ජනසතු කිරීම

විකිපීඩියා වෙතින්

ජනසතු කිරීම යනු ,කර්මාන්ත සහ වත්කම් දේශීය රජයේ මහජන අයිතිය යටතට පවරා ගැනිමයි. ජනසතු කිරීම සාමාන්‍යයෙන් පෞද්ගලික වත්කම් සඳහා භාවිතා කරයි. නමුත් මහ නගර සභා වැනි රජයේ පහත් මට්ටම් වල වත්කම් අයිතියද මේ යටතට ගැනේ. ජන සතු කිරීමේ විරුද්ධාර්ථය වන්නේ පෞද්ගලීකරණය හෝ ව්ජාතීයකරණයයි. නමුත් නගරසභා කරණයද දැක්විය හැක. නැවත ජනසතු කිරීම ඇතිවන්නේ රජයට අයිති වත්කම් පෞද්ගලීකරණය කර පස්ව නැවත ජන සතු කිරීමේදීය. මෙය වෙනත් දේශපාලන පක්ෂයක් හෝ පිලක් බලයට පැමිණීමේදී සිදු වේ. නැවත ජනසතු කිරීම යනු පෞද්ගලික දේපලක් හෝ කර්මාන්තයක් රජය පවරා ගැනීමයි. බොහෝ විට ජනසතුකරණය පෞද්ගලික දේපල රජයට ගැනීම සදහා යොදාගන්නා වචනයක් වුවත් එය නගර සභාවක දේපලක් පැවරීමටත් යෙදිය හැක. ජනසතු කිරිමට විරැද්ධ පදය වන පෞද්ගලිකරණය රංයේ දේපල පෞද්ගලික ආයතනයකට හෝ නගරසභාවකට පැවරීම සදහා යොදා ගන්නා පදයකි. නැවත ජන සතු කිරීම (Rencitionalication ) යනු පෙර පුද්ගලිකරණය කල දේපලක් රජයේ භේයක් හෝ වෙනත් පක්ෂයක් පත්වි නැවත පවරා ගැනීමයි. මෙම සංසිද්ධිය Reverse Privatization ලෙසත් හදුන්වයි.

ජනසතු කිරිම ඇති උවමානවට දේශපාලනික මෙන්ම ආර්ථික හේතුන් ඇත. සමාජවාදි ජනසතු කිරීම මගින් ජනතාවට එම ආයතන වලින් උපරිම ඵලදාව ලැබෙන බවත්, ධනය බෙදියාම මගින් ජීවන තත්ත්වය වර්ධනය වන බවත් විශ්වාස කරයි.

ජනසතුකල දේපල දේශපාලනික හා සමාජ පිඩනය නිසාදෝ ජනතාවගේ වුවමනාවලට වැඩි තැනක් ලබාදේ. මෙම ආයතන සමාජ සුභසාධනය උදෙසා පාඩු සහගත ක්‍රියාකාරමක් වල යෙදිය හැක. උදා. දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන සේවක තැපැල් සේවය එහි ජනසතුකරණය හුවා දක්වයි. සමහරක් අවස්ථාවල මෙම ආයතන ලාභ පරමාර්ථ කර නොගෙන පිහිටාධාර වැඩවල නිරත වේ.

මෙම දේපල රජය සතු බැවින් එහි ණය පියවීමේ වගකීම රජයට ඇත. මෙම ආයතන කෙටී කාලීන පදනම මිස දේශිය භාණ්ඩාගාර ණය නොගනී.

දේපල ජනසතු කිරිමට පෙර අයිතිකරැට වන්දියක් ගෙවා හෝ නොගවො විය හැකත වන්දි නොගෙවන්නවානම් එය බුක්තිය පැහැරගැනීමකි. ජනසතුකරණයේ රංයට ජනසතු ඇති දේපල පාලනය ලැබෙන දේපල ප්‍රතිව්‍යාප්තිර්ය යන අරැතට වඩා වෙනස් වේ. රජය දේපල පවරා ගැනීමට හේතුව එම දේපල නීතිවිරෝධිව අයක් කරගත් දේපල නිදාස විය හැක. උදා. ප්‍රංශ රජය රථවාහන නිෂ්පාදන ආයතනය පවරා ගැනීම හේතුව එහි අයිතිකරැ නැසින් සමග සහයෝගිව සිටීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජනසතු_කිරීම&oldid=472053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි