ඡීවන නිපුණතා

විකිපීඩියා වෙතින්

මූලික ජීවන නිපුණතා


තීරණ ගැනීම[සංස්කරණය]

  • * තීරණය ගැනිමට පෙර,

 එයට සම්බන්ධ සියළු තොරතුරු සොයා ගැනීම

 ඒ සදහා ගත හැකි සියළුම ක්‍රියා මාර්ග සහ ඒවායෙන් අත්වන ප්‍රතිඵල සමග තුලනාත්මකව සලකා බැලීම

 ගන්නා තිරණය හේතු සාධකව පහදා දිමට හැකිවිම

 තමාට අවශ්‍ය තොරතුරු / දත්ත නොමැති විට තීරණ වලට එළබිමෙන් වැළකීම

    • තීරණය ගැනිමෙන් පසු,

 ඒ පිළිබදව වගකිම භාර ගැනිමට හැකිවිම

 එහි ප්‍රථිපල වල ඵල විපාක පසු විපරම් කිරිම

 සාමුහිකව ගත් තිරණ වලට ගරු කිරිම


ප්‍රශ්ණ විසදීම[සංස්කරණය]

 ගැටළුවට හේතුව හා අදාල විස්තර සෙවිමේ පුරුද්ද

 අත්දැකීම් පමණක් නොව ඒ පිළිබද නිවැරදි තොරතුරුද සැලකිල්ලට ගැනීමේ හැකියාව

 අන් අයගේ නිගමනද සැලකිල්ලට ගැනිම

 සහේතුක කරුණු පෙන්වා දුන් විට තම ස්ථාවරය වෙනස් කර ගැනිම

 ගැටළු විසදා ගතහැකි ඵළදායි ක්‍රම අතුරින් හොදම ක්‍රමය හදුනා ගැනිම

 ගැටළුව විසදීමේ දී ක්‍රියාත්මක විය යුතු අනුපිළිවෙල හදුනා ගැනිම

 අපේක්ෂිත ආකාරයට විසදුම ක්‍රියාත්මක වන්නේදැයි ඇගැයිම

 සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් එම ක්‍රියාවලිය පවත්වාගෙන යාම

 කණ්ඩායම ගැටළුවකට මුහුණ පා ඇති විට එය සාමුහිකව විසදා ගැනිම

 ගැටළුවක් සාර්ථකව විසදා ගැනිමට අපොහොසත් විමේදි අන් අයගේ සහයෝගය ලබා ගැනිම


නිර්මාණාත්මකව සිතිමේ හැකියාව[සංස්කරණය]

 කරුණු අතර සම්බන්ධතාව පහසුවෙන් තේරුම් ගැනිමට පුළුවන් විම

 ස්ථානොචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරිමට හැකිවිම

 අභියෝග වලට මුහුණ දිමේදි විසදුම් සදහා නිර්මාණශිලිත්වය උපයෝගි කර ගැනිම

 කිසියම් කටයුත්තක් ක්‍රියාත්මක කිරිමේදී පුළුල් පරාසයක සිතිම

 දකින දෑ, ඇසෙන දෑ විවිධ දෘෂ්ඨි කෝණ තුලින් බැලිමට පුරුදු විම

 වටාපිටාව පිළිබදව වැඩි අවධාවයක් හා උනන්දුවක් දැක්විම


විවේචණාත්මකව සිතිමේ හැකියාව[සංස්කරණය]

 යම් යම් දේ / අවස්ථා පිළිබද වෙනස්කම් ක්ෂණිකව විශ්ලෙෂණය

 යමක් පිළිබදව වඩාත් සුපරික්ෂාකාරීව සහ තර්කාන්විතව සිතිම

     උදා :- ජනමාධ්‍ය ප්‍රචාරණ

 යමක් පිළිගැනීමට පෙර ඒ සම්බන්ධ තොරතුරු අධ්‍යනය කිරිම


අනුවේදනය[සංස්කරණය]

 කරදරයට පත්ව සිටින අයගේ තත්වය තේරුම් ගැනිම

 උපකාර අවශ්‍ය පුද්ගලයින්ට උදව් කිරිම

 දුර්වලතාවන් සහිත පුද්ගලයින් දුටුවිට සමච්චලයට ලක් නොකිරිම




ආත්මාවබෝධය[සංස්කරණය]

 තමා තුළ ඇති රුචි අරුචිකම්, හැකියාවන් අභිප්‍රායයන් තම චරිතයේ ප්‍රබල හා දුබල තැන්, තම අයිතීන් සහ වගකීම් පිළිබදව අවබෝධයක් ඇති විම

 තමාගේ හැකියාවන්, දක්ෂතාවයන් පිළිබදව නිහතමානීව සතුටු විම

 වගකිමෙන් කටයුතු කිරිම

 තමාට හැකි පමණින් තම කටයුතු තනිව කර ගැනිම

 තම අනාගත අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනිමට ඇති උත්සාහය / උනන්දුව වැඩිවිම

 කළ වරද පිළිගැනිම පිළිබද අන් අයට ආදර්ශයක් විම

 නිවැරදි දේ කිරිමට ආත්ම විස්වාසය තිබිම


සඵලමත් සන්නිවේදනය[සංස්කරණය]

 අන් අයගේ අදහස් වලට සවන් දීම

 අන් අයගේ සිත් නොරිදවා තම හැගීම් ප්‍රකාශ කිරිම

 සුහදශීලීව කථ කිරිමේ හැකියාව

 අන් අයගේ අභිනයන් සහ වාචික නොවන හැගීම් තේරුම් ගැනිම

 තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරිම

 තමාට නොසුදුසු / නොගැලපෙන දේ පිළිබදව ස්ථාවරව ප්‍රකාශ කිරිම

 කණඩායමක් හැගිමෙන් යුක්තව අදහස් හුවමාරු කර ගැනිම

 අන් අයතුල හැසිරිමේ වෙනසකට හේතු වු කරුණු තේරුම් ගැනිම සහ ඒ අනුව කටයුතු කිරිම


අන්තර් පුද්ගල සම්බන්ධතා[සංස්කරණය]

 සුහදව ඇසුරු කරන පිරිස වැඩිවිම

 අන්අය සමග කෙරෙන සුහද කථබහ වැඩිවිම

 තම අදහස් දෙමාපිය සහ සහෝදර සහෝදරියන් සමග සතුටින් බෙදාහදා ගැනිම

 අන් අයගේ හොද ලක්ෂණ වර්ණනා කිරිම

 යමෙකුගේ දුර්වලතාවයක් දුටු විට අන් අය සමග විවේචනය නොකොට අදාල පුද්ගලයාටම එය පෙන්වා දිම


හැගීම් වලට මුහුණදිම[සංස්කරණය]

 තමාගේ හැගීම් ප්‍රකාශ කළයුතු පිළිගත් ආකාරය හදුනා ගැනිම

 සතුටින් සහ ප්‍රබෝධයෙන් සිටිම ජිවිතයට වැදගත් යැයි දැන ගැනිම

 හැගීම් පාලනය කර ගැනිම

 තරහා යන වාර අඩු කරගැනිම



ආතති වලට මුහුණදිම[සංස්කරණය]

 අප මුහුණ පාන ආතති වලට හේතු සහ විසදුම් සොයා ගැනිම

 එම විසදුම සෙවිමේදි අත්දැකිම් සහිත / වැඩිහිටි පුද්ගලයකු‍ෙග් හෝ හිතවතෙකුගේ සහය ලබා ගැනිම

 වෙනස් කළ නොහැකි දේ පිළිගැනිම සහ විකල්ප මාර්ග සදහා යොමු විම

 කායික සෞඛ්‍ය සදහා මානසික සෞඛ්‍ය බලපාන බව දැන සිටිම

 ක්‍රීඩා සහ සෞන්දර්යාත්මක ක්‍රියා සදහා සහභාගීත්වය

 විනෝදාංශ වල නිරතවිම

 නිර්මාණශීලි ක්‍රියාකාර කම් වල යෙදිම

 භෞතික පරිසරය වෙනස් කිරිම

 ආතතිය ලිහිල් කිරිමේ ශිල්ප භාවිතය

"https://si.wikipedia.org/w/index.php?title=ඡීවන_නිපුණතා&oldid=447886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි