සිංහල ජන නාටක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ජන නාට්‍ය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලටය .දේශීයආරට සමීපවු නාට්‍ය කලාවක්බිහිකිරීමේ උත්සාහිවු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේදි මෙමජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබේ. තොවිල් පවිල්,කංකාරි,ගමිමඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය ඔහු සිංහල නාට්‍ය කලාවක් බිහිකිරිමෙදි යොදා ගත්තේය.

මෙ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ,

  • සොකරි
  • කෝළම්
  • නාඩගම්

සොකරි[සංස්කරණය]

සොකරි නාටකය වනාහි උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යය මුහුදුබඩ පෙදෙස් වල හෝ දකුණු පළාතේ රඟදැක්වීම සිදුනොවේ.මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරෑපණ මාධ්‍යයෙන් කථාවක් කීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර ‍කරන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති.මෙහි සමහර නළුවෝ වෙස් මුහුණු පළදින අතර නැටුමටහා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය වනාහි උඩරට භාවිතා වන ගැට බෙරයයි. සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කථාවේ ස්වරෑප පළාතින් පළාතට ‍මඳ වශයෙන් වෙනස්වේ.ඊට අනුව නාට්‍යයේ ස්වරෑපයද වෙනස්වේ.කෙසේ වුවද සොකරි නාටකයක පොදු කථාවක් තිබේ. මේ කථාව එක් එක් කණ්ඩායම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් ඇතුව ඉදිරිපත් කරයි.

මෙහි පොදු කථාව වනුයේ ගුරැහාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලක්දිවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරැහාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු ගෙනඑනුලැබ සියළු දෙනා සමා‍දානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරැ කථා රසවත් සිදුවීම් අපමණව නිරෑපණය කෙරේ.

සොකරි නාටකය පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මුලික වශයෙන් ගැමි රඟ මඩලෙහි නිර්මාණ කෞශල්‍යය හා ගැමි ජන විඥානය මේ තුළින් මැනවින් දක්නට ලැබෙන බවයි.කෘෂිකාර්මික ජීවිතයක් ගතකරන ගැමියාට සැහැල්ලුවක් විනෝදයක් ලැබිමට මෙම ජන නාට්‍ය මගින් හැකිවේ.සරල හාස්‍යය මෙන්ම සමාජ ශෝධක ක්‍රියාවක්ද මෙම ජන නාට්‍ය තුළින් සිදුවේ.


අනුප්‍රාසයට මුල්තැන දෙමින් ඒ අනුව බෙර පද වයමින් ඊට අනුව ගායනය,රංගනය ඉදිරිපත් කිරී‍මෙන් විචිත්‍රතාවයෙන් යුත් රඟ මඬලක් දැකිය හැකිය.සොකරි නාටකයෙහි ගායනා කරන ඇතැම් කවි ජන කවිවල විද්‍යමාන සාහිත්‍යමය අගය පළකරයි.පහතින් දැක්වෙන්නේ එහි ගැ‍යෙන කවියකි


"ආල වඩන පියයුරු දෙක

ළැම දිලිසෙන්නේ

කෝළ නැතුව සබයට

එළි බැසලා නටන්නේ

මාල කරට දමා හැට්ට සළු

පළදින්නේ

බාළ සොකරි ළමා මෙනුඹ

නටා වරෙන්නේ


සෘංගාරයක් ඇතිවන අයුරින් මේවා ගායනා කරයි.මෙය මධ්‍යම රාත්‍රියේදි රඟ දක්වන කොටසකිකෙසේ වුවද සිංහල ජන නාට්‍ය අතර ගැමි මතය මුර්තිමත් කරන සරළ ප්‍රියමනාප අංගයක් ලෙසසොකරි දැක්විය හැකිය.

සිංහල ජන නාට්‍ය අතර තවත් කැපී පෙනෙන ජන නාට්‍යයක් වනුයේ කෝළම් නැමැති ජන නාට්‍යයයි.

කෝළම්[සංස්කරණය]

සිංහල ජන නාට්‍ය අතර කෝළම් වලටද වැදගත් තැනක් හිමිවෙයි.කෝළම් නැටීම නාට්‍ය ධර්ම ඝනයට අයත්වේ.සොකරිය තරම් පහසු නොවන අතර මෙයට පිළිගත් සිද්ධාන්ත තිබේ.වෙස් මුහුණු නාට්‍ය ලෙසද හැඳින්වේ.දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල මෙම ජන නාට්‍ය ප්‍රසිද්ධවේ.

කඳුරැ, රැක් අත්තන,සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සදනලද වර්ණවත් වෙස් මුහුණු පැළද නැටීම කෝළම් වල ප්‍රධාන ලක්ෂණයකි.කෝළම් නාට්‍යයේ ප්‍රථම භාගයේදි කථා වස්තුවට සම්බන්ධ නැති විවිධ පාත්‍රයන් ඉදිරිපත් කොට අවසානයේ කථා වස්තුවක් හෝ දෙකක් නිරෑපනය ‍කෙරේ.මේ නිරෑපණය සඳහා මාධ්‍ය වශයෙන් උපයෝගී කොට ගන්නේ කවි කීම හා හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරෑපයෙන් ඉදිරිපත් කිරිම සඳහා කවියට නඟා සකස් කරන ලද කථා වස්තු කිහිපයක් කෝළම් නාට්‍ය කණ්ඩායම සතුවේ.


ස්ත්‍රිය හාස්‍යයට ලක්කිරිමක් මෙම නාට්‍යය තුළ සිදුවේ.ඒ සඳහා යම් යම් සංවාද යොදාගනි.මඩුවක් තනා එය ඉදිරිපිට සකස් කරන ලද රඟමඩලක කෝළම් නැටීම සිරිතවේ.පොතේ ගුරැන්නාන්සේ හෙවත් කාරියකරවනරාළ පළමුව ත්‍රිවිධ රත්නයට නමස්කාරකොට දේවාරාධන ගී ගයයි.ඉක්බිති කෝළම් උපත කවියෙන් කීමට පටන්ගනි. මෙම කවි‍ ගායනයෙන් පසු කෝළම් නැටුම මුලින්ම කරන්නට යෙදුන අවස්ථාව සඳහන් කරන අතර ඉනික්බිත්තෙන් විවිධ වු කෝළම් පාත්‍රයන් ගණනාවක් සභයට ඉදිරිපත්වේ.සඳ කිඳුරැ,මනමේ වැනි කථා මෙහිදි රඟ දැක්වේ


කෝලම් නිර්මාණය හා රංගනය ගැමියන්ගේ කලා කුසලතාවන් මෙන්ම ගැමි කලාවක් ඉදිරිපත් කිරිමෙහි ඔවුන් සතුවු පෞරැෂයද මැනවින් විදහා දක්වයි. <br.>

නාඩගම්[සංස්කරණය]

ජන නාට්‍ය අතර නාඩගම්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.ඊට හේතුව ‍ශෛලිගත නාට්‍ය සම්ප්‍රද්‍රාය ප්‍රතිෂ්ඨාපනයට නාඩගම මුල්විය.දේශීය නාට්‍ය කලාවේ සමාරම්භය සිදුවුයේ මෙම ජන නාට්‍ය වි‍ශේෂයක්වු නාඩගම් ඇසුරිනි. දහනව සියවසේ මුල් භාගයේ නාඩගම් බිහිවුනා යැයි සැලකේ.මෙම නාට්‍ය වඩාත් ප්‍රචලිතව ඇත්තේ බටහිර මුහුදු බඩ වෙරළෙහිය.අංග සම්පුර්ණ දෟශ්‍ය කාව්‍ය ලක්ෂණ නාඩගම් තුළ තිබෙන බව පිළිගැනේ.නාඩගමක් සම්පුර්ණයෙන්ම විකාශනය වන්නේ ගීතය මාර්ගයෙනි.මෙහි නාට්‍ය රසය උත්පාදනයට විශාල අවධානයක් ලැබේ.

සිංහල පැරණි නාඩගම් රචකයාලෙස සැලකෙන්නේ පිලිප්පු සිංඤ්ඤෝ නැමැත්තාය.මේඅයුරින් බිහිවු නාඩගම් අනෙකුත් ජන නාට්‍ය සේම රාත්‍රියේ රඟ දක්වයි.රැයක් මුළුල්ලේ මෙයරඟ දැක්වේ.නාඩගම් රඟ දක්වනු ලබන්නේ පස්ගොඩ ගැසීමෙන් පොළවේ මටිටමෙන් උස්කාට අර්ධ කවාකාරයෙන් තනාගත් රංඟභුමියක් ප්‍රේක්ෂකාගාරය කරගනිමිනි.මෙම නාඩගම් තුළින් ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය අවදිකරයි.කිසියම් වින්දනයක් අත්කරදීමට සමත් කලාත්මක සන්දර්භයක් තුළ මෙම නාඩගම විකාශනයවේ.කෙසේ වුවද මෙම නාඩගම් නුතන නාට්‍ය කලාවට ‍බෝහෝ සෙයින් වැදගත්වේ.


අපේ සංස්කෘතික උරැමයන් ලෙස ගතහැකි මෙම ජන නාට්‍ය සමහරක් අදටත් අප අතර පවති. මේවා කියාපාන්නේ අපගේ අනන්‍යතාවය නොවේද ඉතා පෞරාණික සංස්කෘතියකට උරැමකම් කියන අප මෙම ජන නාට්‍ය තවදුරටත් රැක ගැනීමට කටයුතු කළ යුතුය

.200px

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_ජන_නාටක&oldid=398072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි