Jump to content

ජකො‍බියානු සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

ජකො‍බියානු සාහිත්‍යය ‍ ශේක්ස්පියර්ගේ මරණයෙන් පසුව, කවියකු හා නාට්‍යකරැවකු වන බෙන් ජෝන්ස් ජැකොබියන් සමයේ විසු මුල් පෙලේ සාහිත්‍යධරයකු විය. ‍ෙජාන්සන්ගේ කලා කටයුතු මධය කාලින යුගය දක්වා විහිදුනි. ඔහුගේ චරිත වලට හාස්‍ය ගැබ් වී තිබුණි. ඔහුගේ සමකාලින වෛද්‍ය විද්‍යා මුලධර්ම වලට අනුව හැසිරී‍මේ වෙනස්කම් වලට හේතුව වනුයේ ශරීරයේ වන හාස්‍යයන් හතරකි. (රැධිරය, ශ්ලේෂ්ම, කළු පිත, කහ පිත) මේවා විශ්වයේ මුලධර්ම වන වාතය, ජලය, ගින්දර හා පොළොව යන ඒවා සමග බැදි පවති.

ඩොන්සන්ගේ රටාව අනුව ගිය Beaumont and Fletervber විශිෂ්ඨ හාස්‍ය ජනක නවකතාවක් වන The Knight of the Burning Pestle වැනි ග්‍රන්ථ රචනා කලේය. මෙම කථාමාලාව් පරිදි කඩ සාප්පු හිමියකු විසින් සිය නුගත් පුත්‍රයා, නාට්‍යයක ප්‍රධාන චරිතයක් රගපෑම කෙරෙහි යොමු ‍කිරිම උදෙසා නළුවෙකු සමග සිදුකරනු ලබන අරගලය දැක්වේ.

ජැකොබියානු සමයේ වු තවත් ප්‍රසිද්ධ රටාවක් වනුයේ පලිගැනිමේ කලාවයි. මෙය ප්‍රසිද්ධියට පත් වුයේ ජෝන් වෙබ්ස්ටර් හා තෝමස් කිව් විසිනි. ජෝර්ජ් චැප්මන් විසින් ද පිලිගැනීමේ ශෝකාන්ත කිහිපයක් රචනා කරන ලදි. එහෙත් ඔහු මතකයේ රැදුණේ ඔහු විසින් රචිත ප්‍රසිද්ද පරිවර්තනයක් වන ‍හෝමර් මගිනි. මෙය අනාගත ඉංග්‍රිසි සාහිත්‍ය‍ය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරන ලද අතර, විශිෂ්ඨ නිර්මාණ කිරිම කෙරෙහි ජෝන් කිට්ස් ද යොමු කිරීමට සමත් විය.

ඉංග්‍රිසි ඉතිහාසයේ සුවිශාලම පරිවර්තනයක් වන King Jomes Bible ග්‍රන්ථයේ පරිවර්තනය කටයුතු 1604 අරඹා 1611 දී සම්පුර්ණ විය. එය විලියම් ටින්ඩේල්ගේ කතෘවලින් ඇරඹි බයිබලය ඉංග්‍රිසියට පරිවර්තනය කිරිමේ සම්ප්‍රදාය නියෝජනය කරන ලදි. මෙය ඉංග්‍රිසි දේවස්ථානයේ වන සම්මත බයිබලය ලෙස සැලකනෙ අතර, එම කාලයේ රචිත විශිෂ්ඨතම ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ව්‍යාපෘතිය පළ වන ජේම්ස් රජුගේ මුලකත්වයෙන් සිදුවිය. ඔහු විසින් විද්වතුන්‍ හතලිස් එක්දෙනෙකුගේ රචනා පිළිබදව සොයා බලන ලදි. ක්‍රි.ව 1600 දී වැජඹුණු සාහිත්‍යධරයා වන ශේක්ස්පියර්ට අමතරව 17 වන සියවසේ මුල් භාගයේ විසු කවියකු ලෙස ජෝන් ඩොන් දැක්විය හැක. ඊට අමතරව අතිභෞතිකවාදි කවියන් ද දැක්විය හැක. අතිභෞතික කාව්‍යයන් අක්‍රමවත් හෝ කාව්‍යමය නොවන ලක්ෂණ දරයි. මේවා මගින් පුදුමය දනවන අවස්ථා ගෙන හැර පායි. මෙය බොන්ගේ A Valediction: forbidden Mourning මගින් පැහැදිලි කළ හැක. එහි දැක්වෙන පරිදි මාලිමාවක් මගින් එක් කාන්තාවක හා ඇගෙන් ඈත් වී මුහුදු යන පෙම්වතකු දැක්වේ. එහිදි පැහැදිලි කරන්නාවු කරැණක් වනුයේ දුරස්භාවය වැඩි වෙත්ම ප්‍රේමය මුහුකුරා යන බවයි. ඩොන්ගේ අතිභෞතිකවේදි කාව්‍යයන්වලට අමතරව 17 වන සියවසේ වැජමුණු තවත් කාව්‍ය රටාවක් වන්නේ බැරක් කලාවයි. මෙම කලාව යටතේ නිර්මාණ බිහිකළ කවියෝ කතෝලික මානසිකත්වයකින් යුතු වුහ. ඔවුහු සිය නිර්මාණ බිහිකළේ ප්‍රොතෙස්තන්ත්‍ර කණ්ඩායම් නැවත කතෝලික සභාව කෙරෙහි යොමු කරවා ගැනිම උදෙසාය.

"https://si.wikipedia.org/w/index.php?title=ජකො‍බියානු_සාහිත්‍යය&oldid=472110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි