාය වෙසෙසින් එය මුල් විග්‍රහය කාලීන අගයෙන් අඩු වූවක් බව විද්වතුන් තර්ක කරන නමුත් එය එම න්‍යායෙහි මූලික අවස්ථාවක් බව සියලු දෙනා පිලිගත යුතුව ඇත. එය අද වන විට සංවර්ධනාත්මකව ප්‍රබල ලෙස භාවිත වීමෙන් එහි ඇති අගය මනාව සුවිශද වේ.

සන්නිවේදන අධ්‍යයනය විධිමත් විෂය පථයක් ඔස්සේ නව චින්තන ධාරාවක් ඒ වෙතට යොමු කොට එය සංවධන මාවතක් කරා යොමු කිරීමෙහිලා ලැස්වේල් විසින් ස්වකීය පර්යේෂණ හා අධ්‍යයන මගින් සන්නිවේදන අධ්‍යයන විෂයෙහි දක්වන ලද මෙහෙය අති විශාල එකක් වූ බව අවසාන වශයෙන් සදහන් කල හැකිය.

වෝල්ටර් ලිප්මන්

[සංස්කරණය]

වර්තමානයෙහි න්‍යායපත්‍රකරණය නමින් ප්‍රචලිත ක්‍රියාවලිය සංකල්පගත කිරීමෙහිලා අප්‍රතිහත කාර්ය භාරයක් ඉ‍ටු කල විද්වතෙකු ලෙස වෝල්ටර් ලිප්මන් සන්නිවෙදන අධ්‍යයන පිලිබද කතා කරන විට අමතක කල නොහැකිය.ලිප්මන් හා ලැස්වෙල්යන දෙදෙනාම එක්ව කටයුතු කල අතර ප්‍රචාරණය හා ජනමතය අළලා ලැස්වෙල් කරන ලද අධ්‍යයන වලදී ලිප්මන්ගෙන් ඒ සදහා විශාල දායකත්වයක් ලැබී තිබේ. හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන්ම දර්ශනය පිලිබද ශාස්ත්‍රපති උපාධිය සදහාද අධ්‍යයන කටයුතු සිදු කොට එය අතර මග නවතා දමන ලදි. විශේෂයෙන්ම ඔහු ඉගැන්වීම් කටයුතු වල නියැලීමට රුචිකත්වයක් නොදක්වන ලදි. ශාස්ත්‍රාලීය පර්යේෂණ ක්‍රමවේද හෝ න්‍යායික පර්යාලොක වලට අනුගත නොවෙමින් ක්‍රියා කල ඔහු නිදහස් චින්තනයකින් යුතුව කටයුතු කල අයෙකි. ඔහු පුවත්පත් වලට ලිපි සැපයීමට දැඩි කැමත්තක් දැක්වූ අතර ඔහුගේ නිදහස් චින්තනය තුලින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය අභිවර්ධනයෙහිලා විශාල මෙහෙයක් කිරීමට එය වෙසෙසින් බලපාන්නට ඇත. මන්ද යත් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය උදෙසා ඔහුගේ රචනා බෙහෙවින් වැදගත් වූ හෙයිනි. ඔහුගේ " මහජන මතය " නැමැති කෘතිය සන්නිවෙදන අධ්‍යයන සදහා වැදගත් වූ කෘතියක් ලෙස විද්වතුන්ගේද සම්භාවනාවට පාත්‍ර වේ.

මුලදී ඔහු බොස්ටන්හි සමාජවාදී පුවත්පතක සේවය කල අතර ඉන් අනතුරුව new Repulicනැමැති ශ්‍රාස්ත්‍රීය සගරාවෙහි කර්තෘ ධූරයටද පත් විය. ඉන් පසුව 1921 දී නිව්යෝක්හි “New York " නම් පුවත්පතට සම්බන්ද වූ ඔහු එහි කර්තෘ වාක්‍ය ලියන ලදි. ඉන් පසු ලිප්වින් ගතානුගතික නැබුරුවකින් යුත් "New York Herald Tribune" පුවත්පතට සම්බන්ද වූ අතර එහිදී ඔහු "Today and Tomorrow" නමින් තීරු ලිපියක් සතියකට සිවු වතාවක් බැගින් රචනා කල අතර ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ එම ලිපි පෙලත් සමගය. 1963 දී ඔහු "The Washinton Post" පුවත් පතට සම්බන්ධ වී කටයුතු කරයි. ඔහුගේ නිදහස් මතවාදී චින්තනයද මෙම පුවත්පත්වල ඔහු විසින් පල කරන ලද ලිපි මගින් තහවුරු විය. දේශපාලන සංසිද්ධීන් අරබයා ඔහු විවිධ ලිපි පල කල අතර ඒවා අපක්ෂපාත බවින් යුක්ත ඒවා වීම නිසා පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. මෙම කරුණු නිසාම ඇමරිකාව තුළ 20 වන සියවසේ බිහි වූ සුප්‍රසිද්ධ හා විශිෂ්ටතම පුවත්පත් කලාවේදියා ලෙසද ඔහු ඉතිහාස ගතව ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රචාරණයේ කාර්ය භාරය පිලිබදව මහජන අවබෝධය ඇති කිරීමෙහිලා ලිප්මන් විසින් රචනා කරන ලද "public opinion" නම් වූ කෘතිය අතිශයින් වැදගත් විය. මහජන මතය හැඩ ගැස්වීම සදහා මුඛ්‍ය සාධකයක් ලෙස ලිප්මන් මෙහිදී හදුනා ගත්තේ "Stereotypes" එය යථාර්තය සරල භාවයට ගෙන එනු ලබන කේතයකි. එවිට සන්දේශ මූලයට අවශේෂ ජනයා වෙත එය පහසුවෙන් සන්නිවේදනය කල හැකිය.

සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය අරභයා ලිප්මන් විසින් දක්වන ලද දායකත්වය විශද කරන්නාවූ තවත් එක් සුවිශේෂී පැතිකඩක් ලෙස ඔහු විසින් හදුන්වා දුන් "Agenda Setting" "න්‍යායපත්‍ර සැලසුම් කරනය" පෙන්වා දිය හැකිය. සැබෑ ලෝකයේ පවතින ප්‍රතිරූප හා එකී සංසිද්ධීන් පිලිබද අපගේ මනස තුල පවතින ප්‍රතිරූප අතර සහ සම්බන්ධය ගොඩ නැගීමට ජනමාධ්‍ය සෘජු ලෙස බලපෑම් කරන බව ඔහු මෙමගින් පෙන්වා දෙන ලදි. මෙය පසුකාලීනව දේශපාලන විද්‍යා යකු වන බර්නාඩ් කෝනන් විසින් තව දුරටත් සංවර්ධනය කරන ලදි.

මෙම "න්‍යායපත්‍ර සැලසුම් කරනය" ක්‍රියාවලියට ප්‍රධාන සංචරක 03ක් ඇතුලත් වෙයි.

  1. මාධ්‍ය න්‍යායපත්‍ර කරණය
  2. මහජන න්‍යායපත්‍ර කරණය
  3. ප්‍රතිපත්ති න්‍යායපත්‍ර කරණය

මෙම න්‍යායපත්‍ර කරණ සංචරක එකිනෙකට සහසම්බන්ධ වූ ප්‍රතික්‍රියාවක් දක්වනු ලබයි. එනම් මාධ්‍ය න්‍යායපත්‍ර කරණය මහජන න්‍යායපත්‍ර කරණයට බලපෑම් කරන අතර ඒ බලපෑම ප්‍රවෘතිමය න්‍යායපත්‍ර කරණය සදහා තුඩු දෙනු ලබයි. මෙම ක්‍රියාවලිය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන මතය ක්‍රියාවට නැගෙන ආකාරය විවරණය කරණු ලබයි. මෙම න්‍යායපත්‍ර සැකසුම් කරනය ස්න්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඉහල තලයකට ගෙන ඒමට දායක වූ දෙදෙනෙක් ලෙස මැක්කොම්බ් හා ෂෝ යන දෙදෙනා සදහන් කල හැකිය. මේ ආකාරයට ලිප්මන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය නව මාවතක් කරා යොමු කරලීම විශයෙහි විශාල දායකත්වයක් සපයා තිබේ.

පෝල් ලැසාස්ෆෙල්ඩ්

[සංස්කරණය]

සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය සදහා මුල් අවධියේදී සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කල විද්වතුන් අතර විශේෂ ස්ථානයයක් පෝල් ලැසාස්ෆෙල්ඩ්ට හිමි වෙයි. ඔස්ට්‍රියාවේ වියානා නුවර ඉපදී හැදී වැඩුණු මොහු ගණිත යකු සේම සමාජ මනෝ විද්‍යා යෙක්ද වෙයි. වියානා විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සහ ආචාර්ය උපාධියද ලබා ගත් මොහු ඇමරිකාවේ නිව්යෝක්හි සුප්‍රකට කොලොම්බියා සරසවියෙහි සමාජ ශාස්ත්‍ර පිලිබද මහාචාර්යවරකු ලෙස වසර 30කට අධික කාලයක් කටයුතු කරන ලදි. මෙම කාල පරාසය තුල ඔහු සන්නිවේදන ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් ඉ‍ටු කලේය. සිය සමකාලීන විද්වතුන් වූ කාල් හවුලන්ඩ්, හැරල්ඩ් ලැස්වෙල් හා විල්බර් ශ්‍රාම් ආදීන් සමග මොහු ඉතා සමීපව කටයුතු කර තිබේ. සමාජ ශාස්ත්‍ර විෂයක් ලෙස සනිවේදනය ඇමරිකාවේ පමනක් නොව ලෝකයේ සෙසු රටවලටද ව්‍යාප්ත කරවීමට පුරෝගාමී මෙහෙවරක් ලැසාස්ෆෙල්ඩ් විසින් සිදු කර තිබීමයි.

ඇමරිකාවේ සමාජ විද්‍යාව හා සන්නිවේදනය පිලිබද සංවර්ධනය සම්බන්ධ වැදගත් ආයතනයක් වන "ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ ආයතනය" 1925 දී වියානා නුවර පිහි‍ටුවන මොහු ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු 1936 දී එම පර්යේෂණ මධ්‍යස්ථානය නෙවාක් සරසවියෙහි ආරම්භ කරන ලදි. ඉන් පසුව 1937 දී ප්‍රින්ටන් විශ්ව විද්‍යාලයේ රෙඩියෝ පර්යේෂණ පිලිබද කාර්යාලයේ අධ්‍යක්ෂක වරයා බවටද පත් විය. 1939 දී එය කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි ආරම්භ කරන ලදි. ලැසාස්ෆෙල්ඩ්ගේ මෙම පර්යේෂණ මධ්‍යස්ථානය තවත් බොහෝ පර්යේෂණ ආයතන පිහි‍ටුවීමට රුකුලක් විය. විශේෂයෙන්ම 1947 දී ඉලිනෝයි සරසවියෙහිද 1953 දී ස්ටැන්ෆර්ඩ් සරසවියෙහිද සන්නිවේදන පර්යේෂණ ආයතන විල්බර් ශ්‍රාම් විසින් පිහි‍ටුවීමේදී උක්ත දක්වන ලද ලැසාස්ෆෙල්ඩ්ගේ පර්යේෂණ ආයතන ආදර්ශයට ගෙන ඒ අනුව පිහි‍ටුවන ලද ඒවා විය. ලැසාස්ෆෙල්ඩ්ගේ මෙම පර්යේෂණ ආයතනය යුරෝපයේ ප්‍රථම වරට එබදු ආකෘතියකින් පිහි‍ටුවන ලද ආයතනය විය. එය ලෝකයේ මාධ්‍ය ග්‍රාහක පරීක්ෂණ පිලිබද ප්‍රථම වරට සිදු කරන ලද පර්යේෂණය වන "වියෙනා ගුවන් විදුලිය පිලිබද ග්‍රාහක පර්යේෂණය" සිදු කරන ලදි.

ලැසාස්ෆෙල්ඩ්ට රොකෆෙලර් පදනම මගින් පිරිනමන ලද අධිශිෂ්‍යත්වයක් මත ඇමරිකාවට සංක්‍රමණය වීමට අවස්ථාව සැලසුන අතර එය ඔහුට ලැබුණු අසාමාන්‍ය අවස්ථාවක් ලෙස සදහන් වේ. හේතුව ඔහු වියේනා විශ්ව විද්‍යාලයෙහි දී අවශ්‍යය වෘතීය සුදුසුකම් සපුරා තිබුනද ඔහුට යෝග්‍ය ස්ථානය ලබා දීමට මහාචාර්ය කාල් බුහ්ලර්ට අපහසු විය. මන්ද යත් ඔහු යුදෙවු ජාතිකයකු වීම නිසාය. එම නිසා ඔහු අධිශිෂ්‍යත්වය සදහා නම් කරන ලද බව සදහන්වේ. කෙසේ නමුත් ඇමරිකාවේ ඔහු ගත කාලය ඔහුගේ ජීවිතයේ ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක් විය. එහිදී ඔහුට සැමුවෙල් ඒ ස්ටවුනර්, රොබට් එස්, හා ලින්ඩ් බදූ ප්‍රමුඛ ඇමරිකානු විද්වතුන් මෙන්ම රොබට් ලින්ච් සමග පැවති ආශ්‍රය ඔහුට ඉතා වැදගත් විය. ලැස්ෆෙල්ඩ් ඇමරිකාවේ ගතකල කාලයේ ඔහුගේ බිරිද වූ මාරි ජහෝඩා ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යන අතරතුර එවකට ඔස්ට්‍රියාවේ පැවති සමාජවාදී ආණ්ඩුව මගින් ඇය අත්තඩංගුවට ගන්නා ලදි. එසේම ලැසාස්ෆෙල්ඩ්ට හිමිව තිබූ ගුරු වෘතියද ඔහුට අහිමි විය. ඇමරිකාවේ සිට ආපසු පැමිනෙන ලැසාස්ෆෙල්ඩ්ට ඔස්ට්‍රියාවේ පැවති දේශපාලනික තත්ත්වය තුල එහි වාසය කිරීමට අපහසු වූ බැවින් පෙරලා ඇමරිකාවට සංක්‍රමනය වන අතර එහිදී ලින්ඩ් ඔහුට ඇමරිකාව තුල යම් ස්ථාවර බවක් ගොඩ නගා ගැනීමට උපකාර කරයි.

ලැසාස්ෆෙල්ඩ් සන්නිවේදන ක්ෂේත්‍රයට ක්‍රියාකාරීව එක්වන්නේ 1930 දශකයේ මැද භාගයේදීය. එහිදී ඔහු ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි. එම කාල වකවානුව වන විට ගුවන් විදුලිය ආරම්බ වී විශාල ලෙස ජනප්‍රියව පැවති යුගයකි. එම නිසාවෙන්ම ඒ පිලිබද කරන අධ්‍යයනයන් විශාල පරිශ්‍රමයකින් යුතුව කලයුතු විය. රොකෆෙලර් පදනම මගින් 1937 දී ගුවන් විදුලියේ ස්වභාවය හා එහි සමාජීය බලපෑම පිලිබද පුලුල් ගවේශනයක් කිරීමට හඩ්ලි කැන්ට්‍රිල්ට භාර දෙයි. ඒ සදහා අවශ්‍යය ප්‍රතිපාදන රොකෆෙලර් පදනම මගින් සපයා දෙනු ලැබීය. ලැසාස්ෆෙල්ඩ්ට මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ අධ්‍යයක්ෂක තනතුර හිමි විය. කැන්ට්‍රිල් සහ පසු කාලයේ කොලොම්බියා ගුවන් විදුලි සේවයේ අධ්‍යයක්ෂක ලෙස දීර්ඝ කාලයක් සේවය කල ෆ්‍රෑන්ක් ස්ටැන්මග් යන දෙදෙනා ලැසාස්ෆෙල්ඩ්ගේ ආශ්‍රිත අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විය. ලැසාස්ෆෙල්ඩ්ගේ ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියේ මුල් අවුරුදු දෙකම වැය කරන ලද්දේ ගුවන්විදුලි පර්යේෂණ සදහා භාවිතා කල හැකි ක්‍රමවේද සංවර්ධනය කිරීම සදහාය. ඒ වන විට ගුවන්විදුලි පර්යේෂණ ක්ෂේත්‍රයේ පූර්වාදර්ශ නොමැති වීම නිසා ඔහුට ස්ව අභිමතය පරිදි කටයුතු මෙහෙය වීමට අවථාව ලැබිණි. 1937 වසරේදී ගුවන් විදුලි වැඩසටහන් හා ශ්‍රාවකයන් පිලිබද පැවැත්වූ විස්තීරණම අධ්‍යයනය ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබීය.

  • ශ්‍රාවක පිරිස පිළිබදව එවක සැපයුණු සියලු දත්ත ද්විතීය විග්‍රහයකට බදුන් කිරීම.
  • ගුවන් විදුලි වැඩ සටහන් සම්බන්ද අන්තර්ගත අධ්‍යයනයක් පැවැත්වීම.
  • ගුවන් විදුලි වැඩසටහන් කෙරෙහි වූ ශ්‍රාවක කැමැත්ත මැනීමට ලැසාස්ෆෙල්ඩ් සහ ස්ටැන්මග් විසින් උපකරන නිපදවීම

ආදී කටයුතු මෙහිදී සිදු වුණු බව සදහන් වේ. ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම පර්යේෂණ මාලාව නිසා සන්නිවේදන පර්යේෂණ පිලිබදව ලොව පුරා පෙර නොවූ විරූ උද්යෝගයක් ඇති වූ ආකාරයක් දැක ගත හැකි විය. සන්නිවේදන සමාජ විද්‍යාව යන නව විෂය ක්ෂේත්‍රයක්ද ඇති වීම තුලින් මෙම පර්යේෂණ සාර්තක ඒවා බව තහවුරු වේ.

පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයේදී ගුවන් විදුලිය බලපාන්නේ කෙසේද? ගුවන් විදුලි භාවිතය හා සන්තුෂ්ටිය පිලිබද කරුණු මුලින්ම විග්‍රහාත්මකව විස්තීරන පරාසයක් කරා අවධානය විහිදුවාලමින් විධිමත් ලෙස අධ්‍යයනයක් සිදු කරනු ලබූවේ ලැසාස්ෆෙල්ඩ් ප්‍රමුඛ පිරිස බව සදහන් කල හැකිය.ගුවන් විදුලි නාට්‍ය ශ්‍රාවකයන් ගැන හර්සෝග් විසින් සිදුකල අධ්‍යයනයත් 1938 දී ධ්ර්සන් වෙල්ස් විසින් නිපදවා ප්‍රචාරයට පත් කල "ජගත් යුද්ධය" යන නාට්‍යයට ලැබුනු ප්‍රතිචාර විමසුමට බදුන් කල අධ්‍යයනය හා තියොඩර් අඩෝර්ෆේ විසින් මෙම ව්‍යාපෘතිය යටතේම ජනප්‍රිය සංගීතය සහ සම්භාව්‍යය සංගීතය පිලිබද ශ්‍රාවක රුචි අරුචිකම් සොයා බලන ලදි. එමෙන්ම මෙම ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියෙහි දී ලබාගත් ප්‍රතිපල ග්‍රන්ථ 04 ක් සහ පර්යේෂණ ලිපි 70කට අධික සංඛ්‍යාවක් මගින් ප්‍රකාශයට පත් විය. මාෂල් විසින් මෙම පදනමට මූල්‍ය අනුග්‍රහය මෙතෙක් කාලයක් ලබා දුන් අතර නමුත් ලැසාස්ෆෙල්ඩ් ව්‍යාපෘතියට අදාල සවිස්තර සැලසුම අනුව ක්‍රියාකරනු වෙනුවට තමාට ප්‍රියවූ දිශානති කෙරෙහි යොමු වූ අධ්‍යයන මාර්ග ඔස්සේ පර්යේෂණ සිදු කරන බව මාර්ෂල් දැනගත්තේය. එවිට ඔහු වහා ලැසාස්ෆෙල්ඩ්ට දන්වා සිටියේ මෙතෙක් කරන ලද අධ්‍යයන පිලිබද පූර්ණ වාර්ථාවක් තමා වෙත ලබා දෙන ලෙසය. ඒ සදහා ඔහුට මාස 05ක කාලයක් ලබා දෙන ලදි. ලැසාස්ෆෙල්ඩ් එය මැනවින් ඉ‍ටු කලේය. ඔහු “Redio and the printed page:An Introduction to the study of radio and it’s role in the communication of ideas" නමින් පි‍ටු 354 ක වාර්ථාවක් මාර්ෂල් වෙත ඉදිරිපත් කරන ලදි. එය අධ්‍යයනය කිරීමෙන් සතුටට පත් මාර්ෂල් තවත් වසර 02ක් සදහා මුල්‍ය අනුග්‍රහය දැක්වීමට එකග විය.එසේම සන්නිවේදන ක්ෂේත්‍රයෙහි සුප්‍රකට විද්වතුන්ගෙන් සමන්විත සන්නිවේදන සම්මන්ත්‍රණයක් ආරම්භ කල අතර වාර්ෂිකව ‍රැස් වන මෙම විද්වතුන්ගේ කාර්ය වූයේ ව්‍යාපෘතියෙහි කටයුතු සමාලෝචනය හා සන්නිවේදන පර්යේෂණ වැඩි දියුනුව සදහා අවශ්‍යය තීරණ ගැනීමයි.

මීට අමතරව ලැසාස්ෆෙල්ඩ් විසින්ම ගුවන් විදුලි ශ්‍රවණය සහ කියවීම පිලිබද තුලනාත්මක අධ්‍යයනයක්ද සිදු කරන ලදි. ජනමත විමසුම සදහා යොදා ගත් ක්‍රමවේද ඉතා පුලුල්ව ගුවන් විදුලි වැඩසටහනකට අවධානය යොමු කල ශ්‍රාවක පිරිස කොපමන ප්‍රමානයක්ද යන්න තීරනය කිරීම සදහා සහ ගුවන් විදුලි වැඩසටහනකට සවන් දුන් මුලු ශ්‍රාවක පිරිස කොපමණද යන්න තීරණය කිරීමටද යොදාගනිමින් සමීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ජනප්‍රිය කරවීමට ලැසාස්ෆෙල්ඩ් පුරෝගාමීව කටයුතු කරන ලදි. ඔහුගේ පර්යේෂණ බොහෝමයක් අදද ඉතා වැදගත් කමක් දරයි. ශ්‍රාවකයින් ගුවන් විදුලියට සවන් දෙන්නේ මූලික ලෙසම තමන්ගේ පෞද්ගලික අභිරුචිය නිසා බව ඔහු විසින් පෙන්වා දෙන ලදි.

ලැසාස්ෆෙල්ඩ් මූලික ලෙසම ක්‍රමවේද සකසන්නෙකු මිස සන්නිවේදන විද්‍යා යෙකු නොවේ. නමුත් ඔහු ජනසන්නිවේදන පර්යේෂණ ක්ෂේත්‍රයෙහි සමාරම්භයෙහිලා ඔහු ඒ සදහා දැක්වූ දායකත්වය අතිවිශාලය. ඔහුගේ සමාජීය පර්යේෂණ චර්යාව ඔහු විසින් පහත ආකාරයට ආකෘති ගත කොට තිබේ.

  • කවර සංසිද්ධියක්, ප්‍රස්තුතයක් වුව විෂය මූලික නිරීක්ෂණ අන්තරාවලෝකනීය වාර්ථා අනුව මිනිය යුතුය.
  • ප්‍රත්‍යෙක අධ්‍යයන සංඛ්‍යානමය දත්ත හා වි පන සමග සංයෝග කල යුතුය.
  • දත්ත ඒකරාශී කරනය අධ්‍යයනය කරණු ලබන ප්‍රස්තුතයෙහි ඉතිහාසයට අදාල තොරතුරු සමග සංයෝග කල යුතුය.
  • සුවිශද මිනුම් ක්‍රම මගින් සපයා ගැනෙන දත්ත , ප්‍රශ්නාවලී හා වෙනත් ස්වයං වාර්ථාකෘත දත්ත සමග සංයෝග කල යුතුය.

ජනමාධ්‍යයේ බලපෑම පිලිබද පර්යේෂණ කාර්යයක් ලෙස සැලකෙන "එරී කවුන්ට්" අධ්‍යයනය 1940 දී ලැසාස්ෆෙල්ඩ් විසින් මෙහෙයවන ලද්දකි. මෙම අධ්‍යයනය ඇසුරින් 1944දී මොහු විසින් ලියා පල කරන ලද "The Peoples choce”ඔහු විසින් රචනා කරන ලද ප්‍රථම කෘතියයි. ඇමරිකානු ජනාධිපතිවරනය පදනම් කර ගනිමින් සිදු කරන ලද එම අධ්‍යයනයෙන් පසුව ජනමත නායකත්වය ජනසන්නිවේදන පර්යේෂණ පිලිබද වැදගත් අංගයක් බවට පත් විය. එරී කවුන්ට් පර්යේෂණ සැලසුම කරන විට ලැසාස්ෆෙල්ඩ් සිතුවේ ජනමාධ්‍යය මගින් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති හා ප්‍රචාරන ව්‍යාපාර තුලින් විශාල ලෙස ජනමතය වෙනස් වීමට බලපෑම් සිදු වන බවටය. නමුත් පර්යේෂණයෙන් පසුව අනාවරණය වූයේ එය ඉතා අවම මට්ටමක පවතින බවය. මෙහිදී වැදගත් වන්නේ මොහු විසින් ජනමාධ්‍යය පර්යේෂණ සදහා දැඩි කැපවීමෙන් ඔහු සොයා ගත් සිද්ධාන්ත වර්තමනය හා 100% ගැලපීමක් කල නොහැකි වුවද සන්නිවේදන අධ්‍යයන මූලාරම්භක අවධියෙහි සිදු කල එවැනි පර්යේෂණ තුලින් සන්නිවේදන අධ්‍යනයන් විධිමත් දිශානතියක් වෙත යොමු කරන ලදි.

ලැසාස්ෆෙල්ඩ් විසින් කොලොම්බියා සරසවියෙහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන කාලයෙහි එනම් 1944 දී පිහි‍ටුවන ලද "ව්‍යවහාරික සමාජීය ශ්‍රාස්ත්‍ර බියුරෝව"මගින්ද වැදගත් පර්යේෂණ රාශියක් සිදු කරණ ලදි.

  • ඇමරිකානු මහාචාර්යවරුන් කෙරෙහි මැකාත්වාදයෙහි බලපෑම පිලිබද ලැසාස්ෆෙල්ඩ් සහ තිලන්ගේ අධ්‍යයනය.
  • මැදපෙරදිග නව්‍යකරනයෙහිලා ජනමාධ්‍යයේ කාර්ය භාරය පිලිබද ඩැනියල් ලර්නර්ගේ අධ්‍යයනය.
  • ඖෂධයක ව්‍යාප්තිය හා ඊට අනුගතවීම පිලිබද කොල්මන් කාර්ථස් සහ මෙන් සල්ගේ අධ්‍යයනය. යන අධ්‍යයනයන් ඉන් කිහිපයකි.

මේ ආකාරයට පැහැදිලි වන්නේ ලැසාස්ෆෙල්ඩ් සන්නිවේදන අධ්‍යනයන්හි අභිවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් ඉ‍ටු කර ඇති බවය. සන්නිවේදනය සමස්ථ සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථරයන් වසා පැතිර පවත්නා බවද සන්නිවෙදනයෙන් තොර මිනිස් දිවියක් හෝ මානව කටයුත්තක් නොමැති තරම් යැයි පෙන්වා දුන් මොහු සන්නිවේදනය ආශ්‍රිත විවිධ කරුණු මෙන්ම ශ්‍රාවක, ප්‍රේක්ෂක, පාඨක සිතුම්, පැතුම්, අදහස්, ආකල්ප මෙන්ම නිවරදිවත් අධ්‍යයනය කිරීමට අවශ්‍යය පදනම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඇති කරන ලද පුරෝගාමී චරිතයක් ලෙස ලැසාස්ෆෙල්ඩ් හදුන්වා දිය හැකිය.

කර්ට් ලෙවින්

[සංස්කරණය]

20 වන සියවසේ විසූ පර්යේෂණකාමී මනෝ ව්ද්‍යා යෙකු ලෙස කර්ට් ලෙවින් හදුන්වා හැකිය. ලෙවින් යුදෙව් ජාතික මාපිය යුවලකට දාව 1890 පෝලන්තයේදී මොගිල්නෝහි උපත ලබන ලදි. යුදෙවු ජාතිකයකු වීම නිසා ලෙවින්ට කුඩා කාලයේ සිටම සිය උපන් බිමෙදී විවිධ දුෂ්කරතාවයන්ටමුහුණ දෙන්නට විය. ලෙවින්ගේ මාපියන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොදින් කරදීමේ අරමුනින් බ්ර්ලීනයෙහි පදිංචියට යන ලදි. ලෙවින් 1914දී ජර්මනියේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වූ බ්ර්ලීනයේ රෝයල් ෆ් රීඩ්‍රිච් විල්හෙම්ස් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිලිබද ආචාර්ය උපාධිය ලැබුවේය. බර්ලින් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබද ආයතනයේ ප්‍රධානියා වූ මහාචාර්ය අර්නස්ට් කැසිරර් විසින් ලෙවින්ගේ අධ්‍යාපන කටයුතු සදහා ඔහුව දිරිගන්වන ලදි.

ලෙවින් සිය ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතුවල යෙදී සිටියදී මහාචාර්ය ස්ටමින් වෙතින් පාඨමාලා 14 ක් හදාරන ලදි. නමුත් එවකට ජර්මන් විශ්ව විද්‍යාලවල පැවති සම්ප්‍රදායට අනුව ගුරු-සිසු සබදතාව බෙහෙවින් දුරස්ත වූවක් විය. විශේෂයෙන්ම පර්යේෂණ නිබන්දන සදහා වුවද ගුරුවරයා හමු වී ඒ පිලිබද සාකච්චා පැවැත්වීමට සිසුන්ට අවස්ථාවක් නොලැබුණි. මෙම නිසා ලෙවින් සිය පර්යේෂණ නිබන්ධන සැලසුම සහායකයා අතට පත් කොට ඒ සදහා අනුමැතිය ලබා ගනී. ලෙවින් යලිත් ස්ටමින් හමු වන්නේ ආචාර්ය උපාධි පර්යේෂණයේදීය.

1921දී බර්ලින් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිලිබද ආයතනයෙහි ස්ථීර නොකල ආචාර්යවරයකු ලෙස ලෙවින් ස්වකීය වෘතීය ජීවිතය ආරම්භ කරයි. මෙහිදී ලෙවින් ස්වකීය ශිෂ්‍යයන් සමග ඉතා සමීපව කටයුතු කරමින් එතෙක් ජර්මන් විශ්ව විද්‍යාලවල පැවති දුරස්ථ ගුරු-සිසු සබදතාව සමීප සබදතාවක් බවට පත් කරමින් සිසුන් හා එක්ව විවිධ පර්යේෂණ රාශියක්ම සිදු කරන ලදි. ලෙවින් ස්වකීය 'ක්ෂේත්‍ර න්‍යාය' [ ] සූත්‍රගත කිරීමට පටන් ගත්තේද මෙම කාලයේදීය.සමූහ ගතික හා ස්ථලන මනෝ විද්‍යාව නමින් එය හදුන්වයි. ක්ෂේත්‍ර න්‍යාය මගින් අධ්‍යයනය කරනු ලබන්නේ පුද්ගලයන්ය. එනම් විවිධ සංසිද්ධීන් තීරනය කරනු ලබන්නාවූ බලවේගය වන පුද්ගලයාට සමීපතම වටපිටාව පිලිබදවයි.එය පුද්ගලයාගේ ජීවන පරිසරය නැතහොත් පුද්ගලයා වටා පවතින සමාජීය තත්වයන්ද වේ. ජර්මනියේ පවතින යුදෙවු විරෝධී සටන් නිසා 1933 දී ඇමරිකාවට සංක්‍රමණය වන ලෙවින් ඉන් පසු ඇමරිකාවේදී ඔහුගේ පර්යේෂණ කටයුතු හා ඉගැන්වීම් කටයුතු කරන ලදි. ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද මෙම ක්ෂේත්‍ර න්‍යාය මගින් ඇමරිකානු මනෝ විද්‍යාව කෙරෙහි බලපෑ එක් කරුණක් වූයේ පුද්ගල නි ශ්‍රිත වාදය එය වෙත ‍රැගෙන ඒමයි. ලෙවින් සහ එඩ්වඩ් ඩී. ටොල්මන් එවක ප්‍රචලිතව පැවති ක්ලාක් හල්ගේ 'චර්යා වාදයට' ප්‍රජානාත්මක ආකාරයේ විකල්පයක් ඉදිරිපත් කරන ලදි. වර්තමානයේදී මනෝ විද්‍යාව තුල කේන්ද්‍රීය අභිවර්ධනයෙහිලා මේ දෙදෙනාගෙන් ඉමහත් මෙහෙයක් ඉ‍ටු විය.

ඔබේ මනස තුල ඇත්තේ අනෙකක් නොව ප්‍රතිග්‍රහනය කෙරුනු සන්නිවේදනයේ නිෂ්පාදනයයි.ඔබ අන්‍යයන්ට පවසන දේ යනු පෙර කී මනසෙහිම අන්තර්ගතයෙන් උපුටා ගැනුනකි. එම අන්තර්ගතය පරිණාමයට භාජනය වූවකි.එකිනෙක සමග අන්තර් ක්‍රියා කරන ලද්දකි. ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද මෙම ක්ෂේත්‍ර න්‍යායෙහි ප්‍රජානාත්මක ප්‍රවේශය මානව සන්නිවේදනය හා සෘජුව සම්බන්ධ වේ. ලෙවින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය කරා ප්‍රවිෂ්ට වීම සදහා ඔහුගේ මෙම ප්‍රජානාත්මක ප්‍රවේශය පිලිබද අධ්‍යයනය බෙහෙවින් ඉවහල් වූ බව මේ අනුව මනාව පැහැදිලි වේ. ඔහු මෙම ක්ෂේත්‍ර න්‍යාය පදනම් කර ගනිමින් සමාජයේ පුද්ගලයින් මුහුන දෙන විවිධ ගැටලු විවරණය කිරීමට උත්සුක වූ ආකාරයක්ද දැකිය හැකි වේ. උදාහරණයක් ලෙස ඔහු පුද්ගලයෙක් යම් විශේෂිත කටයුත්තක් කරගෙන යාමේ අභිප්‍රාය මගින් මානසික ආතතිය ගොඩනැගෙන අයුරු පෙන්වා දෙන ලදි. අදාළ කාර්ය සම්පූර්ණ වූ විට මානසික ආතතියද ඉවත් වෙයි. නමුත් එම කාර්ය අවසන් කිරීමට නොහැකි වුව හොත් මානසික ආතතික තත්වය අඛන්ඩව පවතින බව පෙන්වා දුන් අතර එයට හේතුව ලෙස පෙන්වා දෙන ලද්දේ කරන ලද කාර්යන්ට වඩා නොකරන ලද එක කාර්ය ඉතා දැඩිව මතකයේ ‍රැදෙන බවය.

තවද ආහාරයක් ලෙස වසු ඇලදිව අළලා ලෙවින් ලෙවින් කල පරීක්ෂණද බෙහෙවින් වැදගත් වේ. අන්තර් ක්‍රියාකාරිත්ව පුද්ගලාන්තර සන්නිවේදනය හා ඒකමාර්ගික ජන සන්නිවේදනය අතර වෙනස්කම් එමගින් ස්ඵුට කෙරේ. මෙම සමීක්ෂණය හා ලෙවින් විසින් ඇමරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයේ කරන ලද අනෙකුත් සමීක්ෂණ වලද ප්‍රතිඵල සමාලෝචනය කරමින් ඔහු කියා සිටියේ තනි පුද්ගලයකුගේ චර්යාමය වෙනස්වීමක් සදහා පුද්ගල කණ්ඩායමක චර්යාමය වෙනස ප්‍රබල ලෙස බලපාන බවය. කිසියම් පුද්ගලයකුට චර්යාමය වෙනසක් ඇතිකරගැනීම හා පවත්වාගෙන යාම ඔහු අපේක්ෂා කලද ඉතා ඉක්මනින් ආපසු ඔහු පුරුදු චර්යාවට ආපසු ගමන් කරයි. නමුත් කිසියම් කණ්ඩායමක සාමාජිකත්වය දරන විටදී

අනෙකුත් පුද්ගලයින්ගේ බලපෑම පුද්ගල චර්යාව වෙනස් කිරීමට සේම එය අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට ඉවහල් වන බව ලෙවින් පෙන්වා දෙන ලදි. එසේම සන්නිවේදනයෙහි ද්වාරපාලක සංකල්පය හදුනා ගැනීමටද ලෙවින් විසින් සිදු කරන ලද ආහාර පරිභෝජනය පිලිබද අධ්‍යයනයන් බෙහෙවින් උපකාරී විය. ආහාරයක් ලෙස වසු ඇලදිව පරිභෝජනය පිලිබද කරන ලද සමීක්ෂණ වලදී ඔහු අනාවරණය කරගත් කරුනක් වන්නේ නිවසේ ගෘහනිය යම් කිසි ආහාර වර්ගයක් පරිභෝජනයට මැලි කමක් දක්වන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම් නිවසේ අනෙක් පිරිසටද එම ආහාරය පරිභෝජනයට ඇති අවස්ථාව අවම මට්ටමක පවතින බවයි.මෙම ද්වාර පාලක සංකල්පය විවිධ සන්නිවේදන අංශයන් කෙරෙහිද බලපාන බව ඔහු පෙන්වා දෙන ලදි. එහිදී ප්‍රවෘති වැඩසටහනකදී නම් කිසියම් ප්‍රවෘතියක් සන්නිවේදනය කිරීමේදී කිසියම් කණ්ඩායමක සන්නිවේදන කුලක තුල ද්වාරපාලක කාර්ය සිදු වීමට වැඩි ඉඩකඩක් පවතින බව ඔහු පෙන්වා දෙන ලදි.

ලෙවින් විසින් තවදුරටත් මෙම ද්වාරපාලක සංකල්පය පදනම් කරගෙන කරන ලද අධ්‍යන මගින් ද්වාරපාලක සංකල්පයේ විවිධ නිර්ණායකයන්ද හදුනා ගැනීමට හැකි විය. ටෙලිවිෂන් මාධ්‍යය මූලික කොට ගෙන කරන ලද අධ්‍යයනයකට අනුව පැහැදිලි කිරීමට අපහසු ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගැනීමට හැකි වූ අඩු වෙහෙසකින් සංස්කරණය කිරීමට හැකි ප්‍රවෘත්ති විකාශය සදහා ‍තෝරා ගන්නා බව පෙන්වා දෙන ලදි. ද්වාර පාලක සංකල්පය තනි පුද්ගල ක්‍රියාදාමයකට වඩා සාමූහික ක්‍රියාවලියක් බවද පෙන්වා දුන් අතර එක් ද්වාරයකින් විහිදුවා හරින ප්‍රවෘත්ති තවත් ද්වාරයකදී සංස්කරණය වන බව සමකාලීන අධ්‍යයනයන් මගින් තහවුරු කර ගැනීමට හැකි විය. ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද උක්ත සංකල්පය වර්තමානයේදී බෙහෙවින් සංන්නිවේදන විද්වතුන් විසින් භාවිත කරනුලබයි.

ලෙවින් විසින් ඉගැන්වීම් කල සෑම විශ්ව විද්‍යාලයකම පාහේ ඔහු විසින් සංවාද කුලකයක් පිහි‍ටුවන ලදි. එහිදී නිශ්චිත අවන්හලකට එක් ‍රැස් වන ලෙවින් සහ ඔහුගේ ශිෂ්‍යය පිරිස සිය අධ්‍යයන හා පර්යේෂණ පිලිබදව විවෘතව සාකච්ඡා පවත්වන ලදි. මෙහිදී දක්නට ලබුණු සුවිශේෂී ලක්ෂණය වන්නේ එවැනි අවස්ථාවල ලෙවින් කිසිදු විටෙක එහි ප්‍රධානත්වයක් ගෙන ස්වකීය මතය ස්ඵුට කිරීමට උත්සුක නොවූ අතර නිර්දය ආකාරයේ විවේචන හැර සියලුම දෙනාට ස්වකීය මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමය. මෙසේ සංවාද ඔස්සේ සිතීම යන්න ඔහුගේ ප්‍රවේශය ලෙස හදුනා ගත හැකිය.එක් අවස්ථාවකදී අයෝවා විශ්ව විද්‍යාලයේ පැවති මෙවැනි සාකච්ඡාවකට සහභාගී වූ විල්බ්ර් ශ්‍රාම් ප්‍රකාශ් කර ඇත්තේ තමන් එමගින් තියුනු බුද්ධි ප්‍රබෝදයක් ලබූ බවයි.මෙමගින්ද තහවුරු වනුයේ ලෙවින් විසින් සංවිධානය කල මෙම සංවාද ඔස්සේ සිතීමට හා නිදහසේ ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමෙන් ශ්‍රාස්ත්‍රීය ප්‍රබෝධයක් සදහා ඉඩකඩ එමගින් විවෘත වූ බවය. ලෙවින් අයෝවා විශ්ව විද්‍යාලයෙහි වසර 10ක් සේවය කල අතර ඉන්පසු මසචුසෙට්ස් විශ්ව විද්‍යාලයෙහි තාක්ෂණික ආයතනයෙහි ආචාර්යය ධූරයක් ලබීය. එහිදී ඔහු ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයට අයත් කණ්ඩායම් ගතික විද්‍යාව සදහා වන පර්යේෂණ ආයතනයෙහි ප්‍රධානියා බවට පත්විය. මෙම විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන විට ඔහු ඇමරිකාව තුල සුවිශාල ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන සිටියද ඔහුට ස්ථාවර වූ විශ්ව ව්ද්‍යාලීය පදනමක් නොතිබිනි. ඔහුගෙ ජීවිත කාලය පුරාවට පැවති මෙම ආන්තික වෘතීය තත්ත්වය ඔහුගේ අධ්‍යයන කාර්යන්හි දිශානතිය කෙරෙහිද බලපාන ලද බව ඇතමකුගේ මතය වේ.

කණ්ඩායම් ගතික විද්‍යාව සදහා වන පර්යේෂණ ආයතනය මධ්‍යස්ථාන 06 කින් සමන්විත විය.ඉන් එක් මධ්‍යස්ථානයක් වෙන් වූයේ සන්නිවේදනය සහ බලපෑම පිලිබද ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම සදහාය. ලෙවින් සහ ඔහුගේ අනුගාමිකයන් එහිදී සන්නිවේදනය අරමුණු කරගත් පර්යේෂණ රාශියක් සිදු කරන ලදි. එහි ප්‍රධානත්වය ලියෝන් ෆෙස්ටින්ග්ර් විසින් දරන ලදි.එම නිසා වෙස්ට්ගේට්' නැමැති නිවාස සංකීර්ණයේ විසූ විවාහක ශිෂ්‍යයනතර පැවති ස්න්නිවේදන ජාල සම්බන්ධතා පර්යේෂණයට භාජනය කෙරිණ. මෙම පරීක්ංඅනය හා ඒ හා සමගාමීව සිදු කරන ලද පර්යේෂණ මගින් අනාවරණය වූයේ කිසියම් පුද්ගලයෙකු තවත් පුද්ගලයකු සමග සමීප සන්නිවේදන සම්බන්ධතා පැවැත්වීමේදී ආකාශීය දුර මූලික නිර්නායකය වන බවය.

ජාලගත පර්යේෂණ විධික්‍රමය ලෙවිනියානු බලපෑම හේතු කොට ගෙන පැනනැගුණු ඉතා වැදගත් විධික්‍රමයකි.ඇලෙක්ස් බව්වල් විසින් ලෙවින්ගේ මෙම අදහස් තව දුරටත් සංවර්ධනය කර ක්‍රියාවට නගන ලදි. පර්යේෂණාත්මකව නියමිත ජාලයන් උපයෝගී කොට ගනිමින් පර්යේෂණාගරයක සිදු කෙරුණු මෙම අධ්‍යයනය ලෙවිනියානු කණ්ඩායම් ගතික සමාජීය ජාල පිලිබද ගණිතමය පර්යේෂණ දක්වා විකාශනය වීමක් ලෙස දැක්විය හැකිය. ඉහත අධ්‍යයන අවසානයේදී එළබුණු නිගමනය වූයේ සමාජ ජාල පිලිබද සන්නිවේදන ව්‍යුහ ගණිතමය වශයෙන් විශ්ලෙෂණය කල හැකි බවයි. 1950 දශකයේදී සන්නිවේදන අධ්‍යයන සදහා වැදගත් ස්ථානයක් හිමි වූ ප්‍රජානන විෂමත්ව පර්යේෂණ සිද්ධාන්තය මුලින්ම හදුන්වා දෙන ලද්දේ ලෙවින්ගේ දැනුම් සම්භාරය මතින් පෝෂණය වූ ඔහුගේ ශිෂ්‍යයකු වන ලියෝන් ෆෙස්ටින්ගර් විසිනි.ඔහුගේ මෙම සිද්ධාන්තය ගොඩ නැගී ඇත්තේ තවත් සිද්ධාන්ත හා න්‍යායික පර්යාලෝකවල බලපෑමද ලබමිනි. එනම් චාල්ස් ඔස්ගුඩ් සහ පර්සි ටැනන්බැවුම්ගේ අංගසාම්‍ය සිද්ධාන්තය ක්ර්ට් ලෙවින්ගේ ක්ෂේත්‍ර න්‍යාය සහ ලෙවින් තුල වර්ධනය වූ ගෙස්ටාල්ටියානු පර්යාලොකය සහ ෆ් රිට්ස් හීඩර්ගේ සංකූලතා සිද්ධාන්තය පදනම් කොට ගනිමිනි. ප්‍රජානන විෂමත්වයක් ඇති වන්නේ ප්‍රජානන සංචරකයක් එකිනෙක හා ගැටෙන අවස්ථාවේ දීය. ප්‍රජානන විෂමත්වයක් පුද්ගල මනස තුල ඇති විට එම අසහන කාරී බවින් මිදීම සදහා පුද්ගලයා උත්සාහ දරයි. එනම් එකවර මනසට ලැබෙන කඨෝරත්වයක් මනස තුල ඇති වීම ප්‍රජානන විෂමත්වයක් ලෙස හැදින්වේ.

1947දී ලෙවින් මිය ගිය අතර එවිට ඔහුගේ වයස අවුරුදු 57කි. ඔහුගේ ජීවිත කාලය කෙටි වුවද ඔහු විසින් මානව ශාස්ත්‍ර අභිවෘද්ධියෙහිලා කරන ලද සේවය අතිමහත් වූවකි. ඒ බව ඔහුත් සමගම නැගී ආ ගුරුකුලයක් බිහි කරලීමෙන්ම මනාව සුවිශද වේ. සැබවින්ම ඔහු විසින් එතෙක් පැවති මනෝ විද්‍යාව සහ සමගාමී අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් විශේෂයෙන් සන්නිවේදන අධ්‍යයනයන් නව පියවරක් උදෙසා අවශ්‍යය පදනම සකසනු ලැබීය. මුල් කාලයේදී පුද්ගල මානසික ක්‍රියාවලිය පිලිබද පර්යේෂණ කෙරෙහි යොමු වී සිටි ඔහු පසුව සමූහ සන්නිවේදනයෙහි බලපෑම හා පුද්ගල චර්යාව පිලිබද පර්යේෂණ වෙත යොමු විය. සමකාලීන මනෝ විද්‍යා යින් ව්‍යවහාරික පක්ෂයෙන් දුරස්ථ වෙමින් කටයුතු කරන විට ඔහු ප්‍රායෝගික න්‍යායවාදියකු ලෙස ව්‍යවහාරික පරිචිත න්‍යාය මගින් මෙහෙයවිය හැකි බවත් න්‍යාය තථ්‍ය ජීවිතයේ සමාජීය ගැටලු අරබයා ව්‍යවහාර කිරීමෙන් සිද්ධාන්ත පරීක්ෂණයකට ලක් කල හැකි බවත් තාර්කිකව පෙන්වා දෙන ලදි. එසේම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි වර්ධනයෙහිලා ඔහු විසින් ගොඩ නගන ලද කණ්ඩායම් ගතිකවාදී සිද්ධාන්තය හා ක්ෂේත්‍ර න්‍යාය ආදී ලෙවිනියානු චින්තනය බෙහෙවින් උපස්ථම්බක වී ඇති බවද සදහන් කල යුතුය. අද වන විට ලෙවින්ගේ මෙම චින්තනය සැලකීමකට ලක් නොකලද ඔහු විසින් ගොඩනගන ලද සිද්ධාන්තයන් පසුබිම් කරගත් පරීක්ෂණ තුලින් ගොඩනැගුනු බොහෝ .

කාල් හවුලන්ඩ්

[සංස්කරණය]

සන්නිවේදන අධ්‍යයන විෂයෙහි විශාල දායකත්වයක් දැක්වූවන් අතර සිටින තවත් සුවිශේෂී විද්වතකු ලෙස කාල් හවුලන්ඩ් හදුන්වා දිය හැකිය. 1912 ජුනි 12 වන දින චිකාගෝ නගරයේදී මෙලොව උපත ලද කාල් හවුලන්ඩ් 1932 දී ප්‍රථම උපාධියත් 1934 දී ශාස්ත්‍රපති උපාධියත් වෙස්ටර්න් සරසවියෙන් ලබා ගත් අතර මනෝ විද්‍යා විෂය ධාරාව ඔස්සේ අධ්‍යයන කටයුතු වල නියැලෙමින් 1936 සිය ආචාර්ය උපාධිය යේල් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලදි. 1936 දී යේල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක් වන හවුලන්ඩ් 1937 දී සහය මහාචාර්ය ධූරයටද 1944 දී ආශ්‍රිත මහාචාර්ය ධූරයටද පත් වන අතර 1945දී පූර්ණ මහාචාර්ය ධූරයටද පත් වේ.

සන්නිවේදන බලපෑම හා පෙලබවීම යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කල හවුලන්ඩ් එම ක්ෂේත්‍ර ආශ්‍රයෙන් සන්නිවේදන අධ්‍යයන උදෙසා විශාල සේවයක් කරන ලදි. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකානු යුධ දෙපාර්ථමේන්තුවේ මනෝ විද්‍යා හා සම්පරීක්ෂණ අධ්‍යයන අංශයෙහි අධ්‍යයක්ෂක ලෙස ඔහු කටයුතු කල අතර එහිදී ඔහුට පැවරුණු ප්‍රධාන රාජකාරිය වූයේ හමුදාවේ ධෘතිය පිලිබද පර්යේෂණ පැවැත්වීමයි. මෙම කාල වකවානුව වන විට පුද්ගලයකුගේ ඪආකල්ප කෙරෙහි සන්නිවේදනයෙන් කෙබදු ආකාරයේ බලපෑමක් එල්ල කරන්නේද යන්න පිලිබදව නිශ්චිත පර්යේෂණ හා තොරතුරු නිශ්චිතව හදුනාගෙන නොතිබුණි. මෙම නිසා ඒ පිලිබදව පර්යේෂණ පැවැත්වීම ඔහු විසින් සිදු කරන ලදි. දෙවන ලෝක යුද සමයෙන් පසුව ඔහු යලිත් යේල් සරසවියට එක් වූ අතර එහිදී ඔහු මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙසත් අභිනවයෙන් ඇති කල " සන්නිවේදනය හා ආකල්ප පිලිබද පර්යේෂණ ව්‍යාපෘතියේ" අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරන ලදි. එහිදී තනි පුද්ගලයකුගේ වෙනස්වීම පිලිබදව ක්ෂුද්‍ර තලයෙහි අධ්‍යයන සම්ප්‍රදාය ඇමරිකාවේ ආරම්භ කිරීමට ඔහුට හැකි වීම සන්නිවේදන අධ්‍යයන විෂයෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් විය.එමගින් පෙලබවීම යන සංකල්පය පදනම් කර ගනිමින් විවිධ විද්වතුන්ට පර්යේෂණ පැවැත්වීමට අවශ්‍යය පදනම සකස් වූ බව සදහන් කල හැකිය. මොහුගේ මෙම ශ්‍රාස්ත්‍රීය ප්‍රගමණය හේතු කොට ගනිමින් 1940 දශකයේදී හා 50 දශකයේදී පුද්ගලාන්තර සන්නිවේදනය කෙරෙහි බොහෝ විද්වතුන්ගේ අවධානය යොමු විය. එසේම ඒ පිලිබද අධ්‍යයන බොහෝ ප්‍රමාණයක්ද ඒ සමගම ඇති වීමක්ද දැක ගත හැකි විය. කාල් හවුලන්ඩ් "පෙලබවීම" මුල් කොට ගනිමින් පර්යේෂණ අඛණ්ඩව පවත්වන ලදි. පෙලබවීම පුද්ගලයකුගේ මනස විෂයෙහි සෘජුව බලපානු ලබන්නකි. එමගින් පුද්ගලයකුගේ ආකල්ප වෙනස් කිරීම විශයෙහි සෘජු බලපෑමක් කල හැකිය. ග්‍රාහකයාගේ පාර්ශවය කෙරෙහි බලපෑම් කිරීම සදහා එමගින් ඒකපාර්ශවීය උත්සාහයක් පිලිමිබු වේ. පුද්ගලාන්තර සන්නිවේදනයේදී පෙලබවීම සම්බන්දව ඉදිරියට හා පසු පසට අඛණ්ඩව සිදුවන අන්තර් ක්‍රියාවලියක් දැකගත හැකිය.

මෙම පෙලබවීම පිලිබද ක්‍රියාවලියට අදාලව ඔහුට පර්යේෂණ ඔස්සේ නව දිශානතීන් හදුන්වා දීමට හැකියාව ලැබිණි. එහිදී ග්‍රාහක පිරිස කෙරෙහි "විශ්වසනීයත්වය" තහවුරු කරගත් සන්නිවේදකයකුට විශ්වසනීයත්වය තහවුරු නොකල සන්නිවේදකයකුට වඩා හොදින් සන්නිවේදන කාර්යයේ නියැලෙන්නේද? සන්නිවේදකයකු ග්‍රාහකයන්ගේ විශ්වසනීයත්වයට පත් වීම සදහා බලපානු ලබන හේතු මොනවාද? සන්නිවේදකයා පිලිබදව වැරදි ආකල්ප ඇති නොවනු පිනිස ග්‍රාහක සමූහයාට "ප්‍රතිශක්තිය" ලබා දිය හැකිද? භිය ඇති කරන ආයාචනා සහ භාවමය ආයාචනා කෙතරම් දුරට සාර්ථකද? ආදිය පිලිබදව හා කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමේ කටයුත්තේදී ඔහු හෝ ඇය ජීවත්වන පරිසරය හෙවත් පුද්ගල කණ්ඩායම් මගින් කවර ආකාරයේ බලපෑමක් කොපමණ ප්‍රමාණයකින් සිදු කරන්නේද ආදී සන්නිවේදනය හා සෘජුව බලපානු ලබන කරුණු කෙරෙහි අධ්‍යයන සිදු කල ඔහුට ඒ සදහා වඩා සාර්ථක පිලිතුරු ඉදිරිපත් කිරීමට හැකි විය. එසේම හවුලන්ඩ් ඇතුලු ඔහුගේ සමගාමී විද්වත් පිරිස විසින් "පෙලබවිය හැකි බව" පිලිබදවද පර්යේෂණ කිරීමට යොමු විය. එහිදී කරුණු ඉදිරිපත් කිරීමේ පිලිවෙල සම්බන්ධවද , කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමේදීද එක් ආකල්පයක එක් කොටසක් වෙනස් කිරීමෙන් එම වෙනස් කිරීම තුල පවතින සමස්ත ආකල්ප සමූහය කුමන ආකාරයට බලපවත්වන්නේද ආදිය පිලිබදව ඔවුහු පර්යේෂණ සිදු කරන ලදි.

දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකන් හමුදාව සදහා මිලියන 15 ක පිරිසක් අලුතින් බදවාගත් අතර ඉන් පසුව ඇමරිකානු යුධ දෙපාර්තමේන්තුව සතු මීලග අභියෝගය බවට පත්වූයේ ඔවුන් පුහුණු කරන්නේ කෙසේද? යන්න පිලිබදවය. එහිදී නව පිරිසට යුද්ධය පිලිබද යම් වැටහීමක් ලබා දීමට කැපරා විසින් චිත්‍රපට කිහිපයක් නිපදවූ අතර ඒවා " " නමින් ඔවුන්ට පෙන්වන ලදි. මෙහිදී හවුලන්ඩ් ඇතුලු පිරිස විසින් මෙම චිත්‍රපටවල බලපෑම පිලිබද නිගමනය සදහා නොයෙක් ආකාරයේ ක්ෂේත්‍ර සමීක්ෂණ සිදු කරන්නට පෙලබුණි. අවසානයේදී ඔවුන් එලබුනු නිගමනය පහත පරිදි වේ.

  • එම චිත්‍රපට තුලින් දෙවන ලෝක යුද්ධය පිලිබද දැනුම සොල්දාදුවන් තුල වර්ධනය විය.
  • ආකල්ප වෙනස් වී ඇත්තේ දැනුම වෙනස් වූ ආකාරයට වඩා අවම ප්‍රමාණයකින් බව.

සන්නිවේදන මූලාශ්‍රයෙහි විශ්වසනීයත්වය පදනම් කොට ගනිමින් හවුලන්ඩ්, ජානීස්, සහ කෙලී එක්ව ඉතා ප්‍රසිද්ධ පර්යේෂණාගාර සම්පරීක්ෂණ්යක්ද සිදු කර තිබේ. එහිදී සන්නිවේදන මූලාශ්‍රයේ විශ්වසනීයත්වය යන කරුණ පමනක් සැලකිල්ලට ගනිමින් එය සිදුකර තිබේ. එහිදී ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කරන්නාවූ සංදේශ ප්‍රතිග්‍රහනය කරන්නාවූ ආකාරය විමර්ශනය සිදු විය. මෙම පර්යේෂණය සදහා කණ්ඩායම් දෙකකට සන්නිවේදන සංදේශ වෙන වෙනම ඉදිරිපත් කරන ලදි. එසේම එම සංදේශවල විෂය ක්ෂේත්‍රද එකිනෙකට වෙනස් ආකාරයට යොදා ගන්නා ලදි. මූලය පිලිබද විස්තරද සංදේශය අවසානයේ සදහන් කරන ලදි. සංදේශය පැමිණි මූලය පිලිබද ඉහල විශ්වාසයක් ඇති බව එක් කණ්ඩායමකට ප්‍රකාශ කල අතර අනෙක් කණ්ඩායමට සංදේශය පැමිණි මූලය පිලිබදව එතරම් විශ්වාසයක් නැති බව ප්‍රකාශ කරන ලදි. ප්‍රතිචාරකයන්ගේ අදහස් එම සංදේශ බෙදා හැරීමට පෙර පසු හා මාසයකට පසු ප්‍රශ්න කිරීම් මගින් ලබා ගන්නට ඔවුන් කටයුතු කරන ලදි. මෙම පර්යේෂණය අවසානයේදී ඔවුන්ට ග්‍රාහක ප්‍රතිචාර අධ්‍යනයෙන් පහත නිගමන වලට එලබීමට හැකි විය.

  • මූලය පිලිබද ඉහල විශ්වසනීයත්වයක් ඇති සංදේශ නිසා ග්‍රාහකයන් තුල විශාල ආකල්ප වෙනසක් ඇති වී ඇති බව හා
  • මූලය පිලිබද විශ්වසනීයත්වය අඩු සංදේශ නිසා ග්‍රාහකයන් තුල අවම ආකල්ප වෙනසක් ඇති වී ඇති බව

නමුත් මාසයකට පසුව යලිත් ග්‍රාහක ප්‍රතිචාර විමසීමේදී ඉහත පරස්පරතාව නැති වී තිබිණි. සම්පරීක්ෂණ ප්‍රථිඵල විශ්ලේෂණය කල හවුලන්ඩ් ඇතුලු පිරිස සන්නිවේදන මූලයෙහි බලපෑම සන්නිවේදනය සිදු වන අවස්තාවේ උපරිම වන බවත් ඉන් පසුව කාලයක් ගත වන විට එය නැති වී යන බවත් සොයා ගන්නා ලදි. හවුලන්ඩ් ඇතුලු පිරිස විසින් සිදු කරන ලද මෙම පර්යේෂණය පෙලබවීම මුල් කොට සිදු කරන පර්යේෂණ සදහා අවශ්‍යය ආකෘතියක් හා පර්යේෂණ සැලසුමක් සම්පාදනය වීම සිදු විය. එසේම මෙම පර්යේෂණය සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඉදිරි ප්‍රගමනය විශයෙහි විශාල පි‍ටුබලයක් විය.

හවුලන්ඩ්ගේ මෙම අගනා පර්යේෂණ නිසාම ඇමරිකානු මනෝ විද්‍යා සංගමය ඔහුට 1957 දී එම සංගමයෙන් පිරිනමන උසස්ම සම්මානය පිරිනමන ලදි. එසේම 1957 දී ෆෝච් පදනම මගින් පර්යේෂණ සදහා කොන්දේසි විරහිත මුදල් ප්‍රධානයන් ලැබූ සම්භාව්‍ය ඇමරිකානු විද්වතුන් 87 දෙනා අතරට හවුලන්ඩ්ද එක් වී තිබුණි. 1954දී මැද පෙරදිග රටවල්වල සමාජ මනෝ විද්‍යාත්මක අධ්‍යයන සිදු කිරීමද එම රටවල සමාජ පර්යේෂකයින් පුහුණු කිරීමද ඔහු විසින් සිදු කරන ලදි. 1946 සිට 1961 දක්වා යේල් විශ්ව විද්‍යාලයේදී සිදු වූ හවුලන්ඩ්ගේ පශ්චාත් යුධ පර්යේෂණ අගයමින් විල්බර් ශ්‍රාම් කියා ඇත්තේ මෙම ක්ෂේත්‍රයට තනි පුද්ගලයකුගෙන් ඉ‍ටු වූ ඉහලම දායකත්වය එය බවයි.

හවුලන්ඩ් විසින් සිදු කරන ලද පර්යේෂණ අතර "පෙළබවීම්" පිලිබද පර්යේෂණ සෘජුව සන්නිවේදනය හා සම්බන්ධ පර්යේෂණ වේ. ඒ සදහා හවුලන්ඩ් යොමු කිරීමට බලපෑමක් කල මූලශ්‍ර කිහිපයක් ගැනද සදහන් වේ.එනම් හවුලන්ඩ් ෆ්‍රොයිඩියානු සංකල්පගත කිරීම් මගින් බලපෑමක් ලැබුවේය. ඒ ක්ලාක් හල්ගේ ඉගෙනීම පිලිබද සිද්ධාන්තය හරහාය. ඉගෙනීම පිලිබද හවුලන්ඩ්ගේ ක්‍රමවේදාත්මක පසුබිම මෙන්ම චර්යාමය ප්‍රවේශය හා චර්යාමය වෙනස ආදී ක්ෂේත්‍ර කෙරෙහි ක්ලාක් හල්ගේ ආභාෂය වෙසෙසින් ලබා ඇතිබව පෙනේ. එපමනක්ද නොව කර්ට් ලෙවින්ගේ ක්ෂේත්‍ර න්‍යාය මෙන්ම කණ්ඩායම් මනෝ විද්‍යා අධ්‍යයනද හවුලන්ඩ්ගේ පර්යේෂණ විෂයෙහි යම් බලපෑමක් සිදු කර තිබේ.

1961 අප්‍රියෙල් මස 16 වන දින ඇමරිකාවේ කනෙක්ටිකට් නුවර ස්වකීය නිවසේදී හවුලන්ඩ් මෙලොවින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 48කි. මෙසේ ඔහුගේ ජීවිත කාලය කෙටි වුවද ඔහු විසින් සන්නිවේදන අධ්‍යයන හා අනෙකුත් සමාජ ශාස්ත්‍ර විෂයෙහි ගොඩ නගන ලද නව පදනම තුලින් විශේෂයෙන්ම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය තුල පිබිදීමක් ඇති විය. මෙම නිසා ඔහු සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය තුල ඉතා සුවිශේෂී චරිතයක් ලෙස හදුනා ගත හැකිය.

සන්නිවේදන අධ්‍යයනයෙහි න්‍යායාත්මක අභිවර්ධනය

[සංස්කරණය]

කවර විෂය ක්ෂේත්‍රයකට වුවද සිද්ධාන්ත අත්‍යාවශ්‍ය වේ. සිද්ධාන්ත යනු සමාජ ශාස්ත්‍රවල අත්‍යාවශ්‍යය සංචරකයකි. සිද්ධාන්ත ගොඩ නැගීමට නම් ක්‍රමවත් අධ්‍යයනයක් අත්‍යාවශ්‍ය වේ. එනම් සිද්ධාන්ත ගොඩ නැගෙන්නේ අඛණ්ඩ පර්යේෂණ කිරීම තුලිනි. සිද්ධාන්ත හා ගැටලු හදුනා ගැනීමට න්‍යායන් අවශ්‍යය වේ. එසේම සිද්ධාන්ත හා පර්යේෂණ අතර මනා සබදතාවක්ද පවතී. කිසියම් සංසිද්ධියක් පිලිබද සංකල්පිත විවරනයක් නිර්මානය කිරීම සිද්ධාන්ත මගින් සිදු වේ. මහාචාර්ය ෆෙඩ්කර්ලි විසින් සිද්ධාන්තයක් පිලිබදව පහත නිර්වචනය ඉදිරිපත් කර තිබේ. " අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා සම්බන්ධ වන සංකල්ප, අර්ථකතන ඉතාම විධිමත් ලෙස ක්‍රමානුකූලව යොදා ගන්නා ප්‍රස්තුතය හා සංසිද්ධිය පැහැදිලි කිරීම සිද්ධාන්තයක තිබිය යුතුය. සිද්ධාන්ත යනු කිසියම් ආකාරයක සංකල්පිත අර්ථකතනයකි. නමුත් එය වර්ධනය වූ තත්වයකි."

මේ අනුව සිද්ධාන්ත යනු සමාජ ශාස්ත්‍ර විෂයක ඉදිරි ප්‍රගමනය විෂයෙහි පදනම සකසන්නාවූ වැදගත් සංචරකයක් ලෙස හදුනා ගත හැකිය. මේ අනුව සමාජ ශාස්ත්‍ර විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යයන නම් නව විශය ක්ෂේත්‍රය පිලිබද විමසීමේදී එහි න්‍යායාත්මක අභිවර්ධනය පිලිබද විමර්ශනය අතිශයින් වැදගත් වේ. සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය න්‍යායත්මකව අභිවර්ධනය වූ ආකාරය පිලිබද මූලික අවස්ථාව මීට ඉහත මාතෘකාවේදීද යම් ප්‍රමාණයකට සාකච්ඡාවට ලක් කෙලෙමු. මෙහිදී එය තව දුරටත් පැහැදිලි කිරීම සිදු කරනු ලබයි.

සන්නිවේදන අධ්‍යයනය න්‍යායාත්මක අභිවර්ධනය පිලිබද විමර්ශනයේදී පහත න්‍යායන් ගොඩ නැගීම තුලින් එහි න්‍යායාත්මක අභිවර්ධනය සිදු විය.

  • මැජික් බුලට් සිද්ධාන්තය
  • පරි‍තෝෂණය සම්බන්ධ සිද්ධාන්තය
  • පුද්ගල විභන්‍යතා සිද්ධාන්තය
  • පුද්ගල බලපෑම පිලිබද සිද්ධාන්තය
  • සන්නිවෙදනයේ දෙපියවර ගලනය පිලිබද සිද්ධාන්තය
  • සන්නිවෙදනයේ බහුපියවර ගලනය පිලිබද සිද්ධාන්තය
  • ප්‍රචාරණය
  • Cultivation theory
  • සන්නිවේදනයේ ප්‍රතීයමානක සිද්ධාන්තය
  • සමාජ ඉගෙනුම් සිද්ධාන්තය
  • ප්‍රජානන විෂමත්ව සිද්ධාන්තය යනු ඉන් කිහිපයකි.

සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී ඇති මූලික පර්යේෂණය වන්නේ හැරල්ඩ් ලැස්වෙල් විසින් සිය ආචාර්ය උපාධි නිබන්ධනය සදහා කල ප්‍රචාරනය පිලිබද පර්යේෂණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිලිබද සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ද වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පලමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්ය උපාධිය සදහා පර්යේෂණ සිදු කල කාලවකවානුවේදීය. එහිදී ඔහු පලමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිලිබදව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිලිබදව සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිලිබද සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේදී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේශන මාර්ගයයි.

ප්‍රචාරණය යනු විවිධ මාධ්‍ය නියොජන [ වාචික, ලිඛිත, පින්තූර, චිත්‍ර හා සංගීත] ආදී විවිධ කලා මාධ්‍ය උපයෝගී කොට ගනිමින් ඒ උපයෝගීතාව මත පදනම්ව මානව ක්‍රියාවන්ට බලපෑම් කිරීමයි. තොරතුරු ලබා දීමට මාධ්‍ය උපයෝගී කර ගනී. එම උපයෝගී කර ගන්නා වූ කලාව ප්‍රචාරණය වේ. ලැස්වෙල්ගේ අධ්‍යයන වැදගත් වන්නේ ප්‍රචාරණ ක්‍රමෝපායන් ගැන අධ්‍යයනය කල බැවිණි. යුද්ධය සදහා ප්‍රචාරණය යොදා ගන්නේ කෙසේද? යන්න සොයා ගත් ශාස්ත්‍රීය ලේඛනයක් ලෙස ඔහුගේ කෘතිය හදුන්වා දීමට පුලුවන.

පසුව මෙම ප්‍රචාරණය සම්බන්ධව ඇති පර්යේෂණ තව දුරටත් අඛණ්ඩව ඉදිරියට ‍රැගෙන යාමට සමජ ශාස්ත්‍ර විද්වතුන් උත්සුක විය. එහිදී ‍රැල්ප් කැසේ මෙම පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙන යන ලදි. සන්නිවේදන පර්යේෂණ ඇමරිකාවේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ප්‍රචාරණය උපයෝගී කොට ගත් ආකාරය පදනම් කරගෙන ඔහු පර්යේෂණ සිදු කරන ලදි. Hadley Cantrel, Leonard doob, Edward යන තිදෙනා දෙවන ලෝක යුධ සංග්‍රාමය සදහා යොදා ගත් ප්‍රචාරණය සම්බන්ධව පර්යේෂණ පවත්වන ලදි.

1937දී "Insitute For Propaganda Analysis" නමින් ප්‍රචාරණ අධ්‍යයනය පිලිබද ආයතනයක් ආරම්භ විය. එම ආයතනය ආරම්භ කිරීමේ මූලික අරමුන වූයේ ප්‍රචාරණය පිලිබද අධ්‍යයනය කිරීම මෙන්ම ඇමරිකානු ජනතාවට ප්‍රචාරණය හා යුද්ධය පිලිබද දැනුවත් භාවයක් ලබා දීම සදහාය. මෙම ආයතනයට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලද්දේ " 20 වන සියවසේ අරමුදල" මගිනි. මෙම ආයතනය මගින් විවිධ දැන්වීම් මගින් මෙන්ම පොත් මගින්ද ප්‍රචාරණය පිලිබද විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන ලදි. මින් ප්‍රධානතම කෘතිය වූයේ 1939 දී "Alfred Me Clung Lee and Elizabeth Briant Lee" යන දෙදෙනා විසින් රචිත "The Five Art Of Propaganda" නැමැති කෘතිය වේ. ප්‍රචාරණය හා සම්බන්ධ ක්‍රමෝපායන් මෙම පොතෙහි අන්තර්ගත වේ. එනම්

  1. නිරන්තර නාම කථනය
  2. සාක්ෂ්‍යකරණය
  3. ධාරානම්‍යතාව
  4. ජ්වලිත ව්‍යාප්ත කරණය
  5. ජනහිතකාමිත්ව ප්‍රදර්ශනය
  6. සමාරෝප්‍යතාව
  7. අනුරූපී මායාව

සන්නිවෙදන අධ්‍යයනය න්‍යායාත්මකව අභිවර්ධනය වීම පිලිබද විමසීමෙදී තවත් වැදගත් සිද්ධාන්තයක් ලෙස "පුද්ගල බලපෑම පිලිබද සිද්ධාන්තය" හදුනා ගත හැකිය. මෙම සිද්ධාන්තය " " යන තිදෙනා විසින් කරන ලද පර්යේෂණ මගින් 1940 දී පමණ සොයා ගන්නා ලදි. මෙම සිද්ධාන්තය ද බිහි වන්නේ මැතිවරණය පරිශ්‍රයේ සිටය. සන්නිවේදනය මගින් පුද්ගල බලපෑම වෙනස් කිරීමට හේතු වනවාද යන්න මෙමගින් සොයා බලයි. මෙම පර්යේෂණය සිදු කරන්නේ ඡන්ද දායකයාගේ මතය හෙවත් කැමැත්ත ජනමාධ්‍ය මගින් වෙනස් කල හැකිය යන මතයක සිටය. නමුත් පර්යේෂණ මගින් අනාවරණය වන්නේ එලෙස වෙනස් නොවන බවය. ජනමාධ්‍ය මගින් කෙරෙන්නේ තමන් තුල පවතින අදහස් තවදුරටත් වර්ධනය කිරීමකි. ඡන්දය දීමේ අභිප්‍රාය යම් පමනකට හෝ වෙනස් වනවා නම් එය සිදුවන්නේ ජනමාධ්‍ය නිසා නොව පුද්ගල බලපෑම නිසාය.එනම් අන්තර් පුද්ගල බලපෑම නිසාවෙනි. මෙය සිද්ධාන්තයේ ස්වභාවයයි. නමුත් මෙය සන්නිවෙදන අධ්‍යයනය න්‍යායාත්මකව අභිවර්ධනය වන මුල් කාලයේ සිද්ධාන්තයක් බැවින් වර්තමානය හා නොගැලපිය හැකිය.

ලැසාස්ෆෙල්ඩ් ඇතුලු පිරිස විසින්ම හදුන්වා දෙන ලද තවත් සිද්ධාන්තයක් වූයේ " සන්නිවේදනයේ දෙපියවර ගලනය පිලිබද සිද්ධාන්තයයි." තොරතුරු ගලනය දිශා දෙකකට සිදුවන බව මෙයින් අදහස් කරයි. ඒ සිරස්ව සහ තිරස්වය. මෙසේ සිදුවේ යැයි මෙහිදී උපකල්පනය කරනු ලබයි. ජනමාධ්‍ය ප්‍රධානීන්ට මුලින්ම තොරතුරු ලැබේ. එනම් මොවුන් මුලින්ම ජනමාධ්‍යයට නිරාවරනය වන බැවිනි. ජනමාධ්‍ය සේවනය කරන ප්‍රමාණය වැඩි නිසා මොවුන් තුල පවතින දැනුමද වැඩි යැයි සැලකේ. ජනමාධ්‍ය මගින් ජනමත ප්‍රධානීන්ට සන්නිවේදනය සිදු වන්නේ තිරස්ව බව උපකල්පනය කරයි. ජනමාධ්‍ය මගින් ජනමත ප්‍රධානීන්ට ලබාදෙන තොරතුරු අනෙක් බහුතර ජනතාවටද ලබා දෙන්නේ තිරස්ව බවටද උපකල්පනය කරයි. ජනමාධ්‍යයට සෘජුවම තම ග්‍රාහකයාට බලපෑම් කල නොහැකිය. මුහුනට මුහුණලා කරන බලපෑම ඊට වඩා ප්‍රබලය. එනම් ජනමත ප්‍රධානීන්ට පණිවිඩය විස්තර කොට ප්‍රකාශ කල හැකි බැවිනි. අනෙක් අතට මෙම ජනමත ප්‍රධානියා සමාජයේ විශ්වාසය දිනාගෙන සිටින අයෙක් වීම නිසා එම විශ්වසනීයත්වයද සන්නිවෙදනයට බලපායි. තොරතුරු බෙදා හැරීමේදී, අර්ථකතනය කිරීමේදී , ව්‍යාප්ත කිරීමේදී ජනමත ප්‍රධානීන් විශාල කාර්ය භාරයක් ඉ‍ටු කරයි. මෙම දෙපියවර ගලන සිද්ධාන්තයේදී ඊට ආවේණික ඌනතාව වන්නේ එමගින් ජනමාධ්‍යවල බලපෑම හීන වී තිබීමයි. නමුත් ජනමාධ්‍ය ව්‍යාප්තිය හා එහි තාක්ෂණික සංවර්ධනය මූලික අදියරක පැවති එම කාල වකවානුවට මෙම සිද්ධාන්තය ගැලපුනද ජනමාධ්‍ය ව්‍යාප්තිය හා එහි තාක්ෂණික සංවර්ධනය වර්ධනීය තලයක පවත්නා වර්තමානය තුල මෙම සිද්ධාන්තය ප්‍රායෝගික වූවක් නොවේ.

මෙම සිද්ධාන්තය තව දුරටත් වර්ධනය වෙමින් " සන්නිවේදනයේ බහුපියවර ගලනය පිලිබද සිද්ධාන්තය"බිහි විය. ජනමත ප්‍රධානීන්ට වඩා වැදගත් පිරිසක් සිටින බව මෙම අවස්ථාවේදී මොවුන් විශ්වාස කරයි. ආකාර කිහිපයකින් සන්නිවේදනය සිදුවන බව මෙම න්‍යායෙන් කියවේ. මෙ නිසා බහුපියවර ගලනය ලෙස මෙය හදුන්වයි.එනම් ජනමත ප්‍රධානීන් ඔවුන්ට වඩා බුද්ධිමත් පිරිසකගෙන් තොරතුරු ලබා ගන්නා බව මෙහිදී උපකල්පනය කරයි. මෙය එක්තරා ආකාරයකට කටින් කට සිදුවන සන්නිවේදනයක් වැනිය.

මෙහිදී පියවර සංඛ්‍යාව නිශ්චිත නොවේ. මෙසේ පියවර කිහිපයකින්ම තොරතුරු ගලායාම නිසාම බහුපියවර ගලනය ලෙස හදුන්වයි. ග්‍රාහකයා තොරතුරු ලබා ගන්නේද විවිද ආකාරයටය. මෙම පියවර ගනන තීරණය වීමට සාධක 05ක් බලපාන බව පෙන්වා දෙන ලදි.

  • සන්නිවේදන මූලයේ ඇති අභිප්‍රාය.
  • කොපමන ප්‍රමාණයක් මාධ්‍යය පවතීද?
  • ග්‍රාහක සමූහයාට කෙතරම් දුරට විවෘත විය හැකිද?
  • ඉදිරිපත් කරන සංදේශයේ ස්වභාවය.
  • සන්නිවේදනය කරන සංදේශය ග්‍රාහකයාට කොතරම් දුරට වැදගත් වනවාද යන්න.

ඉහතින් සදහන් කරන ලද සිද්ධාන්ත 03නම බිහිවීමට මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ මැතිවරණයයි. එසේම මේවා එකිනෙකට සම්බන්ද වී පවතින සිද්ධාන්ත ලෙස සැලකීමට පුලුවන. සන්නිවෙදනයේ වර්ධනයත් සමග සන්නිවේදන අධ්‍යනයන් මගින් හදුන්වා දුන් න්‍යයක් ලෙස “ Normative theories" හෙවත් සන්නිවේදනයේ ප්‍රතීයමානක න්‍යාය හදුන්වා දිය හැකිය. ප්‍රතීයමානක න්‍යාය යනු මාධ්‍ය පද්ධතියක් සංවිධානය වීම හා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබද පරමාදර්ශී මාර්ගයක් විස්තර කෙරෙන න්‍යායයි. විවිද සමාජීය හා දේශපලනික ක්‍රියා හේතුවෙන් මෙම න්‍යායන් බිහි වී ඇත. 20 වන සියවසේ මුල් භාගයේදී මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය පිලිබද දැඩි සංවාදයක් ඇති විය.මෙම සංවාදවල ප්‍රතිඵලයක් ලෙස පහත න්‍යායන් බිහි විය. ඇමරිකානු සමාජය තුලින් මෙම න්‍යාය බිහි වූ අතර මෙහිදී මාධ්‍ය කිසිදු පාලනයකට ලක් නොවිය යුතු බවට ඇතමුන් තර්ක කරන අතර තවත් පිරිසක් පවසන්නේ කිසියම් ආකාරයක නියාමනයක් මාධ්‍යයට තිබිය යුතු බවයි. කෙසේ වෙතත් මෙම න්‍යාය ප්‍රධාන න්‍යායන් 04ක් මත පදනම් බව "The for theories of the press" නැමැති ග්‍රන්ථයේ "Schramm, siebert and Peterson" යන තිදෙනා දක්වා ඇත.

  1. අධිපතිවාදී
  2. නිදහස් මතවාදී
  3. සමාජ වගකීම් න්‍යාය.
  4. සෝවියට් කොමියුනිස්ට්වාදී න්‍යාය

මීට අමතරව "Denis me quail" විසින් "Mass communication theory" නැමැති පොතෙහි තවත් කරුණු 02 ඉදිරිපත් කරන ලදි. එනම්

  1. සංවර්ධන මාධ්‍ය න්‍යාය
  2. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය

සමාජය තුල මාධ්‍ය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබද මෙම න්‍යායන්ගෙන් සාකච්ඡා කෙරේ. අනෙකුත් න්‍යායන්ගෙන් බොහෝ විට අවධාණයට ලක් කර ඇත්තේ මාධ්‍ය හා ග්‍රාහකයා අතර සම්බන්ධයයි. නමුත් මෙම ප්‍රතිමානක න්‍යායෙන් සාකච්ඡා වන්නේ මාධ්‍ය හා ආණ්ඩුව අතර සම්බන්ධය වේ. මෙහිදී මාධ්‍යයේ හිමිකාරිත්වය පිලිබද දැඩි අවධානයක් යොමු වේ.කිසියම් මාධ්‍යයක ක්‍රියාකාරිත්වය සමාජයෙන් ව්‍යුක්තව සාකච්ඡා කල නොහැක.

එසේම කර්ට් ලෙවින් විසින් සිදු කරන ලද ජාලගත පර්යේෂණ විධික්‍රමය සන්නිවේදන අධ්‍යයනය න්‍යායාත්මක අභිවර්ධනය විෂයෙහි විශාල පි‍ටුබලයක් විය. ජාලගත පර්යේෂණ විධික්‍රමය ලෙවිනියානු බලපෑම හේතු කොට ගෙන පැනනැගුණු ඉතා වැදගත් විධික්‍රමයකි.ඇලෙක්ස් බව්වල් විසින් ලෙවින්ගේ මෙම අදහස් තව දුරටත් සංවර්ධනය කර ක්‍රියාවට නගන ලදි. පර්යේෂණාත්මකව නියමිත ජාලයන් උපයෝගී කොට ගනිමින් පර්යේෂණාගරයක සිදු කෙරුණු මෙම අධ්‍යයනය ලෙවිනියානු කණ්ඩායම් ගතික සමාජීය ජාල පිලිබද ගණිතමය පර්යේෂණ දක්වා විකාශනය වීමක් ලෙස දැක්විය හැකිය. ඉහත අධ්‍යයන අවසානයේදී එළබුණු නිගමනය වූයේ සමාජ ජාල පිලිබද සන්නිවේදන ව්‍යුහ ගණිතමය වශයෙන් විශ්ලෙෂණය කල හැකි බවයි.

1950 දශකයේදී සන්නිවේදන අධ්‍යයන සදහා වැදගත් ස්ථානයක් හිමි වූ ප්‍රජානන විෂමත්ව පර්යේෂණ සිද්ධාන්තය මුලින්ම හදුන්වා දෙන ලද්දේ ලෙවින්ගේ දැනුම් සම්භාරය මතින් පෝෂණය වූ ඔහුගේ ශිෂ්‍යයකු වන ලියෝන් ෆෙස්ටින්ගර් විසිනි.ඔහුගේ මෙම සිද්ධාන්තය ගොඩ නැගී ඇත්තේ තවත් සිද්ධාන්ත හා න්‍යායික පර්යාලෝකවල බලපෑමද ලබමිනි. එනම් චාල්ස් ඔස්ගුඩ් සහ පර්සි ටැනන්බැවුම්ගේ අංගසාම්‍ය සිද්ධාන්තය ක්ර්ට් ලෙවින්ගේ ක්ෂේත්‍ර න්‍යාය සහ ලෙවින් තුල වර්ධනය වූ ගෙස්ටාල්ටියානු පර්යාලොකය සහ ෆ් රිට්ස් හීඩර්ගේ සංකූලතා සිද්ධාන්තය පදනම් කොට ගනිමිනි. ප්‍රජානන විෂමත්වයක් ඇති වන්නේ ප්‍රජානන සංචරකයක් එකිනෙක හා ගැටෙන අවස්ථාවේ දීය. ප්‍රජානන විෂමත්වයක් පුද්ගල මනස තුල ඇති විට එම අසහන කාරී බවින් මිදීම සදහා පුද්ගලයා උත්සාහ දරයි. එනම් එකවර මනසට ලැබෙන කඨෝරත්වයක් මනස තුල ඇති වීම ප්‍රජානන විෂමත්වයක් ලෙස හැදින්වේ.

ඉහත ආකාරයට සන්නිවේදන අධ්‍යයනය න්‍යායාත්මකව අභිවර්ධනය වූ ආකාරය පිළිබද විමසීමට ලක් කල හැකි අතර එහිදී පැහැදිලි වන්නේ ඇතැම් න්‍යායන් කාලීන අගයෙන් අඩු බවය. නමුත් මෙහිදී සැලකිය යුතු විශේෂ කරුණ වන්නේ එම න්‍යායන් බිහි වූ අවධිය තුල පැවති සමාජීය, දේශපාලනික, ආර්ථික තත්ත්වයන්ට අනුරූපීව එම බොහෝ න්‍යායන් ගොඩ නැගී ඇති බවය. අනෙක් අතට නව විෂය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස එම න්‍යායාත්මක පදනම සන්නිවේදන අධ්‍යයන විෂයෙහි විශාල පි‍ටුබලයක් වී ඇති බවය.

අවසාන විග්‍රහය

[සංස්කරණය]

අවසාන විග්‍රහයේදී සදහන් කල හැක්කේ ඉහත ආකාරයට සිදු කරන ලද විමර්ශනයෙන් සමාජ ශාස්ත්‍රයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයෙහි න්‍යායාත්මක අභිවර්ධනය පිලිබද අවධානය යොමු කිරීමෙන් මනාව තහවුරු වන්නේ සන්නිවේදන අධ්‍යයන නම් නව විෂය අධ්‍යයනය පිලිබද සමාරම්භය ජර්මන් නාසි වාදයත් සමග ඇමරිකාවට සංක්‍රමණය වන විද්වතුන්ගෙන් සිදු වන බවය.ඇල්බට් අයින්ස්ටයින්, එරික් එරික්සන්, ජෝන් වෝග් නියුමාන්, කර්ට් ලෙවින් ආදී විශිෂ්ට ගනයේ විද්වතුන්ද මෙම විද්වතුන් අතරට ඇතුලත් විය. එපමනක්ද නොව 'ෆැන්ක්ෆර්ට්' ගුරුකුලයද ඒ අතර විය. මෙම නිසා ඇමරිකාව තුළ විශ්ව විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති වන්නට අවශ්‍යය පදනම සකස් විය. සන්නිවේදන අධ්‍යන ඇමරිකාව තුළ ඇති වන්නට අවශ්‍යය පසුබිම සැකසෙන්නේද මේ පසුබිම තුළය. විශේෂයන්ම එහිදී සමකාලීන විද්වතුන්ගෙන් සමන්විත චිකාගෝ ගුරුකුලය හා රොකෆෙලර් පදනම මගින් වැදගත් මෙහෙවරක් සිදු කරන ලදි. ඉන් පසුව එය ක්‍රමිකව වර්ධනය වෙමින් විශ්ව විද්‍යාල පාඨමාලාගත අධ්‍යයනයක් ලෙස වර්ධනය වීම සිදු විය. ඒ සදහා විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම බෙහෙවින් කැපී පෙනේ.තවද හැරල්ඩ් ලැස්වෙල් විසින් සිදු කරන ලද ප්‍රචාරණය පිලිබද පර්යේෂණත් ඇතුලුව ලෝක යුධ සමයේදී ලැස්වෙල් විසින් කරන ලද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍යය අඩිතාලමක් සේ සැලකිය හැකිය. එසේම් කර්ට් ලෙවින්ගේ දොර‍ටුපාල සංකල්පය හා කණ්ඩායම් සන්නිවේදනය පිලිබද පර්යෙෂණත් සේම පෝල් ලැසාස්ෆෙල්ඩ්ගේ සන්නිවේදන පර්යේෂණ මෙවලම් හා ක්‍රමවෙද අතුලුව හවුලන්ඩ් විසින් සිදු කරන ලද පර්යේෂණ අතර "පෙළබවීම්" පිලිබද පර්යේෂණ සෘජුව සන්නිවේදනය හා සම්බන්ධ වූ අතර එමගින් මෙම නව විෂය ක්‍රමිකව න්‍යායාත්මකව අභිවර්ධනය වූ ආකාරය හදුනා ගත හැකි වේ. මෙසේ ක්‍රමිකව මෙම නව විෂය විවිධ සමාජ ශාස්ත්‍රවල විද්වතුන්ගේ දායකත්වය නිසා කාලීන වශයෙන් වැදගත්කමක් දරන විෂයක ලෙස සමාජ ශාස්ත්‍ර විෂයන් අතරට එක් වෙමින් ඉතා කෙටි කාලයක් තුල විශාල සංවර්ධන මාවතක් ඔස්සේ ගමන් කරමින් අද වන විට විශාල පිරිසකගේ වැඩි අවධානයක් ලබා ගත් විෂයක් බවට පත් වී ඇති අන්දම මනාව තහවුරු වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

[සංස්කරණය]
  • සමන්ත හේරත් [2009], සන්නිවේදන අධ්‍යයන ඉතිහාසය, කොළඹ 10, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
  • Lerner Daniel, Schramm Wilbur [1967] “Communication and change in the developing countries”, Hawaii, University press of Hawaii.
  • Jowett, Garth S. and Victoria O’ Donnell [1986] Propaganda and Persuasion, Newbury Park Calif. Sage
  • Rogers Everett M. [1994], A History of communication study, New York, The Free press.
  • Holmes David [2005], Communication Theory, London, sage.
  • Festinger Leon [1957], A Theory of Cognitive Dissonance, Stanford, Stanford University Press.
  • Anderson A. James, [1996], Communication theory [epistemological Foundations], New York, The Guilford press.
  • McQuail Denis [2000], McQuail’s Mass Communication Theory, London, sage.
"https://si.wikipedia.org/w/index.php?title=ජන_සන්නිවේදනය&oldid=515828" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි