ජනසන්නිවේදනය

විකිපීඩියා වෙතින්

සමාජයේ සිටින පුද්ගලයන් අතර, විවිධ අදහස් හා තොරතුරු ප්‍රචාරය කිරීම ජනසන්නිවේදනය වශයෙන් හැදින්විය හැකිවේ.

මෙම තොරතුරු ප්‍රචාරය කිරීමට ප්‍රථමයෙන් ජනමාධ්‍ය ක්‍රමයක් තිබිය යුතුවේ. මුලින්ම අදහස් හෝ තොරතුරැ ඉදිරිපත් කරන්නකු සිටිය යුතුවේ. එයට "ජනසන්නිවේදකයා"ව්‍ශයෙන් හදුන්වමු. දෙවනුව ඉදිරිපත් කිරීමට යම් තොරතුරක් හෝ පණිවිඩයක් තිබිය යුතුයි. එයට අප "සන්දේශය" නමින් ව්‍යවහාර කරමු. තුන්වනුව එම සන්දේශය ඉදිරිපත් කිරීමට ක්‍රමවත්,ක්‍රමයක් තිබිය යුතුයි. එයට අපි "මාධ්‍ය" යැයි කියමු. හතරවෙනුව එම දෙනු ලබන සන්දේශය ලබන පුද්ගලයකු හෝ සාමාජිකයකු සිටිය යුතුයි. එය අපි "සංග්‍රාහක" නමින් හදුන්වමු. මේ මූලික කරැණු මුල් වූ විට ජනසන්නිවේදනය නමින් ව්‍යවහාර කළ හැකිවේ. කෙටියෙන් දක්වත හොත්, ලොව සිටින සිටලුම ජනතාව අතර, අදහස් ප්‍රකාශ කර ගැනීමට, දැන ගැනීමට, හුවමාරු කර ගැනීමට, උපයෝගී කරගන්නාවිවිධ ක්‍රම ජනසන්නිවේදනය වශයෙන් හැදින්විය හැක.

ජනසන්නිවේදකයා - තොරතුරු ඉදිරිපත් කරන්නා. සන්දේශය - අදහස් හෝ තොරතුරු ඇතුළත් පණිවිඩය. මාධ්‍යය - සන්දේශය ඉදිරිපත් කරන මාර්ගය. සංග්‍රාහක - සන්දේශය ලබන්නා හෝ ලබන පුද්ගලයෝ.

අතීතයේ ජනමාධ්‍ය ඉතා සරලව පැවතුණි. මුලින්ම පැවතියේ වාචික ක්‍රමයයි. එහෙත් නූතන ලෝකයේ ලේඛන කලාව දියුණුවත්ම, මුද්‍රණ ශිල්පයද දියුණු විය. එ‍යින් ජනමාධය විත්‍ර පටි, හා වෙනත් ජනමාධ්‍යක්‍රම නිසා ජන සන්නිවේදනයේදියුණුවනද දිනෙන් දින වැඩි විය. එහෙත් "වාචික" ක්‍රමය අදද පවතී. දේශණ, සම්මන්ත්‍රණ, සාකච්ඡා විශේෂ ස්ථානයක් ගනු ලබයි.විසිවන සිය‍වසේ අසූවන් දශකයේ ජනසන්නිවේදනයේ සීඝ්‍ර වර්ධනයක් ඇති වූහ.

ලොව කොතැනක සිට හෝ තවත් රටකට පණිවිඩයක් දීමට හැකිවිය. පණිවිඩ යැවීම, අදහස් ප්‍රකාශ කිරීම, ඉතා ඉක්මණින් ම කල හැකිවිය. උදාහරණයක් වශයෙන් "චන්ද්‍රිකා" මගින් ලොව එක් තැනක සිට කොතැනකටහෝ අදහස් දැන්වීමට පුළුවනි.

ජනමාධ්‍යයෙන් විසුරුවා හැරීමට විවිධ භාෂාවක් අවශ්‍යයයි. භාෂාවෙන් තොර සන්නිවේදනයක්‍ නොමැත. ඒ අනුව රට රටවල තමන්ගේ භාෂාවෙන් මාධ්‍යයද පුළුල් කරනු ලබයි.එමෙන්ම විශේෂයෙන් වැදගත් වන්නේ සංග්‍රාහකයා සන්නිවේදකයාගේ අදහස් වලට ඇහුම්කන් ‍දිය යුතුවීමයි.එමෙන්ම එය විමසිලිමත්ව පරික්ෂාකල යුතුවීමත් විවේචනය කළ යුතු වීමත් තුළින් ජනසන්නිවේදනය වැදගත් බව තහවුරැ කල හැකි වන්නේය.

  • ආරම්භක ජනසන්නිවේදන ක්‍රම
  • ජනමාධය බිහිවූ ආකාරය
  • ලිඛිත සන්නිවේදනය
  • සිංහල සගරා ඉතිහාසය
  • ග්‍රන්තකරණය
  • සිංහල පුවත්පත් ඉතිහාසය
  • ජාතික පුවත්පත්
  • ගුවන් විදුලියේ විකාශය
  • රෑපවාහිනී මාධ්‍යයේ විකාශය

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජනසන්නිවේදනය&oldid=305938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි