ජනාවර්ගික ජාතිවාදය

විකිපීඩියා වෙතින්

ජාතිය ජනවාර්ගිකත්වය යන පදයෙන් විස්තර කිරීමේ ජාතිවාදයක් ලෙස ජනවාර්ගික ජාතිවාදය හැදින්විය හැක. කුමන ජනවාර්ගිකත්වයක් එයට ලං වුවත්, ජනවාර්ගික ජාතිවාදය සඳහා පෙර පරපුරේ නොයෙකුත් අංග අඩංගු වේ. තවදුරටත්, ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයන් අතර හා ඔවුනගේ මුතුන් මිත්තන් අතර හුවමාරුකරගත් සංස්කෘතියත් භාෂාවත් එයට අඩංගු වේ. කෙසේ වෙතත් සංස්කෘතික අර්ථදැක්වීම වන "ජාතිය" නැමැති අර්තකථනයෙනුත් භාෂාමය අර්තකථනයෙනුත් එය වෙනස් වේ.

දේශපාලනික වශයෙන් පිළිගත් ප්‍රතිපත්තිය වන්නේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් ස්වයං නිර්ණය සිදු කරන බවයි. ස්වයං නිර්ණය කිරීමේ ප්‍රතිවිපාක ස්ථාපිත සමාජයක් තුළ සිදුවන ස්වයං පාලනයේ විපාක වලින් වෙනස් වේ. එමෙන්ම එය සමාජය තුළ වු ස්වතන්ත්‍ර සමාජයෙන් ඉවත් වූ කල ශ්‍රේෂ්ඨ රජයක් දක්වා වෙනස් වේ.අන්තර් ජාතික සම්බන්ධතා වලදී ජනවාර්ගික ජාතික වාදය, රටේ පොදු සම්පත් සඳහා ඇති ‍රැකවරණය සහ ව්‍යපාර මෙහෙයවන අතර එමඟින් පොදු ජාතියක් ස්ථාපනය වෙයි.

ප්‍රජා ජාතිවාදය සහ ජනවාර්ගික ජතිවාදය තුළ ඇති වෙනස්කම් දියුණු සාහිත්‍ය තුළින් කියාපායි. ජාතියේ ආවේණික පරපුරක් තුළ වු ජනාවර්ගික ජාතිවාදය එහි සාමාජිකයන් තුළ රඳා පවතී. එමෙන්ම සමහර අවස්ථාවන් වලදී ලේ නෑකම් මත හෝ ඥාති සම්බන්ධකම් මත එය රඳා පවතින අතර, දේශපාලන සමාජිකත්වය මත එය රඳා නොපවතී. ජනවාර්ගික ජාතිවාදය ගැන ප්‍රබල සම්ප්‍රදායන් ඇති රටවල් Jus Sagunis (රුධිරයේ නීතිය) මඟින් ජාතිය අර්ත දක්වයි. ප්‍රජා ජාතිවාදය ගැන ප්‍රබල සම්ප්‍රදායයන් ඇති රටවල් Jus Soli (පොළවේ නීතිය) මඟින් ජාතිකත්වය හෝ පුරවැසිභාවය අර්ථ දක්වයි. එමනිසා ජනවාර්ගික ජාතිවාදය ප්‍රජා ජාතිවාදයට වඩා විශේෂිත වේ. පොදු ජනතාවගේ පරමාදර්ශ වලට පක්ෂපාත වනවාට අමතරව පොදු සංස්කෘතියක් සහ වෘත්තීන් අවධානය කිරීමක් ජනවාර්ගික ජාතිවාදය මඟින් සිදුවේ. උදාහරණයක් ලෙස ජර්මනියේ ඇති ජනවාර්ගික ජාතිවාදය පෙන්වා දිය හැක. ජනවාර්ගික ජර්මානුවන්ටද ජර්මනියෙ පුරවැසිභාවය හිමිවේ.

භූගෝලිය සාධක මත පදනම් වු ජාතිය ගැන බටහිර අර්ථ දැක්වීමට පටහැනිව ජාතිවාදය ගැන බටහිර නොවන සංකල්පයන් සඳහා න්‍යායාචාර Anthony D. Smith යුදෙව්වන්ගේ විසිරයාම ගැන අධ්‍යයනයෙහි යෙදෙන උගතුන් මෙම භූගෝලිය නොවන සංකල්පය යුදෙව්සමාජයන් තුළ පතුරවා ඇති අතර "මානව ජාතිය" "මානව ජාතිවාදය" වැනි පද මඟින් ජනවාර්ගිකත්වයේ සංකල්ප සමුහයක් විස්තර කරයි. ජනවාර්ගික කණ්ඩායමක වාස භූමිය මඟින් ඔවුන්ගේ දේශපාලන නීත්‍යානු කූලභාවය ඇතිවන අතර කොලොනියකරණයට හෝ වර්ගවාදයට එරෙහිව ඇති ඔවුන්ගේ ආරක්ෂක ක්‍රියාවන් හා සංස්කෘතිය හා සමාජමය ජීවිතවලට පහසුකම් සැපියීමේ ක්‍රමයන් මඟින්ද එය තහවුරු වෙයි. ජනවාර්ගික සුළු ජාතීන් ලෙස පැවති තත්ත්වය මත පෙර අයට මෙලෙස කල නොහැකි විය.

Nazi Gemany වැනි අවස්තාවන් වලදී වර්ගවාදය සහ ජාත්‍යන්තරයට පත්වේ. අන්තර්වාදීන් විසින් ජනවාර්ගික ජාතිවාදය යොදාගත් නිසා එයට බොහෝ විචාරණ එල්ල වී ඇත. Holocaust හිදි යුදෙව්වන් සහ ජනවාර්ගික කණ්ඩායම් මිලියන ගණනින් විනාශ කිරීමද මෙයට තවත් උදාහරණයකි. 1994 දී රුවන්ඩානු ජනාඝාතනය 1995 Srebrenica ජන ඝාතනය (බෝපිනියාව සහා Herzegorina) වැනි අවස්ථාවන් වලදී ජනවාර්ගික පවිත්‍රකරණයද ඇතුලුව ජනවාර්ගික ජාතිවාදය හිංසාකාරි ක්‍රියාවක් ලෙස යොදා ගෙන ඇත.

සටහන්[සංස්කරණය]

Ethnic nationalism
"https://si.wikipedia.org/w/index.php?title=ජනාවර්ගික_ජාතිවාදය&oldid=471385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි